Captain America: Brave New World (2025) Sinhala Subtitles බයිස්කෝප්වාසී සියලු දෙනාටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා! කට්ටිය නිවාඩුවෙන් ඉන්න මේ දවස් ටිකේ නිදහසේ බලන්න ඔන්න අලුතෙන් Marvel ෆිල්ම් එකක් රිලීස් වුණා. ඒ Captain America: Brave New World. මේ අරගෙන ඇ…

බයිස්කෝප්වාසී සියලු දෙනාටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා! කට්ටිය නිවාඩුවෙන් ඉන්න මේ දවස් ටිකේ නිදහසේ බලන්න ඔන්න අලුතෙන් Marvel ෆිල්ම් එකක් රිලීස් වුණා. ඒ Captain America: Brave New World. මේ අරගෙන ඇවිත් තියෙන්නේ ඒකේ සිංහල උපසිරසි. ඒවගේම මට මේ ෆිල්ම් එක තවත් විශේෂයක් වෙන්නේ මේක මගේ 200 වෙනි උපසිරසි ගැන්වීම වෙන එකයි.
50, 100 සහ 150 ලිපිවල කිව්වේ නැති විශේෂ දෙයක් මේ ලිපියේ කියන්න ඉතුරු වෙලා නෑ. ඉතින් ඒ නිසා වැඩි විස්තර ඕනේ නෑ, මෙතුවක් කල් මට මේ හතරවෙනි කඩයිම දක්වා ගමන එන්න උදව් කරපු බයිස්කෝප් කණ්ඩායමේ උපසිරසිකරුවෝ හැමදෙනාටමත්, සයිට් එකේ පසුතලයේ ඉඳගෙන දිගටම සයිට් එක පවත්වගෙන යන්න උරදෙන අපේ ඇඩ්මින් මඬුල්ලටත්, අවසාන වශයෙන් අපේ උපසිරසි ඩවුන්ලෝඩ් කරගෙන බලන ඔයාලා හැමෝටමත් මගේ හදපිරි ස්තුතිය හිමි කරමින් කතාව අවසන් කරන්නම්.

ෆිල්ම් එක ගැන කතාකළොත් මේ වෙනකොට ෆිල්ම් එකට IMDb දර්ශකයේ 5.8ක අගයකුත්, Rotten Tomatoes දර්ශකයේ 58%ක අගයකුත් හිමි වෙලා තියෙනවා. මමත් මේ රේටින් එකත් එක්ක එකඟයි. ෆිල්ම් එක නරකත් නෑ, කියන්න තරම් විශේෂ හොඳකුත් නෑ. ආතල් එකේ බලාගෙන ගිහින් ඉවර කරන්න පුළුවන් ෆිල්ම් එකක්. ෆිල්ම් එකේ හයිලයිට් එක තමයි ඉන්න නළු නිළියෝ කණ්ඩායම සහ එයාලගේ රංගනය. Anthony Mackie (Captain America), Harrison Ford (Thaddeus Ross), Danny Ramirez (Joaquin Torres), Shira Haas (Ruth Bat-Seraph), Carl Lumbly (Isaiah Bradley), Giancarlo Esposito (Sidewinder) ආදී ප්‍රසිද්ධ නළුනිළියෝ මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙනවා. ඒවගේම කලින් මාවල් projects වල දැකපු කීප දෙනෙකුත් අපට මේකේ බලාගන්න පුළුවන්.
ෆිල්ම් එකේ කතාව ගැන බැලුවොත් මේ ෆිල්ම් එකට කලින් මාවල් ෆිල්ම් කිහිපයක් පාදක වෙනවා. පළවෙනි එක තමයි The Incredible Hulk (2008). මේ ෆිල්ම් එකේ හල්ක් සහ ඇබොමිනේෂන් අතරේ වෙන සටනෙදී බැනර්ගේ ලේ තමන්ගේ ඇඟ ඇතුළට යාමෙන් Leader කියන විලන් බවට පත් වෙන සැමුවෙල් ස්ටර්න්ස්ව අපට මේ චිත්‍රපටියේ දකින්න ලැබෙනවා. දෙවෙනි එක තමයි The Eternals (2021). මතක ඇතිනේ, පෘථිවියෙන් සෙලෙස්ටියල්වරයෙක් මතුවෙන්න ගිය විදිය. එතනින් පස්සේ ආව මාවල් චිත්‍රපටි සහ ටීවී සීරිස්වලින් මේක නොසලකා හැරලා තිබුණට මේ වගේ සිද්ධියකින් කොහොමද ලෝකය වෙනස් වෙන්නේ කියලා මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන්. තුන්වෙනි එක තමයි The Falcon and the Winter Soldier (2021) ටීවී සීරිස් එක. සෑම් විල්සන්, ෆැල්කන්ගේ ඉඳන් කැප්ටන් ඇමරිකා බවට පත් වෙන විදිය අපි මේ සීරිස් එකේ දැක්කා. ඒවගේම ඒකේ අපට දකින්න ලැබුණු චරිත කීපයක් මේ ෆිල්ම් එකෙත් අපට බලාගන්න පුළුවන්. ඉතින්, මේ ෆිල්ම් එක බලන්න ඔයාලා ඒවා බලලා තියෙන්න ඕනෙමද? නෑ, ඒවා බලලා නැති වුණත් මේ ෆිල්ම් එකේ රසය විඳගන්න ඒක ඔයාලට බාධාවක් වෙන එකක් නෑ. මොකද ඒ අදාළ සිද්ධි ඔක්කොම මේ ෆිල්ම් එකේ කෙටියෙන් පැහැදිලි කරනවා.
ඉතින්, මේ ෆිල්ම් එකේ විශේෂත්වය මොකක්ද? මේ ෆිල්ම් එකෙන් තමයි MCU එකට Adamantium (ඇඩමැන්ටියම්) කියන ලෝහය හඳුන්වලා දෙන්නේ. ඇඩමැන්වියම් කියන්නේ වයිබ්‍රේනියම්වලටත් වඩා ශක්තිමත් ලෝහයක්. ඇඩමැන්ටියම් ගැන සමහර විට ඔයාලා අහලත් ඇති. වුල්වරින්ගේ ඇටසැකිල්ල හැදිලා තියෙන්නේ ඇඩමැන්ටියම් වලින්. මීට අමතරව කොමික්වල අල්ට්‍රෝන්ව හදලා තියෙන්නෙත් ඇඩමැන්ටියම් වලින්. ඇඩමැන්වියම් වඩාත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ විනාශ කරන්න බැරි ලෝහයක් විදියටයි. The Eternals චිත්‍රපටයේ පෘථිවිය පතුලේ ඉඳන් එළියට පැමිණි සෙලෙස්ටියල්වරයාගෙන් තමයි මාවල් විශ්වයට ඇඩමැන්ටියම් ලැබෙන්නේ. ඒකෙන් ලෝක දේශපාලනයට මොකක්ද සිද්ධ වෙන්නේ කියන එක ඔයාලට මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන්.
එහෙම නම්, අලුත් උපසිරසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. ඒවගේම Invincible සහ YFNSM සීරිස් වලටත් උපසිරසි අරන් එන්න තියෙනවනේ. හැමෝටම සුබ දවසක්. පීස් ✌️.
Captain America: Brave New World (2025) Sinhala SubtitlesDue to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා ලබා දි ඇත.
10,538 downloadsDownload Captain-America-Brave-New-World-2025-Sinhala-Subtitles.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #2025
- #Captain America
- #Captain America Brave New World
- #Captain America Brave New World Sinhala Sub
- #Captain America Brave New World Sinhala Subtitles
- #Editor's Pick
- #Marvel
- #Marvel Comics
- #MCU
- #Must Watch
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
24 comments
dazii
SACHINTHA
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
ඒ වගේම 200 වෙනි උපසිරසියටත් හදවතින්ම සුබ පතනවා
තවත් උපසිරසි නිරමාණයකින් නැවත හමු වෙමු
ජයMTR තරිඳු රුක්ෂාන් පෙරේරා
සිංහල උපසිරැසි කලාව තුල ඔබ ආ දීර්ඝ ගමනේ 200 වැනි සන්ධිස්ථානය සනිටුහන් කරන මේ මොහොත වෙනුවෙන්, මාගේ හද පිරි ආශිර්වාදය හා උණුසුම් සුබ පැතුම්!
අනාගතයේදී තවත් අගනා උපසිරැසි නිර්මාණ රැසක් සමඟ ඔබේ ගමන දිගටම ඉදිරියට යන්නට ශක්තිය, ධෛර්යය හා සෞඛ්‍ය සම්පන්න දිවියක් උදාවේවා!
Buddhika laKMal
200වෙනි උපසිරැසියට සුබපැතුම් මල්ලි.....
ඉගෙනගන්න තියෙන වෙලාවෙන් ඉඩක්වෙන්කරගෙන මෙහම උපසිරැසි දෙන එකට ගොඩාක් ස්තූතියි....
ඔයාගේ පෞද්ගලික වැඩකටයුතු වගේම ඉගෙනීමේ වැඩත් සාර්තකාව කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනාකරනවා.......
මේ උපසිරැසියටත් බොහෝම ස්තූතියි...........එල්. සී. දමැල්
200වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් සනුප මලයෝ! :) සයිට් එකේ වැඩත් බලාගන්න ගමන් අධ්‍යාපන කටයුතුත් අස්සේ මේ කරන සේවයට ස්තුති කරන්න / අගය කරන්න වචන නෑ.
250ත් ඉක්මනින් ගහන්න සහ අනිත් සියලු කටයුතුත් සාර්ථකව කරගන්නටත් හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සබ් එකටත් ස්තුතියි. ඔයා කියපු කතාවට එකඟයි. නරකයි කියන්නත් බෑ හොඳයි කියන්නත් බෑ තනිකරම ඇවරේජ් ෆිල්ම් එකක්. මීට වඩා දෙයක් බලාපොරොත්තු වුණෙත් නෑ. ඇවෙන්ජර්ස් ගැන තමයි ඉතින් බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ බලමුකො නේ...
ජය ✌Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
200 වන සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤Kesara Withanage
උණුසුම් සුබපැතුම් සනුප සහෝදරයා 200 වන කඩඉමට!
බයිස්කෝප් අඩවිය එක්ක දිගටම උපසිරැසි දෙමු.
කරන කියන හැම වැඩකටයුත්තක්ම සාර්ථක වේවා!
ජයවේවා!
Advertisement
![Captain America: Brave New World (2025) Sinhala Subtitles | ඇඩමැන්ටියම් සමඟින් නව ලෝකයක් කරා! (200) [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2025/04/Captain-America-Brave-New-World-2025-Cover-B.jpg)
thank you for the subtitle