Watch Trailer

The Sandman [S01 : E04] Sinhala Subtitles | අපායෙදි බලාපොරොත්තුවක්. [සිංහල උපසිරසි]

ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් හැමෝම ආසාවෙන් බලන් ඉන්න මේ වසරේ නිකුත් උන ලස්සන කතාමාලවක් වෙන සෑන්ඩ්මෑන් සීරිස් එකේ 06 වෙනි කොටස අරන් ආවා. මේ කතාමාලාවේ කතාංගයකට ලැබුන ඉහළම IMDb අගය ලැබිලා තියෙන්නේ මේ කොටසට තමයි. දැනටමත් හැමෝටම කතාව හිතට අල්ලන්න ඇති කියලා හිතනවා. අපේ ඩ්‍රීම් එහෙමත් නැත්තම් මෝෆියස් අද ම…

ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් හැමෝම ආසාවෙන් බලන් ඉන්න මේ වසරේ නිකුත් උන ලස්සන කතාමාලවක් වෙන සෑන්ඩ්මෑන් සීරිස් එකේ 06 වෙනි කොටස අරන් ආවා. මේ කතාමාලාවේ කතාංගයකට ලැබුන ඉහළම IMDb අගය ලැබිලා තියෙන්නේ මේ කොටසට තමයි. දැනටමත් හැමෝටම කතාව හිතට අල්ලන්න ඇති කියලා හිතනවා. අපේ ඩ්‍රීම් එහෙමත් නැත්තම් මෝෆියස් අද මොකද කරන්නේ කියලා බලන්න කලින් පෙර කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු නේද?

පසුගිය කොටසින් ඉතින් අපි දක්කෙ ඩ්‍රීම් එයාගෙ වැලි ටික හොයාගන්න හැටි. ඉතින් ඒකෙදි අපි දැක්ක කොන්ස්ටන්ටයින් මොන වගේ කෙනෙක්ද, ඩ්‍රීම්ගෙ වැලි මිනිහෙක්ගෙ අතට ගියොත් මොකද වෙන්නෙ වගේ දේවල්. ඇත්තෙන්ම මං නම් දැක්කෙ ඉතින් ඩ්‍රීම් ඉතා ලේසියෙන් මේ වැලි ටික හොයාගත්ත වගේ දෙයක්. ඒත් බර්ගීස් ඩ්‍රීම්ව අල්ලගත්තයින් පස්සෙ එතෙල් හොරකම් කරපු රූබි එක වගේ හෙල්ම් එක හොයාගන්න එක තමයි ඩ්‍රීම්ගෙ දැන් ඉලක්කය. අපි කලින් කතාංගයෙ අවසානයෙදි දැක්ක එතෙල් මේ හෙල්ම් එක හුවමාරු කරගෙන තියෙන්නෙ යක්ෂයෙක් එක්ක. ඉතින් මේ හෙල්ම් එක ගන්න නම් ඩ්‍රීම් අපායට යන්න ඕනි, ඉතින් ඔන්න හෙල්ම් එක ගන්න එක නම් කරන්න බැරි දෙයක් කියල තේරෙනව ඇතිනෙ නේද?

ඉතින් අද කොටස ගැන ඇත්තම කිව්වොත් පට්ටම එපියක්. මොකද මේකෙදි අපිට අපාය ඇතුළත දර්ශන සහ කලින් කොටසෙදි ඇමියුලෙට් එක භාවිත කරල හිරෙන් පැනගත්තු ජෝන්ගෙ ඊළග උප්පරවැට්ටිය ගැන දැනගන්න පුලුවන්. ඉතින් මං මේ කොටස ගැන වැඩිය කියන්නෙ යන්නෙ නෑ. මොකද එහෙම කිව්වොත් අගයක් නැතිවෙන්න පුලුවන්. තව කියන්න ඕනි මාව මේ කතා මාලාවට සම්පිබන්ධ කරගත්තු චාමිකර අයියටත් ස්තූතිවන්ත වෙනව. එහෙනම් බලමු ඩ්‍රීම්ට එයාගෙ උපකරණ ටික එකතු කරද්දි හම්බෙන ඊළග අභියෝගය මොකක්ද කියල.

අද කතාංගයේ නම – A Hope In Hell
කතා රචනය – Austin Guzman
අධ්‍යක්ෂනය – Jamie Childs
විකාශය වූ දිනය – 2022 අගෝස්තු 05
IMDb අගය – 8.7

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

4,490 downloadsDownload The-Sandman-S01-E04.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,490 downloadsDownload Subtitles21 KB

13 comments

  1. Chamikara Vidanage

    ජය වේවා සහෝ. සුපිරි වැඩක්!

  2. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහෝම තුති සහෝ
    ජය වේවා !!!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. sahangayantha

    thanks a lot saho sub ekata

  8. Anonymous

    sub ekata thanks

  9. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  11. viraj

    thanks......

  12. Dewadithya

    Thanks for Sub!

  13. Lahiru Lakshan

    thanks machn....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.