පහුගිය කාලෙ තිබ්බ හොද හොද සීරීස් කිහිපයක්ම කැන්සල් වෙලා ගියා මතක ඇති. ඒ වගේම දැනට තියෙන හොද සීරීස් වල අවසානය සනිටුහන් කරන කාලය ලගාවෙමින් පවතිනවා. හොද සීරීස් වල අවසානය එළඹෙනවා කිව්වෙ Into the Badlands සහා GOT සීරීස් දෙකත් ඉවර වෙන්න යන නිසා. ඒ තරමටම නැතත් අද මේ අරන් එන Cinemax ලගෙ අලුත්ම සීරීස් එක වන…

පහුගිය කාලෙ තිබ්බ හොද හොද සීරීස් කිහිපයක්ම කැන්සල් වෙලා ගියා මතක ඇති. ඒ වගේම දැනට තියෙන හොද සීරීස් වල අවසානය සනිටුහන් කරන කාලය ලගාවෙමින් පවතිනවා. හොද සීරීස් වල අවසානය එළඹෙනවා කිව්වෙ Into the Badlands සහා GOT සීරීස් දෙකත් ඉවර වෙන්න යන නිසා. ඒ තරමටම නැතත් අද මේ අරන් එන Cinemax ලගෙ අලුත්ම සීරීස් එක වන Warrior ඔයාලට හිතට අල්ලලා යනවා කියන එකේ නම් සැකයක් නැහැ. මොකද කියනවනම් “බෲස් ලී” ගෙ ෆිල්ම් වලට කවුද ආස නැත්තෙ කියන්න, ඒවයෙ තියන සටන් වලට ගොඩක් අය ආස එක නොරහසක්නෙ. අන්න ඒ වගේ තමා Warrior කතා මාලාවත් ගොඩක්ම මාෂල් ආට් පැත්තට බර, සටන් ජවනිකා දකිනකොට “බෲස් ලී” ව මතක්වෙන ජාතියෙ කතාවක්. මේ ටිකම ඇති කෙනෙක්ට මේ කතාව බලන්න පටන් ගන්න.
තව ටිකක් අපි හාරලා අවුස්සලා බැලුවොත් මෙහෙමයි… විධායක නිෂ්පාදකයින් අතරෙ Fast and Furious franchise එකේ ප්‍රධාන අධ්‍යක්ෂක කෙනෙක් වෙන Justin Lin වගේම Cinemax හි මින්පෙර විකාශනය වුන Banshee කතා මාලාවේ සම නිර්මාතෘ කෙනෙක් වුන Jonathan Tropper ඉන්නවා. ඒ වගේම කතාවට “බෲස් ලී” ගෙ ආභාසය ගොඩක්ම පාදක වෙලා තියන බව පේනවා සටන් ක්‍රම දකිනකොට. Banshee බලපු අය දන්නවනෙ කතාව කොහොම එකක්ද කියලා. ආයෙ ඉතිං මරනකොට මරන්නෙ උගුරු දඩු එහෙම එළියට ඇදලා අරන්, මතක ඇති, ඒ වගේම තමා 18 + පැත්ත, Banshee බලපු අයට ඒ ගැන මං අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ නේද. ඉතිං Warrior කතා මාලාව තුලත් අඩු නැතුව ඔය හැමදෙයක්ම බලාගන්න පුළුවන්. සියල්ලම එකට එකතු කරපු නිර්මාණයක් කිව්වොත් නිවැරැදියි. උඩ ටික කියවලා බලන්න හිතුනෙ නැත්නම් දැන්වත් බලන්න හිතුනද, ඒත් නැතිනම් ඒ තරම් කරුමයක් නෑ ඉතිං.

කතාව මේකයි… අ-සාම් කියන චීන ජාතිකයෙක් සැන්ෆ්රැන්සිස්කෝ වලට එනවා එහාට චීනෙන් සේවකයො අරන් එන බෝට්ටුවකින්. මේ කාලෙ චීනෙන් සේවකයො ගෙන්වනවා වැඩබිම් වල වැඩට. ඒ අතරෙ තමයි අ-සාම් ඉන්නෙ. හැබැයි මෙයාගෙ අරමුණ වෙන එකක්. මෙයා එන්නෙ කෙනෙක්ව හොයාගෙන. ඒ මීට අවුරුදු දෙකකට කලින් මෙහෙට බෝට්ටුවෙන් ආව කෙනෙක්. කොහොම නමුත් අ-සාම් සැන්ෆ්රැන්සිස්කෝ වලට පය තියලා විනාඩි පහක් යන්නත් කලින් තුන් දෙනෙක්ට නැගිට ගන්න බැරි සයිස් එකට නෙලනවා. මේ පෙන්නපු හපන්කමත් එක්ක අ-සාම්ට හොප් වෙයි කියන පිරිසක් හදුනගන්න ලැබෙනවා. මේ අය තමයි චයිනාටවුන් වල රගන්නෙ. මෙහෙම කල්ලි කිහිපයක් ඉන්නවා විවිධ පැති පාලනය කරන. මෙයාලව හදුන්වන්නෙ “ටොන්ග්” කියලා. හොප් වෙයි ලට වැඩ කරන අතරෙ අ-සාම් එයා ආව දේ හොයන්න ගන්නවා. කාවද මෙයා හොයන්නෙ… ඒක කතාව බලලා දැනගන්න. හැබැයි මේක නෙවෙයි කතාවෙ මූලික දේ, මොකද ඒ හොයන කෙනා අ-සාම්ට හම්බවෙනවා. කතාව නොහිතන විදිහට වෙනස් පැත්තකට හැරෙනවා සිද්දවෙන මිනි මැරුම් කිහිපයක් නිසාවෙන් සහා බල තන්හාව නිසාවෙන්. ඒක කොයි විදිහට අ-සාම්ට බලපායිද, කතාව මොන විදිහෙ වෙනස්කම් වලට ලක් වෙයිද කියලා ඉතිං බලලම තීරණය කරන්නකො.
මෙච්චරකියලත් බලන්න හිතෙන්නෙ නැත්නම් නිකමට ට්‍රේලර් එක බලලා ඉන්න.
මේ මාසෙ ඒ කියන්නෙ අප්‍රේල් 5 වෙනිදා විකාශනය ආරම්භ කරපු Cinemax’s Warrior කතා මාලාව මේ වෙනකොට IMDb දර්ශකයේ 8.4/10 ක අගයක් ලබාගන්න සමත් වෙලා තියනවා. දැනට දැනගන්න තියන විදිහට කතාව කොටස් 10 න් සමන්විතයි. කොහොමත් Cinemax ලගෙ කතා මෙගා නාට්‍ය වගේ ඇදන් නොයන බව දන්නවනෙ. එහෙනම් ඉතිං හැමෝටම කතාව බලන්න ආරාධනා කරන ගමන් මම සමු ගන්නවා. ඊලග කොටසින් හමුවෙමු.
ජය වේවා!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,498 downloadsDownload Warrior-2019-S01-E01.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
40 comments
prasanga priyamantha
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා...............!
harshahjk
හැම දේම අඩුපාඩු නැතිව තියන කතාවක් වගේ ඔන්න එහෙනම් සබ අරගත්තා බොහෝම ස්තූතියි. ජයවේවා
Suranjan
Thanks machan.....digatama yamu......jayawewa......!
Srim
Thanks machan
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahooooo sub ekata....
dsdkavishka
Thenks bro
kodagoda
tnx qualitiyak wage
Lakshitha
ammo patta bn mekata sub dena ekata....
sineth devapriya
Elma br
Sanjeewa2010
Pattaaaaaaaaaaaaaaaa
nisalasewana
elama
nisalasewana
supiri bro
Kungfuuu
Meeke episode keeyak tiyenawada bn
සසිඳු කවීශ ගමපතිරණ
Meke Fightings nam pattama bro!
Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
පට්ට කතාවක් වගේ...Mr.pamz
Thanks
Nuwan-milinda
Thanks Thanks Thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKaveeshdiyashan
Baiscopedownloads eke download den na nee bn link eka dannakoo
Lakshan
Thanks Bro.
lakmal chathuranga
tank you bro ...elaga ekath ekmanta damu
Nilush Angana
Sub ekata thanx
lahiru sadaruvan
thank you so much brother
suranuwan
thanks bro...
kelum93
Sub ekata thanks...the 100 season 06 ekatath sub eka denna...elama......
Asitha.pramoth
Supiriyak wage sub ekata thanx brother
madawaththa
Tnx broh..
kasupbro
මරු දිගටම කරගෙන යන්න සුබපැතුම්...!
වෙනස්ම කතා මාලා වල උපසිරැස දීමට ශක්තිය ලැබේවා.....!sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Minethra
සබ් එකට තෑන්ක්ස් අයියේ
DilanDilshan
ela ela saho jaya wewa.digatama sub karagena yamu..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
Thank you bro
priyan99
Thanks macho sub ekata
melinda
thank you
Supun Buddika
බොහොම ස්තුතියි සහෝ.
banshee එකේ මං ආසම චරිතයක් තමයි මේකෙ Wang Chao විදිහට ඉන්නවා (BoB)
දිගටම කරගෙන යමු.ජය වේවා !!!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!Anonymous
Thanks
Advertisement
![Warrior (2019-) [S01: E01] Sinhala Subtitles | ආගන්තුක රටකට පය තැබු රණකාමියා [සිංහල උපසිරැසි සමඟ] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/04/Warrior-2019.jpg)

Fatta Thanks bro