Watch Trailer

The Planets [S01 : E01] Sinhala Subtitles | හිරු තුළ මොහොතක් – පාෂාණමය ග්‍රහලෝක [සිංහල උපසිරසි]

The Planets [S01 : E01] Sinhala Subtitles හැමෝටම ආයුබෝවන්.. ටික දවසක විවේකයකින් පස්සෙ බයිස්කෝප් රසිකයන් වෙත තවත් එක් විශිෂ්ට ඝනයේ රසවත් වගේම හරවත් විද්‍යා ප්‍රභන්ධමය වාර්ථාමය රූපවාහිනී කතා මාලාවක් මම මේ විදියට අරගෙන එනවා. කාලෙකට පසුව මේ රූපවාහිනී කතා මාලාව නැවත වතාවක් බලනකොට මේ විශිෂ්ට නිර්මාණයට සි…

The Planets The Planets Sinhala Subtitles

හැමෝටම ආයුබෝවන්..

ටික දවසක විවේකයකින් පස්සෙ බයිස්කෝප් රසිකයන් වෙත තවත් එක් විශිෂ්ට ඝනයේ රසවත් වගේම හරවත් විද්‍යා ප්‍රභන්ධමය වාර්ථාමය රූපවාහිනී කතා මාලාවක් මම මේ විදියට අරගෙන එනවා. කාලෙකට පසුව මේ රූපවාහිනී කතා මාලාව නැවත වතාවක් බලනකොට මේ විශිෂ්ට නිර්මාණයට සිංහල උපසිරැසියක් නිර්මාණය කරන්න උපසිරැසි කරුවන් අතරින් මඟහැරිල තියෙනව දැක්ක. ඉතිං ඒ වෙලාවෙම සුළු විවේක කාලයෙන් වැඩි කොටසක්ම වෙන්කරල අද ඉඳන් මේ නිර්මාණයට උපසිරැසි මේ විදියට අරගෙන එන්නම්..

කලින් වතාවෙදිත් වගේ වාර්ථාමය කතා මාලාවන් නැරඹීමට ඉතා අතලොස්සක් පමණක් නැඹුරු වුණත්, මම දන්නව ඔවුන් එම විශිස්ට ඝනයේ කතා මාලාවන්ට කෙතරම් ඇළුම් කරන්නට ඇතිද යන්නත්. ඒඅතරටම එක් කලහැකි තවත් එක් අති විශිෂ්ට විද්‍යා ප්‍රබන්ධමය වාර්ථා වැඩසටහනක් The Planets කථා මාලාව ගෙන එනවා.

අන්තර්ගතය ගැන කිව්වොත් මන් ඔබ සැමට පොරොන්දු වනවා ඔබ වැය කරන කාලයට කොහෙත්ම පාඩුවක් නම් සිදුවන්නෙ නැති බව. ඒ වගේම එක් කතාංගයක් අවසාන වන තුරුම ඔබට ලබාදෙන කුතුහලය විසින් ඔලුව හිරිවට්ටවමින් ඔබව නිරතුරුවම තිරය ඉදිරිපසම රඳවාතබා ගනීවි. ඔබ මෙතෙක් කාලකට නොදැනසිටි අපගේ සෞරග්‍රහ මණ්ඩලය සතු භිහිසුණු අභිරහස් බොහොමයක්ම ඉතාම රසවත්ව ඔබ වෙතට රැගෙනඒවි.

ඔබ දන්නවාද

  • වරක් සිකුරු සහ අඟහරු පවා පෘථිවිය මෙන් ද්‍රව ජලය සහිත ගංගා සාගර ආදියෙන් පැවත ඇති බව
  • අප විසින් මේ වන විට මුළු සෞරග්‍රහ මණ්ඩලයම සතු සියළුම ග්‍රහයන්ට යානාවන් පිටත් කර හැර ඇති බව, ප්ලූටෝට පවා.
  • බුධ අඟහරු පැවති ස්ථානයේ පැවත ඇති බව
  • සංසුව සිටින බ්‍රහස්පති විසින් මුළු සෞරග්‍රහ මණ්ඩලය පුරාවටම භීෂනය පතුරවමින් සිට ඇති බව
  • සෙනසුරුගේ චන්ද්‍රයකුගේ ජීවය සම්භවය වීමට අවශ්‍ය කරන සියළුම ආකාරයේ අවශ්‍යතාවයන් මේ වන විටත් සැපිරී පවතින බව
  • සෙනසුරු විසින් බ්‍රහස්පතිගේ භීෂණයෙන් අපගේ පැවැත්මට දායකත්වය ලබා දුන් ආකාරය
  • බ්‍රහස්පති විසින් අපගේ පැවැත්ම ආරක්ෂා කිරීමට කටයුතු කර ඇති ආකාරය
  • සහ වගේම තවත් මුල් කාලීනමය සෞරග්‍රහ මණ්ඩලය තුළ සිදුවන්නට් යෙදුණු අතිමහත් විනාශකාරී මෙන්ම විසිතුරු සිද්ධි දාමයන්

පිලිබඳ වටිනා තොරතුරු රැසකින්ම ඔබගේ දැනුම් පොත පුරවාලීම මේ ඔස්සේ සිදුවේවි.

කතා මාලාව නරඹන සෑම මිනිත්තුවක් තුලදීම ඇත්තවශයෙන්ම ඔබට මනුශ්‍යයෙක් ලෙසට අතිමහත් ආඩම්බරයක් ගෙන දේම සිදුවේවි. ඒ අතරම බොහොමයක් අවස්ථාවන්හිදී ඔබගේ ඇසට කඳුලක් ගෙන ඒවි. ඒ සෑම කුඩා පියවරයක් සඳහාම අප මනුශ්‍යයන් වශයෙන් ඩොලර් බිලියන ගණනාවක් වැය කරමින් අනේක කැපකිරීම් සිදුකර හෙළිකරගන්නා ලද මහා නිධානයන් ඔබ වෙත විවර කරාවි.

ඒ වගේම මේ කතාමාලාවට IMDB මීටරය 9.0 දක්වාම කරකවන්න හැකිවෙලා තිබෙනවා. තවත් Google පරිශීලකයන් අතරින් 94%ක ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත්වෙලා තිබෙනවා. ඉතිං කතා මාලාවේ සෑම මිනිත්තුවක් තුළම අඩංගු අන්තර්ගතය ගැන ඔබට තවදුරටත් විස්තර අවශ්‍ය නොවේවි කියල මම සිතනවා.

මෙම කතාමාලාව BBC ඔස්සේ 2019 වසරේදී කතාංග පහකින් යුත් කෙටි කතා මාලාවක් ලෙස විකාශනය කර තිබෙනවා. කතා මාලාව අනුවාදයන් දෙකක් ඔස්සේ පවතිනවා. එයින් මහාචාර්ය බ්‍රයන් කොක්ස් (Professor Brian Cox) විසින් ඉදිරිපත් කරනු ලබන බ්‍රිතාන්‍ය අනුවාදය (UK Version) බාගත කරගැනීමට සැලකිලිමත් වන්න. (බොහොමයක් දෙනා ඔහුව හඳුන්වන්නෙ “presenter of science – විද්‍යාව ඉදිරිපත් කරන්නා” යන අන්වර්ථයෙන්)

කතා මාලාවේ යොදාගෙන තිබෙන පරිගණක සජීවීකරණයන් ඔස්සේ ඔබව එම සිදුවීම් වල සැබෑම ඇසින් දුටු සාක්ෂිකරුවකු බවට පත්කරාවි. ඒ දර්ශනයන් එතරම්ම විසිතුරු ආකරයෙන් දිස්වේවි.

අවසානයට මන් ඔබට ඉතාම ඕනෑකමින් කියා සිටිනවා ඔබට හැකි තරම් ඉහළම විභේදන ගුණාත්මක භාවයකින් යුතු වීඩියෝ පිටපතක් බාගත කරගෙන මේ අන්තර් ග්‍රහලෝක සංචාරය සියැසින්ම අත්දකින්න එක් වන ලෙසට. එයින් ඔබට කිසිඳු පාඩුවක් නම් නොකරවනු ඇති බව මම විශ්වාස කරනවා.. ඒ සෑම කතාංගයක්ම අවසානයට ඔබගේ ඇස අග කදුලක් ඉතිරි කරාවි….

මේ ඔබ සෑම දෙනාම නරඹා තිබිය යුතුම කතා මාලාවක්..

මීළඟ කතාංගය සමඟින් හමුවෙමු..

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEBRIP පිටපත් සඳහා ලබා දි ඇත.

33,364 downloadsDownload The-Planets-S01-E01-Sinhala-Subtitles.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල් කිරිල්ලාවල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-01-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Planets, The Planets [S01: E01] Sinhala Subtitles, The Planets sinhala subtitle, The Planets sinhala sub

 

All BT1

Subtitles

33,364 downloadsDownload Subtitles30 KB

8 comments

  1. chanuka

    Sub ekata Thanks

  2. Anonymous

    Thanks a lot

  3. Thilinda Randeera

    බොහෝම ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න

  4. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි සහෝ මේ ඩොකියුමන්ට්‍රි සීරිස්එකට සිංහල සබ් ගෙනාවට....
    සිංහල සබ් තියෙන්නම ඕන සීරිස් එකක් මේක...
    ජයවේවා...

  5. Lahiru Bandara

    සුපිරි මම කැමතිම ටයිප් එකෙ එකක්. බ්‍රො එපි පහම බෑව 8GB ගියා. අතරමග නතර කරන්නෙ නැතිව දෙන්න. එලම

  6. Amil Gamage

    බොහෝම ස්තූතියි සහෝ මේ ඩොකියුමන්ට්‍රි සීරිස්එකට සිංහල සබ් ගෙනාවට….

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  8. Anonymous

    බොහොම ස්තූතියි සහෝ මේ වගේ වාර්තා වැඩසටහන් වලට සබ් දෙනවට. කලින් දීපු ඒවත් ඔක්කොම බොහොම අසාවෙන් බැලුවා. ඔයාට ගොඩක් පිං සහෝ අපි වෙනුවෙන් මේ කරන සේවයට. ඔබට ජය...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.