ඉතින් The Queen’s Gambit කියන Mini Series එකේ දෙවැනි කොටසට උපසිරැසිය අරන් තමා මං ආවේ. ඔක්කොටම කලින් රවිඳුට ස්තූතියි කියනවා මාවත් මේකට එක්කාසු කරගත්තට. ආපහු කතාමාලාව පැත්තට හැරුනොත් The Queen’s Gambit කියන්නේ පසුගිය වසරේ ලොවපුරා ලොකු කතාබහකට ලක්වුණු කතාමාලාවක්. කොච්චරක් ජනප්‍රසාදයට මේක පාත්‍ර වුණාද…

ඉතින් The Queen’s Gambit කියන Mini Series එකේ දෙවැනි කොටසට උපසිරැසිය අරන් තමා මං ආවේ. ඔක්කොටම කලින් රවිඳුට ස්තූතියි කියනවා මාවත් මේකට එක්කාසු කරගත්තට. ආපහු කතාමාලාව පැත්තට හැරුනොත් The Queen’s Gambit කියන්නේ පසුගිය වසරේ ලොවපුරා ලොකු කතාබහකට ලක්වුණු කතාමාලාවක්. කොච්චරක් ජනප්‍රසාදයට මේක පාත්‍ර වුණාද කියනවා නම් ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 8.6ක අගයක් දිනාගෙන තියෙන්නේ 345,000කට අධික මනාප සංඛ්‍යාවකින්. ඒ වගේම Top Rated TV Shows 250 අතර මේ වන විට 141 ස්ථානයත් අත් කරගෙන ඉන්නවා. ඉතින් මෙතරම් හොඳ කතාමාලාවක් කොහොමවත් ඔයාලා මග ඇරගන්න එකක් නෑ කියලා අපි හිතනවා.
එහෙනම් අද කොටසට යන්න කලින් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. එලිසබෙත් හාර්මන් කියන පුංචි කෙල්ලගේ ජීවිතය වෙනස් වෙන්න ගන්නේ එදා රිය අනතුරින්. ඒ රිය අනතුරින් එයාට හිටපු එකම කෙනා, එයාගේ අම්මා මරණයට පත්වෙනවා. එදා ඉඳන් එලිසබෙත්ගේ නිවහන වුණේ ළමා නිවාසයක්. මෙතුඑන් ළමා නිවාසය. තරමක් නිහඬ දරුවෙක් වුණු එලිසබෙත් ගොඩක් විමසිලිමත කෙනෙක්. ටිකෙන් ටික ළමා නිවාසයේ ජීවිතයට හැඩගැහෙන එලිසබෙත් ජෝලින් කියන දඟකාරම කෙල්ලගේ ආශ්‍රයටත් කැමැත්තක් දක්වනවා. ළමා නිවාසයෙන් දිනපතා දෙන බෙහෙත් කරල් දෙකටත් එලිසබෙත් අමුතු කැමැත්තක් දක්වන්න ගත්තේ ජෝලින්ගේ උපදෙස් නිසාමයි. දවසක් පන්ති කාමරයේදි ගුරුතුමිය එලිසබෙත්ට කියනවා හුණු කොට්ටය ගසාගෙන එන්න කියලා. ඒ වැඩේට පාතමාලෙට යන එලිසබෙත් හරි අමුතු පුද්ගලයෙක්ව දකිනවා. හීන් කළුවරට වෙලා විමසිල්ලෙන් අමුතු වැඩක යෙදෙන පුද්ගලයෙක්. ඔහු ඒ වැඩේට මොන තරම් අවධානයක් දුන්නද කියනවා නම් එලිසබෙත් ඉන්න බවවත් ඔහුට දැනුනේ නෑ. හැමදේම ගැනම විමසිලිමත් වෙන එලිසබෙත්ට මේකත් සුපුරුදු විදිහටම කුතුහලයක් ඇති කරනවා. ඒ කුතුහලය ලොකු දුරකට එලිසබෙත්ව අරන් යන බව පලවෙනි කොටස ඔස්සේ දිග ඇරුනා බලපු අය දන්නවා ඇති.
එහෙනම් මේ තියෙන්නේ දෙවැනි කොටස. එලිසබෙත්ගේ ජීවිතේ අලුත් මට්ටමකට පිය නගින හැටියි, එයාට මූණ දෙන්න වෙන රසවත් සිදුවීම් ගොඩකුයි මේ කොටසේ ඇතුලත් වෙනවා. බලන්න කියලා ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,574 downloadsDownload The-Queens-Gambit-2021-S01-E02.zip23 KB
![]()
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
14 comments
thilina
thilina
wena ekakta sub dipan machan aparde ube mahanciya .meke bageta dipu godak sub tynva .nikam dena ekta mukuth kiynava neme .but eka nh atta bn wena site 3 ka vitara sub tynva kollo.meke full krla nathi evata sub denna (example -The Colony,Van.Helsing ,ocean girl,Ash vs Evil Dead ,The Terror meva patta story kollo evata dipan )ubata aniva thx krai
චතුරංග බුද්ධික
Like Blindspot 05
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Wathsara
@thilina
eka thama machn mn meka masa 2kata kalin balanna gaddi me site ekata awilla hoyala baluwa. eth sub thibbe nathi hinda wena site ekakin sub dagena baluwa.but kathawanam lassanaithilina
ow bn supiriyak tama
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mano
Godak sthuthi..Jaya wewa!
sahangayantha
thanks a lot saho sub ekata
viraj
thanks......
Advertisement
![The Queen’s Gambit (2021) [S01 : E02] Sinhala Subtitles | පෙරළියක ඇරඹුම [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/08/The-Queens-Gambit-pic-1.jpg)



ela