Watch Trailer

The Sandman [S01 : E05] Sinhala Subtitles | 24/7 [සිංහල උපසිරසි]

ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් හැමෝම ආසාවෙන් බලන් ඉන්න මේ වසරේ නිකුත් උන ලස්සන කතාමාලවක් වෙන සෑන්ඩ්මෑන් සීරිස් එකේ 05 වෙනි කොටස අරන් ආවා. දැනටමත් හැමෝටම කතාව හිතට අල්ලන්න ඇති කියලා හිතනවා. අපේ ඩ්‍රීම් එහෙමත් නැත්තම් මෝෆියස් අද මොකද කරන්නේ කියලා බලන්න කලින් පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු නේද? පසුගිය…

ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් හැමෝම ආසාවෙන් බලන් ඉන්න මේ වසරේ නිකුත් උන ලස්සන කතාමාලවක් වෙන සෑන්ඩ්මෑන් සීරිස් එකේ 05 වෙනි කොටස අරන් ආවා. දැනටමත් හැමෝටම කතාව හිතට අල්ලන්න ඇති කියලා හිතනවා. අපේ ඩ්‍රීම් එහෙමත් නැත්තම් මෝෆියස් අද මොකද කරන්නේ කියලා බලන්න කලින් පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු නේද?

පසුගිය කොටස ගැන කිව්වොත් පෞද්ගලිකව මං කැමතිම කොටස තමයි පසුගිය කොටස. මොකද අපාය ඇතුළත දර්ශන ඉතාම ලස්සනට සහ තාත්විකව නිර්මාණය කරල තියෙන හැටි අපිට ඒ කොටසින් දැකගන්න පුලුවන් උනා.තව කිව්වොත් ලුසිෆර් මෝනිංස්ටාර්ගෙ කැරැක්ටර් එකටත් මං ගොඩක් කැමතියි. හරි කතාවෙ සිද්ද උනේ ඉතින් එතෙල් හෙල්ම් එක හුවමාරු කරන් තිබ්බෙ යක්ෂයෙක් එක්ක හින්ද ඩ්‍රීම්ට සිද්ද වෙනව අපායට ගිහින් ඒක අරගන්න. ඒත් ඉතින් අපායෙ නීතිවලට අනුව එහෙම ලේසියෙන් ඩ්‍රීම්ට ඒ හෙල්ම් එක ගන්න වෙන්නෙ නෑ. කොරොන්සෝන් කියල යක්ෂයෙක් එක්ක සටන් කරල තමයි මේ ඩ්‍රීම්ට හෙල්ම් එක ගන්න වෙන්නෙ. ඒත් හොදම කතාව තමයි කොරොන්සෝන් වෙනුවෙන් මේ සටනට ඉදිරිපත් වෙන්නෙ ලුසිෆර් එහෙමත් නැත්තම් අපායෙ පාලකය. කොහොමින් හරි ඒ සටනින් ජයගන්න පුලුවන් වෙන්නෙ ඉතින් ඩ්‍රීම්ට, මොකද බලාපොරොත්තුව කියන දේ මරන්න පුලුවන් කිසිම දෙයක් විශ්වයේ පවතින්නෙ නෑනෙ.😋 ඊටපස්සෙ අපි දැක්කෙ ඉතින් රූබි එක ගාවට යන ඩ්‍රීම්ව. ඒත් යද්දි හොදටම පරක්කුයි, මොකද දැන් රූබි එක අවනත වෙන්නෙ ජෝන්ට.

මේ කොටසින් ඉතින් තනිකරම අපිට බලාගන්න පුලුවන් වෙන්නෙ ජෝන් සම්බන්ධ දේවල්. අමතක කරන්න හොද නෑ දැන් ඩ්‍රීම්ට ලබාගන්න තියෙන්නෙ රූබි එක විතරයි. ඒකට තියෙන බාධකේ කවුද කියල මං ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. එහෙනම් කතාව ඔයාලට බාරයි. ඊළග කොටස අරන් එන්නෙ යුරාන් අයිය. මාත් තව එපියක් අරන් එනව. ඒ කොටසින් අපි ආයෙ හම්බෙමු එහෙනම්,😉

අද කතාංගයේ නම – 24/7
කතා රචනය – Ameni Rozsa
අධ්‍යක්ෂනය – Jamie Childs
විකාශය වූ දිනය – 2022 අගෝස්තු 05
IMDb අගය – 8.5

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

4,357 downloadsDownload The-Sandman-S01-E05.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,357 downloadsDownload Subtitles28 KB

11 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට තුති මල්ලි
    ජය වේවා !!!

  2. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. sahangayantha

    thanks a lot saho sub ekata

  7. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  8. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  9. viraj

    thanks..

  10. Dewadithya

    Thanks for Sub!

  11. Lahiru Lakshan

    thanks.....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.