Watch Trailer

The Mentalist [S07 : E01] | නැවුම් ඇරඹුම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න බොලේ එහෙනං නොහිතපු විදියටම මට පැරණි කොටස් අවසාන කරන්න කලින්ම අළුත් කොටසටත් කර ගහන්න වුනා කියමුකෝ. ඔන්න ඉතිං මේ විදියට 2015 දෙන්න කියලා සූදානමින් හිටපු 7 වෙනි කතා සමය හදිසියේම 2014 දෙන්න තීරණය කරපු නිසා තමයි එහෙම දෙයක් වුනේ. කොහොම වුනත් වැඩේ සතුටින් බාරගෙනම මේකත් කරන්නේ මගේ හිතේ පුංචි බලාපොරොත්…

The-Mentalist-4-1
ඔන්න බොලේ එහෙනං නොහිතපු විදියටම මට පැරණි කොටස් අවසාන කරන්න කලින්ම අළුත් කොටසටත් කර ගහන්න වුනා කියමුකෝ. ඔන්න ඉතිං මේ විදියට 2015 දෙන්න කියලා සූදානමින් හිටපු 7 වෙනි කතා සමය හදිසියේම 2014 දෙන්න තීරණය කරපු නිසා තමයි එහෙම දෙයක් වුනේ. කොහොම වුනත් වැඩේ සතුටින් බාරගෙනම මේකත් කරන්නේ මගේ හිතේ පුංචි බලාපොරොත්තුවකුත් තියාගෙන. ඇත්තටම කිව්වොත් මම දන්නවා කතා මාලාව දෙන්න පටන් ගත්තට පස්සේ, මේක බලන ඇත්තෝ උපසිරැසි තිබුණත් නැතත් කියලා ගෙඩිය පිටින්ම සම්පූර්ණ සීසන් 6ම බාගෙන බලන්න ඇති කියලා. ඇත්තටම කතාවට වහ වැටුනු අය වගේම ඊලඟ උපසිරැසිය එනකං පුන පුනා බලා සිටින්නට අමාරු අය එහෙම කරනවා තමයි. ඇත්තටම කිව්වොත් මමත් එහෙම තමයි. කොහොම වුනත් මගේ හිතේ තියෙන බලාපොරොත්තුව වුනේ, මම ඉස්සෙල්ලා කියපු විදියට මේ කතාව බලපු අය ගෙඩිය පිටින් බලාපු නිසා උපසිරැසි ගැන වැඩිය අවධානයක් දැක්වුවේ නෑ. ඒ වගේම තමයි මුල්ම උපසිරැසි බාගැනීම සහ අදහස් දැක්වීම් බොහෝම ඉහල මට්ටමක තිබුණා. ඒ වගේම තමයි මම මුලින් කරපු උපසිරැසි වලට පොඩ්ඩක් වැඩ කෑලි දමන්න ගියපු නිසා වැඩේ චොර වුනා කියලත් දැනෙන්නට ගත්තා. (අළුත ගෙනා මනමාලි වහලෙත් ගොම ගානවා කියනවනේ 🙂 ) අන්න ඒක ගැන මූනු පොත ඔස්සේ ගොඩක් අය මට ප්‍රශ්ණ යොමු කරලා තිබුණා. එයාලට මම උදව් කලා. ඒ වගේම තමයි ඒ පණ්ඩිත වැඩ මම මගදී නැවැත්තුවා. ඒක නිසා නිදහසේ උපසිරැසිය රස විඳින්න පුළුවන්. ඒ වගේම තමයි අළුත් සමයේ ආරම්භයේ ඉඳන් කමෙන්ට් පෙට්ටගමට අකුරක් දෙකක් වැරදිලා හරි වැඩිපුර වැටේවි කියලාත් හිතනවා.

ඔන්න ඉතිං ඒ අඬෝවැඩියාවෙන් පස්සේ මම දැන් වෙනදා වගේම කතාවේ සාරාංශය ගැන කියන්නයි යන්නේ. ඉස්සෙල්ලාම කියන්න ඕනේ, තාම 4 වෙනි සමය බලන අය ඉන්නවා නම් කරුණාකරලා මේක කියවලා තමුන්ගේ කුතුහලය සහ, කතාවෙන් මෙතෙක් ලබාපු රසඥතාවය නැති කරගන්න එපා කියලා. මොකද කිව්වොත් මම මේකේ කියන්න හදන සාරාංශය දැනට කතාව මග බලන අයට කතාව ඉදිරියට බලලා දැනගන්න තියෙන කරුණු නිසා.

7 වන සමයේ ආරම්භය විදියටම ඔයාලට 6 වෙනි සමයේ අවසානයත් මතක ඇති. කිස් එකකින් ඒ සමය අවසන් වුනා. ඒ වගේම තමයි ලිස්බන් ජේන් සම්බන්ධයත් පටන් ගත්තා. දැන් ඉතිං වෙනදා වගේම අපරාධ විසඳිල්ලක් තමයි මෙයාලට අද ලැබෙන්නේ. අද කතාවේ බයික් එකකින් ගියපු කෙනෙක් වෙඩි තියලා මරලා දානවා පෙන්වනවා. ඒ වුනත් වෙඩි තියන කෙනාව පෙන්වන්නේ නෑ. මේක ගැන විමර්ශණය කරන්න ලැබෙන්නේ FBI එකට. ඒ කියන්නේ ජේන් වැඩ කරන අංශයට. සාමාන්‍ය මිනීමැරුමක් වගේ වුනත් මේක මෙයාලටම බාර වෙන්න හේතුව වෙන්නේ. මැරුණූ පුද්ගලයා FBI කාර්යාංශයේ වැඩ කරන රහස් නිලධාරියෙක් වීම. ඒක නිසාවෙන් මෙයාලට සිදු වෙනවා මොහුගේ ඇත්තම ස්වභාවය පොලිසියෙන් පවා වසන් කරන්න. මැරුණු කෙනාගේ නම තමයි ජෙරමි ගයිස්ට්. කොහොම නමුත් විමර්ශණය දිගින් දිගටම සිදු කරගෙන යද්දී, අපරාධ තුනක් ගැන මෙයාලට තොරතුරු ලැබෙනවා. ඒ කියන්නේ බොහෝම පැරණි පැහැරගැනීමක්, මැරුණු කෙනා විමර්ශණය කරමින් හිටපු තුවක්කු ජාවාරම සහ FBI නියෝජිතයාගේ ඝාතනය. ජේන් මේ වැඩේදී එක උපායක් අටවලා මේ විමර්ශණ තුනම හමාර කරනවා. ඒ වගේම තමයි අවසානයේ කියන්න වෙනවා. පෙර කතාංගයේ දකින්න ලැබුණු චරිත 3ක්ම මේ කතාවේ දකින්න ලැබෙන්නේ නෑ. ඒ තමයි වෑන් පෙල්ට්, වේන් රිස්ග්බි සහ නියෝජිත කිම් ෆිශර්. කිම් ෆිශර් නැති නිසාවෙන් අද කතාවේදී වෙනත් කෙනෙක් ඒ වෙනුවට පැමිණෙනවා.

ලිපිය ටිකක් දිගයි. ඒ වුනාට අදින් පස්සේ එන ඒවා එක හුස්මට කියවාගෙන යන්න පුළුවන් වේවි. අළුත් කතාව උණු උණුවේම රස විඳින්න කියන ගමන්ම. අදට මම සමුගන්නවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙනතුරු.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

e8d77a4a9bf1ef0571dd9c1bde0f114d6e21f549

219 MB කොපිය මෙතනින් බාගන්න

aeba5f7af87b1615656e749b0a191904486c217a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,168 downloadsDownload The.Mentalist..S07E01.zip60 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

2,168 downloadsDownload Subtitles60 KB

32 comments

  1. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  2. sajeevi

    සබට නම් තෑන්ක්ස් මල්ලි.
    ඒත් මේක බලන්නේ නම් සීසන් 6 ඉවර කරාට පස්සේ තමයි.
    ඉතින් සීසන් 6 වෙනකම් සබ් ඕන.

  3. MENAKA RAJAPAKSHA

    NIYAMAI ! THANK YOU VERY MUCH SAHO

  4. Shine

    ela sahoo...ohoma digatama demu ethakota ara season 6 iwara karala eka sarema oka balan yanna puluwan..... :D

  5. sachin kumara

    saho mekata kalin issalla tika dila innako

  6. rejith

    4, 5, 6,,season,,,,,,,,,,,,, ikmanata dendo...............................................

  7. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  8. Eranda

    මචන් එතකොට season 4 ඉතුරු ටිකටයි season 5, 6 ටයි මොකද කරන්නේ ?

    1. Eranda

      පිලිවෙලකට දෙමුකෝ මචන්. අනිත් අයත් තරහ වෙන්නෑ කියල හිතනවා.. :)

    2. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

      පිලිවෙලකට දෙන්න නම් මමත් කැමතියි කොල්ලෝ.
      ඒත් දැනට මේ කතාවේ සීසන් 6ම බලලා ඉවර කරපු අයට තමයි මේක දුන්නේ.
      මම අනිත් ඒවත් අතපසු නොකරම දෙනවා. ඒක ගැන බය වෙන්න එපා.

      අනික රූපවාහිනියට සමගාමීව බලන අයට අනිත් කතා වගේ අවුලක් නැතිව බලන්න පුළුවන් නේ.
      ඒ වගේම බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලීම් කරලා තිබුණා සීසන් 7 දෙන්න කියලා.
      කොහොම වුනත් මම කාරනා දෙපැත්තම සලකලා බලලා තමයි මෙහෙම දෙන්න තීරණය කලේ.

      :) :) :) :) :) :)

    3. Eranda

      එලස් මචන් අවුලක් නෑ. :) දැන් යන ටිකත් ගානට දෙන්න ආ ...:)

    4. dA

      (y) aulak ne mchn a wdhta dhn. degolloma balanna epei athal ake ;) :D

  9. Ravi

    hamoma gana hithana 1kata sathutui.
    kohoma unath mamanam season 4,5,6 balala thama mekata atha thiyanne :)
    parana tika dena 1kanam slow karannanam epa sahoo....
    jaya wewa!!!

  10. Sach

    සබට තුති සහෝ !!!!!!!!!

  11. “චූටී මල්ලි”

    පට්ට මෙහෙම දෙන එක හොදා
    සබට තුති
    ඔබට ජය...................

  12. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. කලින් ටික බලලා ඉවර කරලම බලන්න දැනට බාගෙන තියාගන්නම්. ජය෴෴ :P :P

  13. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. dA

    matha thama mchn season 4 balanne. :D onna a handa kiyeuwe ne, ;) meka patta kathwak mchn, mama nm eka husmata balan ne/ sub aka dena widihata akurak nera ubata pin didi balanwa. thanks mchn aahhhh. kiyanna wadan ne mchn. digatama demu. (y)

  15. sachira

    ane ban parana okkotama sub denna hode maru kathawa thanks meka balanna pissu wettuwata

  16. ujitha

    mama nam6 beluwa.meka patta appa... elementary wage thama. denna digatama macho...

  17. Ravindu

    ela macho

  18. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  19. Don Herman

    කථාවට තියෙන ආශාව නිසා මේ කොටස් තුන බාගත කරගෙන බලන්න පටන්ගත්තා. ඒ උනත්, 5 සහ 6 නොබලපු හින්දා ටිකක් අවුල් වගේ. අනේ සහෝ...අපි ගැන අනුකම්පා කරලා, 5,6, සබ් ටික දෙන්න බලන්නකෝ. මේකට ඔබගේ කාලය ගොඩක් වැයවෙන බවත් දන්නවා. කොහොමටත්, මේ දෙන ඒවාටත්, බොහොම ස්තුතියි.

  20. der

    thanks macho patta

  21. dila

    ela ela
    thnx mchn

  22. kavindu malinga

    ela mcn ..nawamu arabumata JAYEN JAYA ♫♦◙¬¬¬♠♠♫♦◙¬¬¬♠♠♫♦◙¬¬¬♠♠♫♦◙¬¬¬♠♠

  23. prabhath

    thanks

  24. Samuditha

    meke torrents download karanna bene.. :(

  25. thilan

    meke sub eka download karanna bane

  26. Gossip12

    නියමයි

  27. Anonymous

    Thnx sub ekta...

  28. Mano

    Godak sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.