The Queen’s Gambit දැන් මේ නම කිව්වොත් හැමෝම වගේ අඳුරනවා. ඔන්න ඉතිං මේ අපූරු කෙටි කතාමාලාව සඳහා තමයි අද උපසිරැස රැගෙන එන්නෙ. ඔව්, දැන් නම් ඇවිත් අවුරුද්දක් වෙනවා. නමුත් උපසිරැස සයිට් එකෙ තිබුණේ නැහැ ඉතිං මෙවැනි අගනා කතාමාලාවක් සයිට් එකක තියෙන්න ඕන. ඒවගේම කියන්න ඕන මේක කණ්ඩායමක් වැඩක්. උපසිරැසකරුවන්…

The Queen’s Gambit දැන් මේ නම කිව්වොත් හැමෝම වගේ අඳුරනවා. ඔන්න ඉතිං මේ අපූරු කෙටි කතාමාලාව සඳහා තමයි අද උපසිරැස රැගෙන එන්නෙ. ඔව්, දැන් නම් ඇවිත් අවුරුද්දක් වෙනවා. නමුත් උපසිරැස සයිට් එකෙ තිබුණේ නැහැ ඉතිං මෙවැනි අගනා කතාමාලාවක් සයිට් එකක තියෙන්න ඕන. ඒවගේම කියන්න ඕන මේක කණ්ඩායමක් වැඩක්. උපසිරැසකරුවන් 7 ක් දෙනෙක් වැඩේට සම්බන්ධ වුණා. ඉතිං නම් වශයෙන් කිව්වොත් මයුර l යුරාන් l රොෂාන් l දහරා l සුභාෂිණි l රඛිත යන උපසිරැසකරුවන්ට ස්තූතිවන්ත වෙනවා මාත් එක්ක වැඩේට සමබන්ධ වීම ගැන. ඒවගේම පොඩි දෙයක් කියන්න තියෙනවා.
කතාවේදී සමහර තැන් වල දිගු වචන (උදාහරණයක් ගත්තොත් ”කිංග් බිෂොප් ත්‍රී” වගේ වචන මම කෙටියෙන් ”KB3” ලෙස තමයි දාලා තියෙන්නෙ.) ඇත්තටම කිව්වොත් ඒක එච්චර ගැටළුවක් වෙන්නෙ නැතිවෙයි. මොකද මේ වගේ අවස්ථා වල සඳහන් කරන්නෙ චෙස් පුවරුවෙ ඇති කොටු වල නම්. පහලින් ඇති රූපයත් බලාගෙන යන්න එතකොට වැටහෙයි මං මොකක්ද කියන්නෙ කියලා. එහෙනම් අපි බලමුකෝ කතාව මොකක්ද කියලා.

The Queen’s Gambit කියන්නෙ 1983 වර්ෂයෙ Walter Tevis විසින් ලියැවුණු නවකතාවක් මගින් තමයි මෙය උපුටාගෙන තියෙන්නෙ. නව කතාවටම යොදාගත් නමම තමයි රූපවාහිනී කතාමාලාව සඳහාත් යොදාගෙන තියෙන්නෙ. මෙය රචනය සහ අධ්‍යක්ෂණය කටයුතු සිදු කරන්නෙ Scott Frank විසින්. ඔහුගෙ තවත් නිර්මාණයකට අයත් වෙනවා Godless කියන කතාමාලාවත්. ඉඩ ප්‍රස්ථාවක් ලැබුණොත් එයත් රැගෙන එන්නම් මෙලෙස කණ්ඩායමක් ක්‍රියාවක් මගින්. මේ වෙනකොට කතාමාලාව හට IMDb අගය 8.6 ක් සහ කුණු තක්කාලි අගය 96% වැනි ඉහල අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. ඒවගේම 73rd Primetime Emmy Awards සම්මාන උළලේදී නිර්දේශ නාම 73 ක් අරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒවගේම තමයි කතාමාලාව Golden Globe Awards සම්මාන 2 ක් දිනාගන්න හැකිවෙලා තියෙනවා. ඒ Best Limited Series or Television Film සහ Best Actress – Miniseries or Television Film යටතේ. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙය නිකුත් වෙලා සති 4 ක් ඇතුළත වැඩිම සංඛ්‍යාවක් නැරඹු කතාවක් වෙනවා Netflix තුළ.

කතාව ආරම්භ වෙන්නෙ අවුරුදු 9 ක් වන හර්මන් අනාථයක් වීමෙන්. ඔහුගෙ මව දරුණු අනතුරකට මුහුණ පානවා. හැබැයි පුංචි හර්මන්ට මේ අනතුරින් කිසිදු අනතුරක් වෙන්නෙ නැහැ. ඇත්තෙන්ම එතන ඉන්න අය එය ප්‍රාතිහාර්යක් ලෙස තමයි දකින්නෙ. නමුත් පුංචි ඇයට එහෙම නැහැ. ඇය කාත් කවුරුත්ම නැති කෙනෙක් බවට පත්වෙනවා. ඉන්පසුව ඇයව අනාථ නිවාසකයට යොමු කරනවා. මෙහෙදී තමයි ඇයගෙ ජීවිතය සම්පුර්ණයෙන්ම වගේ වෙනස් වෙන්නෙ. මැයට දකින්න ලැබෙනවා අනාථ නිවසයෙ භාරකරු අමුතු සෙල්ලමක් කරනවා. ඉතින් මෙයා ඒක දැකපු විගස හිත යනවා. ඇයට හිතේ කුතුහලයක් ඇතිවෙනවා මොකක්ද මේ සෙල්ලම? කොහොමද මෙය කරන්නෙ? කියලා. ඔන්න පසුව ඇය ඔහුගෙ අනුදැනුම මත ටිකෙන් ටික ඉගෙනගන්නවා මේ චෙස්. ඒවාගෙම කියන්න ඕන ඇය අනාථ නිවාසයෙන් ලබාදෙන පෙති වර්ගයකට ඇබ්බැහි වෙනවා. ඉතිං පොඩි ළමයෙක් එවැනි ආකාරයෙ දෙයකට ඇබ්බැහි වෙනවා කියන්නෙ බරපතළ දෙයක්. මීට වඩා මං කියන්නෙ යන්නෙ නැහැ ඔයාලම බලල දැනගන්නකො කතාව මොන තරම් අපුරුයිද කියලා.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,572 downloadsDownload The-Queens-Gambit-2020-S01-E01.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
31 comments
මංජරී
Anuja Lakshitha
thanks saho sub ekta
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Anonymous
පට්ටම කතාවක්.බොහොම ස්තූතියි උපසිරසිට.
Sachinda Dissanayake
ගොඩක් ස්තූතියි.
Mahesh
Me kathawa mama baluwa me kathawa apu gaman meka supiri katawak balapu nati aya meka aniwaryen balanna
Anonymous
සුපිරි සහෝ
උපසිරැසියට තුතිචතුරංග බුද්ධික
මේකට උපසිරැසිය කරන්ට කට්ටිය එකතු කර ගත්ත එක නම් පට්ට වැඩක්...
ලිපියේ යට තියෙන්නේ අනාථ නිවාසයේ භාරකරු කියලා නේද?
මම හිතා ගෙන හිටියේ ඒ පොර නිකම් මුර කරුවෙක් කියලා...RAVINDU RUKSHAN
හම්මට, සොරි වැරදීමක් වෙලා.
Avishka
හොඳ කතාවක් බන්.. සබ් දෙන එක වටිනවා.. බොහොම ස්තූතියි.
මචං පුලුවන්නම් ඔයාලා වෙන සයිට් වලින් දාපු නැති ටීවි සීරිස් ටිකකට සබ් දීල ඕවට සබ් දෙන්නකො මචං.. සයිට් තුන 4කින්ම ඕවට සබ් දීලනෙ.. අපි ආසාවෙන් ඉන්නෙ අලුත් දෙයක් බලන්න මචන්.. තරහ ගන්න එපා බන් හොඳේ..thilina
meka patta story ekak ahh thq dunnta,e vgema yatin comd krapu kena ekka ekagai .meke odak tynva vageta dipu sub tv series vala evata sub dena bn (
Snowpiercer (TV Series 2020)tava godak tynva .taraha vena epa bn ahh.but film eka pattaHarvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Dhammrathana podi hm
Butifull
Jana
the serpent 2021 sub dennako
Sahan Prabhasara
Tnx brother
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Pramukmili
Thanx bro...................
Hasith Dulanjana
සබ් වලට Thanks සහෝදරයා
පුළුවන්නම් HBO ලගෙ Berry (2018) කියන Tv series එකට sub දෙන්න. Episode එකක් මිනිත්තු 30 වගේ තියන්නේ.Season 2යි.IMDB Rating 8.3episodes 16යි.Action/Crime/Comedy පට්ට series එකක් මේක.රවිඳු රුක්ෂාන්
මේක දිගටම රිනිව් වෙන කතාවක්. අන්තිමට වෙන්නෙ මග නවතින ගොඩට ඇඩ් වෙන එක විතරයි.
Hasith Dulanjana
සබ් වලට Thanks සහෝදරයා
පුළුවන්නම් HBO ලගෙ Berry (2018) කියන Tv series එකට sub දෙන්න. Episode එකක් මිනිත්තු 30 වගේ තියන්නේ.Season 2යි.IMDB Rating 8.3episodes 16යි.Action/Crime/Comedy පට්ට series එකක් මේක.P_mihir
Thanx for sub...... Aluth dekata sinhala sub denawanm eka godak watinawa
Anonymous
මේ කියන දේ ගැන පොඩ්ඩක් හිතල බලන්න සහෝල.මේ කතාව වෙන සයිට් එකකින් මාස 8කටත් කලින් සබ් දෙනවා.ආයෙම මාස 4කට පස්සෙ තව සයිට් එකකින් දෙනවා.දැන් බයිස්කෝප් ඔයාල දෙනවා.සීරීස් එක බලන්න උවමනාව තියෙන හැමෝම අනිවාරෙන් මේ වෙනකොට මේක බලල ඉවරයි.අය ඒකෙ කතා දෙකක් නෑ.තාමත් බලපු නැති අය ගැන කතා නොකර ඉමු.මේ ටිකේ රඛිත සහෝ තමන්ගෙම මහන්සියෙන් වෙන සයිට්වලින් දීල නැති සුපිරිම සීරීස් දෙකක් දුන්නා.ඉතින් ඒ වගේ සහෝල දීල නැති දෙයක් දෙමුකො.ඔයාලගෙ කාලෙත් අපරාදෙ.අපිටත් අලුත්ම සීරීස් මගහැරෙනවා.අනික සබ් නැති කොච්චරක්නං මිනි සීරීස් තියෙනවද.
Anonymous
හෑලි ලියන්න පුලුවන්, ලැබෙන එකටවත් තෑන්ක්ස් කියලා ලියන්න තමයි අමාරු උබලට..
උබ අර රඛිත සහෝ දීපු එවටවත් කමෙන්ට් කරේ නෑනේ ඕයි බොරු බයිලා නොගහා ඉදපන්..
කැමති ඒවා දෙද්දි හොරු වගේ සබ් උස්සන් යනෝ තෑන්ක්ස් වත් නොකියා කැමති නැති ඒවා, බලපු ඒවා දෙද්දි හෑලි නම් ලියන්න පුලුවන් සබ් දීපු එකාටත් වැඩෙ එපාවෙන්න..
තොපි නම් සාපයක්Anonymous
අනේ මෝඩයො.මම උඹත් එක්ක කතා කරල නෑනෙ.අනික තොපිට මේ කතාව අලුත් උනාට අපි අවුරුද්දක් විතර වෙනව මේව බලල.ඇයි එතකොට Behind Her Eyes කමෙන්ට් උඹද දැම්මෙ.සබ් කරන එකේ අමාරුව මම දන්නව.උඹ නොදන්නව උනාට.නොදන්න රෙද්දක් කතා නොකර හිටු
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
Anonymous
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Mano
Godak sthuthi,,Jaya wewa!
sahangayantha
thanks a lot saho sub ekata
viraj
thanks...
Advertisement
![The Queen’s Gambit (2021) [S01 : E01] Sinhala Subtitles | ජිවිතයෙ නව මාවත… [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/08/The-Queens-Gambit-pic-2.jpg)


බොහොම ස්තූතියි උපසිරැසියට.
කොරියන් එකකුත් දෙන්න බලන්න