Watch Trailer

Twelve [S01 : E06] Sinhala Subtitles | අහිමි වීම් සහ සමුගැනීම් [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් 06 වෙනි කොටසත් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා.. අපි බලමු 05 වෙනි කොටසෙදි මොකක්ද වුනේ කියලා.. පස්වෙනි කොටසෙන් ඔයාලා දකින්න ඇති සටන් කිහිපයක්ම ඇතිවෙනවා.. සා-මින්ගෙ කණ්ඩායම, ටේ-සන්ගෙ දේවදූත කණ්ඩායම වෙනතකට යොමුකරලා බන්ග්වූල් එක්ක සටන් කරලා මීර්ව පැහැර ගන්නවා.. සා-මින් හා ඔ-ග්වී එකතුවී ආත්ම පාෂාණ…

ඔන්න එහෙනම් 06 වෙනි කොටසත් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා.. අපි බලමු 05 වෙනි කොටසෙදි මොකක්ද වුනේ කියලා..

 පස්වෙනි කොටසෙන් ඔයාලා දකින්න ඇති සටන් කිහිපයක්ම ඇතිවෙනවා.. සා-මින්ගෙ කණ්ඩායම, ටේ-සන්ගෙ දේවදූත කණ්ඩායම වෙනතකට යොමුකරලා බන්ග්වූල් එක්ක සටන් කරලා මීර්ව පැහැර ගන්නවා..  සා-මින් හා ඔ-ග්වී එකතුවී ආත්ම පාෂාණ සියල්ල එකතු කරගන්නවා. දැඩි ලෙස තුවාල ලබා සිටින ගුම්සුන්ග් බන්ග්වූල්ගෙ ප්‍රතිකාර මධ්‍යස්ථානයට අරගෙන ආවට පස්සෙ තමයි ටේ-සන් ඇතුළු කණ්ඩායම දැනගන්නෙ තමන් උපක්‍රමයකට හසුවී ඇතිබව.. අවසානයේදී මරොක් තීරණය කරනවා සා-මින් හා සටනට තනිවම යන්න.. වොන්සොන්ග් ඇතුලු කණ්ඩායම මරොක් තනිවම සටනට ගිය බව දැනගන්නෙ ටික වෙලාවක් ගියාට පස්සෙයි. මේ බව දැනගත් ටේ-සන් සහ වොන්සොන්ග් මරොක්ව සෙවීමට උමග අසලට ගමන් කරනවා. මේ අතර මරොක්, සා-මින් විසින් හේ-ටේ බලය ලබාගත් බව නොදැන තමන්ගේ උපරිම බලය යොදාගනිමින් සටන් කරනවා.

අද කොටස පටන් ගන්නෙ සා-මින් හා මරොක් අතර සිදුවන සටනෙන්.. මරොක්ව කඩුපහරක් මගින් අඩපන කරන්න සා-මින් සමත්වෙනවා.. මේ අතර ඔ-ග්වීත් සටන මැදට පැමිණෙනවා. ඒ තමන්ගේ ආත්ම පාෂාන සා-මින් විසින් සොරකම් කර ඇතිබව වැටුන පසුව.. මෙහිදී තුන්කොන් සටනක් ඇතිවෙනවා ඔයාලට බලන්න පුලුවන් වෙයි.. සටනෙන් කවුරු ජයග්‍රහනය කරයිද ? ටේ-සන් මරොක්ව සොයාගනියිද ? නිරයේ දොරටුව විවෘත කරන්නේ කවුද ? ඒ ඇයි ? මේ හැමදේටම උත්තර ඔයාලට මේ කොටසින් බලාගන්න පුළුවන්..

එහෙනම් අපි අවසාන කොටස් දෙකෙන් ඉක්මනටම හමුවෙමු.. සුභ දවසක්…  

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

508 downloadsDownload Twelve-S01E06.zip11 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

 

All BT1

Next BT1

Subtitles

508 downloadsDownload Subtitles11 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි ඉෂාන් සහෝ උපසිරැසියට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.