අන්නාත! අන්නාත කියන්නේ බාල සහෝදර සහෝදරියන් මවක් වගේ රැකබලා ගන්න වැඩිමල් සහෝදරයට. (අන්නා – අයියා, ආත්තා – අම්මා. අන්නා+ආත්තා=අන්නාත) රජිණිකාන්ත්ගේ සුපුරුදු මරණ මාස් Darbar, Petta වගේ චිත්‍රපටියක් බලන්න අදහස් කරනවා නම් අන්නාත ඊට සම්පූර්ණයෙන්ම වෙනස්. කාලෛයන් හෙවත් අන්නාත ගම් භාර සභාපති කෙනෙක්. ගමේ සිද…

අන්නාත! අන්නාත කියන්නේ බාල සහෝදර සහෝදරියන් මවක් වගේ රැකබලා ගන්න වැඩිමල් සහෝදරයට. (අන්නා – අයියා, ආත්තා – අම්මා. අන්නා+ආත්තා=අන්නාත) රජිණිකාන්ත්ගේ සුපුරුදු මරණ මාස් Darbar, Petta වගේ චිත්‍රපටියක් බලන්න අදහස් කරනවා නම් අන්නාත ඊට සම්පූර්ණයෙන්ම වෙනස්.

කාලෛයන් හෙවත් අන්නාත ගම් භාර සභාපති කෙනෙක්. ගමේ සිද්ද වෙන අසාධාරණකම් වලට මැදිහත් වෙලා මිනිස්සුන්ට සාධාරණයක් ලබා දෙන එක තමයි අන්නාතගෙ රාජකාරිය. නාට්ටදුර මේ ප්‍රදේශයේ මිනිසුන් වංචා කරමින් අසාධාරණ විදිහට දේපල, වස්තුව උපයා ගන්නවා. දවසකදි නාට්ටදුරෛගේ ක්‍රියා කලාපයට අන්නාත විරුද්ධ වෙනවා. අන්නාත ගැන නාට්ටදුරෛ වෛර බැඳගන්නවා. මේ අන්නාතගෙ මුළු පණම එකම නංගි මීනාක්ෂි. අධ්‍යාපන කටයුතු අවසාන කරලා අපහු ගමට ආව මීනාක්ෂිට කසාදයක් කරලා දෙන්න කාලෛයන් ලැහැස්ති වෙනවා. බලන්න යන හැම මනමාලයම අන්නාතට තියෙන බය නිසා මීනාක්ෂිව කසාද බඳින්න අකැමති වෙනවා. කොහොමින් හරි නාට්ටදුරෛ හා අන්නාත අතර තිබුණ විරෝධී කම හිතවත් කමකට මාරු වනවා. තරහා අමතක කරපු නාට්ටදුරෛ ගෙදරටම විවාහ යෝජනාවක් අරගෙන එනවා. කාලෛයන් එක පයින්ම කසාදයට කැමැත්ත දෙනවා. මීනාක්ෂිත් අයියගෙ වචනෙ ඉස් මුදුනින් පිළිඅරගෙන කසාදයට කැමැත්ත දෙනවා. විවාහයේ සැරසිලි පෙර සූදානම් කරලා විවාහය සැනකෙළියක් වගේ ලැහැස්ති කරනවා. කසාදයට වෙලාව ලංවෙලා තියෙද්දි තමයි දැනගන්න ලැබෙන්නෙ මීනාක්ෂි අතුරුදහන් වෙලා කියලා.

2019 වසරේදි Petta (2019) හා Viswasam (2019) එකම දිනකදි තිරගත වීම ආරම්භ වූවත් තරඟකාරී ආදායමක් විශ්වාසම් හිමි කර ගන්නවා. සිවා ඉලක්ක කළ පරිදිම විශ්වාසම් උත්සව සමයේ පවුල් පවුල් ලෙසින් සිනමා ශාලා වෙත ඇදුණා. පේට්ට එක්ක තරඟ වැදුණු විශ්වාසම් චිත්‍රපටය ප්‍රේක්ෂකයන් අතරේ මහත් කතාබහකට ලක්වුණ නිසාවෙන් රජිණි විශ්වාසම් බලන්න ගිහින් තියෙනවා. විශ්වාසම් චිත්‍රපටය අවසානයෙදි රජිණිට ඇඬුණා කියලත් රජිණිම කිව්වා. විශ්වාසම් හිතට වැදුණු රජිණි සිවාව හමුවීමකට කතා කරලා තියෙනවා. සිවා රජිණිව හමුවෙන්නත් කතාවක් ලැහැස්ති කරන් ගිහින් තියෙනවා. සිවා රජිණි හමුවෙලා ඉදිරිපත් කරපු කතාව තමයි මේ අන්නාත.

ගීත ගායනයෙන් වියෝ වූ එස්.පී. බාලසුබ්‍රමණියම් වගේම සිඩ් ශ්‍රීරාම්, ශ්‍රෙයා ගෝෂාල් ආදී අය සහභාගි කරගෙන තිබෙනවා. “අන්නාත අන්නාත” SB බාලසුබ්‍රමණියම්ගේ අවසන් ගීතය විදිහටයි මාධ්‍යවල දක්වන්නේ. විශේෂයෙන්ම SPB-රජිණිකාන්ත් සංයෝගය ‘විශ්වාසයක්’, ‘චාරිත්‍රයක්’ විදිහටත් පැවතගෙන එනවා. විශේෂයෙන් අන්නාමල චිත්‍රපටයෙන් පසුව බොහෝ චිත්‍රපටවල රජිණිකාන්ත් තිරයට ඇතුලු වන්නේ SPB ගේ හඬත් සමඟම රජිණිගේ මුහුණ පෙන්වන ආකාරයෙනුයි. “නාන් ඕටෝකාරන්”, “ඔරුවන් ඔරුවන් මුදලාලි”, “එන් පේරු පඩයප්පා”, “වන්දේන් ඩා පාල්කාරන්”, “බල්ලෙලක්කා”,”දේවුඩා දේවුඩා” වගේම පේට්ට හි “මාසු මරණම්” යනාදී ගීතයන් දක්වන්න පුළුවන්. GTA : Liberty City Stories හිදී Radio Delmundo වලින් ඇසෙන “Neeve Nanna” කන්නඩ සින්දුව ගායනා කලේ ද SPB විසිනුයි.

ඩී. ඉමාන් රජිණිගෙ චිත්‍රපටියකට ඉමාන් සංගීතය සපයන මුල්ම අවස්ථාවයි. මෙවර දේශීය සිනමා සම්මාන උළෙලේදී ඉමාන් හොඳම සංගීත අධ්‍යක්ෂණ සම්මානය විශ්වාසම් හි “කානාන කණ්ණේ” සින්දුව වෙනුවෙන් දිනාගනු ලැබුවා.

2020 වර්ෂයේදි රූගත කිරීම් ආරම්භ කල අන්නාත මේ වසරේ අප්‍රේල් මස 14 දින චිත්‍රපටය නිකුත් කිරීමට බලාපොරොත්තුව සිටියත් කොරෝනා හේතුවෙන් අවුරුද්දක් පමණ පමා වූවා. සන් පික්චර්ස් විසින් නිෂ්පාදනය කරන අතරෙම සන් පික්චර්ස් ස්වයං අයිතිය යටතේ නිකුත් වුණා. තමිල්නාඩුවේ සිනමාශාලා 650ක් සහ කේරළා සිනමාශාලා 250ක් විදිහටත්, ඇමරිකාව 550 පමණ සිනමාශාලා සංඛ්‍යාවක් වෙන්කිරීම් සිදුවුණා. සිනමා ශාලා වැඩිම ප්‍රමාණයක් වෙන් කරගත් දමිළ චිත්‍රපටිය විදිහට අන්නාත සිනමාශාලා 1100කට අධික සංඛ්‍යාවක් අන්නාත වෙන් කරගෙන තියෙනවා කියලා සන් පික්චර්ස් යටතේ නිල වශයෙන්ම දැනුම් දුන්නා.

පලමු දිනයෙදි Overseas (විදෙස්) ආදායම පමණක් ඇමරිකනු ඩොලර් මිලියන 1.5ක්(ඉ.රු. කෝටි 11ක්) හා තමිල්නාඩුවේ පමණක් ආදායම ඉ.රු. 34.92ක් විදිහට සන් පික්චර්ස් නිල වශයෙන් ප්‍රකාෂ කරලා තියෙනවා. මේ විදිහට තමිල්නාඩුවේ පලමු දින ආදායම විදිහට 2.0 (2018) වාර්තාව ආයෙමත් අලුත් කරලා තියෙනවා. පලමු දින තුල සමස්ථ ආදායම ඉ.රු. කෝටි 70ක් බව සඳහන් වනවා. දින දෙකක් තුල 100 ක්ලබ් එකට ඇතුලු වූ බවද සඳහන් වනවා. ඒ වගේම ඇමරිකාවේ ඩොලර් මිලියනය පසුකල රජිණිගේ 9වන චිත්‍රපටය විදිහට අන්නාත ලැයිස්තුගත වනවා. 2021 වර්ෂයේ මේ වන තෙක් සිනමාශාලා වැඩි දින ගණනක් තිරගත වූ චිත්‍රපට විදිහට වාර්තා වෙන්නෙ Doctor (2021) සහ අන්නාත පමණයි. කොහොම වුණත් 21 දිනයේදි අන්නාත OTT සඳහා නිකුත් කෙරුණා.

මෑත කාලීනව වඩා ප්‍රසිද්ධියට පත් රෙඩින් කින්ග්ස්ලි වගේම සූරී, සත්‍යන්, සතීෂ්, ලිවින්ග්ස්ටන්, පාණ්ඩිරාජන් විදිහට විකට නළුවන් පෙළක්ම මෙහි ඉදිරිපත් වනවා. අභිමන්‍යු සිං වගේම ජග්ගු භායි නැත්නම් ජගපති බාබු මෙහි දුෂ්ඨයන් ලෙසත් දායක වනවා. තවද ප්‍රකාෂ් රාජ් 1999 දි පඩයප්පා චිත්‍රපටයෙන් පසුව රජිණිගේ චිත්‍රපටයකදි දකින්න ලැබෙන්නේ අන්නාත හිදියි.

අවුරුදු 20කට වැඩි කාලයකට පසුව මීනා හා කුෂ්බු අන්නාත චිත්‍රපටයෙන් රජිණි හා එක් වෙනවා. මීනා රජිණි හා එක් වෙන්නේ කුඩා අවධියේ සිටමයි. විකට නළු සතීෂ් කියන විදිහට නම් රජිණිගෙන්, මීනාගේ පුතාගෙ චරිතය කරන්නෙ කවදද කියලා අහලා තියෙනවා.

මෙවර දේශීය සිනමා සම්මාන උළෙලේදී රංගන ශිල්පියෙක් ලෙස අවුරුදු 45ක් පුරා සිනමාවට වුණු දායකත්වය වෙනුවෙන් 2020 වර්ෂයේ 51 වන දාදාසාහෙබ් පල්කේ සම්මානය රජිණි විසින් පසුගිය ඔක්තෝබර් 25දින දිනාගනු ලැබුවා. “සිනමාවේ පියා” නැමැති දාදාසාහෙබ් පල්කේ සම්මානය ඉන්දියානු සිනමා කර්මාණ්තයේ ලබාදෙන ඉහලතම සම්මානයයි.

මේ චිත්‍රපටයෙදි බොහෝම උද්‍යෝගමත් ආකාරයේ රංගනයක රජිණි නිරත වනවා. විශේෂයෙන්ම රජිණිගේ භාවාත්මක රංගනය චිත්‍රපටය පුරාවට ධණාත්මක සාධකයක් වුණා. ඒ වගේම චිත්‍රපටිය සම්පූර්ණ චිත්‍රපටය පුරාවටම අයියා-නංගි හැඟීම පමණක් ඉස්මතු කරමින් ගලාගෙන යනවා. ඒ වගේම රජිණිගේ හාස්‍ය රංගනයටද වැඩි කොටසක් ඉඩකඩ ලබා දී තිබෙනවා. මෙහිදී වැඩි කතාබහකට ලක් වුණේ රජිණිගේ භාවාත්මක රංගනය ගැනයි. Mullum Malarum (1978), Aarilirunthu Arubathu Varai (1979) යන චිත්‍රපටි වල රජිණිගේ විශිෂ්ඨ භාවාත්මක රංගනය අන්නාත චිත්‍රපටයෙන් අත්විඳින්න පුළුවන්.

චිත්‍රපටය නිකුත් වී ආරම්භයේදිම යූ ටියුබ් චැනල් වලින් දිගින් දිගටම සෘණාත්මක ප්‍රතිචාර දෙන්නට වුණා. ඒත් චිත්‍රපටිය බලන්න ආව ප්‍රේක්ෂකයින්ගෙන් බහුතරයක් ධණාත්මක ප්‍රතිචාර ලබා දුන්නා. විශේෂයෙන්ම කාන්තාවන් හා වැඩිහිටි පිරිස. සමහර තරුණයින්ගේ අදහස වුණේ ටෙලි නාට්‍යයක් වගේ කියලයි. 

කොහොමින් මුල් දින කිහිපයේ විවිධ සිනමාශාලා හවුස් ෆුල් කියලා ට්විට්ටර් එකේ පොටෝ එක්කම ට්වීට් කරලා තිබුණා. කොහොම වුණත් චෙන්නයි නගරය හා තවත් ප්‍රදේශවලට අධික ලෙස වර්ෂාපතනය සහ ගංවතුර තත්වයන් නිසාවෙන් ප්‍රේක්ෂකයින් සිනමාශාලා වෙත පැමිණීම තරමක් අඩු වුණා. කොහොම වුණත් සති අන්තයේදී සැලකිලි යුතු ආදායමක් ලබාගැනීමට හැකි වුවා.

ඉතින් වෙනදා වගේම අදහස් දක්වන බයිස්කෝප් ජනයාට ස්තූතියි පුදකරනවා. වැරදීම්, අඩු පාඩු එහෙමත් මතක් කරන්න කියලත් ඉල්ලා සිටිනවා.

බුදු සරණයි! දෙවි රැකවරණයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

12,736 downloadsDownload Annaatthe-2021-update.zip85 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

12,736 downloadsDownload Subtitles85 KB

52 comments

  1. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  2. Gayan

    Padayappa eke Prakash raj na.

    1. Naveen Mbr

      පොඩි සීන් එකකට එන්නෙ. පොලිස් ලොක්කෙක් විදිහට. රජිණි අබ්බාස්ව ගෙදරින් පන්නන් යන ටික බලන්න.

  3. Kushan

    Sub akta thanks

  4. Anonymous

    Thanks for sub

  5. Anonymous

    Subtitles set n yko

    1. Naveen Mbr

      වෙන කොපියක්ද?

  6. Anonymous

    Patta

  7. Naveen

    උපසිරසියට තුති

  8. Chami

    ඇයි අනේ දැන් මෙච්චර සබ් පරක්කු කරන්නේ

    1. Naveen Mbr

      දවස් දෙකෙන් දුන්නනේ

    2. SUPUN

      BABA MOVI EKE SUB EKA DENNA PULUWANDA

  9. Anonymous

    thank you

  10. DILmin

    Sub ekata thanks!

  11. Nilush Angana

    Sub ekata thanx

  12. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  13. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  14. Anonymous

    තෑම්ක්ස් කොම්ලෝ

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. Naveen Mbr

      ස්තූතියි!

  16. Bhanu

    උපසිරසියට ස්තුතියි

    1. Naveen Mbr

      ස්තූතියි!

  17. Alfa

    මේකනම් බැලුවා සහෝ
    Star-malayalam movie එකට සබ් දෙන්නකෝ

    1. Naveen Mbr

      මම නම් මලයාලම් කරන්නෙ නැහැ. අපේ කෙනෙක් කරාවි.

  18. Kaviru madushanka

    උපසිරැසියට ස්තුතියි සහෝ!

  19. Anonymous

    brilliant

  20. Naveen Mbr

    හැමෝටම ස්තූතියි! ස්තූතියි! ස්තූතියි!

  21. oshanda

    thaks sahoo

    1. Naveen Mbr

      ස්තූතියි ඔෂධ සහෝදරයා!

  22. Anonymous

    thank you!

  23. Samith

    Thanks brother

  24. Charith

    තෑන්ක්ස් සහෝ
    ඉදිරියටත් අලුත් ෆිල්ම් දෙමු

  25. Eranda

    Thanks brother

  26. Dinindu

    අන්නාතේ 265* 1GB එකේ subbtitle කලින් play වෙනවා හරි ගස්සන්න පුලුවන්ද

    1. Naveen Mbr

      සබ් එකේ අවුලක් තිබිලා හරි ගස්සලා අප්ඩේට් කලා. දැන් හරියනව ඇති. පොඩ්ඩක් බලන්න. ඔයාට ස්තූතියි!

    2. Ruchira

      Thamth ehammay

  27. Jevan

    Thanks machi

  28. Anonymous

    ස්තුතියි !

  29. Anonymous

    Subtitle කැලේ යන්නේ

    1. Naveen Mbr

      Convert කරද්දි හරි කොහොම හරි අවුලක් ගිහින් තිබුණා. සබ් එක අප්ඩේට් කලා. ස්තූතියි!

  30. Harvey O'brien

    උපසිරසියේ තිබු ගැටලුව නිරාකරණය කර ඇත.

    1. Naveen Mbr

      ගොඩක් ස්තූතියි!

    2. Ruchira

      Thamth ehammay

    3. Anonymous

      Thwam harigihin nh ne

    4. Naveen Mbr

      මොකක්ද අවුල? කිව්වොත් මට බලන්න පුළුවන්. මට නම් අවුලක් පේන්නෙ නැහැ. ස්තූතියි!

  31. Neo

    Thanks brother
    Keep it up

  32. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  33. Ruchira

    Baiscopedownloads.co ekn download kare sub ek wada nane

  34. Indunil

    sub eka passe paly wenne ai a

    1. Naveen Mbr

      මම දීලා තියෙන කොපියට හරියටම වැඩ. සබ් එකේ ටයිටල් එකෙන් බලන්න.

  35. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  36. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.