පළවෙනි කොටසට ලියපු ලිපියෙදි Inside Edge කතාමාලාව ගැන තරමක විස්තරයක් කරපු නිසා මෙතනදි ඒ ගැන කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපි කෙළින්ම හැරෙමු කතාව පැත්තට. භායිසාබ් සහ වික්‍රාන්ත් අතරෙ තියෙන බොහොම ආන්දෝලනාත්මක රහසක් කලින් කොටසෙදි එළිවුණා මතක ඇති නේ. දැන් ඒ දෙන්නා උත්සාහ කරන්නෙ එකිනෙකාට එරෙහිව යන්න. වි…

පළවෙනි කොටසට ලියපු ලිපියෙදි Inside Edge කතාමාලාව ගැන තරමක විස්තරයක් කරපු නිසා මෙතනදි ඒ ගැන කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපි කෙළින්ම හැරෙමු කතාව පැත්තට.
භායිසාබ් සහ වික්‍රාන්ත් අතරෙ තියෙන බොහොම ආන්දෝලනාත්මක රහසක් කලින් කොටසෙදි එළිවුණා මතක ඇති නේ. දැන් ඒ දෙන්නා උත්සාහ කරන්නෙ එකිනෙකාට එරෙහිව යන්න. වික්‍රාන්ත් හුසේන් එක්ක එකතු වෙලා ඒකට සරීනව ඉත්තා කර ගනිද්දි භායිසාබ් උත්සාහ කරන්නෙ මන්ත්‍රා ලව්වා සරීනව බිලි දෙන්න. ඉතින් මන්ත්‍රා රෝයි කොමිසමට ගිහින් මොනවා කියයිද?
භායිසාබ් වායුට පොරොන්දු වුණ දේ දෙන්න ඉඩක් ලැබෙයිද? ඔන්න ඔතනදි තමයි වායුගෙ අලුත්ම එදිරිවාදියා කරළියට එන්නේ.. රෝහිත් ෂාන්බාග්. ඉන්දියාවෙ ටෙස්ට් කැප්ටන්. කාන්තා ආකර්ෂණය සෑහෙන්න දිනාගත්ත කෙනෙක්. හැබැයි පොඩි පරහකට තියෙන්නේ.. ඒක ඔයාලම හොයාගන්නකෝ.
චරිතයට පණ පොවන්නේ Vivek Oberoi ගෙ ඥාති සහෝදරයෙක් වන Akshay Oberoi.
ඒ අතරෙ වායුගෙයි තමන්ගෙයි අතීතෙ හොයාන යන රෝහිණීට මොනවා දැනගන්න ලැබෙයිද?
අවුරුදු දහතුනකට පස්සෙ පාකිස්තානු ටෙස්ට් කණ්ඩායම ඉන්දියාවට එන්න නියමිතව තියෙද්දි, තරඟාවලියෙ විකාශන අයිතියත් එක්ක මේ නැටවෙන රූකඩ නැටුම මොකක්ද?
ඔය ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙවෙනි කොටස ඇතුළෙ තියෙනවා. මේ කොටසෙ රචනය Nidhie Sharma සමඟ Neeraj Udhwani. අධ්‍යක්ෂණය Kanishk Varma. බලලම එන්න. තුන්වෙනි කොටසෙන් හමුවෙමු.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරසි HDRip / WEB පිටපත් සඳහා වලංගු වේ.
1,729 downloadsDownload IE-S03-E02.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Anji (ඇන්ජි) ” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-03-17
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Anji (ඇන්ජි)
Subtitles
5 comments
චතුරංග බුද්ධික
Anonymous
Thanks anji
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



මේක ආවා කියලා දන්නේත් නෑ!
ඔන්න ජීවිතයේ දෙවැනි වතාවට මුල්ම බාගත කිරීම!