Watch Trailer

Airlift (2016) With Sinhala Subtitles | “ගුවනින් කල මුදවාගැනීම” [සිංහල උපසිරැසි සමඟ]

ඔයාට උන් හිටි තැන් නැති වෙලා තියනවද? ගෙදර නැති වෙලා තියනවද? නෑ ඕනේ නෑ අඩු තරමේ තමන් කැමැත්තෙන් හිටපු දෙයක් හරි නැති වෙලා ඇති නේද..? එතකොට දැනෙන දුක විඳලා ඇති නේද. ඉතින් මම මුලින්ම යෝජනා කරන්නේ අන්න ඒ මානසික මට්ටමට ගහින් මේ චිත්‍රපටිය නරඹන්න එකතු වෙන්න කියලා. ඔවුන් කියන වචන වල පවා තියන තේරුම ඔවුන්ගේ…

Airlift (2016)

ඔයාට උන් හිටි තැන් නැති වෙලා තියනවද? ගෙදර නැති වෙලා තියනවද? නෑ ඕනේ නෑ අඩු තරමේ තමන් කැමැත්තෙන් හිටපු දෙයක් හරි නැති වෙලා ඇති නේද..? එතකොට දැනෙන දුක විඳලා ඇති නේද. ඉතින් මම මුලින්ම යෝජනා කරන්නේ අන්න ඒ මානසික මට්ටමට ගහින් මේ චිත්‍රපටිය නරඹන්න එකතු වෙන්න කියලා. ඔවුන් කියන වචන වල පවා තියන තේරුම ඔවුන්ගේ හැසිරීමේ පවා තියන දේ එතකොට ඔබට දැනේවි.

ඔබට යුද්ධයට මැදි උන කෙනෙක් කවදාහරි හමුවෙලා තියනවද, ඔවුන්ගේ කතාව මොනවගේද කියල අහල තියනවද. නෑ ඒක අපිට හිතාගන්නවත් බෑ. ඒක තේරුම් ගන්න නම් ඔබ ඒකට මුහුණ දෙන්නම ඕනේ. මේ චිත්‍රපටිය උනත් නරඹන කොට ඒක තේරේවි. මේ සිද්ධියට මුහුණ දීල ඉන්න මිනිස්සුන්ගේ ජීවිත කතාවයි, එතනින් පිටත මිනිස්සුන්ගේ ජීවිත කතාවයි සම්පූර්ණයෙන්ම වෙනස්. සරලව කිව්වොත් අනිත් මිනිස්සුන්ට ඒවා වැඩක් නෑ. ඔවුන් ඒවා ගැන තකන්නෙත් නෑ. ඕකයි ඇත්ත කතාව.

කවදහරි කුවෙට් යුද්ධය, ලෙබනන් යුද්ධය ගැන අහල තියනවද, මිල්ලේ සොයා ගිහින් යුද්ධයට මැදි වෙලා සේරම සිහින බලාපොරොත්තු බිඳගෙන අරගෙන ගිය ඒවා පවා අතැරලා දවස් ගණන් එම්බසි වල දුක් විඳලා යන්තම් පන බේරාගෙන ආපු මිනිස්සු හමුවෙලා තියෙනවද. ලංකාවේ ඕනේ තරම් මිනිස්සු ඉන්නවා. මට හමුවෙලත් තියනවා. ඔබ කවදාහරි ඔවුන්ගේ කතාව අහල තිබුන නම් මේ සලරුව ඔබට තදින්ම දැනෙනවා ඒකාන්තයි.

චිත්‍රපටය ගැන කිව්වොත් මේක ඉන්දියාවෙන් 2016 ජනවාරි 22 වන දින මුදාහැරුණ ලද්දක්. කෝටි 30 ක් බරපැන දර නිපදවන ලද මෙම සලරුව උපයාගන්නට සමත්වන අදායම කෝටි 223 කට අධිකයි. ආක්ෂේ කුමාරගේ රංගන දායකත්වයෙන් නිපදවන ලද මෙම සලරුව IMDb එකේ 9 ක අගයකුත් Rotten Tomatoes වල 78% අගයකුත් හිමිකරගන්නා සමත් වෙලා තියනවා. ඒ කියන්නේ ආදායම් අතින් ගත්තත් අනෙක් අංශ වලින් බැලුවත් බොලිවුඩයේ නිපදවුන සාර්ථකම චිත්‍රපටියක් කීවොත් නිවැරදියි. මේක සදාම් හුසේන් විසින් කුවෙට් අල්ලාගත් සමයේ කුවෙට්හි අතරමං වන 170,000 ආසන්න ඉන්දියානුවන්, ව්‍යාපාරිකයෙක් වන රංජීත් කටියාල් ප්‍රමුඛ කණ්ඩායම විසින් දිවිහිමියෙන් සටන් වදිමින් නිරුපද්‍රිතව බේරාගැනීමේ සත්‍ය කතාවක් වටා ගොඩනැගුනු සළරුවක්.

ඔබ හින්දි චිත්‍රපට ලෝලියෙක් නම් Chakde India, Swades, Rang de Basanthi, Lagaan, වගේ චිත්‍රපටි වල ඉන්දියානු කමට, ඒ කොඩියට ලබා දෙන තැන අනිවාර්යෙන්ම ඔබට දැනිල ඇති. ඔවුන්ගෙ නිර්මාණ හරහා බොහෝවිට සමාජයට යමක් දෙන්න ඔවුන් උත්සහ කරනවා. අපි ඉන්දියානුවන් නොවුනත් ඔවුන්ගේ ධජය ඔසවද්දී අපේ ඇඟේ රෝම කූප පවා කෙලින් වෙන විදියට ඔවුන් ඒ දේ අති සාර්ථකව කරනවා. අනේ මන්ද ඉතින් අපිට අපේ රටේ ඒ වගේ නිර්මාණයක් කවද දකින්න ලැබේද කියල. එහෙම දකින්නන ලැබෙනවානම් සෑහෙන්න සතුටුයි.

ඔබ බොලිවුඩ් රසිකයෙක් නම් චිත්‍රපටිය බලනවා නොඅනුමානයි. අනිත් අයගෙනුත් ඉල්ලනවා පුලුවන්නම් බලන්න කියලා. ඒත් මට පෞද්ගලිකව හිතුන දෙයක් තමා මේකේ දුක කියන දේ අඩුවෙන් පෙන්නලාද කියලා. මීට වඩා කටුකත්වය පෙන්නන්න තිබුන කියන එක තමා මගේ නම් හැඟීම. කොහොමද කියල ඔයාලම බලල කියන්න.

ඊට පස්සේ කියන්නම් මේක කරන්න කාපු කට්ට ගැන. දන්නවනේ ඉතින් මේ දවස් වල තියන ග්‍රීස්මේ. දාඩිය දාගෙන බෝඩිමේ මදුරු කරදරෙත් විඳින ගමන් නිදිමරාගෙන සෑහෙන්න වැඩත් පාඩු කරගෙන තමයි මේක කරේ. ඒකත් අර හේවා කියන ^&%##^%% නිසා. කට්ටි පැනල පැනල බැරිම තැන ෆිල්ම් එකත් හොඳ නිසා කොරන්න ගත්තා. ඒත් ඉතින් ලේසි උනේ නෑ. මොකද සෑහෙන්න කාලෙකින් සබක් කෙටුවේ. තව දෙයක් තියනවා වැඩත් හෙමින් කොහොමත් මගේ. මොකද සමහර තැන් දෙතුන් පාර අහල තමා දාන්නෙ. මොකද කතාබහට ගැලපෙනම සබ් එක දාන්න ඕනේ නිසා. ඉතින් ගොඩක් අහන ගමන්ම තමා සබ කරන්නේ. ඉතින් හේවා ගොඩාක් තුති සබ් වැඩෙන් සමුගන්න දෙන්නේ නැතුව ඇදන් යන්න දෙන ගේමට. අයෙත් හමුවෙමු. ජයවේවා!

“කෙනෙකුගේ තත්වයට කවදාවත් හිනාවෙන්න එපා. මොකද ඔබට ඒ තත්වය තේරෙන්නේ ඔබත් එම තත්වයට මුහුණ පෑවම විතරයි.”

 

Airlift (2016) on IMDb

 

 

700 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

F158882433205A0AA3586FD450A22C728CFE67AF

950 MB (720p DVDRip) කොපිය මෙතනින් බාගන්න

F297B4AE94A911157546EB129CCA3424226FB0B8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

22,677 downloadsDownload Airlift-2016.zip158 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilshanK.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

22,677 downloadsDownload Subtitles158 KB

80 comments

  1. Rishan Chathuranga

    thnx ah sub eka dunnata
    ela ela shao........
    digatama karagena yamu wede
    jaya sri....

  2. Isuru Lakshan

    සබ් එනකන් තමා බලන් හිටියෙ.සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ..

  3. anda

    elakiri mchn

  4. Kumara

    Thank you very much ...

  5. රොයිලි

    බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Gehan Shantha Darshana

    Thanks සබ් එකට මචන් මේක එනකම් බලන් හිටියෙ.......:D

  7. Dil Ru

    Thanks machan sub ekata

  8. Sanjaya

    උපසිරැසියට ස්තූතියි. :)
    ජය වේවා..!!

  9. Kamal Arjuna

    Thanks Saho Sub Ekata Ha Uthsahayata

  10. Chami.S

    Thanks..
    Good Luck...!!!

  11. kavindugayshan

    bajirao mastani 2015 mekata sub denna tnx fore sub

  12. laki

    pattai bro..elakiri wdak..thankx ..

  13. Dina

    Thanx bro. elaaaaaaa

  14. me

    Thanks

  15. indika

    Thn Q :)

  16. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි දිල්ශාන්...........

  17. anurA

    වෙච්ච මහන්සියට ගොඩක් ස්තූතියි සහෝදරයා.ෆිල්ම් එකනම් හොද ඇති.නියමයි ජයවේවා ......

  18. Sajith

    Thanks for the Sub.

  19. නලින් පෙරේරා

    ස්තූතියි වේවා ඩිලා, සිංහල උපසිරැසියට. ජය වේවා෴

  20. asitha

    akshaya ayya innawa nam balannama epay.
    ela hode.thanks.

  21. Kulanjana Maduranga

    niayamai…aniwa balann ona filumak.thanks DILSHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. Kushan

    Can't download?Can u explain that?
    Need steps download

  23. Dulanga

    Thanks

  24. නිරෝෂ්

    ස්තුතියි දිල්ෂාන් සහෝ.ජයවේවා !

  25. Harshana Madu

    Ela thanks sub ekata onna ehenam gaththa issarahatath sub karmu ela jaya wewa

  26. jeewaka

    machooo ubalage wadanam Maru.maath kaaleka idan mekata set Vela inne....thanx.

  27. Sanjaya

    සිංහල සබට බොහොම ස්තූතියි

  28. ravi

    machanla file eka audio widiyatai play wennae....no video...

    1. Dilshan Kainga

      KMP eka nam use karanne update karaganna.... 265 rip ekada gaththe?
      nathnam media player classic use karanna.

    2. cha cha

      mageth ehemayi ban convert karandath ba.. aparadhe data ..

    3. ravi

      thnx broo kmp update kara but wada na...media player ekaen wada....thnx machoo

  29. dinidu chamikara

    sub eka kalin yanewane mokada ekata karanne

    1. Dilshan Kainga

      site eke deela thiyana file eka nemeida gaththe?

  30. chalana

    thank you

  31. Awantha Rehan

    ගොඩක් ස්තුතියි....
    බුදු සරණයි...

  32. Roshan

    සබට පිං

  33. Ravindu

    Elzzz.puluwannm SANAM RE film ekatat sub denna mcnla

  34. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  35. Sineth Wickramasinghe

    උප සිරැසියට බොහොම ස්තූතියි......
    තව තවත් ඉදිරියට යන්න සුභ පැතුම්.

    සිනෙත් වික්‍රමසිංහ

  36. Ashini Wickramasinghe

    thanks..

  37. Kasun Upeksha

    බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට

  38. Dilum

    265gththe.sub eka hariyat yanne nane macho...

  39. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:

  40. Chathumal Ranasinghe

    Airlift.(2016)-DVD.Rip-HEVC-x265.AAC.Esubs-DDR
    Mekath ekka subtitles hariyata set wenne nane.

    1. Gamunu

      ඔව් මටත් එකම තමා

  41. SHIWA

    THANX

  42. Asela

    thanks buddy.... :)

  43. මනෝජ්

    උපසිරැසියට ගොඩක් ස්තූතියි. පොඩි අවුලකට තියෙන්නේ, 700MB 1 තත්.72ක ටයිමින් වෙනසක් තියෙන එකයි.

  44. SHASIH SANDARUWAN

    නියමයි සහෝ දිගටම දෙමු ආ...

  45. Hasitha Kodithuwakku

    ගින්දර හොදේ.. සබට ජය සහෝ :-D :-D :-P

  46. ශාන් චතුසඳ

    අඩෝ.......පට්ට මචන්.....

  47. dilshan

    thanks

  48. Dilusha Nuwan

    තෑන්ක්ස් සබට සහෝ

  49. Rusiru

    තෑන්ක්ස් සහෝ ඔන්න download වෙන්න දැම්මා... ඔයාලා දරන මේ මහන්සියට තෑන්ක්ස් කරල නම් මදි.. දිගටම සබ් දෙන්න...

  50. මධුකප්‍රිය පෙරේරා

    බොහොම තුති සහෝ

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.