ඔන්න සතියකට පස්සෙ උද්‍යෝගීමත් Demon Slayer Season 3 Episode 4 හි සිංහල උපසිරැසිය එක්කයි මම ඔයාලා හමුවට එන්නේ. වැඩි විස්තර කතා නොකර, හතරවෙනි කොටසට යන්න කලින් අපි දැන් කලින් කතාවේ සිද්ධ වුනු දේවල් කෙටියෙන් මතක් කර ගනිමු. අලුත් අසිපතක් සාදා ගැනීමේ බලාපොරොත්තුවෙන් යක්ෂ නාශකයින්ගේ නිචිරින් අසිපත් හදන අස…

ඔන්න සතියකට පස්සෙ උද්‍යෝගීමත් Demon Slayer Season 3 Episode 4 හි සිංහල උපසිරැසිය එක්කයි මම ඔයාලා හමුවට එන්නේ. වැඩි විස්තර කතා නොකර, හතරවෙනි කොටසට යන්න කලින් අපි දැන් කලින් කතාවේ සිද්ධ වුනු දේවල් කෙටියෙන් මතක් කර ගනිමු.
අලුත් අසිපතක් සාදා ගැනීමේ බලාපොරොත්තුවෙන් යක්ෂ නාශකයින්ගේ නිචිරින් අසිපත් හදන අසිපත් සාදන්නාගේ ගම්මානයට ආපු තන්ජිරෝට යක්ෂ නාශක බලකායේ සාමාජිකයෙක් වෙන ශිනසුගවා ගෙන්යා, ලව් හෂිරා(Love Hashira) වෙන මිට්සුරෝ කන්රොජි සහ මිස්ට් හෂිරා(Mist Hashira) වෙන තොකිතෝ මුයිචිරෝ ව මුණ ගැහෙනවා. අසිපත් සටන් පුහුණුව වෙනුවෙන්ම නිර්මාණය කරපු මේ ගමේ තියෙන යොරීචි යන්ත්‍රය මුල් ආකෘතියෙනුත් (Yoriichi Type Zero) සටන් පුහුණු වෙන තන්ජිරෝ හරිම අමාරුවෙන් ඒ යන්ත්‍රය පරාජය කළාට පස්සෙ ඒ යන්ත්‍රය ඇතුලෙ තිබිලා මළකඩ කාපු අසිපතකුත් තන්ජිරෝට හම්බවෙනවා. ඒත් ඒ අසිපත අන්තිමේදි, අසිපත් සාදන හගනෙසුකා අරගෙන අලුත්ම අසිපතක් තන්ජිරෝට දෙනවා. එතකොට දැන් තන්ජිරෝගේ අසිපතේ අඩුවත් පිරවුනා.
ඒ අතරෙ අද්භූත පුද්ගලයින් දෙන්නෙක් මේ ගමේ සැරිසරන්න පටන් අරගෙන තියෙනවා. කවුද මේ දෙන්නා? ඒ තමයි ඉහළ පස්වෙනි යක්ෂයා වෙන “ගියොක්කො” සහ ඉහළ හතරවෙනි යක්ෂයා වෙන “හන්ටෙන්ගු”. මුලින්ම මුයිචිරෝගෙයි තන්ජිරෝගෙයි මුහුණ ඉස්සරහටම එන්නෙ තමන්ගෙ හැඟීම් කොයි වෙලෙත් පිට කර කර ඉන්න හන්ටෙන්ගු. හරිම ලේසියෙන් මේ හන්ටෙන්ගුගේ බෙල්ල මුයිචිරෝ කපල දැම්මත් අන්තිමේදි වුනේ මේ කැපුණු ඔළුවෙන් අලුත් කඳකුත්, ඉතුරු වුනු කඳට අලුත් ඔලුවකුත් ඇවිත් අලුත් යක්ෂයින් දෙන්නෙක් මතු වුනු එක.
අනිත් පුදුමය තමයි මේ ගමේ හිටපු යක්ෂ නාශක ගෙන්යා ශිනසුගවා තුවක්කුවක් පාවිච්චි කරපු එක. මේක නම් manga එක නොකියවපු anime only ෆෑන්ස්ලට නම් පුදුමයක් වෙන්න ඇති. ඒ වගේම demon slayer ෆෑන්ස්ලා හැමෝටම අලුත් අත්දැකීමක් වේවි. නිචිරින් අසිපතක් වෙනුවට නිචිරින් උණ්ඩ පාවිච්චි කරල යක්ෂයින් මරා දමන ගෙන්යා, මේ අලුත් යක්ෂයින් දෙන්නටත් වෙඩි තියන්න සමත් වෙනවා. හැබැයි ආයෙත් වුනේ කලින් සිද්ධ වුනු විදිහටම ඔලුවෙනුයි කඳෙනුයි අලුත් යක්ෂයින් දෙන්නෙක් මතු වුනු එක. දැන් ඔක්කොම යක්ෂයින් හතර දෙනයි. දැන් මොකක් වේවිද? අද කතාව මෙතැන් පටන් දිග හැරෙනවා.
උපසිරැසිය ගැන පහලින් ඔයාගෙ comment එක දාගෙන යන්නත් අමතක කරන්න එපා.තව සතියකින් Demon Slayer Season 3 Episode 5 වලින් මුණගැහෙමු.
ලංකන් Weebs වෙනුවෙන් – උෂාන් රේණුක
Episode Name : Thank You, Tokito
Air Date : 2023.04.30
Runtime : 24 min.
IMDB Rating : 8.5
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
8,684 downloadsDownload Demon.Slayer.Kimetsu.no_.Yaiba_.S03E04.zip12 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
- #2021
- #2023
- #Akiyuki Shinbo
- #Demon Slayer
- #Demon Slayer S03 Sinhala Sub
- #Demon Slayer S03E01 Sinhala Sub
- #Demon Slayer S03E01 Sinhala Subtitles
- #Demon Slayer Season 03 Sinhala sub
- #Demon Slayer Sinhala Sub
- #Editor's Pick
- #Hitoshi Ône
- #Kimetsu no Yaiba
- #Mamoru Miyano
- #Masaki Suda
- #MaxxA
- #Mugen Train Arc
- #Nobuyuki Takeuchi
- #Offbeat
- #Season 3
- #Shunji Iwai
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Suzu Hirose
- #උපසිරැසි
- #ලංකන් Weebs
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
23 comments
Anonymous
ලංකන් Weebs
ස්තූතියි.❤️
Pavith Wijesooriya
බොහොම ස්තූතියි උෂාන් සහෝ...
ලංකන් Weebs
ස්තූතියි.❤️
Sanjeewa Sandaruwan
ammo adath thun parak awa dalada balanna adreiiiiii....................!
ලංකන් Weebs
ස්තූතියි.❤️
ලංකන් Weebs
ස්තූතියි.
Akila Dilhara
Thanks Brother...Sub දානකල් බලාගෙන හිටියෙ ...
ලංකන් Weebs
ස්තූතියි.
ලංකන් Weebs
ස්තූතියි...
Tharindu
Thanks sub aka denakan balan hitiye
ලංකන් Weebs
ස්තූතියි...
Dasun
Sub eka gindara.. dan me balala awith comment eka damme..
ලංකන් Weebs
ස්තූතියි...
Dilshan buddika
සුපිරි ❤️
ලංකන් Weebs
ස්තූතියි...❤️
Shashindu
Gammak❤️
ලංකන් Weebs
ස්තූතියි.
Nuwan
Thank you for the subtitle ❤
ලංකන් Weebs
Thank you.
Akila Dilhara
Thanks Brother...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහෝම ස්තූතියි.
Advertisement
![ඩීමන් ස්ලේයර් [S03 : E04] Sinhala Subtitles | ප්රචණ්ඩත්වයේ සහෘදයින්. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/DMNSlR-S03-a.jpg)



ආදරෙයි