Under the Bridge Mini Series Sinhala Subtitles අද මම පෙර කොටස ගැන සුපුරුදු විදියට වැඩි දෙයක් කතා කරන්න යන්නේ නෑ. අපිට දකින්න ලැබුනා වොරන් ජීවිතාන්තයට හිරේ යනවා. එතකොට කෙලී බොහොම උපක්‍රමශීලීව රැදවුම් මධ්‍යස්ථානයෙන් එළියට පිටවෙලා යනවා. ඒ වගේම පහුගිය කොටසෙන් අපි නොදැක්ක හුඟක් දේ දැක්කා රීනාගේ මරණය සම…
Under the Bridge Mini Series Sinhala Subtitles
අද මම පෙර කොටස ගැන සුපුරුදු විදියට වැඩි දෙයක් කතා කරන්න යන්නේ නෑ. අපිට දකින්න ලැබුනා වොරන් ජීවිතාන්තයට හිරේ යනවා. එතකොට කෙලී බොහොම උපක්‍රමශීලීව රැදවුම් මධ්‍යස්ථානයෙන් එළියට පිටවෙලා යනවා. ඒ වගේම පහුගිය කොටසෙන් අපි නොදැක්ක හුඟක් දේ දැක්කා රීනාගේ මරණය සම්බන්ධව. මේ කරපු අපරාධය ගැන වොරන් නම් හදවතින්ම පසුතැවෙන බව අපිට බොහොම පැහැදිලිවම පේන්න තිබුනා. ඒත් කෙලීගෙන් එහෙම පාටක බිඳක්වත් පේන්න ආයේ අහලකවත් නෑ නේද ? බලමු අද මේ අවසානයේවත් එහෙම එකක් දකින්න තියේවිද කියලා.



රීනා වර්ක් ඝාතන සිද්ධිය කැනඩාවේ ප්‍රජාව තුළ වසර ගණනාවක් තිස්සේ මතකයන් තුළ පවතී. මේ ශෝකජනක සිදුවීම, 1997 වසරේ නොවැම්බර් මාසයේදී සිදු වූ අතර, නව යොවුන් වියේ පසුවන්නන්ගේ ජීවිත වල තිබෙන පාපතර දූෂිත සිතුවිලි, ජාති ආගම්වාදය, සංස්කෘතික පරිහානිය හා ප්‍රචණ්ඩත්වය පිළිබඳ මෙයින් හෙළිදරව් වුණි.

සැබෑ ඡායා රූපයන්
රිනා වර්ක් කැනඩාවේ බ්‍රිටිශ් කොලොම්බියා හී වික්ටෝරියා අසල පදිංචිව සිටි වයස අවුරුදු 14ක දකුණු ආසියානු සම්බවයක දැරියකි. 1997 නොවැම්බර් මස 14 වෙනි දින ඇගේම මිතුරියක් වන අයෙකුගෙන් රීනා හට ක්රැයිග්ෆ්ලවර් පාලම අසල තිබූ රාත්‍රී සාදයකට සහභාගී වන්නට ආරාධනාවක් ලැබිණි. එහිදි ගැහැණු ළමුන් හත් දෙනෙකු සහ එක් පිරිමි ළමයෙකු රීනාට පහර පිට පහර දෙන ලදි. එදින රාත්‍රියේ රීනාට සිදු වූ සිදුවීමෙන් මුළු මහත් සමාජයම කම්පනයට පත්වුණි. ඇයගේ මෙම මිනීමැරුම් නඩුව එවක කැනඩාවේ කාත් අතර කතාබහට ලක් වූ ප්‍රසිද්ධ නඩු විභාගයක්ද වුණි.

(රීනාගේ දෙමාපියන් වන සුමන් සහ මන්ජිත්)
සුමන් 2018 දී මිය ගොස් ඇත.
සැබෑ ඡායා රූපයක්
මෙම සිද්ධිය පිළිබඳ මාධ්‍ය විශේෂ අවධානයක් යොමු කරා, ඒ මෙම ඝාතනයේ කෲරත්වය හා මිට සම්බන්ධ වූ අයවලුන්ගේ වයස යන කාරණා නිසා. නව යොවුන් වියේ පසුවන්නන්ට තමන්ගේම සම වයසේ අයගෙන් සිදුවන මෙම හිරිහැර හා සමාජයෙන් කොන් කිරීම් වැළක්වීම පිළිබඳ සමාජයේ නීති පද්ධතිය අසමත් වීම සම්බන්ධයෙන් දිර්ඝ සංවාද ඇති විය. මෙම ඝාතන සිද්ධියෙන් පැහැදිලිවම පෙනෙන්නට තිබුණා එවක කැනඩාවේ තාරුණ්‍ය සංක්‍රමණික පවුල් දෙස වපර ඇසකින් සහ ජාතිවාදි අයුරින් බැලූ බව.

සුන්දර වර්ක් පවුලේ ඡායා රූපයක්

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
898 downloadsDownload Under-the-Bridge-E08-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Under the Bridge Mini Series Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
- #Aiyana Goodfellow
- #Anoop Desai
- #Archie Panjabi
- #Arta Negahban
- #Brian Markinson
- #Chloe Guidry
- #Chris Nowland
- #Cleo Patricia Annan
- #Conor Stinson O'Gorman
- #Daniel Diemer
- #Dayah Brar
- #Dhirendra
- #Ella Dixon
- #Evan Rein
- #Ezra Faroque Khan
- #Glynis Davies
- #Isabella Leon
- #Izzy G.
- #Jaiven Natt
- #Jared Ager-Foster
- #Jason Chu
- #Javon 'Wanna' Walton
- #Jeremy Ferland
- #Jill Teed
- #Jonathan Hawley Purvis
- #Lily Gladstone
- #Lucas Noon
- #M.J. Kokolis
- #Matt Craven
- #MaxxA
- #Maya Da Costa
- #Meg Roe
- #Michael Buie
- #Michael P. Northey
- #Miguel Castillo
- #Naika Toussaint
- #Nazeem Jang
- #Nimet Kanji
- #Paul Jarrett
- #Quinn Shephard
- #Riley Keough
- #River Codack
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #Teagan Stark
- #Terry Chen
- #UD Shehan
- #Under the Bridge
- #Under the Bridge Mini Series
- #Under the Bridge Mini Series Sinhala Sub
- #Under the Bridge Mini Series Sinhala Subtitles
- #Vanessa Przada
- #Vritika Gupta
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Rasika Rathnayake
UD Shehan
:)
Buddhika laKMal
ස්තූතියි සහෝ මේ සීරිස් එකට කම්ප්ලීට් සබ් දුන්නට....
මේක සුපිරි කතාවක්...
ස්තූතියි ඔයාගේ වෙලාව වැයකරල මේකට සබ් ගෙනාවට..
ජයවේවා....!!!
Advertisement




හිතා ගන්න බැ උන දේ ගැන, මන් TV සීරිස් බලන කෙනෙක් නෙවෙයි අහම්බෙන් බැලුවේ මාරම කුතුහලයක් තිබ්බා පට්ටම කතාවක් උනත් මෙහෙම සිද්ධියක් නොවුනා නම් හොදයි කියලත් හිතුනා. ස්බ් Upload කරනකල් බලගෙනත් හිටියා මේ දවස් ටිකෙම බොහොම ස්තුතියි..!