Watch Trailer

Crash Landing on You AKA Sarangeui bulsachak [E16] Sinhala Subtitles | ආදරයට ආදරේ කරන්න.. [සිංහල උපසිරසි]

හිතුවෙවත් නැති දවසක දකුණු කොරියානු කිරිල්ලියක් අහසින් ඇවිත් වැටුනෙ උතුරු කොරියාවට. ඒ කිරිල්ලිය නොදැන වුනත් ස්වභාව දහම එදා ඇගේ ඉරණම්කාරයා වෙතටයි ඇයව ගෙනැත් තිබුනේ. සේරි-රි ජෙයෝන්ග් හ්‍යොක්.. ඩෑන්-ගු සෙයුන්ග් ජූන්… එකිනෙකට වෙනස් ආදර කතා දෙකක් එක කතාවක් ඇතුළෙ කොටස් 15 ක් පුරා දැනට ඔබ දකින්න ඇති. ආදරය…

හිතුවෙවත් නැති දවසක දකුණු කොරියානු කිරිල්ලියක් අහසින් ඇවිත් වැටුනෙ උතුරු කොරියාවට. ඒ කිරිල්ලිය නොදැන වුනත් ස්වභාව දහම එදා ඇගේ ඉරණම්කාරයා වෙතටයි ඇයව ගෙනැත් තිබුනේ.

සේරි-රි ජෙයෝන්ග් හ්‍යොක්..
ඩෑන්-ගු සෙයුන්ග් ජූන්…
එකිනෙකට වෙනස් ආදර කතා දෙකක් එක කතාවක් ඇතුළෙ කොටස් 15 ක් පුරා දැනට ඔබ දකින්න ඇති.

ආදරය නිසා රළු ගති තියන මිනිස්සු අහිංසක වෙන හැටි, වංචාවෙන් ජීවත් වුන මිනිස්සු අවංක වෙන හැටි, උද්දච්චකමෙන් ඔලුව උදුම්මන් ඉන්න මිනිස්සු නිහතමානි වෙන හැටි කොටස් 15 ක් පුරාවට ඔබ දකින්න ඇති.

“මං හීනයක් දැක්කා.
මගේ හීනේ මං ගියා අනතුර සිද්ධ වුන දවසට.
මං දැනන් හිටියා, මොන විදියේ අනතුරක්ද මට වෙන්නේ, මං කොහෙටද ගිහින් වැටෙන්නෙ කියලා.
මං දැනන් හිටියා, මං කාවද මුණ ගැහෙන්නෙ, මොන වගේ භයානක, කටුක අත්දැකීම් වලටද
මට මුහුණ දෙන්න වෙන්නෙ කියලා.

මං දැනන් හිටියා, අවසානෙ මේ දවස උදා වෙනවා කියලා.
මං හැමදෙයක්ම දැනන් හිටියා.
ඒ දිග හීනේ අන්තිමට, මං තීරණයක් ගත්තා, ඒ හැම මොහොතක්ම මුදා හරින්න පටන් ගත්ත තැන ඉඳන්ම.

මට කාලය ආපස්සට හරවන්න පුලුවන් වුනා නම්…
ඔයාව ආයෙ මුණ ගැහෙනවා.
මං ඔයාව දැන අඳුන ගන්නවා
ඔයාට ආදරේ කරනවා.
මං දන්නවා, මං ගත්තෙ ඒ තරම් භයානක, දුක හිතෙන තීරණයක් කියලා.

අපෙන් කෙනෙක්ට මැරෙන්න වෙනවා නම් අනික් කෙනාට ජීවත් වෙන්න…

ඒක දෛවය නම්,
වෙන්න ඕන මං මැරිලා, ඔයා ජීවත් වෙන එක. ඒකයි වෙන්න ඕනෙ..
මං සතුටින් ඒ තීරණේ ගන්නම්, රි ජෙයෝන්ග් හ්‍යොක්..!”

ඉතින් රැදී හිටපු හැමෝටම ස්තූතියි. වැරදි කෝච්චියට නැගලා හරි, හරි තැනින් බහින්න අමතක කරන්නෙපා!

ආයුබෝවන්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

7,660 downloadsDownload Crash.Landing.on_.You_.S01E16.Baiscopelk.com_.zip42 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

7,660 downloadsDownload Subtitles42 KB

67 comments

  1. Bindusara Hasaranga

    thank you akke thwa k drama ekkta sub ekk denna api bagena innawa

    1. Helili Hemamali

      බොහොම ස්තූතියි

  2. Bindusara Hasaranga

    flower crew .joseon marringe agency ep 16 mekata sub dannako akke

  3. Sahan Sulakkhana

    sub ekata godak sthuthiyi sis, digatama me wage thawath k drama walata sub eka denna. puluwan nm what is wrong with secertary kim kiyna ekatath sub eka denna balanna. oyaata jaya we akki!

    1. Helili Hemamali

      බොහොම ස්තූතියි. වෙලාවක් ආවොත් උත්සහ කරන්නම් මල්ලි.

  4. Shaan

    ගොඩාක් ස්තූතියි අක්කා...
    ඉක්මනට තවත් අලුත් කතාවකට සබ් අරගෙන එන්න...
    ඔයා සබ් කරපු හැම කතාවකම සබ් ඉක්මනට ඔයා දෙනවා වගේම ඒ සබ් 100%ක් සාර්ථකයි...
    ALL THE BEST SIS ❤️❤️❤️❤️

    1. Ashi

      Kathawa lassanai..awasaneth lassana athi kiyala hithanawa.. thawama baluwenam naha.. eth oyage mahansiyata sthuthiy.. aththatama lassana kathawak meka.. thawath me wage lassana amuthu kathawak aran enna oyata shakthiya labewa... thawa deyak oya godak ikmanin me kathawata sub dunna ekata godak godaaaaaaaaaaaaaaaaaaaaaaaakma sthuthiy... good luck..

    2. Helili Hemamali

      බොහොම ස්තූතියි

  5. Ak presents

    Thx akka ❤️

  6. S.K.Hegoda

    අවසන් දිගහැරුම අද. මේ දක්වා කොටස් 16කින් සමන්විත ආදර කතාවක් අපට තේරෙන බසින් පවසන්නට ඔබ ඉතා වෙහෙස මහන්සි වන්නට ඇත. ඒ ගැන පළමුවෙන්ම ස්තූති කරමි. ඉංග්‍රිසි උපසිරසි සමග මෙය බලන්නට ලැබුනත් ඔබගේ හදවතට ලං වන සිංහල උපසිරසි සමග බලන විට, කලින් බලලා තිබුනත් නැවතත් ඔබගේ උපසිරසි සමග මෙය බලන්නට මා පෙලඹුනා. ඔබට බොහොම ස්තූතියි. නමුත් ඔබ ඉතාම ඉක්මනින් අප වෙත නැවතත් උපසිරසි මගින් හමු වේ යයි සිතමි.

    1. Helili Hemamali

      බොහොම ස්තූතියි. මේ වගේ ප්‍රතිචාර මට හුඟක් වටිනවා.

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි.ජය වේවා!

  8. සහන් කෞෂල්‍යය

    Labadun siyalu sub venuven bohoma sthuthi !!!!!

    1. rmlr rathnayaka

      මන් බලපු පට්ටම කතාවක්.....අක්කගෙ උපසිරැසිත් එක්ක බලපු නිසා තවත් පට්ට උනා....බොහොම ස්තූතියි ....ඉක්මනින් තවත් කතා මාලවකින් හමුවෙමු

    2. Helili Hemamali

      බොහොම ස්තූතියි

  9. Supun sachintha

    Mahilchi!!!!!

    1. Prasad

      කථාවත් පට්ටයි සබ් එක දෙන ඔයත් පට්ටයි!!! ඉක්මනට තව එකක් දෙන්න මග බලන් ඉන්නවා!!!

    2. Helili Hemamali

      බොහොම ස්තූතියි

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  11. Pradeep Hashan Kumara

    sub ekata thank you ...

    kathawa iwara wenakan dawasata eka episode eka gane sub hadala dunnata bohoma sthuthi akke

    1. Anonymous

      godak hodata sub karala thiyanawa.godak asawen kathawa baluwe.oyage watina kalaya api wenuwen kapa karata godak ස්තූතියි.
      ජය වේවා

    2. Helili Hemamali

      බොහොම ස්‍තූතියි, ජය!

  12. samanali

    Thank u sub ekata..drama eka maru.iljimae drama eketh sub eka denna puluwanda...

  13. Chathuranga perera

    Thank me sub
    Adin meka iwarai ne
    Radio romance eke sub dennako

  14. ශෂික

    උපසිරැසියට ස්තූතියි, පුළුවන්නම් unfortunately fond, doctor crush කොරියන් ඩ්‍රාමා දෙකටත් සබ් කරන්නකෝ

    1. Helili Hemamali

      බොහොම ස්තූතියි, ඉල්ලීම් ගොඩක් තියනවා. වෙලාව ලැබෙන විදියට බලමු.

  15. Shadow125

    Thanks for your hard effort. It's a really nice story & your subtitles made it more beautiful.. Thanks again :) :)

    1. Helili Hemamali

      You're welcome.

  16. Anonymous

    Man balapu kathawalin lassanama kathawak meka nangi.sub dunnata thanks..

  17. Nethmimadara

    Man balapu drama walin lassanama drama ekak nangi meka.thanks oyata sub dunnata.

    1. Helili Hemamali

      බොහොම ස්තූතියි අක්කේ!

  18. Nisansala

    Thank You

    1. Niroshani Maduka

      Sub එකට ගොඩක් ස්තුතියි dr..සිංහල sub එකත් එක්ක බලනකොට තමයි කතාව හොඳටම තේරුම් ගන්න පුළුවන්..ඔයාගෙ මහන්සිය අගය කරනවා ඇත්තටම.. ❤️❤️❤️❤️

  19. Tharushi

    Mechchara ikmanata sub dunnata bohoma sthuthi. ❤Thawath lassana k drama ekkata sub denna.

    1. Helili Hemamali

      බොහොම ස්තූතියි

  20. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    තවත් කතා මාලාවකට සබ් අරන් එමු...

    1. Helili Hemamali

      බොහොම ස්තූතියි

  21. ශසිත් සඳරුවන්

    සබ් එකට තුති වේවා!
    මුල ඉඳන් පිළිවෙලට බලන්න පටන්ගත්තට මොකද සබ් වලට හිරවුනු නිසා බලන්න බැරි වුනා. අද ඉඳන් එකදිගට බලනවා. පිළිවලට සබ් ටික දුන්නට ⁣බොහොම තුති.දිගටම සබ් දෙමු ආ...ජය!

    1. Helili Hemamali

      බොහොම ස්තූතියි

  22. isuruchamara

    Thanks

    1. Eyn

      Thnks❤
      Touch your heart kathawath poddk balala sub eka dennako

    2. Helili Hemamali

      බොහොම ස්තූතියි, උත්සහ කරන්නම්.

  23. Vishal

    Sub ekata thanks
    Puluwannam 'Memorist' drama ekatath sub denna
    Jaya wewa...

    1. Helili Hemamali

      Memorist එකට අපෙන් ඉක්මනට උපසිරැසි ලැබෙයි.

    2. Anonymous

      Dennako puluwannan

  24. Dilscoop

    Thanks akki. plz FRINGE SEASON 3,4,5 sub denne nadda ekath supiri series ekakne plz?

    1. Helili Hemamali

      Me dawas wala man eka kara gena yanawa, ikmanama sub labei.

    2. Anonymous

      sub akata galapena torrent link aka denna puluwanda

  25. Ranga sri

    බොහොම ස්තුතියි...❤️

  26. Hesh

    බොහෝම ස්තුති අපිට ලස්සනම ලස්සන කතාවක් අරන් ආවට ... තව තවත් මෙවැනි කතා ගෙන්නෙ ඔයාට ශක්තිය ධෛර්යය ... ජය

  27. Dushmantha Ranasinghe

    ලස්සන කොරියන් ආදර කතාවක්,සබ් එකට ස්තුතියි

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Anonymous

    තව කතාවක් කරන්න්ඩෝ ❤️

  30. Duminda Jayanath

    fatta kathawak... thawa me wagee ewa oni

  31. Anonymous

    tankzzzz ane

  32. දිල්ශාන් සචින්ත

    හේමක්කී ඔයා අපිව මෙහෙම අසරන කරන්න එපා. බලලා ඉවරවුනෙ දැන්. නිකන් පිස්සු වගේ. සබ් එක හදාන්නත් ගොඩක් අමාරු වෙන්න ඇති ලයින් ගාන වැඩි නිසා. ඒත් ඔයාගේ මහන්සියනම් කවදාවත් අපතේ යන් නෑ. මොකද මේක ගොඩක් වටින ලස්සනම ලස්ස්න කතාවක්. ගොඩාක් තැන්කූ මේ වගේ ලස්සන ඩ්‍රාමා එකක් සිංහලෙන් බලන්න සැලැස්සුවට. ඒ වගේම කියන්න ඕනී මේකේ 10 එපියේ අන්තිමට කොලපාට ඇදුමක් ඇදන් ඩෑල් එකක් එනවා. එතනදි ඩ්‍රාමා එක ක්‍රොස් කරන්නේ Secretly Greatly 2013 ෆිල්ම් එකට මේක බලලා කම්මැලි කමේ ඉන්න අය ඒකත් බලන්න. ජය. ඉස්සරහටත් මේ වගේ සීරීස් වලට සබ් කරමු.

  33. Prabuddha Kulatunga

    Thawat supiri TV series ekaka nimaawa needa.. :D :D
    pudgalikawama dannawa me sub karanna oya mahansi una widiha.. Pissuwen wage sub kara kara giya widiha..
    sub karala videos tikath balenma pen ekakata daala dila sub balanna kiwa widiha.. sub karala ideas ahapu widiha.. sahena kalekin stress release una oyage me sub ekka kataawa balala.. Thank you..! :D :D :D
    Thawat patta Korean ekak karamu ida tiyana welawaka.. :D :D :D
    hoda comedy kaalith tiana subakma karamu hina wewi balanna stress release wennat ekka ;) :D :D
    Wish you all the best! :)

  34. shen

    Love you alot sis. Thank you so much. Thanks to you i can watch it with my mom.

  35. buddika

    thankxxxxxxxxx
    elagta Warrior Baek Dong Soo sub denna plz

  36. Sachini Sandarekha Algama

    ගොඩක් ස්තුතියි ඔයාට.. කලාතුරකින් බලපු හරිම ලස්සන ආදර කතාවක්. ඔයා වෙච්ච මහන්සියට උපරිම ප්‍රතිඵල ලැබිලා තියෙනවා. හදවතට දැනෙන විදිහට ලස්සනට උපසිරැසි ගලපලා තියෙනවා.

    මේක ඩ්‍රාමා එකක් වුනත් සමහරවිට මේ වගේ කතා ඇත්ත ලෝකයෙත් ඇති.
    උතුරු සහ දකුණු කොරියාවට ඉක්මනට එකතු වෙන්න ලැබිලා ඒ හැමෝටම නිදහසේ සාමයෙන් ජීවත් වෙන්න උදාවෙවා කියලා ප්‍රාර්ථනා කරනවා.. ❤

  37. malith sandeepa

    මේ වගේ ලස්සන කතාමාලාවකට මහන්සි වෙලා උපසිරැසි ලබාදුන්නට බොහොම ස්තුතියි❤

    පුලුවන්නම් Historical Drama එකකටත් උපසිරැසිය ලබාදෙන්න
    ............ජය වේවා............

  38. Sugala Deshani

    Thank you very much,
    mn me kathwa English subtitles ek baluwa, ayeth balanna yaddi thmai mathk une sinhla subtitles thibuna neda kiyla, eka parima download kala serama,
    thwa lassana katha walata me wage subtitles denna :)

  39. Nilush Angana

    Sub ekata thanx

  40. anjula

    අපි වගේ කොරියන් පිස්සන් වෙනුවෙන් මේකට සබ් දුන්නට ගොඩක් ස්තූතියි ඉතිං ඊලගට memorist එකට සබ් දෙන්න බැරිද කෙල්ලේ

  41. Geethika

    මේ වගේ ලස්සන කථාවක් දුන්නට ගොඩාක් ස්තූති.. wikiki කොරියන් කතාවත් දෙන්න පුලුවන් ද..

  42. Anonymous

    thank you~~!!

  43. Raveen Chamila

    ඇත්තටම කිව්වොත් මේක තමයි මගේ ආසම කොරියන් ඩ්‍රාමා එක.ගොඩක් ස්තූතියි මේ වගේ කතාවකට ලස්සනට සබ් දාල රසවින්දනයෙ අඩුවක් නැතුව අපිට බලන්න සැලැස්සුවට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.