Watch Trailer

Mission: Impossible – The Final Reckoning (2025) Sinhala Subtitles | තීරණාත්මක මෙහෙයුම [සිංහල උපසිරැසි]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

Mission: Impossible – The Final Reckoning (2025) Sinhala Subtitless ඔන්න යාලුවනේ සෑහෙන්න කාලෙකට පස්සේ සිංහල උපසිරැසියක් ඔයාලට ගෙනාවා. 2025 මැයි මස 14 වැනිදා Cannes සිනමා උළෙලේදී ප්‍රථම වරට ප්‍රදර්ශනය වූ Mission: Impossible – The Final Reckoning චිත්‍රපටය විනාඩි 170ක් පුරා දිගහැරෙන අතර මෙය Ethan Hun…

Mission: Impossible – The Final Reckoning (2025) Sinhala Subtitless

ඔන්න යාලුවනේ සෑහෙන්න කාලෙකට පස්සේ සිංහල උපසිරැසියක් ඔයාලට ගෙනාවා. 2025 මැයි මස 14 වැනිදා Cannes සිනමා උළෙලේදී ප්‍රථම වරට ප්‍රදර්ශනය වූ Mission: Impossible – The Final Reckoning චිත්‍රපටය විනාඩි 170ක් පුරා දිගහැරෙන අතර මෙය Ethan Huntගේ දිගු ගමනේ අවසාන අදියර වශයෙන් සැලකෙනවා. Christopher McQuarrie විසින් අධ්‍යක්ෂණය කර, Tom Cruiseගේ අභියෝගාත්මක ජීවිතයේ තවත් අමරණීය ගමනක් වශයෙන් මෙම සිනමා කෘතිය සැලකෙනවා. මෙය Mission: Impossible චිත්‍රපට මාලාවේ අටවැනි සහ අවසාන කොටස බවද කියවෙනවා.

රූගත කිරීම් 2022 මාර්තු මාසයේදී ඇරඹුනත්, COVID-19 ප්‍රතිවිපාක සහ 2023 වසරේ දියත් කළ SAG-AFTRA වැඩ වර්ජනය හේතුවෙන් රූපගත කරන්න හිතුවට වඩා කාලයක් ගත වෙලා තියෙනවා. මෙම චිත්‍රපටිය  එංගලන්තයේ, මෝල්ටාවේ, නෝර්වේ සහ දකුණු අප්‍රිකාවේ Kruger ජාතික වනෝද්‍යානය ඇතුළු විවිධ දර්ශන තලවලදී රූගත කර තියෙනවා. මේ සඳහා ඩොලර් 300–400 මිලියන පමණ වියදම් වී ඇති අතර, මෙය ඉතිහාසයේ ඉතාමත් වියදම් සහගත චිත්‍රපටයන්ගෙන් එකක් බවට පත් වෙලා තියෙනවා.

   

SAG-AFTRA වැඩ වර්ජනය

ප්‍රධාන චරිත ලෙස Tom Cruise ඊතන් හන්ට් වශයෙනුත්, Hayley Atwell ග්‍රේස් වශයෙනුත්, Ving Rhames ලූතර් වශයෙනුත්, Simon Pegg බෙන්ජි වශයෙනුත්, ප්‍රධාන චරිත රඟ දක්වන අතර, Esai Morales, Pom Klementieff, Henry Czerny, සහ Angela Bassett ද මෙහි සෙසු චරිත වශයෙන් රඟ දක්වනවා. මෙම චිත්‍රපටය IMDb හි 7.4/10 සහ Rotten Tomatoes හි විවේචක අගයන් 80% සහ ප්‍රේක්ෂක අගයන් 88% ලබා ඇති අතර ප්‍රදර්ශනය ආරම්භ කළ දින සිට මේ දක්වා ලෝක ව්‍යාප්තව ඩොලර් මිලියන 595 කට වැඩි ආදායමක් උපයාගෙන තියෙනවා.

කතාව ගැනත් ටිකක් කිව්වොත් ඊතන් හන්ට් සහ ඔහුගේ IMF කණ්ඩායම, “Entity” ලෙස හැඳින්වෙන අති බලගතු, නවීන, කෘතීම බුද්ධි (AI) පද්ධතියක් මත පදනම් වූ ගෝලීය තර්ජනයකට මුහුණ දෙන සිද්ධියක් තමයි මේ චිත්‍රපටියෙන් පෙන්වන්නේ. මෙම AI පද්ධතිය ලෝකයේ සමුද්‍ර යාත්‍රා, අධි තාක්ෂණික ආරක්ෂණ පද්ධති සහ රටවල් වල අනාගතය පාලනය කළ හැකි තරම් බලය ලබාගෙන තිබෙනවා. එය විනාශ කිරීමට හෝ පාලනය කිරීමට හැකි මූලික යතුර කැබලි දෙකක් විදිහට බෙදලා වෙන වෙන තැන් වල රඳවලා තියෙන්නෙ. ඒ කොටස් දෙක හොයාගෙන මෙම AI පද්ධතියේ මූල කේත (Source Code) නැවත මුල් තත්වයට පිහිටුවීමෙන් තමයි මෙම තර්ජනය මැඩ පවත්වලා ඒ තුලින් මනුෂ්‍යයන්ගේ පැවැත්ම තීරණය කරන්න වෙලා තියෙන්නේ.

ඉතිං ටොම් කෲස් ගෙ අනිත් Mission Impossible චිත්‍රපටි වල වගේම මේ චිත්‍රපටියෙත් Stunt දර්ශන සඳහා වෙනත් පුද්ගලයෙක් යොදා ගන්නෙ නැතුව ටොම් කෲස් ම දායක වෙලා තියෙනවා. පහතින් තියෙන්නේ එවැනි දර්ශනයක්

     

  ඒ වගේම මෙම චිත්‍රපටිය රූගත කිරීමේදී ගුවනේ රූගතකිරීම සහ ජලය යට රූගත කිරීම් සඳහා Z-Cam වර්ගයේ වැනි නව තාක්ෂණයෙන් යුත් කැමරාවක් සහ නවීන උපකරණ භාවිතා කරලා තියෙනවා.

         

  Z Cam කැමරාව සහ ගුවන් යානයකට එවැනි Z Cam කැමරාවක් සවි කර ඇති ආකාරය

   

රූගත කිරීමේදී තාක්ෂණය ‍යොදා ගෙන ඇති ආකාරය

හෙලිකොප්ටර් භාවිතයෙන් රූගත කිරීම් වලදී Angénieux  36-43.5mm කාචයකින් සහ Fujinon 19-45mm කාචයකින් යුගලනය කරන ලද කැමරාවක් යොදාගත් බවත්, එමගින් ප්‍රේක්ෂකයින් ගුවන් යානයේ පිටුපස වාඩි වී සිටින ආකාරයේ අත්දැකීමක් ලබා දීමට උත්සාහ කර බවත් මෙහි නිශ්පාදකයන් විසින් පවසනවා.

ඉතිං යාලුවනේ… ඊතන් හන්ට් ට මේ යතුරු කොටස් දෙක අත්පත් කරගන්න පුලුවන් වේවිද? Entity පද්ධතියේ මූල කේත තියෙන තැන හොයාගන්න පුලුවන් වේවිද? පුළුවන් උනත් ඒවා ඊතන් ට වෙනස් කරන්න පුළුවන් වේවිද? එහෙමත් නැත්නම් අන්තිම‍ට Entity එකට මුලු මිනිස් වර්ගයාගේ ම පැවැත්ම අවසන් කරලා දාන්න පුලුවන් වේවිද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජය වේවා…!

Mission: Impossible – The Final Reckoning (2025) Sinhala Subtitless

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා අදාළ වේ.

19,670 downloadsDownload Mission-Impossible-The-Final-Reckoning-2025.zip59 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Mission: Impossible – The Final Reckoning (2025) Sinhala Subtitless
Rank: Platinum
Ratings
Reviews
0
Subtitles
172
Downloads
1.2M
Readers' rating
No reviews yet

Write a review of දිනිඳු සම්පත් →

සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

19,670 downloadsDownload Subtitles59 KB

Part of the Mission: Impossible collection — every film in order.

20 comments

  1. Minuk

    Thanks for sub

    Reply
  2. Kevin D...

    Thank You !

    Reply
  3. Arawinda

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S H

    Reply
  4. Buddhika laKMal

    උපසිරැසියට ස්තූථියි සහෝ.........
    ඒවගේම ලිපියටත්.....

    Reply
  5. Asanga Basooriya

    bohoma sthuthi...

    Reply
  6. ක්‍රිශාන්ත හැරිස්

    ගොඩාක් ස්තුතියි සබ් එකට....ජය වේවා....

    Reply
  7. රුක්ෂාන් ඛාන් (රුකා)

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට ❤️

    Reply
  8. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

    Reply
  9. Lahiru

    Thankyou !!!

    Reply
  10. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

    Reply
  11. Sahan Gayantha

    thanks a lot Dinidu saho sub ekata

    Reply
  12. Sandeep Madushan

    Thanx saho

    Reply
  13. Anonymous

    Thanks bro...

    Reply
  14. Malith samarawickrama

    Thanks saho sub ekata

    Reply
  15. Tharindu

    Thank you for the sub

    Reply
  16. Viraj

    Sub ekata thanks

    Reply
  17. SUNI

    THANKS

    Reply
  18. damith niwanthaka ranasingha

    Thanks bro. Jaya wewa

    Reply
  19. SAS

    Tnanx for the Sub

    Reply
  20. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.