Watch Trailer

Scam 1992: The Harshad Mehta Story [E06] Sinhala Subtitles | ඔත්තුව [සිංහල උපසිරසි]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

Scam 1992: The Harshad Mehta Story Sinhala Subtitles ඉන්දියානු මූල්‍යමය ඉතිහාසය තුළ සිද්ධ වුණූ ලොකුම වංචාව ගැන තමා මේ Tv Series එකෙන් කියවෙන්නේ. සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුණු එකක්. 1992 දී ඉන්දියාවේ Share Market එක සහ Money Market එක අතර සිද්ධ වෙච්ච හුවමාරු ගනුදෙනුවලින් එතෙක් සිද්ධ වුණු විශ…

Scam 1992: The Harshad Mehta Story  Sinhala Subtitles

Scam 1992: The Harshad Mehta Story Sinhala Subtitles

ඉන්දියානු මූල්‍යමය ඉතිහාසය තුළ සිද්ධ වුණූ ලොකුම වංචාව ගැන තමා මේ Tv Series එකෙන් කියවෙන්නේ. සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුණු එකක්. 1992 දී ඉන්දියාවේ Share Market එක සහ Money  Market එක අතර සිද්ධ වෙච්ච හුවමාරු ගනුදෙනුවලින් එතෙක් සිද්ධ වුණු විශාලම චංචාව සිද්ධ වෙනවා.

මේ කතාවේ කතා නායකයා හර්ෂාද් මෙහෙතා කියන්නේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක තරුණයෙක්, විශ්ව විද්‍යාල උපාධිදාරියෙක්, ඒත් ඉගෙන ගන්න කැමැත්තක තිබ්බ කෙනෙක් නෙමේ. Share Market එකෙන් ගොඩ ආපූ කෙනෙක්. ඔයාලා The Wolf of Wall Street බලලා තියෙනවා නම් ඒකේ මුල් සිදුවීම්වලයි මේකෙයි ලොකු වෙනසක් නෑ. මෙහෙම ගමන පටන් අවුරුදු 10 යන්න කලින් හර්ෂාද් 1992 දී ඉන්දියාවේ ඉහළම බදු ගෙවන්නා වෙනවා. ඒකාලෙදි එයාගේ වත්කම්වල වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 4000ක්,උද්ධමනයත් එක්ක බැලුවොත් දැන් වෙද්දී කෝටි 20000ට වැඩියි. ඉතින් මොකද්ද මේ වෙච්ච වංචාව? කොච්චර ගාණක්ද? ඒක නම් කියන්න පුලුවන් තරමේ සරල දෙයක් නෙමේ. ටිකක් සංකීර්ණයි. ඒක බලලාම තමා දැන ගන්න වෙන්නේ. අනික මේක තනි පුද්ගලයෙකුට විතරක් කරන්න පුලුවන් තරමේ වංචාවකුත් නෙමේ.

Scam 1992: The Harshad Mehta Story Sinhala Subtitles

මේ කතාව ආකාර 2කින් ඉන්දියාවේ පෙරළියක් කරපු කතාවක්. පළවෙනි එක මන් කියපු විදිහටම ඉන්දියාවේ ලොකුම මූල්‍ය වංචාව දෙවනි එක තමා මේ Series එක Release වෙන්නේ 2020 අවුරුද්දේ. ඒත් තවමත් ඉන්දියානූ ටෙලි සීරිස් එකකට හම්බ වුණ වැඩිම IMDb ratings තියෙන්නේ මේ කතාවට අවුරුදු 2ක් ගත වුණත්. IMDb පරිශීලකයන් 150,000කට ආසන්න  මනාප වලින් 9.3 ක IMDb Rating Point එකක් තියාගෙන ඉන්නවා . මේ කතාව ලංකාවේ නම් වැඩිය ප්‍රසිද්ධ වුණේ නෑ මන් දන්න විදිහට. ඒත් මේකේ Intro Music එක නම් ඔයාලා ගොඩක් දෙනෙක් කොහේ දි හරි අහලා ඇති.

හයවෙනි කොටසින්…

හර්ෂද් සහ SBI එක එකතු වෙලා මේ කෝටි 500යේ වංචාව හිමින් සීරුවේ යට ගහන්න හැදුවානේ, දැන් හර්ෂද් ඒ කෝටි 500න් වැඩි හරියක් ගෙවලා ඉවරයි, තව කෝටි 6ක් 7ක් වගේ තමා ඉතුරූ. මතකද කතාව පටන් ගන්නකොටම බිල්ලාරි ඇවිත් මේ කෝටි 500ක  කතාවක් සුචේතාට ඇවිත් කියනවා, ඉතින් සුචේතා ඉතුරු කෝටි 6,7 පියවන්න කලින්, හර්ෂද් මේ කරපු මුදල් අවභාවිතේ ගැන තොරතුරු හොයල පත්තරේට දායිද? හර්ෂද්ගේ මේ වැඩ සේරම මෙතනින් ඉවර වෙයිද? අනික කවුද මේ බිල්ලාරිව එව්වේ? ඒවාට උත්තර මේ කොටස බලලාම හොයාගන්න. 

Scam 1992: The Harshad Mehta Story Sinhala Subtitles

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,040 downloadsDownload Scam-1992-The-Harshad-Mehta-Story-E06-Sinhala-Subtitles.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නදුන් පියුමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-04-07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Scam 1992: The Harshad Mehta Story Sinhala Subtitles
Rank: Silver
Ratings
Reviews
0
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

3,040 downloadsDownload Subtitles24 KB

2 comments

  1. Buddhika Lakmal

    බොහොම ස්තූතියි නදුන් සහෝ ඔයාගෙ මහන්සියටයි මේ උපසිරැසියටයි........

    Reply
  2. Sahan Gayantha

    Thanks a lot Nandun Brother sub ekata

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.