Watch Trailer

Ooops! Noah is Gone… (2015) AKA All Creatures Big and Small & Two by Two Sinhala Subtitle | අලියාගේ සිට කුහුඹුවා දක්වා ගොඩබිම ජීවත් වන සෑම සත්වයෙක්ම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් තවත් ඇනිමේෂන් එකක් ආයෙත් අරගෙන ආවා. මේකෙ හොඳ වීඩියෝ පිටපතක් එන්න කලින්ම දැනුම් දීලා, ආවට පස්සේ මේක වෙන් කරලා දුන්නෙ වෙනද වගේම අපේ සමීර චතුරංග සහෝ. ඉතින් මුලින්ම එයාට ස්තූතියි. වැඩේ ගත්තට මොකද ටිකක් කල් ගියා නේ? හේතුව මේකයි, දන්නවනෙ, උපසිරසක් ඉක්මනින් කරන්න හොඳ වීඩියෝ පිටපත් සහ ඉංග්‍රීසි…

All Creatures Big and Small (2015)

ඔන්න ඉතින් තවත් ඇනිමේෂන් එකක් ආයෙත් අරගෙන ආවා. මේකෙ හොඳ වීඩියෝ පිටපතක් එන්න කලින්ම දැනුම් දීලා, ආවට පස්සේ මේක වෙන් කරලා දුන්නෙ වෙනද වගේම අපේ සමීර චතුරංග සහෝ. ඉතින් මුලින්ම එයාට ස්තූතියි. වැඩේ ගත්තට මොකද ටිකක් කල් ගියා නේ? හේතුව මේකයි, දන්නවනෙ, උපසිරසක් ඉක්මනින් කරන්න හොඳ වීඩියෝ පිටපත් සහ ඉංග්‍රීසි උපසිරැසි ගොනුවක් (මට) අවශ්‍යයි. ඉතින් මේකෙ හොඳම වීඩියෝ පිටපත අගෝස්තු 28 නිකුත් වුණා. නමුත් ඉංග්‍රීසි උපසිරැසිය ආපු නැති නිසා මම හෙමීට වෙනත් භාෂාවල උපසිරැසි අරගෙන ඒවා ඉංග්‍රීසියට පරිවර්තනය කරලා ඒවා තමයි සිංහලට හැරෙව්වේ. ලයින් 400ක් පමණ උපසිරැසි ගැන්වුවායින් පස්සෙ තමයි හොඳ තත්වයෙ ඉංග්‍රීසි උපසිරැසියක් ආවෙ. ඒකත් හොයල දුන්නට සමීර චතුරංග සහෝට ස්තූතියි. ඒ වෙනකොට පාසල් පටන්ගත්ත නිසා බොහොම අමාරුවෙන් තමයි උපසිරැසිය මේ වෙලාව වෙනකොට හරි ගෙනාවෙ. ඉතින් මේක එනතුරු බලාගෙන හිටිය අයගෙන් සමාව ඉල්ලා සිටිනවා… අපෝ කියවිල්ල ඇති දැන් හරි අපි දැන් චිත්‍රපටය දිහාවට හැරෙමු!

අද මම ගෙනාවෙ මේ අවුරුද්දෙ ජූනි 1 වෙනිදා නිකුත් වුණු හරිම ලස්සන සහ ආදර්ශවත් කතාවක්. මේක Adventure, Comedy වර්ගවලට අයත් වෙනවා. මෙය අධ්‍යයක්ෂණය කර තිබෙන්නේ  Toby Genkel සහ Sean McCormack වේ. මෙහි රචකයන් වන්නේ Richie Conroy, Toby Genkel, Mark Hodkinson සහ Marteinn Thorisson ය. දැන් කතාව පැත්තට යමු.

මෙහෙමයි කතාව සිද්ධ වෙන්නෙ, ජලගැල්මක් වෙන්න යනවා කියලා සත්තුන්ට අනතුරු ඇඟවීමක් ලැබෙනවා. එයින් බේරෙන්නනම් ලොව පුරා ඉන්න හැම සතෙකුටම එක තැනකට රැස් වෙන්න කියලා දැනුම් දෙනවා. ඉතින් සෑම සතෙකුම මෙතැනට රැස් වෙනවා. හැබැයි සමහර සතුන්ව නැවට ගන්නෙ නෑ, උන්ව ප්‍රතික්ෂේප වෙනවා. එහෙම ප්‍රතික්ෂේප වෙන දෙන්නෙක් තමයි ෆිනී සහ ඔහුගෙ තාත්තා. ඔවුන් නෙස්ට්‍රියන් යන සත්ව වර්ගයට අයත්. නෙස්ට්‍රියන් යන සත්ව කොට්ඨාසය සෑම තැනකම වගේ ඉතා අලංකාරවත් නිවසක් හදාගන්න දක්ෂතාවයෙන් යුතුයි. ඉතින් මේ ප්‍රතික්ෂේප වීම ගැන දැනගත්තම ෆිනී ගොඩක් දුක් වෙනවා. නමුත් ඔහුගෙ තාත්තා පොරොන්දු වෙනවා ෆිනීව නැවේ ගෙනියනවමයි කියලා.

ඉතින් බලන්න, මේ උත්සහයෙදි ඔවුන්ට මොන මොන දේ කරන්න වේවිද? ඔවුන් සාර්ථක වේවිද? ෆිනීගේ තාත්තා ෆිනීට දුන් පොරොන්දුව ඉටු කිරීමට හැකි වේවිද කියා. කතාව ඇතිනෙ. දැන් අමතර කරුණක් කියන්න කැමතියි. මා මේ චිත්‍රපටය දකින විදිහට හුදෙක් විනෝදය සඳහා සෑදු චිත්‍රපටයකි. මෙහි ඇතැම් ස්ථානවල නෝවාව අනවශ්‍යය ලෙස අවමානයට ලක් කරලා තියෙනවා. ඒ වගේම නෝවගෙ ජලගැල්ම වෙන්න පෙර මාංශ භක්ෂක, ශාක භක්ෂක හා සර්ව භක්ෂක කියා සත්ව වර්ග නොතිබූ බවත් සෑම සතෙකුම ඒ කාලෙදි ශාක භක්ෂක බවත් කියන්න කැමතියි. එනමුත් ආදර්ශමත් විදිහට ළමයින්ටත් වැඩිහිටියන්ටත් බලන්න පුළුවන් කතාවක් කිව්වොත් හරි. ඒ නිසා මේ කරුණු චිත්‍රපටය නොබල ඉන්න හේතුවක් කරගන්න එපා.

හැමදාම වගේ කමෙන්ට් එකක් දාලා යනවනම් ගොඩක් අගය කරනවා! එහෙනම් බයිස්කෝප් එකට එන යන හැමෝටම ජය! ඊළඟ උපසිරසෙන් හමු වෙමු!

All Creatures Big and Small (2015) on IMDb

 

 

695 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න

284AFA070F75DD5B997A896387E507D54C7EB5A4

1.23 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න

81EB1DE3EE531EF666564705F7F41349F6B8906D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,440 downloadsDownload All-Creatures-Big-and-Small-2015-baiscopelk.zip72 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/10962019_1534777746788903_719957800_n-e1423212120140.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,440 downloadsDownload Subtitles72 KB

35 comments

  1. chameera

    thanks sahoO for sub..... :D

  2. chameera

    Thanks sahoO for sub..... :D

  3. ShiRan

    thanx machooo :D

  4. Hasanka Sanjana

    Thanks Bro

  5. Hashan Maduwantha ~ HASH_#

    Bagena hitiye sub denakam..,
    ela ela... :)

  6. දිනුක

    එල මචන් .තැන්කූ සබට
    දිගටම දෙමු

  7. Np

    mewan deeee karana obata semada jaya......

  8. Kulanjana Maduranga

    niayamai…thanks LC saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. bee

    tnx bro

  10. රොයිලි

    බොහොම ස්තූතියි මැල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Ramal

    Thanx macho sub ekata.. wish you all the best

  12. sadeesh

    thankas sub ekata maru fil eka

  13. Dasanayaka

    Thanks for the sub.. goodluck...

  14. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  15. darshana

    thanxxx saho..

  16. ප්‍රදීප්

    ස්තූතියි ඇනිමේෂන් නම් ඉතිං වරද්දන්නෙ නෑ.. :D

  17. kanchana

    sthuthiy malli

  18. D Dilshan Kalinga

    upasirasiyata thuthi!!!

  19. D Chamara

    niyami sahoo niyamai aniwa balanna oni thanks

  20. Sajith

    Thanks for the SUB................ :D

  21. HS

    Thanx bro...

  22. Lenin

    Nice film... Yalu MONSTER HUNT 2015 kiyala korian film ekak tiyenawa lama film ekak eke subtitle eka danna puluwanda?

  23. Lenin

    "MONSTER HUNT 2015" film ekath patta animation film ekak.. Eka balala subtitle tikath ad karala balannako yalu.. Thanks

  24. S.K.Ruchiranga

    thz machooo sub ekata

  25. shirantha

    jayawewa

  26. Chana

    ela sahoo.. school lamainta pennanna hoda story ekak enakam unne. meka hodai wage.. onna download wenna damma..

  27. VisH

    බොහොම ස්තුතියි සහො :)

  28. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  29. Rashan

    Onna thank u qwa oyage mahansiyata.. .jaya weva

  30. Chathura Shehan

    Thank you sahoo....

  31. lakshan

    thanks machn....

  32. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!

  33. sithira

    thanks bro

  34. Yohan_Darshana

    thanks bro

  35. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි අයියේ.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.