Watch Trailer

Twelve [S01 : E07] Sinhala Subtitles | අවසාන සැලැස්ම [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් 07 වෙනි කොටසත් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා.. එකටම සමාව ඉල්ලනවා මේ කොටස ගේන්ප්‍රමාද වීම ගැන.. එහෙනම් අපි බලමු 06 වෙනි කොටසෙදි මොකක්ද වුනේ කියලා.. හයවෙනි කොටස පටන් ගන්නෙ මීර් කන්ග්ජිත් එක්ක එකතුවෙලා නපුරු බලවේග හොයන අවස්ථාවකින්. මෙතනදි කන්ග්ජි දැනගන්නවා මීර් ඔ-ග්වි සමඟ සම්බන්ධයක් ගොඩනාගාගෙන…

ඔන්න එහෙනම් 07 වෙනි කොටසත් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා.. එකටම සමාව ඉල්ලනවා මේ කොටස ගේන්ප්‍රමාද වීම ගැන.. එහෙනම් අපි බලමු 06 වෙනි කොටසෙදි මොකක්ද වුනේ කියලා..

හයවෙනි කොටස පටන් ගන්නෙ මීර් කන්ග්ජිත් එක්ක එකතුවෙලා නපුරු බලවේග හොයන අවස්ථාවකින්. මෙතනදි කන්ග්ජි දැනගන්නවා මීර් ඔ-ග්වි සමඟ
සම්බන්ධයක් ගොඩනාගාගෙන තියෙනවා කියලා. එතනදි කන්ග්ජි අවසාන නිවේදනයකුත් දෙනවා ආයෙ නම් මීර්ට උදව් කරන්නෙ නෑ කියලා.. මේ අතර ටේ-සන් වොන්සොන්ග් එක්ක මරොක්ව හොයාගෙන යනවා. ඒ අතර සා-මින් හා ඔ-ග්වි සමග සටන් කල මරොක් ඔ-ග්විගේ පහර දීමකින් මරණයට පත්වෙනවා..

නිදහස් වුන නපුරු ආත්ම වළක්වන්න හිතාගෙන දේවදුතයන්ගෙ බල මුද්‍රා තැබූ නිරයේ දොර ටේ-සන් විසින් විවෘත කරනවා.. මේ අතර සා-මින් විසින් නපුරු බලවේග යොදාගනිමින් නගරය ආක්‍රමනය කරනවා.. මෙහිදී නගර වැසියන්ද නපුරු බලවේග වල කොටසක් බවට පත් කරගැනීමට සා-මින් සමත්වෙනවා. 06 වන කොටස අවසානයේදී අතීත කතාවක් ඔස්සේ හේ-ටේ විසින් ටේ-සන් පවුලේ සාමාජික දේවදුතයන් හතර දෙනා මරණයට පත් කල ආකාරය පෙන්නුවා මතක ඇතිනෙ. එහිදී ටේ-සන් ගේ පහරකින් හේ-ටේ මරණයට පත්වෙනවා. නපුරු බලවේග පලවා හැර ටේ-සන් විසින් දේවදූත බල මුද්‍රා තබන අවස්ථාවෙන් තමයි 06 වෙනි කොටස අවසන් වෙන්නෙ..

අද කොටස පටන් ගන්නෙ, ඔ-ග්වි හා මීර්ගෙ අතීත ආදර කතාවෙන්.. එහිදී මීර් විසින් ඔ-ග්විට ඔවුන්ගේ සම්බන්ධතාවය ගැන ටේ-සන් ඇතුළු පිරිසට පවසන ලෙස සදහන් කලත් ඔ-ග්වි එයට අකමැති වෙනවා.. ඔ-ග්වි උත්සහ කරන්නේ යාඥා කිරීම මගින් බලයක් ලබාගෙන දේවදූතයන් හා එක්වීමටයි. මේ සියල්ල දෙස විපරමින් බලා සිටින අන්ධකාරය සා-මින් පූජකයාගේ මාර්ගයෙන් ඔ-ග්වී හට බලය ලබා දෙනවා.. අද කොටසින් ඔයාලට සටන් ගොඩක් බලාගන්න පුළුවන්. අවසාන කොටසට අවශ්‍ය මාවත විවර කරලා තමයි හත්වෙනි කොටස අවසන් වෙන්නෙ.

එහෙනම් හත්වෙනි කොටස නරඹන්න ආරාධනා කරන ගමන් මා සමුගන්නවා..
අපි අවසාන කොටසෙන් ඉක්මනින්ම හමුවෙමු.. සුභ දවසක්…

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

655 downloadsDownload Twelve-S01-E07-Sinhala-Subtitles.zip13 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

 

All BT1

Next BT1

Subtitles

655 downloadsDownload Subtitles13 KB

2 comments

  1. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

  2. Buddhika laKMal

    ස්තූතියි ඉෂාන් සහෝ සබ්එකට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.