Watch Trailer

Sand Castle (2017) with Sinhala Subtitles | රුදුරු ඉරාක ත්‍රස්ත බිමේ මාරාන්තික මෙහෙයුම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටික කාලයකට පස්සෙ ආයෙත් ඔයාලට උපසිරසියක් අරගෙන ආවා. වෙන ෆිලුමක උපසිරසියක් කරන ගමන් සිසිල ප්‍රසාද් අයියගෙන් “අයියෙ උපසිරසියක් කරන්න හොඳ ෆිලුමක් නැද්ද?’ කියල ඇහුව විතරයි මෙන්න අනික් පැත්තට මට කියනවා “මල්ලි හොඳ ෆිලුමක් නම් තියනවා කැමති නම් බාරගෙන කරන්න කියල.” ඉතින් එතනින් පටන්ගත්තු වැඩේ තමයි අවසන්…

ඔන්න ටික කාලයකට පස්සෙ ආයෙත් ඔයාලට උපසිරසියක් අරගෙන ආවා. වෙන ෆිලුමක උපසිරසියක් කරන ගමන් සිසිල ප්‍රසාද් අයියගෙන් “අයියෙ උපසිරසියක් කරන්න හොඳ ෆිලුමක් නැද්ද?’ කියල ඇහුව විතරයි මෙන්න අනික් පැත්තට මට කියනවා “මල්ලි හොඳ ෆිලුමක් නම් තියනවා කැමති නම් බාරගෙන කරන්න කියල.” ඉතින් එතනින් පටන්ගත්තු වැඩේ තමයි අවසන් කරල ඔයාලට අද  අරගෙන ආවෙ. ඇත්තටම මේ උපසිරසිය කරන්න බාරගත්තු තැන ඉඳන් අවසන් කරන තැන දක්වා සම්පූර්ණ ස්තුතිය හිමිවෙන්න ඕන සිසිල අයියට තමයි. මොකද කියනව නම්, උපසිරසිය කරන් යද්දි මට සිංහලට ගළපගන්න බැරි දෙබස් බොහොමයක් ගළපල දුන්නෙ සිසිල අයියා. ඒ වගෙම කලින් මේ වගේ ෆිලුමකට මම උපසිරසි ලබාදීල නොතිබුණ නිසා මං නොදන්න ගොඩක් දේවල් කියල දුන්නෙත් සිසිල අයියම තමයි. ඉතින් මුලින්ම ඒ ගැන මතක් නොකළොත් මදිකමක් වගේ දැනුණු නිසයි මේ දේවල් කියලම පටන්ගත්තෙ. ෆිල්ම් එක බාරගෙන ටික කාලයක් වුණත් ටිකක් සංකීර්ණ දෙබස් ගළපල උපසිරසිය ඉවර කරගන්න පොඩි කාලයක් ගතවුණා. ඒ වගෙම පොඩි පොඩි අඩුපාඩුත් ඇති ඉතින් ඒ ගැන සමාවෙන්න.

ඉතින් අද මම ඔයාලට අරගෙන ආවෙ මේ අවුරුද්දෙ තිරගත වුණු Drama | War කියන ගණයන්ට අයිතිවෙන සුපිරිම ෆිල්ම් එකක්. ෆිල්ම් එක මුලින්ම තිරගත කිරීම  ආරම්භ කළේ 2017 අප්‍රේල් 21 ඇමෙරිකාවෙදි. සත්‍ය සිදුවීම් පාදක කරගෙන නිර්මාණය කරල තියන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Fernando Coimbra නම් අධ්‍යක්ෂවරයා විසින්. තිර පිටපත Chris Roessner ගෙන්. ඒ වගෙම මේ චිත්‍රපටයට Henry Cavill (DC හිතවතා සුපී), Tommy Flanagan, Nicholas Hoult, Logan Marshall-Green, Glen Powell, Beau Knapp, Neil Brown Jr. කියන රංගන ශිල්පීන් තම රංගනයෙන් දායක වෙලා තියනවා. චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකරල තියෙන්නෙ ජෝදාන් වලදි. Mark Gordon Company, TheTreehouse Pictures, International Traders යන සමාගම් චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු වලට තම දායකත්වය ලබාදීල තියනවා. ඉතින් IMDb මීටරය 6.4 ක් වූ ඉහළ අගයකට කරකවන්න සමත් වුණු මේ සලරුව ලොව පුරා බෙදාහැරීම සිදු කරල තියෙන්නෙ අපි කවුරුත් දන්න Netflix නාලිකාව මඟිනුයි.

හරි එහෙනම් අපි කතාව පැත්තට යමු. අද මම නම් නෙවෙයි කතාව ගැන විස්තරේ අරගෙන එන්නෙ. ලිපිය ලියල දෙන්න කිව්වම ගොඩක් කාර්‍යබහුල වෙලා හිටියත් බෑ නොකිය සිසිල අයියා ඒ වැඩෙත් කරල දුන්න. එහෙනම් සිසිල අයියගෙ වචන වලින් කතාව ගැන හැඳිවීමක් තමයි පහළින් තියෙන්නෙ..

යුද්ධය! මනුෂ්‍ය වර්ගයාගේ බිහිවීමත් සමගින්, ඔවුන්ගේ සිත් තුල හටගන්නාවූ එකිනෙකට වෙනස් නොගැලපෙන සිතුවිළි සහ ක්‍රියාදාමයන් සමුදායන්ගේ උච්චතම අවස්ථාවන්හි ඵල විපාකයක් ලෙස යුද්ධය හඳුන්වාදිය හැකියි. ලෝකය ආරම්භයේ පටන්, මේ දක්වා වූ කාල සීමාවේදී, අනන්ත අප්‍රමාණ වූ යුද්ධයන්, මේ මිහිතලය මත සිදුවී තිබෙනවා. මේ යුද්ධයන් නිසාවෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව සහ විනාශ වූ දේපළ හානි සංඛ්‍යාව ගිණිය නොහැකි තරම් වෙනවා.  මේ සා විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි වූ සහ දේපල හානියක් සිදුවූ යුද්ධයක් ලෙස, ඉරාක – ඇමරිකා යුද්ධය හඳුන්වාදිය හැකියි. අවසානයේ, ඇමරිකානු ප්‍රහාර හමුවේ පරාජය පිළිගනු හැරෙන්නට, අන් කිසිඳු විකල්පයක් ඉරාකය සතු වූයේ නැහැ. ඇමරිකානු හමුදා, ඉරාක භූමියට ඇතුල් වුණා. ඉරාක භූමියේ බලය අත්පත් කරගත්තා. නමුත්, සමස්ත බලය නම් නෙමෙයි…

ඇමරිකානු හමුදා පාලනය යටතේ පැවති ඉරාක භූමිය තුළ බොහෝ වශයෙන් ගරිල්ලා සටන්කාමින් සිටියා. මෙම සටන් කාමීන් සහ ඇමරිකානු හමුදා අතර පැවති සටනක අතුරු ඵලයක් ලෙසින් එක්තරා ප්‍රදේශයක ජල පොම්පාගාරයක් විනාශ මුඛයට පත්වෙන අතර, මෙම විනාශයට පත්වූ ජල පොම්පාගාරය අලුත්වැඩියා කරමින්, එයට ආරක්ෂාව සපයමින්, අදාළ ප්‍රදේශයේ සිවිල් වැසියන් හට ජලය බෙදාහැරීම සඳහා ඇමරිකානු සේනාංකයක් අදාළ ප්‍රදේශයට පිටත්කර හරිනවා. බැලූ බැල්මට ලේසි පහසු මෙහෙයුමක් සේ දිස් වූවත්, මෙය කිසිසේත්ම ලේසි පහසු වෙන්නේ නම් නැහැ. ජීවිත කීපයකින්ම වන්දි ගෙවීමට ඇමරිකානු සෙබළුන්ට සිදුවෙනවා. අවසානයේ කුමකින් කුමක් සිදුවේද? සියල්ල නරඹන ඔබ සැමට බාරයි…

“ඇමෙරිකාවෙන් මෙහෙට ඇවිත් උදව් කරනව කියල කියනවා, ඒත් ඔයාල ආපහු ගියාම, මොකක්ද සිද්ද වෙන්නෙ..”
– ෂෙයික්.

~~MAY WE MEET AGAIN~~
~~අපි නැවත හමුවේවි~~

Sand Castle (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Sand.Castle.2017.NF.720p.WEBRiP.999MB.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,073 downloadsDownload Sand-Castle-2017.zip52 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/IsuruSampath1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,073 downloadsDownload Subtitles52 KB

35 comments

  1. Sandun

    Ela

  2. asitha

    ELAMA SAHO THANKS

  3. Tharindu

    බොහොම ස්තූතියි...

  4. Gayan

    Tnx mcn...well done

  5. Dulan randika

    SABATA THANX

  6. Raveesha Sandamin

    Sub ekata thanx ahhh....

  7. Raveesha Sandamin

    Sub ekata thanx....

  8. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  9. හිරු

    මේක නම් මරු ඇති. ගොඩක් ස්තුතියි බ්‍රෝ... තව තවත් සබ් හදන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  10. Jack

    නියමයි මචෝ....
    අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබට.
    ජය.....

  11. Udara Cooray

    Thankz saho

  12. Mithun

    Sisila saho kiuwa ekak nam ahanna dyak na onna gannawa
    Miniha kiuwa nm hoda wannama ona
    Thx lokka upasirasi dammata
    Fatta wage

  13. thisal

    බොහෝම ස්තුතියි සබට.

  14. Rajitha

    Thanks machan......jayawewa.......!

  15. Bobby

    බොහෝම ස්තුතියි ඉසුරැ හා සිසිල සහෝදරයාට උපසිරස වෙනුවෙන්

  16. Dulanga

    Thanks

  17. suranga

    thanks saho...

  18. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  20. sajith

    Thanks broo

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Sanjeewa

    Thanks brother....

  23. Enz

    Thanks.. me wage tawa army film tikakata sub tikak karamuda

  24. M.B.H.M Marasinghe

    Ela..sub 1kata thnks bro..!!!!

  25. mayantha

    sub ekta sthuthi

  26. buddi

    Thanks.......

  27. Ravin Laksitha

    thanks bro..................

  28. Supitha

    Thank you mate

  29. lakshan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  30. Ayesh

    Patta film akak ban thx macho sub akata

  31. SANDANUWAN

    sub akata THANKS Bro,

  32. hasith

    tnx bro

  33. සෝමපාල

    ඔක්කොමත් හරි ලිපිය ලියලා තියෙන එකා තමා අවුල බන්.. ගොඩේ බාසාව කවදා නවතීද මන්දා :(

  34. kasun97

    elazzzz

  35. melinda

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.