Watch Trailer

Confidential Assignment (2017) AKA Gongjo with Sinhala Subtitles | උතුරු-දකුණු හවුල් විමර්ශනය [සිංහල උපසිරැසි සමඟ] (50)

ආයුබෝවන්! ඔන්න ඉතින් මම අද මගෙ 50 වෙනි සිංහල උපසැරසිය තමයි අරගෙන ආවෙ.කොරියන් චිත්‍රපටි බලන අයනම් මාව දන්නව ඇති ඒත් අනිත් අයනම් වැඩිය දන්නෙ නැතුව ඇති.මොකද මම එක ඉංග්‍රීසි ෆිල්ම් එකක්වත් නොදුන්න නිසා. මමත් හුඟක් අය වගේම ඉස්සර කොරියන් ෆිල්ම් බලල තිබුණෙ නෑ.බලන්න උවමනාවක් තිබුණෙත් නෑ.මොකද ටීවී එකේ එහෙම…

ආයුබෝවන්!

ඔන්න ඉතින් මම අද මගෙ 50 වෙනි සිංහල උපසැරසිය තමයි අරගෙන ආවෙ.කොරියන් චිත්‍රපටි බලන අයනම් මාව දන්නව ඇති ඒත් අනිත් අයනම් වැඩිය දන්නෙ නැතුව ඇති.මොකද මම එක ඉංග්‍රීසි ෆිල්ම් එකක්වත් නොදුන්න නිසා.

මමත් හුඟක් අය වගේම ඉස්සර කොරියන් ෆිල්ම් බලල තිබුණෙ නෑ.බලන්න උවමනාවක් තිබුණෙත් නෑ.මොකද ටීවී එකේ එහෙම හෙන බොලඳ රොමෑන්ටික් කතා විතරක්ම දැකල තිබුණ නිසා මං හිතාගෙන හිටියෙ හැම එකක්ම එහෙම වෙන්න ඇති කියලා. ඒත් 2014 දවසක මම නිකමට “A Hard day 2014” කියන කොරියන් චිත්‍රපටිය බලන්න ගත්තා. මේක පටන් ගද්දිම හෙන ගතියක් තිබුණා.ත්‍රාසජනක වලට අයත් එකක් තමයි ඒක.ඒක බලාගෙන ඉද්දි මේකෙ ගහගද්දි එහෙම හපාගෙන විකාගෙන තමයි ගහ ගත්තෙ.මට හිතුන මේ චිත්‍රපටිය කොච්චර තාත්විකව කරල තියෙනවද කියලා.ඉතින් මම නිකමට ඒකෙ imdb අගය හොයල බැලුව.බලනකොට 6 යි හම්බෙලා තියෙන්නෙ.එච්චර පට්ට ෆිලුමකට හම්බෙණේ 6 ක් නම්, ඊට වැඩි අගයක් තියෙන ෆිල්ම් කොහොමට ඇද්ද කියල හිතුනා.ඊට පස්සෙ මං තව තව ෆිල්ම් හොයාගෙන බලන්න ගත්තා.මේව බලද්දි මට පුදුම හිතුන ඇයි මං මෙච්චරකල් කොරියන් නොබල හිටියෙ කියලා.

ඒ දවස්වලම  මං දැනගත්ත “Ek Villain 2014” හින්දි චිත්‍රපටියත් කොරියන් ෆිල්ම් එකකින් කොපි කරපු එකක් කියලා.ඉතින් මං “I Saw The Devil 2010” කියන ඒකත් ඩව්න්ලෝඩ් කරල බැලුවා.ඒක හින්දි එක වගේ රොමෑන්ටික් නෑ.තනිකර 18 +. මං පළවෙනි වතාවට තමයි කොරියන් 18+ චිත්‍රපටියක් දැක්කෙ.ඒකෙ තියෙන ඒව දැක්කම මට තවත් පුදුම හිතුණා.ඉතින් මම බයිස්කෝප් වෙබ් අඩවියෙ තියෙන සේරම කොරියන් චිත්‍රපටි ඩව්න්ලෝඩ් කරගෙන බලන්න පටන් ගත්තා.ඒත් ඒව බලල ඉවර කරාම අළුතෙන් කොරියන් චිත්‍රපටියක් එනකල් හුඟක් කල් බලන් ඉන්න වුණා. මොකද වැඩිය කොරියන් වලට උපසැරසි වැටෙන්නෙ නැති නිසා.ඉතින් මම ගූගල් එකෙන් ෆිල්ම් හොයාගෙන ඉංග්‍රීසි සබ් එක්ක බලන්න ගත්තා.ඉතින් මෙහෙම බලද්දි මට හිතුනා මම වගේ තවත් කොරියන් චිත්‍රපටි බලන කීප දෙනෙක් හරි ඇතිනෙ. ඒ අයත් මේ චිත්‍රපටි බලන්න වටිනවා කියලා.ඉතින් 2016.. ඒ කියන්නෙ ගිය අවුරුද්දෙ ජූනි මාසෙ ඉඳන් කොරියන් චිත්‍රපටි 05 කට සබ් කරා.

ඒ කරල බයිස්කෝප් එකට මැසේජ් කරාම සමන් ප්‍රසාද් සහෝදරය මට උපදෙස් දුන්න මොකද කරන්න ඕනෙ කියල.ඉතින් එයාගෙ උදව් වලට ස්තූති වෙන්න මගෙ පළවෙනි උපසැරසිය 2016 ජූලි 05  බයිස්කෝප් වෙබ් අඩවියෙ පලවුණා. “The Huntresses 2014” තමයි මගෙ පළවෙනි උපසැරසිය වුණේ. ඉතින් හුඟක් අමාරු වුණත් උපසැරසි කරන එකේ ගතියක් තිබුණා. ඒ නිසා මම දිගටම උපසැරසි කරන්න ගත්තා.මේ වෙනකොට කොරියානු චිත්‍රපටි 37 කුත්,  01 චීන චිත්‍රපටියකුත්, එපිසෝඩ් 12 ක කොරියානු ටෙලි නාට්‍යකටත් සිංහල උපසැරසි කරල තියෙනවා. ඒ අතරින් “The Wailing 2016” , “Pandora 2016” , “Fabricated City 2017” වගේම තව හුඟක් ප්‍රතිචාර ලැබුණු චිත්‍රපටි තියෙනවා. ඒවට හුඟක් ප්‍රතිචාර ලැබුණ වගේම තමයි මම කරෙත් අඳුරු පැත්තට බර ඒ කිව්වෙ අපරාද පැත්තට බර ලේ හලාගන්න වර්ගෙ චිත්‍රපටි. ඒ නිසා මම වෙනසක් කරා කියල හිතනවා..

ඉතින් මම මේ ලිපියෙන් මට මූණට හම්බෙලා නැතත් මට උදව් කරපු සහ මාත් එක්ක සම්බන්ධ වුණ සමන් ප්‍රසාද්, අසංක ප්‍රදීප්, ශාන් විමුක්ති, රොයිලි සහෝ , සිසිල ප්‍රසාද් ඇතුළු බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙ කාර්‍ය මණ්ඩලයත් නිතරම කමෙන්ට් කරල සහ ෆේස් බුක් හරහා මට හයියක් වුණ මිතුන් සහෝ හිරුණි නංගි , ගයාන් අයියා , අසිත සහෝ ඇතුළු අනෙක් හැමදෙනාමත්. (හුඟක් අය ඉන්නව එහෙම කියද්දි නම්.. සමාවෙන්න ඕනෙ අනිත් අයට.) කොහොම හරි මේ හැමදෙනාවම මම මතක් කරනව වගේම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මං කියන්න කැමතියි මට පුළුවන් තරම් කාලයක් මෙහෙම සිංහල උපසැරසි කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලගෙ ප්‍රතිචාර සහ සහයෝගත් එක්කම. ඒ වගේම මම දීපු චිත්‍රපටි අතරින් ඔයාල කැමතිම චිත්‍රපටිය මොකක්ද කියල යටින් කමෙන්ට් කරගෙන ගියොත් ඒක මට ලොකු සතුටක් වේවි..මං ඉල්ලන්නෙ එච්චරයි.

හරි ඉතින් මම අද අරගෙන ආපු කතාව ගැන දැන් කියන්නම්.  මේක 2017 පෙබරවාරි 03 තිරගත වුණ ඇමරිකන් ඩොලර් මිලියන 56.4 ක ඉහළ බොක්ස් ඔෆිස් ආදායමක් උපයන ලද IMDb 6.4 ක අගයක් අරගෙන drama/action ගනයට වැටුනු චිත්‍රපටියක්. ක්‍රියාදාම අතින් නම් අඩුවක් නෑ.මුල ඉදන්ම බලාගෙන ඉන්න පුළුවන් ඉවරයක් වෙනකල්ම.ඒ ගැන සහතිකයි. ඉම් චොල් ර්යොන්ග් (Hyun Bin) කියන්නෙ උතුරු කොරියානු ඉහළ පුහුණුවක් ලබපු පොලිස් නිලදාරියෙක්.චිත්‍රපටිය පටන් ගන්නෙ උතුරු කොරියාවෙ වෙන මෙහෙයුමකින්.මෙයා සහ කණ්ඩායම හොර නෝට්ටු ගහන කර්මාන්ත ශාලවක් වට කරන්න යන්නෙ මෙයාගෙ ලොක්ක කියන දේ අහන්නෙ නැතුව.එතන්ට ගියාම තේරෙනව මෙයාගෙ ලොක්කා චා ගි සන්ග් (Kim Joo-Hyuk) එයාලට ද්‍රෝහි වෙලා මේ නෝට්ටු පිටපත් කරන පලක ටික අරන් යන්නයි ඇවිත් තියෙන්නෙ කියලා.චොල් ර්යොන්ගෙ කණ්ඩායමම එතනදි චා ගි සන්ග් මරනවා.චොල් ර්යොන්ගෙ නෝනවත් එක්කම.ඒත් මොකක් හරි හේතුවකට චොල් ර්යොන්ව මරන්නෙ නෑ.ඒ පලක ටිකත් අරගෙන චා ගි සන්ග් දකුණු කොරියාවට පැනල යනවා.

ඉතින් උතුරු කොරියාවෙ පොලිසිය ඒ ගැන හන්ගලා දකුණත් එක්ක විධායක සාකච්චාවක් කරන විදියට දකුණු කොරියාවට කණ්ඩායමක් එවනවා.ඒ අතර චොල් ර්යොන්ග්නුත් ඉන්නවා.එයා එන්නෙ චා ගි සන්ග්ව අල්ලගෙන පලක ටික ගන්න වගේම එයාගෙ පලිය ගන්න. ඉතින් දකුණෙ අයට කියන්නෙ මේ මනුස්සයා මිනීමැරුමක් කරල පැනල ආපු අපරාදකාරයෙක් කියලා.ඒ නිසා දකුණෙ පොලිස් නිලදාරියෙකුත් මෙයාට එකතු වෙනවා. ඒ තමයි කන්ග් ජින් ටේ (Yoo Hae-Jin).මෙයා කරන හැම වැඩක්ම අනාගත්තු පොලිස් නිලදාරියෙක්.මෙයා බිරිදයි නෑනයි දුවයි එක්ක සාමාන්‍ය විදියට ජීවත් වෙන කෙනෙක්.මෙයා තවත් වැඩක් අනාගත්තු නිසා මාස 03 කට වැඩ තහනම් කරනවා. ඒත් එයාගෙ යාළුවෙක් ඉහළින් ආපු නියෝගෙකට අනුව එයාට වැඩක් භාර දෙනවා. ඒ තමයි උතුරෙන් එන පොලිස් නිලදාරියෙක් එක්ක එකට වැඩ කරන්න.එයා ගැන ඇහැ ගහගෙන උදව් කරනව වගේ රඟපාන්න කියල තමයි කියන්නෙ. ඉතින් මේ දෙන්න අතර මුලදි මුලදි ප්‍රශ්න ඇති වෙනවා. “The Long Way Home 2015”  චිත්‍රපටියෙ වගේ.බලපු අයට මතක ඇතිනෙ.ඒත් පස්සෙ පස්සෙ දෙන්න එකට වැඩ කරන්න පටන් ගන්නවා.මං ඉතින් මෙතනින් කතාව නවත්තන්නම්.ඔයාල බාගෙන බලන්න.

මං දීපු ඕනෙම චිත්‍රපටියක ඩිරෙක්ට් ලින්ක් ඕනෙ නම් මට ෆේස් බුක් හරහා මැසේජ් එකක් දාන්න. (chamal kalum athapaththu. ඉතින් අදට මං ගිහින් එන්නම් තවත් උපසැරසියක් අරගෙන…

බුදු සරණයි!

Confidential Assignment (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Confidential.Assignment.2017.720p.HDRip.H264-FILMKU.mkv

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

490 downloadsDownload Confidential-Assignment-2017.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

චාමල් කැලුම් අතපත්තු

Subtitles

490 downloadsDownload Subtitles59 KB

93 comments

  1. shan s

    SHIVALINGA SUB DENNE NETHDA ?

  2. එල්.සී. දමැල්

    50වන උපසිරස වෙනුවෙන් මගේ උණුසුම් සුභපැතුම් චාමල්...
    දිගටම උපසිරස දෙමු...

  3. Tharidu Sagara

    50වන උපසිරස වෙනුවෙන් මගේ උණුසුම් සුභපැතුම් චාමල්
    torrent aka denawada?

    1. chamalkalum

      ස්තූතියි බ්‍රෝ..

  4. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  5. Sisila Prasad

    පනස් වෙනි කඩයිමට හදවතින්ම සුභ පතනවා, සහෝ.
    මෙතනින් නොනැවතී ඉදිරි කඩයිම් වලටත් ඉක්මණින් ලඟා වීමට අවශ්‍ය ශක්තිය, ධෛර්‍යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජයවේවා!!!

    1. chamalkalum

      බොහොම ස්තූතියි සිසිල සහෝ... ජය!

  6. mahesh babu

    50 වන උපසිරසියට සුබපැතුම්!!!!!!
    ඔයා දීපු සුපිරිම උපසිරසිය PANDORA Movie එක
    එල....එල....ජය වේවා

    1. chamalkalum

      ස්තූතියි සහෝ.. මාත් ඒකම තමා..

  7. යුශාන් පියුමාල්

    පනස් වෙනි උපසිරැසට මගේ උණුසුම් සුභ පැතුම් සහෝ ¬¬¬¬¬¬¬¬

  8. Krishan Madusanka

    කොරියන් ෆිල්ම් නම් පට්ට බ්‍රෝ...තැන්ක්ස්

  9. samee

    supiri machan

  10. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ඒ වගේම 50 වෙනි කඩඉමට හදවතින්ම සුබ පතනවා සහෝ.. මාත් ගොඩක් කොරියන් film බලන කෙනෙක් නෙමෙයි මචන්. ඒත් උබ සබ් කරපු Pandora (2016) ෆිල්ම් එක ගොඩක් ආසවෙන් බලපු ෆිලුමක්. කොරියන් ෆිල්ම් බලන්න පටන් ගත්තේ ඒකෙන් තමයි. ඉතිං ඉදිරියටත් උපසිරැසිකරණයේ යෙදෙන්න අවශ්‍ය ශක්තිය ,ධෛර්යය,වාසනාව නොඅඩුව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සහෝ!
    ~~බුදුසරණයි..ජය වේවා~~

    1. chamalkalum

      තව හුගක් සුපිරි ෆිල්ම් තියෙනව මචං.. බාගෙන බලහන්.. අනිවා කැමති වෙයි.. ස්තූතියි ආ..

  11. BhasHiTH U.

    50ta unusum suba pethum ChAMAL sahoo……
    ikmanatama 100/150/200 hemath gahamu….

  12. chana...

    thnz bro, 50k dunna ne ,ela ela suba pethum aaaa
    twat korean ona aaa

  13. Nelson

    Good Work Friend, Thanks!

  14. Thilina Nuwan

    elama kollo thanks

  15. ඉෂාන් මදුෂ

    නියමයි.50 උපසිරසියට සුබපැතුම් සහෝ.බොහොම ස්තූතියි
    දැනට සහෝ උපසිරසි කරපු හැම ෆිල්ම් එකක්ම නියමයි.drama එකත් ඒවගේම තමයි
    දිගටම කොරියන් නිර්මාණ වලට සබ් දෙන්න දිරිය ලබේවා!
    මේ ෆිල්ම් වලටත් සබ් දෙන්නකො පුලුවන් වෙලාවක
    Duelist (2005),Wonderful Days (film)
    ජය වේවා!

    1. Chamu

      Me dekata sub denawa nam supiri thamai

    2. chamalkalum

      ස්තූතියි ඉෂාන්.. බලන්නම් ඉස්සරහට දෙන්න..

    3. ඉෂාන් මදුෂ

      නියමයි

  16. Mithun

    Wow congratulations bro ..
    50 hat gahalana yakodo
    Niyamai bro matuwak kala sawata tuthi
    Obata jaja ...

    1. chamalkalum

      එල එල මිතුන් සහෝ..

  17. Mithun

    Sab eka gattaa

  18. Dulanga

    Thanks

  19. Udara Damith B/K

    පනහට සුබ පතනවා මන් ඔයාගේ පලවෙනි එකයි තව ඒවා දහ තුනක් විතර යි බලලා තියෙන්නේ
    කොරියන් ඒවාට උපසිරස දෙනවට තැන්ක්ස්

    1. chamalkalum

      අනිත් ඒවත් බලන්න සහෝ..කැමති වෙයි ඔයා.

  20. asitha

    හදවතින්ම සුභ පතනවා සහෝ..
    ඔයාගේ සබ් වලින් අන්තිමට බැලුවේ Tunnel ෆිල්ම් එක..

    කොරියන් ෆිල්ම් ගැනද??
    ආහ් ඒවා ගැන නම් මට කියන්න තියෙන්නේ ඔයා කියපු ටිකම තමයි.
    මමත් ඒවා ගැන හිතන් හිටියේ ඔයා හිතන් හිතපු විදියට තමයි.
    පෙරේතකමට සබ් ගත්තත් දැන් බාගන්නත් බෑ..ඒ තරමට ගොඩගැහිලා

    The Chaser AKA Chugyeogja (2008)
    The Wailing (2016)
    දැනට බලපු ඔයාගේ සබ් දීපු ඒවායින් සුපිරිම ඒවා
    ජයෙන් ජය වේවා!!!!

    1. chamalkalum

      අනිවාර්යෙන්ම සහෝ.. ඒ මූවිස් පට්ට.. ස්තූතියි ආ..
      අනිත් මූවීස් ටිකත් බලන්න.

  21. Sajeevi

    50 වෙනි උපසිරැසියට සුබ පැතුම්…

  22. Niram Suresh

    මචං මාත් කොරියන් ගැන හිතන් හිටියෙ එහෙමයි. මොකද ලංකාවේ ටි වී වල ගියේ එහෙම ඒවනේ. ඒත් මම නිකමට වගේ දවසක බයිස්කෝප් එකේ කොරියන් මූවි එකක සබ් එකත් එක්ක බැලුව. ඒක පට්ට. ඊට පස්සෙ මේ ලගදි පැන්ඩෝරා බොක්ස් එහෙම බලද්දී සිරාවට ඒවත් මරු කියල හිතුන. මම ඒත් දරුණුවට කොරියන් මූවී බලන්නේ නෑ ඒකට ප්‍රධානම හේතුව මට ඒවායේ මිනිස්සු අදුනගන්න බෑ ඔක්කොම එක වගේ වයර් වෙනව වෙලාවකට.

    මම ගොඩක්ම බලන්නේ තෙලිගු හෝ මලයාලම් හෝ ටැමිල් මූවි. ඒත් නිකමට හරි වෙලාවක් ලැබුන ගමන් ඉස්සර වගේ දෙසැරයක් නොහිතා කොරියන් එකක් ලිස්ට් එකේ දැක්කොත් ඩවුන්ලෝඩ් කරනව. මම හිතන්නෙ මම මෙච්චර කල් බලපු ඒ කොරියන් ඔක්කොගෙම සබ් උබ වෙන්න ඇති කරල තියෙන්නෙ. එල කිරි මචං ජය වේවා. කලාව ක්‍රීඩාව සංගීතය ෆිල්ම් වගේ දේවල් වලට මිනිස්සු රාමුගත වෙලා රසවිදින්න හොද නෑ කියන එකයි මගේ අදහස. ඒ අනුව ගත් කල බයිස්කෝප් වල කොරියන් ෆිල්ම් වලට සබ් කරන උබේ දායකත්වය සෑහෙන්න වටිනව. මොකද රසාස්වාදයේ විවිධත්වය කියන දේ තිබිය යුතුමයි.

    ඉතින් උබෙන් ඒ එක අංශයකට පුර්ණ දායකත්වයක් ලැබෙනව බයිස්කෝප් එකට. එල එකක් මචං එල එකක්. ජය ජය සුභ සුභ ....

    1. chamalkalum

      ස්තූතියි බ්‍රෝ.. ජය වේවා!

  23. Jack

    නියමයි මචෝ....
    50 වෙනි කඩයිමට හදවතින්ම සුබ පතනවා...
    සහෝ දීපු කොරියන් ෆිල්ම් වලින් ගොඩක් ඒවා ඩවින්ලෝඩ් කරා.
    එහෙනම් මචන් දිගටම වැඩේ කරමු...
    සියලු වැඩකටයුතු වලට සුබ පතනවා.
    ජයෙන් ජය......

    1. chamalkalum

      ස්තූතියි සහෝ දිගටම බලන්න.

  24. gayan

    supiriy malli.digatama korean sub oni..

    1. chamalkalum

      එල එල..

  25. සචිත් ලක්ෂාන්(සචී)

    50 වෙනි උපසිරසියට සුභ පැතුම් සහෝ..
    ඒ වගේම උපසිරසියටත් ස්තුතියි..
    ඉක්මනටම 100ටත් යමු
    ජය වේවා...!

    1. chamalkalum

      ස්තූතියි සචී.. ජය!

  26. Krishan Madusanka

    sky on fire 2016 sinhala sub eka nadda bro

  27. chamara

    sub eka aul bro

  28. Kulanjana Maduranga

    Hat off Respect Bro....Great work & Lot of thanks CHAMAL saho.wish u'r great future...

    1. chamalkalum

      ගොඩක් ස්තූතියි සහෝ..

  29. Bobby

    Thank you very much

  30. isuru

    50වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා සහෝ!!
    කොරියන් ෆිල්ම් බලන්නේ නැතිවුනත් කිව්වත් වගේ i saw the devil එහෙම පට්ට..ඒ වගේ තව හොද ඒවා ඉදිරියේදී හරි බලන්ට ඕනේ..එහෙනම් මේ වැඩේ දිගටම කරගෙන යමු!!ජයවේවා..

    (උබේ මූනු පොතේ පේජ් එකත් එළ ඈ)

    1. chamalkalum

      ස්තූතියි ඉසුරු.. ජය!

  31. eranga

    good mamath lagaka idala thamai korian filme balanna ela thamai

    1. chamalkalum

      දිගටම බලන්න සහෝ.. ජය!

  32. Chamu

    Thxx korean ewata sub denawata.mokada mama korean ona ekak balanawa.mokada mama dakina widihata korean thamai hodama.ewayekathawa ragapama hamadema supiriyata thiyenawa .awasane hithanna deyak ethiri karanawa.digatama korean denna

    1. chamalkalum

      ස්තූතියි chamu

  33. Chamu

    Coin Locker Girl thamai mama asama

  34. රොයිලි

    උණුසුම් සුබ පැතුම් එක් කරනවා මේ කඩ ඉම වෙනුවෙන්. ඉක්මනින්ම ඊලඟ කඩ ඉමටත් යන්න ලැබේවායි පතනවා. වෙනද වගේම බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

    1. chamalkalum

      ස්තූතියි සහෝ..

  35. Sanjeewa

    Thanks brother....

  36. විමා

    මුලින්ම සමාවෙන්න ඕන සුභ පැතුම් එක්කරන්න පමා උනාට. පනස් වැන්නට හදපිරි සුබපැතුම් :D

    මම හරි කැමතියි බයිස්කෝප් එකේ තියන මේ විවිධත්වයට, ඒකාකාරී බවින් මිදිලා වෙනම ආරක වෙනම භාෂාවක සිනමාපට අපිට සමීප කරනවට බොහොම ස්තුතියි. කොරියන් සිනමාව අපේ රටේ රුපවහනි නාලිකාවල පෙන්වන තරම්ම බොලද නැහැ කියල ඔයා ලබා දීල තියන උපසිරසි ගණනාවකින්ම මම අත්-දැකල තියෙනව. ඉතිං මේ කඩයිමෙන් නොනැවතී ඉදිරියටම ගිහින් පෙර කිව විවිධත්වය අපිට නිරතුරුව්වම ලඟාකරගන්න ලැබෙයි කියල හිතනවා. ලබාදුන්නා උපසිරසි පනහටම බොහොම ස්තුතියි කැලුම් සහෝ. එහෙමනම් කරන කියන සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරන ගමන් ජයෙන් ජය පතනවා :D

    1. chamalkalum

      ගොඩක් ස්තූතියි සහෝ.. ජය!

  37. shady

    sub walata thanks aiyye..

    1. chamalkalum

      ස්තූතියි..

  38. Helili Hemamali

    උණුසුම් සුබ පැතුම්!
    ඉදිරියටත් මේ ගමන යාමට ශක්තිය,වාසනාව හිමි වේවා!

    1. chamalkalum

      ස්තූතියි..

  39. shasith sandaruwan

    50 වෙනි උපසිරැසියට සුභ පතනවා සහෝ...
    තව තවත් සබ් කරන්න කාලය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

    1. chamalkalum

      කාලය තමයි සහෝ මටත් ඕනෙ.. ස්තූතියි ආ..

  40. Chami.S

    Thanks..
    Good Luck..

  41. C h a m a r a S a m p a t h [C a s t i e l]

    සමාවෙන්න සහෝ කඩයිමට සුභපතන්න මේ තරම් ප්‍රමාද වුනාට.
    50'වැනි කඩයිමට සුභපැතුම් සහෝ.
    මෙතැනින් නොනැවති ඉදිරි කඩයිම් වලටත් මිට වඩා ඉක්මණට යන්න ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා.
    මෙහ් උපසිරැසියටත් හුගක් ස්තුතියි.
    ජය!

    1. chamalkalum

      ඒකට කමක් නෑ සහෝ.. ගොඩක් ස්තූතියි..

  42. අසංක ප්‍රදීප් රණතුංග

    කොරියන් චිත්‍රපට ගැන මමත් හිතන් හිටියේ බොළඳ කතා කියල. ඒත් අහම්බෙන් ඔයාගේ උපසිරසියක් එක්ක චිත්‍රපටයක් බැලුව. එතැනදී තමා තත්වේ දැනගත්තේ. මගේ ජීවිතේටම කොරියන් කියල බලල තියෙන්නේ චිත්‍රපට විස්සක් විතර. ඒ ඔක්කොම හැබැයි ඔයාගේ උපසිරැසි එක්ක. බොහොම ස්තුතියි. ඒ වගේම 50 කඩයිමට සුබපතනවා. බුදු සරණයි

    1. chamalkalum

      බුදු සරණයි සහෝ.. ඉස්සරහටත් බලන්න. ස්තූතියි.

  43. Udara Rajapakse

    මමනම් කොරියන් ෆිල්ම් බලල තියෙන්නෙ බොහොම අඩු ප්‍රමාණයක්, ඒත් Train To Busan බැලුවට පස්සෙ දැන් කොරියන් ෆිල්ම් බලන්න හිතිලා තියෙන්නෙ, බොහෝම ස්තූතියි සහෝ මේ කරගෙන යන දේට, සියලුම කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම සුභ පතනවා.

    1. chamalkalum

      ගොඩක් ස්තූතියි සහෝ..

  44. anu boy

    sub 1 passene yne baro.km pley 1

  45. Sameera

    50 weni ekata suba patum 100 weni ekatath ikmanta suba patanna labewo kiyala hotanawa niyamai digatama karagena yanna

  46. sam fisher

    කා‍ෙල්ලා‍ෙ කා‍ෙරියන් ෆිලුම් දැකලා පුදුම හිතුනාට කමක් නැ its ok එත් 18+.හම්ම්‍ෙ නරක්ව්‍ෙලා තියන හැටි.ම්‍ෙ කා‍ෙරියන්ස්ලා කා‍ෙල්ලව නරක් කරනවද මන්ද(බලාග්‍ෙනයි).මල්ලි මම බලපු ආසම කා‍ෙරියන් movie එක නම් veteran.නම හරිද මන්ද දැන් මතකනැ හරියටම.මම හරියටම දන්නැ එකට සබ් දුන්න්‍ෙ ඔයාද කියලා එත් එක දුන්න ක‍ෙනාට පිං සිද්ද ව‍ෙන්න තමයි ටත් ක‍ොරියන් film ගැන තිබ්බ අදහස ව‍ෙනස් උන්‍ෙ(ඕයාමල්ලිfilm වලින් නැවතුනන්‍ෙ මම සින්දුත් අහන්න පටන් ගත්ත exo,bts වග්‍ෙ,අහල බලන්න එවිා පට්ට) මම full metal alchemist brotherhood tv show එකට ග‍ොඩක් කල් ගා‍ෙඩක් request කරලා තිය්‍ෙනවා පුලුවන්නම් එක කරන්න.50 ව‍ෙනි උපසිරසට සුබ පැතුම් සහ 50 ව‍ෙනිවරටත් උපසිරසක් ග‍ෙනාවට තැන්q.නා‍ෙමිල්‍ෙ සපයන ම්‍ෙස්‍ෙවය අගය කරනවා(සතියක් විතර ව‍ෙනවන්‍ෙ ම්‍ෙ සබ් එක දිලා.අද තමා දැක්ක්‍ෙ k-ෆිලුමක් හ‍ොයන ක‍ොට සුබ පතන්න පහුව්‍ෙලා නිසා මග්‍ෙ සුබ පැතුම දකිද මන්ද)

    1. chamalkalum

      දකිනව දකිනව සහෝ.. මගෙ ලග වැඩිපුරම තියෙන්නෙ කොරියන් සිංදු තමයි.ගර්ල් ගෘප් සිංදු තමයි හුගක්ම.හිහි.. ඔව් ඔව් මම තමයි ඒ ෆිලුම දුන්නේ..කොරියො අද ඊයෙක නෙමෙයි ඔහොම 18+ ගහන්න ගත්තෙ.. අතීතෙ ඉදන්ම එහෙමයි.ඒත් ලංකාවෙ කවුරුත් ඒ ෆිල්ම් දීපු නැති නිසා අපි දන්නෙ නෑ.. දැන් දන්නවනෙ නේ... හුගක් ස්තූතියි.. සහෝ.. සතුටුයි ආ..

  47. chana...

    suppa bro
    ThNz

  48. shehan

    thankz bro.oya dena moviesnam patta kiyala wadak na.mekath aniwa balanawa.oba karana siyalu de sarthaka wenna kiyala parthana karanawa

    1. chamalkalum

      thank you shehan...

    2. kaveesha

      1,07Gb kopiyta sub aka gelapennene.Help

  49. ඉසුරු

    thanks

  50. Mithun

    බලල ඉවර කලෙ අද තම සබ් එක දිපුහැටියෙ අරගත්තට
    සුපිරි සහෝ
    එ උනත් මම නම් කොරියන් වලට වහ වැටුනෙ අර අයි සෝ ද ඩිවෙල් වගෙ චිත්‍රපට බලලා තම
    එහෙම්ම කියල තියේ ලිපියෙ හිටම්
    තාම හිතාගන්න බැරි මගෙ වගෙ අදහස්ම කිව්වෙ කොහොමද කියල ..
    එදාම ලොකු කමෙන්ට් එකක් දාන්න උන්නෙ ඔන්න ෆිල්ම් එක බලලාම
    කිව්ව , ..
    එන හොදම එව පරක්කු කරන් නැතුව දෙන්න ඔන්න අපිටත් බලන්න..
    ස්තුතියි චාමල් ගොඩක්

    1. chamalkalum

      ගොඩක් ස්තූතියි මිතුන්.. ඔයාටත් ජය!

Load more comments