Watch Trailer

The Queen’s Gambit (2021) [S01 : E05] Sinhala Subtitles | හැරවුම් ලක්ෂ්‍ය [සිංහල උපසිරැසි]

එහෙනම් මේ ඔයාලට අරගෙන එන්නේ Queen’s Gambit කතාමාලාවේ පස්වෙනි කොටසයි. මාව මේකට සම්බන්ධ කරගත්ත රවිඳුට මං විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ. එහෙනම් පුරුදු පරිදි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරලම ඉන්නම්. රුසියානු භාෂාව ඉගෙනගන්න කියල බෙත් රාත්‍රී පන්තියකට සහභාගී වෙනවා. ඊටපස්සේ පාටියකට සහභාගී වෙලා මරිජුවානා වගයක…

එහෙනම් මේ ඔයාලට අරගෙන එන්නේ Queen’s Gambit කතාමාලාවේ පස්වෙනි කොටසයි. මාව මේකට සම්බන්ධ කරගත්ත රවිඳුට මං විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ. එහෙනම් පුරුදු පරිදි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරලම ඉන්නම්.

රුසියානු භාෂාව ඉගෙනගන්න කියල බෙත් රාත්‍රී පන්තියකට සහභාගී වෙනවා. ඊටපස්සේ පාටියකට සහභාගී වෙලා මරිජුවානා වගයක් ඇදලා යහන්ගතවෙන්නත් සිදුවෙනවා. කොහොමහරි ඒවගෙන් ලැබුණු වැඩි පන්නරය නිසා තවතවත් බොන්න පටන්ගන්නවා. කොහොමහරි උපාධි උත්සවෙන් පස්සේ බෙත් අල්මා එක්ක මෙක්සිකෝවට යනවා තරන්ගාවලියකට. එතැනදී ලෝක ශුර බෝර්ගොව් සමග තරඟයකට සහභාගි වුනත් ඇය ඒකෙන් පරාද වෙනවා. පරාජයේ කඳුලුත් එක්ක හෝටල් කාමරයට එන බෙත්ට දකින්න ලැබෙන්නේ ඇල්මා ඇඳේදීම මරණයට පත්වී ඇති ආකාරයයි. කොහොමහරි සියල්ල අවසානයේ බෙත් ඇල්ස්ටන්ට කතාකරලා කියනවා ඇල්මා මියගිහින් කියලා, ඔහුටනම් ගානක්වත් නැතිවෙනවා. නමුත් ඔහු බෙත්ට ඒ ගෙදර තියාගන්න දෙනවා. අවසානයේ සියලු පරාජයන් මැදින් බෙත් තනියම ගෙදර එනවා.

අද කතාවේ ආරම්භයේදී බෙත්ගේ පරණ ප්‍රතිවාදියෙක් උන හැරී බෙල්ටික් නැවත් බෙත්ව හමුවෙන්න එනවා. එතැනදී ඔවුන් දෙදෙනා අතර සමීප සම්බන්ධයක් පවා ඇතිවෙනවා.ඒවගේම බෙත්ගේ අනාගතය උදෙසා අඩිතාලම දැමෙන්නේ මේ කොටසින්. ඉතින් මෙතනින් එහාට කතාව මං ඔයාලට කියන්න යන්නේ නෑ. තව කොටස් දෙකකින් කතාව අවසන් වෙන නිසා කුතුහලයෙන් යුතුව ඔයාලට මේ කොටස බලන්න මං ඉඩතියනවා.

එහෙනම් මීළඟ කොටසින් සුභාෂිනි සහෝදරිය ඔයාලව හමුවෙයි.
එතෙක් හැමෝම පරිස්සමින් ඉන්න.
බයිස්කෝප් අඩවියට ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,134 downloadsDownload The-Queens-Gambit-2023-S01-E05.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,134 downloadsDownload Subtitles23 KB

9 comments

  1. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Mano

    Godak sthuthi. Jaya wewa!

  8. sahangayantha

    thanks a lot saho sub ekata

  9. viraj

    thanks...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.