Watch Trailer

City of Gods (2002) | පාතාලයේ සිරකරුවෝ..[සිංහල උපසිරැසි සමඟ]

IMDb Top 250 චිත්‍රපට ලැයිස්තුවේ 21 වෙනි තැන තියෙන සුපිරිම චිත්‍රපටය තමයි City of God කියන්නේ. 8.7/10 ක IMDb අගයක් ලබා ඇති බ්‍රසීල චිත්‍රපටයක් වෙන මේක පාතාලයේ ඇත්ත ඇති සැටියෙන් පෙන්වන සත්‍ය සිදුවීමක් පාදක කරගත් සලරුවක්. වැදගත් කරුණු කාරණා රැසක් පෙන්වන නිසාත් බයිස්කෝප් එකට අත්‍යවශ්‍යයෙන්ම එකතු වෙන්න…

City of God (2002)

IMDb Top 250 චිත්‍රපට ලැයිස්තුවේ 21 වෙනි තැන තියෙන සුපිරිම චිත්‍රපටය තමයි City of God කියන්නේ. 8.7/10 ක IMDb අගයක් ලබා ඇති බ්‍රසීල චිත්‍රපටයක් වෙන මේක පාතාලයේ ඇත්ත ඇති සැටියෙන් පෙන්වන සත්‍ය සිදුවීමක් පාදක කරගත් සලරුවක්. වැදගත් කරුණු කාරණා රැසක් පෙන්වන නිසාත් බයිස්කෝප් එකට අත්‍යවශ්‍යයෙන්ම එකතු වෙන්න ඕනි චිත්‍රපටයක් කියලා හිතුණ නිසාත් මෙදා පාර මේ City of God චිත්‍රපටයට සිංහල සබ් එක ගේන්න මං හිතුවා. ඉතින් මනීෂ් ගමගේ සහෝ කලින් ගෙනාපු ලිපියේ විස්තර ඔක්කොම තියෙන නිසා තවත් විස්තර කියන්න මං යන්නේ නෑ. ලිපියේ ඔක්කොම විස්තර ටික තියෙනවා. එහෙනම් කට්ටියම චිත්‍රපටය බලන්නකෝ. මීලඟ උපසිරැසියෙන් ලඟදීම හමුවෙමු. ඔබට ජයෙන් ජය !!!

”අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.”

කලින් පළවූ ලිපිය

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනිරෝ නගරයෙන් මදක් ඈතින් නැවත පදිංචි කරවීමේ නගරයකි. එය “දෙවියන්ගේ නගරයයි”. මේ නගරය දුශිත බවින් අති උතුම්ය. මත්ද්‍රවය ජාවාරම ප්‍රධාන ආදායම් මාර්ගයයි. අවුරුදු 2 , 3 පුංචි එකාගේ සිට මහ එකා දක්වා මෙහි නියැලී ඇත. අවි ආයුධ සෙල්ලම් බඩු වැනිය. සෑම කෙනකු අතේම ගිනි අවිය. ඇත්තම කිව්වොත් එය රියෝ ඩි ජෙනිරෝ හි භයානකම නගරයයි. සත්‍ය  කතාවක් පාදක කරගෙන නිමව ඇති මෙම සිනමා නිර්මාණ‍ය Imbd ratings 8.8/10 ලබාගෙන ලොව හොදම චිත්‍රපටි අතර 17 වන තැන රැදෙන මෙම චිත්‍රපටිය Crime , Drama ඝනයට අයත් වෙයි.

ඒ වගේම මම හිතන පරිදි මෙය තමයි ආසියානු හා හොලිවුඩ් සිනමාවෙන් ඔබ්බට ගිය පළමු බයිස්කොප් එලිදැක්වීම. අපි දකින සූට් බූට් ඇදගත් මවාපාන මත්ද්‍රවය ජාවාරම නොව, ඇත්තටම මත්ද්‍රවය ජාවාරම කෙරෙන්නේ කොහොමද ? පාතාලය කෙතරම් බිහිසුනුද ? දැනගන්න කැමතිද ? එහෙනම් අනිවා බලන්න. Rocket , Li’l Dice , Benny , Carrot , Knockout Ned යන මොවුන් වටා කතාව ගලායයි. Rocket කතා නායකයාය. Li’l Dice හා Carrot යනු සියලු ගැටුම් හමුවේ අවසානයේ ඉතිරිවන ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනාය. Benny යනු Li’l Diceගේ මිතුරාය, ඔහු බොහෝවිට මානුශීය පුද්ගලයෙකි. නමුත් Li’l Dice තිරිසනෙකි. Benny මැදිහත් වීමෙන් Li’l Dice හා Carrot දෙදෙනා සාමදානව ජාවාරම කරගෙන යයි. Benny කාන්තාවකට ආලය කිරීම නිසා සියල්ල අත්හරින්න තිරණය කරයි. නමුත් Li’l Diceගෙ තරහාකාරයකු අතින් Benny ඝාතනය වෙයි. සියල්ල වයාකූල වෙයි. ඝාතකයා Carrotගේ සහය පතනමුත් ඔහුව Carrot එතනම ඝාතනය කරයි. එම අවස්ථාවේදී මෙසේ පවසයි “you killed the coolest hood city of god” මන්ද Benny එතරම් හොද මිනිසකු නිසාය. මේ අතර Li’l Dice කාන්තාවක් දූශනය කරයි. පසුව ඇයගේ සැමියා Knockout Ned නමින් Carrotගේ පිලින් කරලියට පිවිසෙයි. ඒ Li’l Diceගෙන් පලිගැනීමටයි. මේ අතර Rocketගේ කතාවද අපූරුවට ගලාගෙන යයි.
අවසානයේ කුමක් සිදුවෙයිද? Li’l Diceදිනයිද? Knockout Ned හා Carrot දිනයිද? මේ සියලු දෙනා අතරේ Rocketගේ භූමිකාව කුමක්ද ? බලන්න 100% සතය කතාවක් වන මෙම චිත්‍රපටිය, මේ පුද්ගලයන් මේවාට යොමුවීමේ සාධාරණත්වය, නීතියේ දුර්වල තැන් පෙන්වන අපූරු නිර්මාණයකි.

සටහන් : “කඩුවෙල වසන්ත” වැනි පුද්ගලයන්ගේ කාලයේ කඩුවෙල ප්‍රදේශයේ අපරාධ සිදුවීමට ඉඩනොදුන්නේ ඇයි යන්න මට තිබු ගැටලුවකි. මේ චිත්‍රපටිය නැරඹීමත් සමග ඒ ගැටලුවටද මට විසදුමක් ලැබුනා.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය මනීෂ් ගමගේ සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවි යුතුය..

City of God (2002) on IMDb

 

 

763 MB කොපිය මෙතනින් බාගන්න

361db8f0516f48c86c1fee8d02fd0ca97a4abc1f ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,150 downloadsDownload City-of-Gods-2002.zip62 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/විරාජ්-කොඩිතුවක්කු-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් කොඩිතුවක්කු (තෙලා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,150 downloadsDownload Subtitles62 KB

104 comments

  1. පිටස්තරයා

    නියම චිත්‍රපටියක්.. 100%ක් recommend කරන්න පුලුවන්!!!

  2. ashan kandy

    fit thama...

  3. චතුරංග

    wow .. downlod karala balamu...

  4. Raven

    මැක්සා චිත්‍රපටයක් ‍මේක. මගේ ප්‍රියතම චිත්‍රපට 10 අතුරින් එකක්.

  5. Gayantha

    එළ නම් එළ...
    ඔන්න බෑවෙන්න දැම්මා..!! :)

  6. විදුර ඉමේෂ්

    පට්ට පට්ට , බාලා බලමුකො.

  7. Manula Nayanatharu

    HAPPY NEW YEAR!

    Maxxa film ekak.... Thank you...!

  8. තිසර

    පළවෙනියට මෙන්න සැලියුට් එකක්. මොකද මට තිබුනු ගැටළුවක් තමයි මේ වගේ චිත්තරපටියක් කොහොමද ලංකාවේ මිනිස්සුන්ට බලන්න පොළඹවන්නේ කියලා. මත්ද්‍රව්‍ය ජාවාරම, පාතාලය හා දුප්පත්කම කියන කාරණා ඉතා හොදින්ම විග්‍රහ කරපු චිත්‍රපටයක්. අනෙක් අතට පාතාලය තුල බලය පිළිබද ඇතිවන අරගලය මනාව පිළිමිඹු කොට තිබෙනවා. සියල්ල සිදුවන්නේ "දෙවියන්ගේ නගරය" තුළයි.

    අනිවා බලන්න.

    Recommended: Tsotsi (2005)

  9. සුභාෂ් ගුණවර්ධන

    ඔන්න බෑවෙන්න දැම්මා . . .. !!

  10. h

    නියම චිත්‍රපටියක් තමයි මේක. පොඩි කාලෙ ඉඳන් එකට හැදුන යාළුවො දෙන්නෙක්ගෙ වෙනස්වෙන ජීවිතය ගැනත් කියවෙනව නේද? ඇයි අර ලාවට වගේ ඇදෙන ආලේ? ;)

  11. ඉන්දික

    බලන්නම ඔනෑ

  12. අකියා (aKILLER)

    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් බාලම බලමු........තැන්කු වේවා

  13. Akiyoshi

    hugak hondai...vistara balalama kiyannam,,,thanks

  14. Aravinda

    මමත් බානවා එල එල

  15. Ram raj

    ඔන්න මමත් ආවා. මේක බලමු එහෙනම්.

  16. diz

    එල එල

  17. සමන් කලුබෝවිල

    බානවා...බානවා...... තෑන්ක්ස් ඔක්කොටම..

  18. susantha

    mamath aniva maka banava.thnx

  19. අකිල ප්‍රනාන්දු

    මනීෂ් සහෝ
    මාර ඇස් දෙකක් ඔයාට තියෙන්නේ .....කියලා වැඩක් නෑ ....මේ බයිස්කොප් එක හොදම උදාහරනයක්.නියමයි!
    ඔන්න මමත් බෑවා .....ඔන්න බලන්න ගත්තා ...ඒ වෙලාවේ මතක් උනා ඔයාට ප්‍රතිචාරයක් දාන්න ...සොරි පරක්කු උනාට....එලම කිරි :)

  20. මනිෂ කසුන්

    ඔබලා මට ලබාදෙන comments වැඩිවන තරමට ඔබට තව හොද ෆිල්ම් එකක් ලබාදීම මගේ අභිප්‍රායයි.

  21. රොයිලි

    මොකෝ මේ කට්ටිය දැන් කමෙන්ට් කරන එක අඩුකරලවත්ද? එහෙම නැත්තම් SLT කොක්ක නිසාද මන්දා අද කට්ටිය අඩු :(

    ස්තූතියි මනීෂ් සහෝ ලිපියට. :)

  22. තුලන ප්‍රනාන්දු

    හුග කාලෙකින් මේ පැත්තේ ආවෙ පට්ට චිත්තර පටියක් වගේ
    ඔන්න මාත් බානවා

  23. මහේෂ් රාජසූරිය

    බාමි මමත්.

  24. manukularathna

    good nam good

  25. thusithadm

    බාලා බලමුකො

  26. තරිදු මධුසංඛ

    මේක බාමින් ඉන්න අය seed කරන්න. කරුණාකරල.............. plz

  27. NuwanHunter

    tnx... මමත් බාමිing inne, balama balamu,

  28. rock

    meke Video penne nane? Only Sound.. Y???

  29. hashan B

    ela film ekak wage.... onna mamath baanawa..

  30. කපිල

    මරු ආ අදනම් බාන්න වෙන්නැහැ මම හෙට බාන්නම් ෆිල්ම් එක මරු ඇති නේද...?

  31. චමිල

    සිරාම චිත්‍රපටියක්... හරිම තාත්විකයි කරල තියන විදිහ.. මමත් කැමතිම එකක්...

  32. chathuranga

    sirama kiyanne sirama film eka

  33. @Rukshan

    mulinma thanks keranne one manish gamage sourata,sira film 1k,attama destiny kiyana mara deyak......

  34. මුෂී මල්ලි

    හෆ්ෆා... කාලෙකට පස්සෙ මරු ෆිල්ම් එකක් සෙට් වෙලා තියෙන්නෙ... අනේ ඉතින් ගොඩාක් තෑන්කූ කිව්වා එහෙනම්... එලම තමා... ඔන්න දම්මා බාන්න..

  35. ගිශාන්

    ඔන්න මමත් බාන්න දැම්මෝ.දැන් ඉතින් රවුටරේට උණ ගනියි.

  36. sandaruwan

    thanks macho, mamath demma banawa.

  37. Anonymous

    @m|k @l`\@k @h`qm s\kQYp\t| vlQn\ ekk\. ubl` kvq hrQ s\kQYp\t| ekk\ lQv|@v`w\ e'k @w\@ryQ. h#m @p`dQ k#rFk\tr\ ekktm pv` @vn@vnm ann\yw`vyk\ wQ@ynv`. wOn\@vnQ p`r vQwr blq\qQ e'k @w\@rnv`.

  38. Shan

    Ela Ela.....math banawa ehenam..

  39. Shan

    onna math banawaa....thx gurooooo

  40. H1N1

    Tnx guraaaa ....fatta movie eka .....

  41. Nirmal

    apith pahuwela hari baanne film ekata honda reputation ekak tiyena nisa....

  42. Anonymous

    meke su nedda

  43. Pra

    onna mamath banawa....balala comments dannam....:)

  44. gessy

    marila hari kamak na
    aniwa mekath bana eka banawamai

  45. chanaka chana

    yaluwa meke sinhala sub neadda.. maru movie ekak meka.. Puluwannam sinhala Sub danna yaluwa.. godak pin Mea wedenam ..

  46. mahen

    elama thamai puluwan nam kawuru hari mekata sinhala sub hadannako puluwan nam godak hodai
    mewage film thamai dennama ona film

  47. sangeeth

    sub ko

  48. dulo

    where's the sub titles of this film?

  49. Srilal

    Film ekata thanks. Sub nadda?

  50. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||
    :P

    :) තුති……. :)

    1. තිසර නියෝ

      උපසිරැසියට තුති……
      ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
      ඔබට ජය

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.