අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllBox-office HitsFeatured ArticlesMaxxASinhala Subtitleඅමුතුයිආද‍ර කතාඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිරවිඳු රුක්ෂාන්වික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිෆැන්ටසි

Alita: Battle Angel (2019) Sinhala Subtitles | මතකයන් සොයා යන රණශූරිය… [සිංහල උපසිරැසි සමඟ] *150

Rating: 8.8/10. From 198 votes.
Please wait...

කොතැනින් කොහොම පටන්ගන්නද, කොහොම ලියන්නද කියල හිතාගන්නත් බැහැ. අද මගේ උපසිරැසිකරණ ජීවිතයේ තෙවන කඩයිම පහුකරන්නයි මේ සූදානම් වෙන්නෙ. 2016 වසරේ අගෝස්තු මාසෙ 16 වැනිදා හුදෙක් විනෝදාංශයක් විදිහට විතරක් සීමාවෙලා The Darkness (2016) චිත්‍රපටයට සිංහල උපසිරසි ලබාදීමෙන් අරඹපු මේ “සිංහල උපසිරැසිකරණ” දිවිය මේ වෙද්දි විනෝදාංශයකට එහා ගිහින් කොටින්ම කියනවා නම් ඇබ්බැහිවීමක් බවට පත්වෙලා හමාරයි. හැබැයි ඉතිං මේ වැඩේ කරල ලැබෙන තෘප්තිය නම් කියල නිම කරන්න බැහැ. ඉතින් ඔය විදිහට පටන්ගත්තු මගේ උපසිරසිකරණ ජීවිතේ මේ වෙද්දි කඩයිම් දෙකක් පහුකරල තියෙනවා ඒ තමයි,

පළමු කඩයිම – Prison Break අවසාන එපිය
දෙවන කඩයිම – Annihilation

ඉතින් ඒ පහුකරපු “පළමු සහ දෙවැනි” කඩයිම් තුළදී මම හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ නිසා මේ පහුකරන්න සූදානම් වෙන තෙවන කඩයිමටත් එවැනිම ප්‍රතිචාර ලැබෙවී කියල මං හිතනවා. “අද” මේ විදිහට ලබාදෙන්න යන “තෙවන” කඩයිම ඇතුළත පුරා “අවුරුදු දෙකයි මාස මාස දහයක” කාලය තුළදී විවිධ රූපවාහිනී කතාමලාවන් වල කතාංග 100 සහ චිත්‍රපට 50 කට සිංහල උපසිරැස ලබාදී තියෙනවා. ඒ චිත්‍රපට වලිනුත් වැඩි හරියටක්ම ඉතින් නෙට්ෆ්ලික්ස් චිත්‍රපටි නොවැ😁

ඉතින් මේ විදිහට සිංහල උපසිරසිකරණයේ මහගෙදර, බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිටට උපසිරසිකරුවෙක් විදිහට මම එකතු වුණාට පස්සෙ ගොඩක් කට්ටිය දැන හඳුනගන්න හැකියාවක් ලැබුණා. ඒවගේම තමයි මතක් කරන්න නම් ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතිං ඒ මතක් කරන්න ඕන කට්ටියගෙන එක්කෙනෙක් හැරි මඟ හැරුණොත් හරි නැහැනෙ. ඉතිං බයිස්කෝප් පවුලේ ඉන්න සෑම උපසිරැසකරුවෙක්ම මේ අවස්ථාවේ මම මතක් කරනවා. ඉතිං දැන් කියන්න යන කට්ටිය නම් මතක් කරන්නම ඕන. මොකද මේ උදවිය ඉතා නිහඬ සේවයක් ඉටු කරන කට්ටියක්. වැරැද්දක් දැක්කම කියල දෙන හසන්ත අයියා ඒවගේම වැඩිම උපසිරැස ප්‍රමාණයක් බයිස්සිකෝප් අඩවියට දායාද කරපු රොයිලි ප්‍රනාන්දු අයියා පොටෝ එකක් හදල ඉල්ලුවම බැහැ නොකියා උදව් කරන නවෝදනී අක්කි, අශාන් විමුක්ති(විමා) අයියා, සිසිල අයියා, චාමර අයියා, ආසිරි අයියා, අසංක ප්‍රදීප් රණතුංග අයියා, සුදීර අයියා, නිර්මාණි විජේසිංහ අක්කි, සමීර කරුණරන්ත අයියා, සමන් ප්‍රසාද් අයියා, නලීන් අයියා, ඉසිර ගුණතිලක අයියා, ප්‍රණීත් රණසිංහ අයියා, බයිස්කෝප් මංසලේ ඇඩ්මින් සාමාජික තිසර නියෝ අයියා වගෙම බයිස්කෝප් ඩවුන්ලෝඩ් එක වැඩ කටයුතු කරගෙන යන සඳුන් අයියත් වගේම බයිස්කෝප් අඩවියෙ නිර්මාතෘ වන “ඉසිර ගුණතිලක” අයියවත් මේ අවස්ථාවේ මතක් කරනවා. ඒවගේම තමයි හැමදාම වගේ කමෙන්ට් එකක් දාගෙන යන කට්ටියවත් මතක් කරනවා. හරි ඔන්න කියන්න තියෙන දේවල් ටික කිව්වා එහෙනම්. තවත් අටුවාටිකා අවශ්‍ය නැහැ. එහෙනම් ඉතින් අද ඔයාලට අරගෙන එන චිත්‍රපටයට දිහාවට හැරෙමු දැන්…

2019 වසරේ මුල් භාගයේදී බොහෝ දෙනා අතර කතිකාවක් ඇතිකරන්න සමත්වුණු සලරුවක් නිසාවෙන් Alita: Battle Angle(2019) කිව්ව ගමන් මේ චිත්‍රපටිය ගැන සිනමා රසිකයින් වන ඔයාලා දන්නවත් ඇති. මෙම සලරුව ප්‍රේක්ෂකයින් සහ සිනමා විචාරකයින්ගේ අවධානය දිනාගත් සිනමා නිර්මාණයක් වූ නිසාවෙන් “පළමු පූර්ව ප්‍රචාරක පටය” නිකුත් වූ දින පටන් චිත්‍රපටය නරඹන්නට දෑස් දල්වා බලා සිටි සලරුවක් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් ඒ විදිහට ප්‍රේක්ෂක කුතුහලය උපරිමයකට අරගන්න Drama | Sci-Fi | Romance | Action | Adventure | Thriller යන සිනමා වර්ගීකරණයන්ට අයත්ව නිර්මාණය වූ මේ චිත්‍රපටය සමත්වීමට ප්‍රධානම හේතුව වුණේ මෙහි නිෂ්පාදනය කටයුතු සඳහා වගේම තිර රචනය වෙනුවෙන් දායක වූ අයවලුන් නිසාවෙනුයි. සිනමා ලෝකයේ ආදායම් වාර්තා අතරට එක්වූ වගේම ලොව පුරා සිනමාලෝලී ප්‍රේක්ෂකයින්ට කිසිදා අමතක නොවන අන්දමේ සිනමා අත්දැකීම් සමූහයක් තිළිණ කිරීමට සමත්වුණු චිත්‍රපටය කිහිපයක් වශයෙන් අවිවාදයෙන් හඳුන්වන්නට හැකි Avatar (2009), Titanic (1997) හා The Terminator (1984) යන චිත්‍රපට වල අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරපු James Cameron සහ Jon Landau විසින් තමයි මේ සලරුවේ නිෂ්පාදනය සහ තිර රචනය සිදුකරල තියෙන්නෙ. සිනමා දිවියේ වසර 10ක පමණ දිගු නිහැඩියාවකට පසුව James Cameron නැවතත් සිනමා ප්‍රේක්ෂයින්ගේ සිත් තුළට සමීපවීමට Alita සලරුවෙන් සමත්වී තිබෙනවා. ඒවගේම තමයි මේ සලරුවෙනුත් ප්‍රේක්ෂකයාට Avatar තුළින් හඳුවාදුන්නු ත්‍රිමාණ සජීවීකරණ අත්දැකීම හා සමානම අත්දැකීමක් නිසැකවම ලබාගන්න පුළුවන්. Cameron ගේ තිර පිටපත අනුව නිර්මාණය කරන මේ සලරුවේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන්නෙ Spy Kids ළමා චිත්‍රපට මාලාවේ සහ Sin City: A Dame to Kill For (2014) චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ Robert Rodriguez විසිනුයි.

Robert Rodriguez සහ James Cameron චිත්‍රපටය
රූගත කරන අවස්ථාවේදී අරගත් ජයාරූපයක්

විශේෂයෙන්ම කියන්න ඕන මෙම චිත්‍රපටය සඳහා පාදක කරගෙන තියෙන්නෙ 1990 සිට 1995 වසර දක්වා “Shueisha’s Business Jump” ලෙස හඳුන්වන ජපන් සඟරාවක කොටස් වශයෙන් පළ වූ Yukito Kishiro නැමති කතුවරයාගෙ “Gunnm” නැමති මන්ගා කෘතියයි. ඒවගේම තමා මෙහි “කාණ්ඩ 09” ක් අඩංගු වෙනවා. (මෙම මන්ගා කෘතියෙන් Anime එකක් පවා නිකුත් වුණා 1993 වර්ෂයේදී. මාත් ඒක හැබැයි බලල නැහැ 🙂

Yukito Kishiro

Gunnm 1 සිට 9 වෙනි කාණ්ඩය දක්වා

Gunnm නැමති කෘතිය

Anime සිරීස් එක

හොඳයි එහෙනම් අපි දැන් මෙහි රංගනයෙන් දායක වෙන උදවිය කවුද කියල බලමු. සමහරවිට ඔයාලට නම් Rosa Slazar කියන නම අහල පුරුදු නැතිව ඇති. හැබැයි ඇය Maze Runner The Scorch Trail (2015), Insurgent (2015), CHIPS (2017), Maze Runner Death Cure (2018) සහ Bird Box (2018) නැමති චිත්‍රපට තුළදී නම් අපිට දකින්න ලැබුණා. හැබැයි ඉතිං මේ චිත්‍රපටයෙදී නම් ඇයව හඳුනාගන්න ලැබෙන එකක් නැතිවෙයි. මොකද ඇයගෙ මුහුණ සම්පූර්ණයෙන් “CGI තාක්ෂණය” යොදාගනිමින් වෙනස්ම ආකරයෙ රූපයක් ලබාදී තියෙන්නෙ. මෙලෙස CGI තාක්ෂණය නිර්මාණය කර ඇත්තෙත් ජේම්ස් කැමරන්ගේම ක්‍රමෝපායන් යටතෙයි. ඒ වගෙම “ඔස්කාර් සම්මාන ලාබී” Mahershali Ali සහ අනෙකුත් සෙසු චරිත වලට ප්‍රවීණ රංගන ශිල්පී Christoph Waltz, Jennifer Connelly, Ed Skrein සහ Keean Johnson දායක වෙනවා.

Rosa Slazer සහ චිත්‍රපටයේ Alita

මේ සලරුවේ රේටින් ගැන ගැන කියනවා නම් මේ වෙද්දි මනාප 51694 ක් ලබාගනිමින් IMDb දර්ශකයේ 7.6/10 ක අගයක් සහ කුණු තක්කාලි දර්ශකයේ 59% මනාප ප්‍රතිශතයක් ලබාගැනීමට Alita: Battle Angle සමත් වී තිබෙනවා. ඒවගේම තමයි ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක නිෂ්පාදන පිරිවැයක් දරා නිපදවූ මේ සලරුව මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක වාර්තාගත ආදායමක් ලබාගනිමින් බොක්ස් ඔෆිස් වාර්තා අතරට එකතුවී හමාරයි.

ඉදිරි අනාගතය ගැන සිනමා සිත්තමක් අපි වෙත තිළිණ කිරීමෙදී බෙහෙවින්ම දක්නට ලැබෙන්නෙ එහි ඇති වාතාවරණය සහ තාක්ෂණය නිසාවෙන් මෙම ලෝකයට සිදුවන බලපෑමයි. එසේම පවතින සමාජ පංති ක්‍රමය ඔස්සේ මිනිස් ප්‍රජාව බලවතුන් සහ දුගීන් වශයෙන් කොටස් දෙකකට වෙන්කෙරෙනවා.වර්ෂ 2563, මහා සංග්‍රාමයක් නොහොත් චිත්‍රපටයේ දී නම් “බිඳවැටීම” සිදුවී වසර 300 ක් ගත වී හමාරයි. ලෝකයෙ හැම අතකම සිටින කිසිම පිළිසරණක් නැති මිනිසුන් “කම්හල් නගරය” වෙත පැමිණෙනවා. ඩොක්ටර් ඊඩෝ මෙම අසරණ වූ මිනිසුන් හට දීප්තිමත් පහනක් වැනි අයෙක්. ඒ මොකද කියනවා නම් ඔහු ඒ සෑම අයෙක්ටම වසර ගණනාවක් මුළුල්ලේ තමන් ලබාගත් දැනුම මඟින් ඔහුට හැකි උපරිම ආකාරයෙන් උපස්ථාන කරන නිසායි. දවසක් ඔහු මෙලෙස අසරණ වූ අයට උදව් කිරීමට අවශ්‍ය දෑ සෙවීම සඳහා කසළ ගොඩට ගිය අවස්ථාවේදී දකිනවා එක්තරා සයිබ්‍රෝග් ( සයිබ්‍රෝග් කෙනෙක් යනු අර්ධ මනුශ්‍ය අර්ධ යාන්ත්‍රික ලෙස හඳුන්වන අයයි) කෙනෙක්ගෙ හිසක්. නමුත් ඇයට ඒ මොහොත වෙද්දිත් පණ තියෙනවා. ඔහු ඇය මතින් බලාපොරොත්තුවක් දකිනවා. ඉතින් ඔහු මෙලෙස සුන්බුන් වූ සයිබ්‍රෝග් ව නැවත ක්‍රියාකාරී තත්වයට අරගත්තත් ඔහුට මැය කොහෙන් ආවාද, ඇයගෙ ඇත්තම නම මොකද්ද කියල කිසිම අදහසක් නැහැ. නමුත් ඔහු දන්නව ඇය හුගක් බලසම්පන්න කෙනෙක් බව. මොකද ඇයගෙ හදවතට පුළුවන් වෙනවා මුළු “කම්හල් නගරයටම” අවශ්‍ය කරන බලය ලබාදෙන්න. නමුත් ඊඩෝට ඇය දැකුමෙන් මෙම කුරිරු ලෝකයෙදී නපුර මඟින් මිය ගිය ඔහුගෙ දුවව මතක් වෙනවා. ඉතින් ඔහු නව බලාපොරොත්තුවක් සමඟ ඇයට ඇලීටා කියන නාමය ලබාදෙනවා. ඉතින් මේ ඇලීටාට ඒ කුරිරු ලෝකයෙදී ගොඩක් දේවල් වලට මුහුණ දීමට සිදුවෙනවා. ඇයට මෙලෙස මුහුණදීමට සිදුවන කටුක අත්දැකීම් සහ ඇයට කිරීමට සිදුවන කැපකිරීම් ගැන තව දුරටත් දැනගන්න නම් මේ සලරුව බලන්නම වෙනවා…

ඉතින් අවසාන වශයෙන් තව කාරණා කීපයක් කියන්න තියෙනවා.මේ චිත්‍රපටය උපසිරසිගැන්වීමේ අයිතිය ලැබිල තිබුණෙ අපේ හසන්ත අයියට. කඩයිමක් විදිහට මේ චිත්‍රපටියට උපසිරසි ගන්වන්න මට ඉඩ හසර වෙන්කරල දුන්නු එකට ඔහුට ස්තුතිවන්ත වෙනවා. අනික් කාරණේ තමයි මෙහි දෙවැන්නකුත් අනාගතයෙදී බලාපොරොත්තු වෙන්න පුළුවන් බව අධ්‍යක්ෂකවරයා විසින් ප්‍රකාශ කරල තියෙනවා. ඉතින් සිනමා රසික ප්‍රේක්ෂකයින් වන ඔබට කියන්න තියෙන්නෙ මෙයින් ඔබට අපූරු විද්‍යා ප්‍රබන්ද සිනමා පටයක වින්දනයක් ලබාදේවි කියලයි. එහෙනම් ඉතිං නැවතත් උපසිරැසයකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්, ඔබට ජය..!!

“I Do Not Standby In The Presence Of Evil”
– ඇලීටා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HD / WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

239 thoughts on “Alita: Battle Angel (2019) Sinhala Subtitles | මතකයන් සොයා යන රණශූරිය… [සිංහල උපසිරැසි සමඟ] *150

  • Nishan S Ariyarathna

    ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿

    Reply
  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • මේක නම් පට්ටම ෆිලුමක්.සුපිරී වැඩක් අයියේ.සබ් එක සුපිරියටම තියෙනවා.150 ගහලත් දැන් ගොඩක් කල් ගිහින්.කමක් නෑ.150 ට මගෙනුත් සුබ පැතුම්.මේකේ දෙවෙනි එකකුත් ආවොත් අනිවා සබ් ඕනේ.ඒ වගේම මේ වගේ සුපිරිම ඒවට ඉදිරියටත් සබ් ඕනේ.ගොඩක් ස්තූතියි මේ සුපිරියට සබ් දුන්නට.❤️

    Reply
  • Dinindu Malinda

    තෑන්ක්ස් මචාං

    Reply
  • Sadun mathers

    “What a man wants 2019” Eke sub ek onii..

    Thanks.

    Reply
  • Prasad_hettiarachchi3

    Thanks

    Reply
  • thank uuuuu jaya weawaaa

    Reply
  • peththappu

    thnx mcn sub ekta. jaya…

    Reply
  • kalana sb 4587

    thanks for the sub.

    Reply
  • ස්තූති ඔබට

    Reply
  • udayanga.bandara

    ස්තුතියි සහෝදරයා

    Reply
  • nuwanlankapriya

    Godak istutii..

    Reply
  • Uvindu Dilshan

    Sub ekata thankx bro

    Reply
  • pasindu malinda

    thnkz saho
    jaya wewa!

    Reply
  • osadi weerakoon

    kohomada hd,bluray,web me video hama ekakatama sub haduve,ekak hadala anithvathath set karanna sistam ekak thiyanavada?

    Reply
  • rockz2020

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    බොහොම ස්තූතියි සහෝ!….
    *150 sub එක වෙනුවෙන් සුබ පැතුම් ජයවේවා! ✌
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    Reply
  • Sandaruwan123456789

    thanks bro

    Reply
  • BIMBISHA INDURUGALLA

    appreciate! thank u! good luck!

    Reply
  • woooow supiri bn sub eka wade digatama ohma karagena yau jaya wewa budusaranai bn

    Reply
  • gysandamal

    great work bro , keep it up !!!!

    Reply
  • nihalpujitha

    THANKS super movies

    Reply
  • thanks for the subs!

    Reply
  • McMillanStyles

    ස්තුතියි

    Reply
  • Rasadara Dhanushka

    Congratulation brother……….. Jaya Sri…….

    Reply
  • Thank a lot….

    Good luck Baiscopelk

    Reply
  • ස්තුතියි රවිඳු උපසිරැසියට….
    ඒ වගේ ම සුභ පැතුම්, කඩඉමට…
    අපි තවත් කඩඉමක් සොයා යමු.

    Reply
  • ruchiralakmal

    Thanks for the sub!!!

    Reply
  • thanx bro….congratz

    Reply
  • isuru dilshan

    150ට උණුසුම් සුභ පැතුම් රවිදුවා..200ත් දැන් ලගයි මයෙ හිතේ..ඒ කඩයිමෙත් හම්බව්‍ර්මු එහෙනම්..ජය!!!

    Reply
  • Supun Preemal

    උණුසුම් සුභපැතුම්. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Darshana99

    niyameta wede karala bro

    Reply
  • RuwanLakshan93

    බොහෝම ස්තූතියි ජය වේවා…!

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks…!

    Reply
  • ආසිරි ප්‍රියන්ත

    එළකිරි මලේ,
    කාලෙකින් ආවේ මෙන්නබෝලේ මෙවුන් හිටු කියල කඩයිම් ගහනවා.
    ෆිල්ම් ඒක අරන් තියෙන්නේ, සබැ ගත්තා.
    එහෙනම් ඔන්න බලනවා.
    මොනවා කලාට මාව මතක් කලාද මංදා ලිපියේ..
    150 ට පට්ට සුභ පැතුම්.
    ජයවේවා!!

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • baiscopelkishu

    Thankqq machn sub ekta

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි .

    Reply
  • Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

    Reply
  • Rumesh Perera

    Machan me lagakadi idala baiscope eke dena godak sub wala timeline galapen na movie ekath ekka, a nisa poddak me gana balanna.. ogollo mahansi wela sub hadanawa api data kapagena film download karanawa. habai degollontama therumak naha mehema unama.. a nisa machan sub eka denna kalin dheparak balala denna. man dakka thawa movie ekaka ta comments watila thiyanawa timeline galapen na kiyala.. Wenadata nam mehema unama KMP player eken timeline adjust karagena balanawa. eth me movie eke ehema karath hariyan na ehchcarata time line aul..

    Me dhe waradhiyata ganna epa. waraddak pennala dhunna witharai.

    THank you.

    Reply
    • Ravindu Rukshan

      ඔව්, මං ඒක දැක්ක නමුත් සම්පුර්ණයෙන් අවුල් යන්නෑ විනාඩි 2 ක් විතරයි මං ඒක හදල දැම්ම දැන් අවුලක් නෑ මොකද බ්ලුරේ එක දාලා මං චෙක් කරල තමයි දුන්නෙ ආයෙ අවුල් තිබ්බොත් කොපියෙ අවුලක්

      Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • Trailers dekala, comment kiyawala balaagenama hitiya ekak meka…thanks alot malli

    Reply
  • bohoma sthuthi sahoo br eka enakan balagena hitiya

    Reply
  • 150 වන උපසිරැසි කඩයිමට සුබ පැතුම් රවිඳු සහෝ! උපසිරැසියට තුති, ජය!

    Reply
  • Ishan Madusha

    සුභපැතුම් සහෝ.බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • Lucky_Newgems

    Keep it up Brother..

    Reply
  • Hashan M. Priyadarshana

    තැන්ක් යූ බ්රෝ සබ් එකට….
    ජය වේවා.!

    Reply
  • randima lakshan sathkumara

    godak thnaksss

    Reply
  • Nuwantha Dulan

    සුභ පැතුම් රවිඳු මලේ
    කොමෙන්ට් එකක් දාන්න ටිකක් පමා උනා,
    අද තමයි ඔන්න මේක බැලුවේ,
    කතාව නියමයි, සබ් එකත් හොඳටම තිබුනා,
    ඔන්න ඊලඟ කඩයිම් වලටත් ඉක්මණටම යන්න ලැබේවා,
    ජයෙන් ජය!:)

    Reply
  • Bhathiyawijesundara

    thankss………bro…

    Reply
  • DemonAkalanka

    Machan Blu Ray Ekatath Sub Diyanko.

    Reply
  • Kantha_DLA

    Blueray update plz……….

    Reply
  • 150’වැනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් රවිදු මල්ලි.
    සයිට් එකේ ඉන්න නෙට්ෆ්ලීක්ස් පැත්තෙන් වැඩි බරක් අදින, බය නැතුව වැඩක් බාරදෙන්න පුලුවන් එල කොල්ලෙක් තමයි ඉතින්!!
    මේ සමරන්නෙ 150 උනාට මේ වෙද්දී ඊලග කඩයිමටත් කිට්ටු වෙලානෙ ඉන්නෙත්.
    එහෙනම් ඉතින් මේ අවුරුද්දෙදි 200’වැනි කඩයිමටත් ලගාවෙන්න හැකියාව ලැබෙන්න ඕන.
    පුද්ගලික ජීවීතේ හැම වැඩක්ම හොදින් කරගන්න බලන්න.
    බ්ලුරේ කොපියක් ආවහම මේකත් අනිවාර්යෙන්ම බලනවා.
    මේ උපසිරැසියටත් හුගක් ස්තුතියි. ජය!

    Reply
  • උපසිරැසියට තුති

    Reply
  • Sajithlakshan

    thanks ……………..

    Reply
  • sachith1993

    Thank you machan Jaya wewa

    Reply
  • Pa98hasanka

    supiriyak thama ithin meka mmmmmmmm

    Reply
  • elama……hellboy 2019 sub plzzzz

    Reply
  • ඔෂද ධනංජය

    thanks sahoo…congradzz…digatama karamu

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • sahangayantha

    thanks a lot saho

    Reply
  • YasasPerera

    thanks bro.. best of luck

    Reply
  • 150 වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් රවිඳු මල්ලි!
    ඉදිරියටත් නෙට්ෆ්ලිස් එක හරහා ලැබෙන හොඳ කතා මාල සහ චිත්‍රපට වල උපසිරසි ගෙන්න කාලය වෙලාව ලැබේවා කියල පතනවා. ජය!!!

    Reply
  • vishwanathmadhushanka

    Thanks machn

    Reply
  • kaweesha kalyana

    thanx very much saho

    Reply
  • Kalanacosta

    thank you very much ………

    Reply
  • Tharindu Katuwawala

    150 upasirasiyata subapathum sahodaraya… ubala karana me sewaya sulupatu naha.. bohoma isthuthi mulu kandayamatama..
    ubalage watina welawa api wenuwen kapa karanawata..

    Reply
  • Thushanad

    please update sub file to webrip

    Reply
  • Alita Battle Angel (2019) [WEBRip] [720p] [YTS.LT]
    machoooo onna YTS damma…..
    sub eka enakam balana inne…….

    Reply
  • සබ් එකසිය පනහයි.ලේසි නෑ.සන්තෝසයි වගේම සුභපැතුම්.ඉදිරියටත් ඔය ගැමම ඔහොම්මම තියාගෙන යන්.ඒ වගේම මේ උපසිරැසියටත් ගොඩක්ම ස්තුතියි.ජයවේවා………….!

    Reply
  • hisarashanaka

    Thanks oyaalata

    Reply
  • Thnxxxxxxxxz for sub……

    Reply
  • උපැසිරැසියට ස්තුතියි෴෴

    Reply
  • chinthaka_priyadrshana

    Thank U very much Bro………..150 ta subapathum…good luck….

    Reply
  • Thanks… 150 ට උනුසුම් සුබපතුම…

    Reply
  • thanks machan
    Jaya wewa !!

    Reply
  • 150ට හෘදයාංගම සුබපැතුම්.
    ඉතින් රවියා කියන්නේ බයිස්කොප්පුවේ ඉන්න
    ගුණාත්මකව ඉක්මණින් උපසිරසි දෙන පොරක් කියලා
    හැමෝම වගේ දන්නවා. ඒ වගේම තමා සයිට් එකෙන් මුණගැහිච්ච
    එළකිරි ඩයල් එකක්. ගොඩක්ම නෙට්ෆිලික්ස් කතා සහ චිත්‍රපටවලට
    උපසිරසි ලබාදීලම වෙනම අන්වර්ථ නාමයකුත් හදාගෙන නෙව ඉන්නෙ.
    ඉතින් රවියා අපි දන්නවා හෙට අනිද්දා දිහාවේ දවසක ඉක්මණටම 200ත්
    වැටෙන බව. ඒ වගේම ඉතින් එතනින් නතර වෙන්නේ නැති බවත් අපි දන්නවා.
    එහෙනම් ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වේවා. වැඩියෙන් උපසිරසි කරන්න ලැබේවා.

    Reply
  • Thanks ……………….good luck ……………………..

    Reply
  • machan please.1X magule add tiyena movies danna epa bn,ube sub ekata galapenne ne,film eke madadi Add yanawa,epa wenawa bn,ubalath mahansi wenawa,apith baiscope eka gana wishwasa karala download karanawa ape data kapagena.eth sub galapenne ne,Ara Russian movie eketh okamai awla,ekatath comment damma,eth thama eka hadala ne,please bn,baiscope ekata dila tiyena thana nathi karanna epa,ubama balapan uba dala tiyena link wala tiyena ewa download karala,baiscopedownloads eke.please

    Reply
  • Sandeepmadushan

    Congratulations saho

    Reply
  • Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!

    Reply
  • ඉසුරු සම්පත් සිරිසේන

    150*ට හදවතින්ම සුබ පතනවා රවී මලේ…
    එහෙනම් ආයෙ 200න් හම්බවෙමු…
    ~~ඔබට ජය~~

    Reply
  • ලහිරු ප්‍රසාද්

    කමෙන්ට් එකක් දාන්නං කියලා දෙපාරක්ම ආවා. දාලා තියන කමෙන්ට් එක්ක මොකක් දාන්නද කියලා හිතාගන්න බැරිවුනා උතුමාණෙනි අම්මපා. කොහොම වුනත් නෙට්ෆ්ලික්ස් ෆිල්ම් ටික රන් කරන එකානෙ, දිගටම කරගෙන යමු. මං හිතන්නෙ දැන් 180 ත් පහුවෙලා ඇත්තෙ. ඉක්මනින් 200 ට යමන් මලේ එහෙනම්. ජයම වෙන්නෝන!

    Reply
  • Bandaramudiyansi

    ලගකදි ඉදම් මල්ලිට කමෙන්ට් එකක් දෙන්නත් බැරි උනා ,හැබැයි ඉතින් ඔයාගෙ නමින් මුවි එකක් ආවොත් එක ගත්තත් ගන්නෙ සතුටින් .උපසිරස ලස්සනට දනව
    හොද තෙරිම්,ඉක්මනින් ලබාදෙනව මෙ කාරනා හින්ද
    ඔයාගෙ සබ් එක්ක ෆිල්ම් ගොඩක් බලලා තියෙනවා .සුභපැතුම්

    Reply
  • උණුසුම් සුබ පැතුම් රවිඳු මල්ලි. තව 50 කින් 200 ක් ඈ? 😛 හැකි ඉක්මනින් එතෙන්ටත් යන්න ලැබේවායි පතනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ 😛 😛

    Reply
  • dulanjanadass

    thank You very much bro…!!!!!

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • රවිදු සහෝ, නෙට්ෆ්ලික්ස් රජාණෙනි, 150වන කඩයිමට උණුසුම් සුබ පැතුම්. ඇලීටා එනකල් මාත් බලන් හිටියේ. බ්ලූ රේ ආවාම බලන්නම්. ඒ වගේම බයිස්කෝප් අඩවියේ ඉන්න මගේ හොඳම මිතුරා මට කරපු හැම උදව්වකටම ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කරගන්නවා. දැන් 150 සැමරුවාට 170ගානක් කරලානේ තියෙන්නේ. ඉක්මනින්ම 200වෙනි කඩයිම පහුකරන්න වගේම, කඩයිම සමරන්න ඔයා ආසාවෙන්ම අයිතිකරගන්න හිතාගෙන ඉන්න ෆිලුම අයිතිකරගන්න ලැබේවා කියලා පතනවා!

    Reply
  • all the best n thank u

    Reply
  • Maduranga80121

    Pattai bro tnx sabata.

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි
    150 වැනි උපසිරසියට සුභ පැතුම්

    Reply
  • kv_viranga

    suba pathum saho, digatama karamu, tnx sub ekata

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Hashini077

    time line galapenne naa ne. subata thankx

    Reply
  • Bandarajbandara

    ස්තුතියි ජයවේවා

    Reply
  • Sub eka galapen nane bn

    Reply
  • Nayanajith123

    Thanks broo….

    Reply
  • Good Work friend, Thanks!

    Reply
  • sampath n perera

    150 ta subapethum
    copy eka hondaida ? br nethda ?

    Reply
  • Dilmiishara

    සබ්එක ගැලපෙන්නෙ නෑ යාළු.,ඒක හදල දාන්නකො ඉක්මනින්,ඔබට ජය….!!❤️❤️❤️

    Reply
    • Ravindu Rukshan

      ගැළපෙනව ඔය තියෙන කොපියටම ගන්න

      Reply
      • Ok gelpenne ne…sub ek wens krl dnn..

        Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    150ට සුබ පැතුම්!
    200ත් ගහමු ඉක්මනටම…
    හොද කොපියක්ආවහමම ෆිල්ම් එක බලනවා…

    Reply
    • Ravindu Rukshan

      තරමක් බලන්න පුළුවන් එකක් නිසයි උපසිරැසය දැම්මෙ කොපියක් ආව ගමන් අප්ඩේට් කරන්නම්

      Reply
  • Sab eka video ekata galapenne nathi awlak thiyanawada machan…Sab ekata thankx machan.. !!!

    Reply
  • 150 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • කවිනු වීරක්කොඩි

    රොබෝ ‘අක්කගේ’ ෆිලුමත් ආවා එහෙනම්.. අපරාදේ!! මන් නම් හිතුවේ කඩයිමට හොඳ ඉන්දියන් චිත්‍රපටියක් කොරයි කියලා!!
    කොහෙද ඉතින්..
    ඔයා වෙනුවෙන්ම නෙට්ෆ්ලික්ස් ෆිල්ම් තව වැඩි වැඩියෙන් ඒවා කියලා තමයි ප්‍රාර්ථනා කොරන්ඩ තියන්නේ..
    ලබන කඩයිමවත් ඉන්දියන් එකකින් සම්පූර්ණ කරන්න හොඳේ..
    ජය වේවා!!

    Reply
  • Achintha Udayanga

    සුබ පැතුම් මල්ලියා 150ත් ගැහුව එහෙනං ආය ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑ නෙට්ෆ්ලික්ස් සීරීස් එකක් පිලුමක් ආවාද අපි කොයි කාටත් සැනින් එසැනින් මතක් වෙන කෙනෙක් සිටිත් නං ඒ වෙන කවුරුත් නෙවේ රවී තමයි.
    දැන් උඹේ තුන් වෙනි කඩයිම නං හරි හතර වෙනි කඩයිමත් තව වැඩි කාලයක් නොයා මාසෙකින් දෙකකින් අපිට දැකගන්න ලැබෙයි එතනිං එහාට පස්වෙනි හය වෙනි කඩයිම් වලටත් යයි අපිත් ආසයි එහෙම වෙනව දකින්න ඒකට අවශ්‍ය කරන කාලය ඉඩකඩ ලැබෙන්න කියල අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනව
    ඒ අතරෙම මලයෝ ඉගෙන ගන්න වැඩත් උඹ හොඳට කරගන්න ඕන ඒක උඹේ වැඩක්
    ජය වේවා උබට වරදින්නෙ නෑ කොල්ලො
    “රවී නං නෙට්ෆ්ලික්ස් නෙට්ෆ්ලික්ස් නං රවී”

    Reply
  • සනිඳු ලක්ඛිත

    150 වෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභ පතනවා සහෝ.. සුපිරි ෆිල්ම් ටිකට උපසිරස කරලා තියෙනවා වගේම මග හිරවෙලා තිබ්බා සීරිස් වල එපි ටිකකුත් ගොඩදාලා දුන්නා. මෙතැනින් නොනැවතී ඉස්සරහටම යන්න..මේ වගේම ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා…මේ උපසිරසටත් බොහොම ස්තූති…ජය වේවා..බුදුසරණයි!!!

    Reply
    • Meke sub werdie…‍♂️

      Reply
  • 150 කඩයිමට හදපිරි සුබ පැතුම් මලේ. මෙතැනින් නොනැවතී ඉදිරියටම යන්න සුබ පතනවා.
    මේකනම් කාලයක් තිස්සෙම එනකල් බලන් හිටිය ෆිල්ම් එකක්.
    සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා
    #Hail_Hydra.

    Reply
  • 150 කඩයිමට සුබ පැතුම් රවිඳුවෝ. ඉක්මනට 200ත් ගහන්න කියල ප්‍රාර්ථනා කරනවා. තව වැඩි දවසක් නොයා ඒකත් දෙයි කියල හිතෙනව. දැනටම කිට්ටු කරල ඇති 200ට. ජයවේවා

    Reply
  • Thilan Durage

    Subha pathum… Bs!

    Reply
  • 150 ###තෙවැනි කඩ ඉමට සුභ පැතුම් ම⁣ලේ…සුභ පතනවා ඉක්මනටම ූ200 කඩඉමටත්..සයිට් එකේ ලොකු වැඩ කොටසක් කරන පොරක් කියන්න ඔිනි.හදවතින්ම සුභ පතනනා දිගටම මෙි වැඩේ කරගෙන යන්න ශක්තිය,ධෛර්යය ලැබෙන්න කියලා පතනවා..බුදුසරණයි

    Reply
  • Doom patrol එකේ නවත්තපු තැනේ ඉදන් සබ් දුන්නනම් දැන් මාසයක් වෙනවා

    Reply
  • Thank you very much Ravindu

    Reply
  • thanks bro sub ekata…
    kisima mudal apekshawak nathuwa thmange kalaya mahasiya kapa karana oyala nisa thama api asawen film ekak balanne…
    150 weni upasirasatath mege suba pathum…
    200th me aurudda iwara wenna kalin gahanna prarthana karanawa…
    jayen jaya…

    Reply
  • machan mn baiscope downloads eken film eke bawth , eth sub set wenne nane bn ,sub hama thanin ma awl ne

    Reply
  • ඔෂද ධනංජය

    congradz sahoo..digatama baiscope ekata sub denna shakthiya lebewaa…!!

    Reply
  • Thanks for sub.good luck bro

    Reply
  • සයිට් එකට ලොකු මෙහෙවරක් කරන උබට මගේ ප්‍රණාමය රවියා..!
    200ත් අදිමු…ඉදිරි වැඩ කටයුතු සර්වාප්‍රකාරයෙන් සාර්ථක වේවා හොදේ..එල

    Reply
  • Amilaprasad814

    ස්තුතියි සහෝ…….. දිගටම කරගෙන යමු….

    Reply
  • Chanu mikhail

    anime kenek heba loketa awama kohoma weida?. enakan balan hitipu ekak…. 🙂
    thanks .!
    jaya

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා වටිනා සේවය වෙනුවෙන් .

    Reply
  • Shehan putha

    thanks sahooo…. jaya wewa !

    Reply
  • උණුසුම් සුබපැතුම් ❤

    Reply
  • damith_janaranjana

    Thanks bro

    Reply
  • Thanks for sub …and good luck bro

    Reply
  • sanjulamadushan

    ThanX Bro Enakam Maga Balan Hitiya Filumak. Bohoma Sthuthiy

    Reply
  • 150ta good luck machan
    Thanks bro sub ekta

    Reply
  • Ayesh Prashan

    Hammoooo .. Blu Ray Ekakma Balano .. 150ta Subha Pathum .. Thank You

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    අයියගේ සබ් ගැන කියන්න දෙයක් නෑ. බොහොම වේගවත් වගේම ගුණාත්මස උපසිරැසි අරගෙන එන උපසිරැසිකරුවෙක් කියලා හදුන්වන්න පුළුවන් වගේම බයිස්කෝප් උපසිරැසිකරුවන් අතරින් නෙට්ෆ්ලික්ස් මහ මොළකරු කියලත් හදුන්වන්නෙත් මෙයාම තම ඉතින්.  නොදන්න ගොඩක් දේවල් මටත් කියලා දීපු කෙනෙක් වශයෙන් හුගක් හොද මිත්‍රයෙක් වදිහට හදුන්වන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ 150 කියලා කිව්වට 175 වෙනි එක විතර වෙන්ටෑ මයේ හිතේ. තව මාසයක් විතර යන්න කලින් 200ත් ගහලා දායි බෝම ඉක්මනින් නේද….  හරි එහෙනම් 150වැනි උපසිරැසියට හදවතින්ම සුභ පතන ගමන් ඉදිරි සියළු කටයුතු සර්වප්‍රකාරෙන්ම සාර්ථක වෙන්න කියලත් පතනවා. වෙනදා වගේම උපසිරැසියටත් බෝම ස්තූතියි, අනිවා බලනවා. ජය වේවා…❤❤

    Reply
  • තුන්වෙනි කඩඉමටත් එහෙනම් සුබපැතුම් කිව්වා..
    වැඩිය සද්දයක් නැතුව වැඩේ කරන් යන පොරක් තමයි ඉතින්.
    අක්කිලාට වැඩ් කැමැත්තක් තියන නිසා වෙන්ටෑ මේ ෆිලුම කඩඉමට තෝරගත්තේ.. 😛
    අනිවා බැලිල්ලක් තමා ඉතින්.
    සබටත් බොහොම තුති වේවා.
    දිගටම සබ් දෙමු අා…
    ජය!

    Reply
  • unusum suba bathum. thanks meka enakan balan hitiye, thanks. thawath shakthiya labewa

    Reply
  • 150ta hadawathinma suba pathanwa bro.
    Sub ekta thanks.

    Reply
  • සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
    ඒ වගේම 150 වෙනි කඩ ඉමටත් සුබ පැතුම්….!

    Reply
  • THANKS…………….

    Reply
  • 150 ta congratulations bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ….

    Reply
  • උණුසුම් සුභ පැතුම් මල්ලි තමන්ගේ විවේක කාලේ කැප කරලා මේව⁣ගේ උපසිරැසි නිර්මාණ කරනවට ඉක්මනින්ම 200 කඩඉමටත් යන්න අවශ්‍ය කරන කාලය ඉඩ ප්‍රස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් සබටත් ඔබගේ ඉදිරි වැඩකටයුතු සාර්ථකම වේවා ..!

    Reply
  • pubudu prasanna

    150ට සුබ පැතුම්!

    Reply
  • චානක ඉඳුනිල්

    තුන්වෙනි කඩයිමට උණුසුම් සුභපැතුම් සහෝ,
    එනකම් බලාගෙන හිටපු ෆිලුමක්,
    ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
    ස්තූතියි සබ් එකටත්!

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    ජය වේවා මල්ලි… බයිස්කෝප් එකේ සෑහෙන වැඩ කොටසක් කරන එළ කොල්ලෙක්. බයිස්කෝප් තුළින් හමු වුණු තව නියම යාළුවෙක්. ඔහොම ගිහින් 200 ගහමු. තව ඕන්නම් සබ් 20කින් වගේනෙ ඇත්තෙ 200ට. ඉගෙන ගන්න වැඩත් ඔය එක්කම හොඳට කරගනින්. ජය වේවා..! සබ් එකටත් ගොඩක් ස්තූතියි.. !❤️❤️

    Reply
  • Ruwishka fernando

    Maga balan unne..thanks bro

    Reply
  • 150 වෙනි කඩඉමට සුභ පතනවා මල්ලි (Netflix King) , මේ වගේම දිගටම උපසිරසි අරන් එන්න කියලා සුභ පතනවා වගේම අධ්‍යාපන කටයුතුත් සාර්ථක කරගන්න සුඵ පතනවා. අලීටා දුන්නට ස්තූතියි.

    Reply
  • Anushka_dilshan

    Thanks sub 1ta. Danakam hitiye maga balana.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *