බ්‍රිතාන්‍ය ඉන්දීය හමුදාවේ හැටදහසකට අධික පිරිසක් සිංගප්පූරුවේ සේනාංක ගත කර තිබුණා. 1942දී සිංගප්පූරුව ජපාන ආක්‍රමණයෙන් යටත් වූ අවස්ථාවේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල් පවසා සිටියේ, “බ්‍රිතාන්‍ය හමුදා ඉතිහාසයේ සිදු වූ විශාලතම යටත් වීම” එය බවයි! ඉන්දියානුවන් ඇතුළු අනූදහසකට ආසන්න බ්‍රිතාන්…

බ්‍රිතාන්‍ය ඉන්දීය හමුදාවේ හැටදහසකට අධික පිරිසක් සිංගප්පූරුවේ සේනාංක ගත කර තිබුණා.
1942දී සිංගප්පූරුව ජපාන ආක්‍රමණයෙන් යටත් වූ අවස්ථාවේ,
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල් පවසා සිටියේ,
“බ්‍රිතාන්‍ය හමුදා ඉතිහාසයේ සිදු වූ විශාලතම යටත් වීම”
එය බවයි!
ඉන්දියානුවන් ඇතුළු අනූදහසකට ආසන්න බ්‍රිතාන්‍ය සේනාව, තිස්දහසක ජපාන සේනාව ඉදිරිපිට යටත් වුණා.
අත්ඩංගුවට ගත් ඕස්ට්‍රේලියානු සෙබළුන් එකා පිට එකා මරා දමද්දී
එක පෝළිමට හිස ගසා දමද්දි
පරාජිත ඉන්දීය සොල්දාදුවන්ගේ ජීවිතය හාස්කමකින් වගේ බේරුණා!
බ්‍රිතාන්‍යයටවත් තමන්ගේ මිනිස්සු බේරගන්න බැරි වෙද්දි
එක ඉන්දියානුවෙක් තමන්ගේ ඉන්දීය සොල්දාදුවන්ගේ පිහිටට ආවා…
ඉන්දීය ජාතික හමුදාව බිහි වුණේ ඔහුගේ උර මතින්,
ඔහු කර්නල් මෝහන් සින්ග්!
ඉන්දීය ජාතික හමුදාව ගොඩ නැඟුණේ,
සිංගප්පූරු සටනින් ඉතිරි වුණු ඒ ඉන්දීය සොල්දාදුවන්ගෙන් දහදිය මතින්…

මේ ලිපිය කියවන බොහෝ දෙනා දැනටමත් පළවෙනි කතාංගය බලලා ඇති. හැබැයි ඔයා මේ කියවන්නේ සීරීස් එකේ පළවෙනිම ආටිකල් එක නම්, මේක කියවන්න එපා. පහළ ලින්ක් එකෙන් 1st Episode එකට යන්න. එපිසෝඩ් පහකින් ඉවරෙටම ඉවරයක් වෙන මේ කතාමාලාවේ රහ මුල ඉඳන්ම විඳගෙන එන්න.

හරි, අපි යමු ආයෙත් මාතෘකාවට. සිංගප්පූරු සටනෙන් බ්‍රිතාන්‍ය පක්ෂයට අත් වුණු පරාජය දකින්න ඇතිනේ. එපිසෝඩ් එක ඉවර වුණේ දෙවෙනි කතාංගයට ලොකු හිඩැසකුත් විවර කරගෙනමයි. ඉන්දීය විමුක්ති අරගලයේ මුල් භාගයේ මේ සිදුවීම් පෙළ ඇතුළේ අපිට ඊළඟට යන්න තියන්නේ, සීරීස් එකේ Turning Point එකට. එහෙම කිව්වේ ඇයි කියලා නම් මම කියන්නේ නැහැ. බලලාම තේරුම් ගන්නකෝ.

සිංගප්පූරු සටනෙන් යටත් වන ඉන්දීය සෙබළුන්ව සිංගප්පූරු නගරයට ගේනවා. ඉන්දීය සෙබළු පෝළිම් ගැහිලා බුරුතු පිටින් පයින් දක්කගෙන යන්නේ සත්තු වගේ. අපේ කතා නායකයා කර්නල් සෝදිත් ඉන්නේ මේ අය අතරෙමයි! ආදරය කොතැනදිද මුණ ගැහෙන්න බැරි? නේද??

පළවෙනි කතාංගයෙන් මතු වුණු වෛරය, පළිගැනීම නිවන්න දෙවෙනි කතාංගයට ආදරය, ප්‍රේමයත් එක්කහු වෙලා තියෙනවා ඕං! මායා.. ආදරය ඇති වෙන්න තැනක් නොතැනක් නැහැ. කැටගරිය WAR වුණාට මේ සිරීස් එකම ආදරයෙන් කොමඩියෙන් පිරිලා තියෙන්නේ. කතා ඇති, කලින් කිව්වා වගේම අද තමයි කතාවේ ට(ර්)නින් පොයින්ට් එක තියන්නේ.

පළවෙනි කොටසේදි වගේම කමෙන්ට් තීරු පිරෙයි කියලා විශ්වාස කරනවා.

ඊළඟ කොටසෙන් මුණ ගැහෙමු එහෙනම්!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,338 downloadsDownload TFA-S01E02.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ කවිනු වීරක්කොඩි ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-25
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,338 downloadsDownload Subtitles20 KB

0 comments

No comments yet.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.