Watch Trailer

Zero (2018) Sinhala Subtitles | ආදරය මා අතරමංකොට ඇත! [සිංහල උපසිරසි සමඟ] (50*)

ඔන්න එහෙනම් පළවෙනි කඩඉමට ආවා. 50 පහු වෙලානම් ඉතින් දැන් ටිකක් කල් වෙනවා. ඒත් නීත්‍යානුකූලව 50 සමරන්නේ ඉතින් දැන් තමා. මම නම් මෙතුවක්කාලෙටම කරලා තියෙන්නේ ඇනිමේටඩ් ඒවා විතරමයි. මේක තමා මම කරපු පළවෙනි හින්දි ෆිල්ම් එක. මේකත් මම නෙවේ බාරගෙන හිටියේ. ආසිරි අයියා තමා බාරගෙන හිටියේ. එයාගෙන් මම මේක ඉල්ලගත්ත…

ඔන්න එහෙනම් පළවෙනි කඩඉමට ආවා. 50 පහු වෙලානම් ඉතින් දැන් ටිකක් කල් වෙනවා. ඒත් නීත්‍යානුකූලව 50 සමරන්නේ ඉතින් දැන් තමා. මම නම් මෙතුවක්කාලෙටම කරලා තියෙන්නේ ඇනිමේටඩ් ඒවා විතරමයි. මේක තමා මම කරපු පළවෙනි හින්දි ෆිල්ම් එක. මේකත් මම නෙවේ බාරගෙන හිටියේ. ආසිරි අයියා තමා බාරගෙන හිටියේ. එයාගෙන් මම මේක ඉල්ලගත්තා ඉතින් 50 වෙනි සබ් එක විදිහට කරන්න.

මම මේ දක්වා කරපු සබ් ටික බැලුවොත්, Young Justise season 1 & season 2, All star superman, Hero of the Year, Shaggy’s Showdown, Subzero, Hulk vs., Shark Bait, Big top scooby doo, The new Frontier, Lego ෆිල්ම් දෙකකුත් කළා. මේ ඔක්කොම ඉතින් කළේ ඕලෙවල් වලට සූදානම් වන අතරෙ. දැන් ඉතින් ඕලෙවල් ලියලා ඉවර නිසා, ගෙදර නිකන් ඉන්න නිසා පොඩි නිදහසක් තියනවා. ඒත් ඉතින් ඒලෙවල් වලට ක්ලාස් යන නිසා ඒ ඉඩත් පොඩ්ඩක් ඇහිරෙනවා. කොහොම වුණත්, මේ ඔක්කොම ඉවසගෙන ඉන්ටර්නෙට් බිල ගෙවන අම්මටයි, තාත්තටයි නම් ස්තූති වෙන්න ඕනෙ. ඒ වගේම බයිස්කෝප් එකේ උදව් කරන, හසන්ත අයියා, රොයිලි අයියා, නිර්මාණි අක්කා, ආසිරි අයියා, චාමර අයියා, සිසිල අයියා, සමන් අයියාව කියන අයව විශේෂයෙන්ම මතක් කරන්න ඕනෙ. අනේ, නම් කියවුනේ නැත්නම් සොරි. මතක නෑ අනිත් නම්. කොහොම වුණත් මම මේ ෆිල්ම් එකට සබ් දැම්මේ හරිම ආසාවෙන්. දැන් එහෙනම් අපි ෆිල්ම් එකට හැරෙමු.

මුළින්ම කියන්න ඕනෙ මේකට රංගනයෙන් දායක වෙන අය ගැන.

Shah Rukh Khan – බවුවාසිංග්
Anushka Sharma – ආයිෆා
Katrina Kaif – බබීතා කුමාරි

ඒ වගේම මේකට ඉන්දියානු නළු නිළියෝ රැසකුත් ආරාධිත රංගනයෙන් දායක වෙනවා. ඒ අය තමා, Deepika Padukone, Alia Bhatt, Karishma Kapoor, Kajol, Rani Mukarji, Sri Devi, Arjun Kapoor. ඒ වගේම මෙහි එන විශේෂ ගීතයකට සල්මාන් ඛාන් නර්තනයෙන් දායක වෙනවා. ඒ වගේම ඒ සින්දුවටම රේමෝ ඩී සූසා සහ ගනේශ් ආචාර්‍යාද රංගනයෙන් එකතු වෙනවා. මේ ෆිල්ම් එකේ IMDB අගය 6\10 ක්. ඒ වගේම කුණුවෙච්ච තක්කාලි ගෙඩියෙන් මේකට 36% ක අගයක් ලැබිලා තියනවා. ඉන්දියානු කෝටි 200 ක පිරිවැයකින් නිමවූ මෙම චිත්‍රපටය උප්‍යාගන්න සමත්වෙලා තියෙන්නේ කෝටි 186 ක් විතරයි. ඒ මොකද කියලනම් මම දන්නෙ නැහැ. කොහොමත් 2018 කියන්නේ කාන්ලා ත්‍රිත්වයටම අවාසනාවන්ත අවුරුද්දක්. ආමීර්ගේ THUGS OF HINDUSTAN අසාර්ථක වුණා. චීනයේදී අසාර්ථක වූ ආමීර් කාන්ගේ එකම ෆිල්ම් එක ඒක. සල්මාන්ගේ රේස් 3 ෆ්ලොප් වුණා. සුපුරුදු පරිදි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ ශාරුක්ගේ බිරිද වන ගෞරි කාන්. ඒ වගේම කියන්නම ඕනෙ මේකෙ තියන සිංදු ගැන. මේ සබ් එකේ ISHQBAAZI කියන සින්දුවේ සබ් එකේ පොඩි අවුලක් තියනවා. ඒ ඇරෙන්න අනිත් හැම සින්දුවකම සබ් තියනවා. මම නම් ගොඩක්ම ආස mere naam කියන සින්දුවටයි. ඕගොල්ලො බලන්නකෝ එහෙනම්. ඕගොල්ලො බලනවා ඇති ශාරුක්ව මෙහෙම කොට කලේ කොහොමද කියලා. ඒ වෙනුවෙන් ඒගොල්ලොන්ට එක ශොට් එකක් පස් වතාවක් ගන්න වෙලා තියනවා. මේකට ලෝකය වටා ඉන්න VFX ශිල්පීන් 1600 ක් දායක වෙලා තියනවා.

හරි දැන් අපි කතාව පැත්තට යමු. බවුවා ඉංග් කියන්නේ අගුටුමිට්ටෙක්. එයාගෙ වයස අවුරුදු 38යි. එයා හරිම අමුතු කෙනෙක්. තමන් කොටයි කියලා එයාට ලැජ්ජත් නැහැ. එයා කරන්නේ තමන්ගේ තාත්තාගේ සල්ලි නාස්ති කරන එක. අම්මා නම් මෙයාට ආදරෙයි. ඒ වගේම මේ බවුවාට විශේෂ හැකියාවක් තියනවා. ඒ තමා අහසේ තියන තරු කඩන්න එයාට පුලුවන්. ඒත් තාත්තට නම් මෙයාව නයි මිරිස් වගේ. බවුවාගේ ප්‍රියතම දේ තමා බබිතා කුමාරි කියන්නේ. එයා නිළියක්. බවුවා හිතාගෙන ඉන්නේ, බබිතා කවදමහරි එයාව කසාද බදියි කියලයි. බවුවට, කසාදයක් හොයාදෙන්න කියලා බවුවා රෙජිස්ටර් වෙනවා ශාදි.කොම් එකේ. එතනදි එයාට හමුවෙනවා අනුශ්කා ෂර්මා හෙවත් ආෆියාව. ආෆියාට රෝගයක් තියනවා. එයාට ඇවිදින්න බැහැ. එයාගෙ අත් වෙව්ලනවා. ඒ වගේම හරියට කතා කරන්නත් බැහැ. හැබැයි ආෆියා කියන්නේ විද්‍යාඥයෙක්. එයා හොයාගන්නවා අගහරුවල වතුර තියෙන බව. දැන් එයා හදන්නේ අගහරුවලට මිනිහෙක්ව යවන්න! බබීතා කුමාරි කියන්නේ හිත කැඩිච්ච කෙල්ලෙක්. එයාගෙ පෙම්වතා එයාව රවට්ටනවා. ඒ නිසා එයා ඇල්කොහොල්වලට ඇබ්බැහි වෙනවා. ආෆියාව බවුවා කසාද බදින්නත් යනවා. හැබැයි බබිතාගේ එක කිස් එකකින් බවුවාහේ ජීවිතය වෙනස් වෙනවා. අන්තිමට බවුවා නවතින්නේ අගහරුවලට ගිහිල්ලායි.

ඔන්න එහෙනම් කතාවේ ටිකක් කිව්වා. අදට යනවා. කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ජය!!!!!!!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HD, WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

29,231 downloadsDownload Zero-2018.zip118 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් අකලංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සචින් අකලංක

Subtitles

29,231 downloadsDownload Subtitles118 KB

113 comments

  1. Mayura

    50ට උණුසුම් සුබ පතනවා මචන්.
    තව කඩ ඉම ගණනාවක් පහු කරන්න ලැබේවා
    පලවෙනි කඩඉමට සුපිරි චිත්‍රපටියක් දෙන්න වාසනාව ලැබිලා
    ආසිරි අයියා හරිම නිහතමානියි.
    වෙන කෙනෙක් නම් මේ වගේ දැවැන්ත චිත්‍රපටියක් කඩ ඉමක් වෙනුවෙන් පරිත්‍යාග කරන්නේ නෑ. :P

    1. Helili Hemamali

      Ha ha ha, very funny..!

  2. තාරක නුවන් දිල්හාර #TND

    සුභ පැතුම් මල්ලි 50 වෙනි උපසිරසි ගැන්වීම වෙනුවෙන්.
    ඉදිරි කඩයිම් වලටත් ඉක්මනට යන්න ලැබෙන්න කියලා පතනවා.
    ඉගෙනුම් කටයුතු සාර්ථකව හොදින් කරගෙන යන්නත් හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ඒවගේම ස්තුතියි උපසිරසියටත්.
    ජයෙන් ජය..!!!

  3. Hasindu Boke

    50 වැනි උපසිරැසියට සුබපැතුම් බ්‍රෝ.. සබට තෑන්ක්ස්

  4. කවිශල් රසින්ත (කවී)

    50වැනි උපසිරැසියට එහෙමත් නැත්තම් පලවෙනි කඩයිමට උණුසුම් සුභ පැතුම් සහෝදරයා...!! දෙවැනි කඩයිමටත් ඉක්මනින්ම යන්න වාසනාව ශක්තිය ධෛර්‍ය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. එහෙනම් සුපුරුදු පරිදි සබට තුති.. ජය වේවා...~~~

  5. Thilankadissanayake

    Bohoma sthuthi saho !

  6. gihan perera

    සුභ පැතුම් සහෝ 50 කඩයිමට...ස්තුතියි වෙිවා මචෝ උපසිරැසි දුන්නට...දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා...

  7. Prasad Randunu

    උපසිරසියට බොහොමයක් ස්තූතිය ... 50 වන උපසිරසියට හදවතින්ම සුභ පතනවා ! දිගටම බයිස්⁣කෝප් එක්ක ඉමු. ජය වේවා !

  8. damith_janaranjana

    Thanks bro and congratulations

  9. harshani11112

    50 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහො..
    බොහොම ස්තුති

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    1. sachintha

      ඒවගේම 50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා සහෝ
      100 වෙනි උපසිරැසියත් හැකි ඉක්මනින් ගහමු...

  11. YasasPerera

    thanks mchn... congratulation

  12. wajira

    Thanks for sub

  13. N_R

    Thank You.

  14. රොයිලි

    උණුසුම් සුබ පැතුම් සචින් මල්ලි. මෙතනින් නොනැවතී 100 ත් ඉක්මනින්ම කරන්න ලැබේවායි පතනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

  15. Kantha_DLA

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  16. හසන්ත වික්‍රමරත්ත

    50වෙනි උපසිරස වෙනුවෙන් සුබ පැතුම් මල්ලි!
    ඊළඟ කඩඉමටත් ඉක්මනින් ලංවෙන්න කාලය ලැබේවා කියල පතනවා. ජය !!!

  17. ශසිත් සඳරුවන්

    පළමු කඩඉමට සුබ පැතුම් මල්ලී...
    ආසිරි භායි ගෙන් ශාරුක්ගේ ෆිලුමක් ගත්ත එකම ලොකු ජයග්‍රහණයක්. :P
    ශාරුක්ගේ ඩයි හාඩ් ෆෑන් කෙනෙක් වසයෙන් ඕන ෆිලුමක් බලනවා. :P
    ඒ නිසා ඉතින් මේකත් අනිවා බැලිල්ලක්. අපෙන් සබ දෙනකල්ම හිටියා.
    පෞද්ගලික කටයුතුත් සාර්ථක කරගන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  18. last_word

    film eka melo rahak na

  19. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  20. Kaushal

    බොහොම ස්තුතියි සිංහල උපසිරසිය වෙනුවෙන් වු මහන්සියට ෴ ඉදිරියටත් උපසිරසි සමඟ හමුවෙමු.

  21. Jerome Valeska

    50 වෙනි උපසිරසියට සුභ පතනවා මල්ලි...!!! 100ත් ඉක්මනටම ගේන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!!!

  22. aks

    Thanks...

  23. nishannw

    Ela thanx.....palamu kadaimata suba pethum bro

  24. SRIMIHINDU

    උපසිරැසට ගොඩක් ස්තුතියි වගේම 50 වෙනි කඩයිමට සුබ පැතුම්

  25. එල්.සී. දමැල්

    ඔන්න සහෝ මාත් සුබ පැතුම් එක් කරනවා. ඒ වගේම ශාරුක්ගේ එකක් නම් මග අරින්නේ නෑ නෙවැ හොඳ චිත්‍රපට රසිකයෙක්... එහෙනං සබ් එකට ස්තුතියි... ඉදිරි කඩයිම් වලිනුත් මේ විදිහටම හමු වෙමු. ජය...

  26. tharindu

    50ට සුබ පැතුම්!!!!!!!

  27. Gangsterz

    සබ් එකට තැන්ක්ස් බ්‍රෝ..
    මේක ලන්කාවෙ ෆිල්ම් හෝල් වලට ආවෙත් නැ.. ඇයි දන්නෙනැ...

  28. විමා

    පළමු කඩයිමට උණුසුම් සුභපැතුම් මල්ලි
    නියම භාණ්ඩයකින් නොවැ 50 ගහල තියෙන්නේ
    අනිවා බලන්න හිටිය එකක්
    ඊළඟ කඩයිමත් වැඩිකල් නොගිහින් සමරමු
    ජයෙන් ජය වේවා
    සබට බොහොම ස්තුතියි

  29. Ravindu Rukshan

    සුභ පැතුම් සහෝ 50 වෙනි උපසිරැසය වෙනුවෙන්
    බලාගෙනම හිටපු චිත්‍රපටයක් තමා මේක,
    ඉතිං කියන්න තියෙන්නෙ මෙතන්න් නොනැවතී ඊළග කඩයිම් සඳහා යන්න ලැබේවා කියා පාර්ථනා කරනවා

  30. Lahiru123

    සුභ පැතුම් මල්ලි .ඔබට ජය.සබ් එකට ස්තූති

  31. wdkkasun

    thanks.

  32. mick

    thanx bro

  33. PARATP

    patta machan.flopunT indiyan film wlta wada wenas film ekk meka.godak indiyn karayanta alluwe na meka.fan film ekat me wdytama thama une.sub ek supiri meeta wada meke sub krnna ba.patta.

  34. shanaka390

    Thanks bro

  35. ඩොක් අයියා

    උපරසියත් බාගත්තා

  36. deliya

    Unusum subapethum 50ta.thanks .jayawewa

  37. Prashi

    I was eagerly waiting to watch this movie. Thanks a lot for the sub :)

  38. Helili Hemamali

    උණුසුම් සුබ පැතුම් මල්ලි! දෙවනි කඩයිමෙන් හමුවෙමු.

  39. යුරාන් ධනුක (ධනූ)

    පළමු කඩයිමට සුබ පැතුම් සහෝ...!!!
    අධ්‍යාපන කටයුතු සාර්ථකව කරන ගමන්,
    ඉක්මනටම අනිත් කඩයිමත් පසු කරන්න ශක්තිය ලැබේවා..!!!
    උපසිරැසියට තුති...!!! :D

  40. madhubashana bandara

    ජය වේවා සහෝ !

  41. 1997lakmallakmal

    50 weni sub ekata suba pathum........

  42. Kulanjana Maduranga

    welldone....great work & lot of thanks saho....keep it up....

  43. Chathura_Wasala

    Thanks mchn

  44. geethkamal

    congrtz saho, sub ekata tnx, jaya wewa

  45. Videoexpress

    Thnz machoo..

  46. සනිඳු ලක්ඛිත

    50 වෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභ පැතු සහෝ..තව තවත් ඉදිරියට උපසිරස කරන්න ලැබේවා කියලා වගේම ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..බුදුසරණයි..ජය වේවා!
    මේ උපසිරසටත් බොහොම ස්තූති..බොක්ස් ඔෆීස් නැතත්,රේටින් නැතත් ශාරුක්ගේ ෆිලුමක් නොබලා ඉන්නේ කොහොමද..

  47. Madhura prasad

    තුති වේවා සහො

  48. C lakmal

    ගොඩක් වටිනවා , මේ වගේ සබ් තවත් කරන්න , ජය වේවා.

  49. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට.......!
    ඒ වගේම කඩඉමටත් සුබ පැතුම්....!

  50. yeshu

    tnx

Load more comments