බයිස්කෝප් අඩවියේ කොරියානු කතා මාලා රසිකයන් වෙනුවෙන් තවත් කතා මාලාවකට උපසිරැසි ගේන්නයි මේ සූදානම. සුපුරුදු විදිහට මේ කතා මාලාව වෙන් කරලා දුන්න විමා අයියට මුලින්ම ස්තූති කරලා ඉන්න ඕන.MBC නාලිකාව ඔස්සේ විකාශය වන මේ කතා මාලාවට වොන් බිලියන 15ක වියදමක් දරලා තියෙනවා .පසුගිය 17 වෙනිදා විකාශය ආරම්භ වුන මේ ක…

බයිස්කෝප් අඩවියේ කොරියානු කතා මාලා රසිකයන් වෙනුවෙන් තවත් කතා මාලාවකට උපසිරැසි ගේන්නයි මේ සූදානම. සුපුරුදු විදිහට මේ කතා මාලාව වෙන් කරලා දුන්න විමා අයියට මුලින්ම ස්තූති කරලා ඉන්න ඕන.MBC නාලිකාව ඔස්සේ විකාශය වන මේ කතා මාලාවට වොන් බිලියන 15ක වියදමක් දරලා තියෙනවා .පසුගිය 17 වෙනිදා විකාශය ආරම්භ වුන මේ කතා මාලාවේ කොටස් 12ක් තියෙනවා. Kim Sung-Yong තමා කතා මාලාවේ අධ්‍යක්ෂකවරයා. මෙහි ප්‍රධාන චරිත වලට NamKoong Min, Park Ha-Sun, Kim Ji-Eun රංගනයෙන් දායක වෙනවා.මීට අමතරව  Jang Young-Nam, Kim Jong-Tae, Lee Kyoung-Young වැනි ප්‍රවීණ නළු නිළියන් රැසකුත් චරිතවලට පණ පොවනවා. මේ වෙද්දි IMDb සහ MyDramaList ශ්රේණිගත කිරීම්වල 8.6ක අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා.

හන් ජි හියුක් කියන්නෙ NIS [කොරියානු ජාතික බුද්ධි සේවය]විදේශ බුද්ධි කාර්යංශයේ හියුක්යැන්ග් කියන රහස් කණ්ඩායමක සාමාජිකයෙක්. මේ කණ්ඩායමේ රාජකාරිය වෙන්නෙ විදේශයකදි කොරියානු බුද්ධි අංශ සාමාජිකයන්ව නැත්නම් සිවිල් වැසියන්ව යම් සංවිධානයක් විසින් මැරුවොත් ඒ අයගෙන් පළිගන්න එක. අවුරුද්දකට කලින් උතුරු කොරියාවෙදි සහ චීනෙදි සිද්ද වුනු බුද්ධි අංශ නියෝජිතයන්ගෙ මරණ ගැන හොයන්න තව නියෝජිතයො දෙන්නෙක් එක්ක හන් ජි හියුක්ව චීනෙට යවනවා. මෙහෙයුම ඉවර කරන්න ඔන්න මෙන්න තියෙද්දි මේ නියෝජිතයො එක පාරටම අතුරුදහන් වෙනවා. දෙන්නෙක්ගෙ මල සිරුරු හොයා ගත්තත් හන් ජි හියුක්ව හොයා ගන්න බැරි වෙනවා.

මේ සිද්ධියෙන් අවුරුද්දකට පස්සෙ කොරියානු වෙරලාරක්ෂකයො අවයව ජාවාරම්කාරයින්ගෙ නැවකට ගොඩ වෙනවා. එයාලා නැවට ගොඩ වුනාම ජාවාරම්කාරයො සේරම මැරිලා ඉන්නවා දකිනවා.ඒත් ජීවතුන් අතර ඉන්න කෙනෙක්ව අත්අඩංගුවට ගන්නවා. ඔහුගෙ අනන්‍යතාව පරීක්ෂා කරද්දි ඒ ඉන්නෙ හන් ජි හියුක් කියලා බුද්ධි අංශය දැනගන්නවා. ඔහුව තමන්ගෙ බාරයට අරන් කරන වෛද්‍ය පරීක්ෂණයකදි ඔහුට Zip කියන ඖෂධය එන්නත් කරලා පහු ගිය අවුරුද්දක මතකයන් මකලා දාලා කියලා හොයාගන්නවා.

මීට වඩා කියන්නෙ නෑ.ඉස්සරහට වෙන්නෙ මොනවද කියලා බලලම දැනගන්නකෝ.ඉක්මනින්ම දෙවෙනි කොටසෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. හොඳ නරක කියලා කමෙන්ටුවක් දාගෙන යන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

3,453 downloadsDownload TV-S01-E01.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1Next BT1

Subtitles by

LaHIRU

Subtitles

3,453 downloadsDownload Subtitles28 KB

27 comments

  1. Priyan

    අඩේහ් නියමයි බන්
    ඉදලා ඉදලා සුපිරියක්ම බස්සලා
    ඉතුරුවත් ඉක්ම්න්ට ඕන

  2. Anonymous

    Thanks lahiru saho
    Korean ekak denkn bln hitye

  3. Anonymous

    Patta

  4. Nilush Angana

    Sub ekata thanx

  5. P_mihir

    Thanx saho..... Patta

  6. Suranjan

    Thanks.....jayawewa....!

  7. Isuru

    Thanks broo mekata sub dunnata Puluwannam signal korean drama ekath denna

  8. mahesh

    puluwannam Attack on Titan eke sub eke denna.. maga nawatila tiyana nisa.. kalin karapu kena danne nattan wena kenekta kiyala hari.. asawen balapu ekak :(

  9. Anonymous

    බොහොම ස්තුතියි සහෝ

  10. Nimal

    අනේ සොහොයුරා,
    The Veil (2021) HDTV එකෙනුත් සිංහල උපරැසි දෙන්නකො.
    මොකද WEB - DL එක download කරන්න ගොඩක් ඉඩ
    යනවා ( MB ගොඩක් යනවා )

    1. Charith

      Web/hdtv dekatama demu puluwnnm mchn

    2. LaHIRU

      සබ් කරලා තියෙන්නෙ 500mb web කොපියට.HDtv දෙන්න උත්සහ කරන්නම්.

    3. Nimal

      ගොඩක් ස්තූතියි සොහොයුරා.

  11. Charith

    Thama link na neh
    Run time eka wadi nisa adu tharame 300+ wadi copy walata sub dynko mchn ntnm quality na

    1. Anonymous

      #300 mb+

    2. LaHIRU

      ඉක්මනටම සයිට් එකේ දායි.නැත්නම් dramaday.නෙට් එකෙන් web කොපිය ගන්න

  12. Rajitha

    උපසිරසියට බෝම තුති

  13. Bobby

    Thank you very much for the sub.

  14. Bobby

    Thank you very much for the sub.

  15. Kasun

    bro digatama sub eka denna meke.really appriciate.
    puluwannam sub ekata galapena download link eka baiscopedownload site eke upload karanna..gaththu ewa time line wenas ekai.

    thank you

  16. Ashen

    මේවනම් සුපිරි වැඩ මචන්
    කොරියන් සීරීස් වල තියෙන්නේ අමුතුම රසයක්,නම් ටිකයි මූනු ටිකයි මතක තියාගන්න නම් එපි 3,4ක් බලන්න ඕන හැබැයි
    අනිත් එපි ටිකත් ඉක්මනින්දෙමු මචන්..ජය වේවා✌

  17. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  18. Kushan

    Sub akta thanks

  19. Udara Damith

    khbiuk

  20. Rasika Kumari

    Thanks sub ekat. Yumi's Cells kdrama ekatath sub denna. Jaya බයිස්කෝප්LK.

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Anonymous

    thank you lahiru

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.