Mission: Impossible – The Final Reckoning (2025) Sinhala Subtitless ඔන්න යාලුවනේ සෑහෙන්න කාලෙකට පස්සේ සිංහල උපසිරැසියක් ඔයාලට ගෙනාවා. 2025 මැයි මස 14 වැනිදා Cannes සිනමා උළෙලේදී ප්‍රථම වරට ප්‍රදර්ශනය වූ Mission: Impossible – The Final Reckoning චිත්‍රපටය විනාඩි 170ක් පුරා දිගහැරෙන අතර මෙය Ethan Hun…

ඔන්න යාලුවනේ සෑහෙන්න කාලෙකට පස්සේ සිංහල උපසිරැසියක් ඔයාලට ගෙනාවා. 2025 මැයි මස 14 වැනිදා Cannes සිනමා උළෙලේදී ප්‍රථම වරට ප්‍රදර්ශනය වූ Mission: Impossible – The Final Reckoning චිත්‍රපටය විනාඩි 170ක් පුරා දිගහැරෙන අතර මෙය Ethan Huntගේ දිගු ගමනේ අවසාන අදියර වශයෙන් සැලකෙනවා. Christopher McQuarrie විසින් අධ්‍යක්ෂණය කර, Tom Cruiseගේ අභියෝගාත්මක ජීවිතයේ තවත් අමරණීය ගමනක් වශයෙන් මෙම සිනමා කෘතිය සැලකෙනවා. මෙය Mission: Impossible චිත්‍රපට මාලාවේ අටවැනි සහ අවසාන කොටස බවද කියවෙනවා.
රූගත කිරීම් 2022 මාර්තු මාසයේදී ඇරඹුනත්, COVID-19 ප්‍රතිවිපාක සහ 2023 වසරේ දියත් කළ SAG-AFTRA වැඩ වර්ජනය හේතුවෙන් රූපගත කරන්න හිතුවට වඩා කාලයක් ගත වෙලා තියෙනවා. මෙම චිත්‍රපටිය එංගලන්තයේ, මෝල්ටාවේ, නෝර්වේ සහ දකුණු අප්‍රිකාවේ Kruger ජාතික වනෝද්‍යානය ඇතුළු විවිධ දර්ශන තලවලදී රූගත කර තියෙනවා. මේ සඳහා ඩොලර් 300–400 මිලියන පමණ වියදම් වී ඇති අතර, මෙය ඉතිහාසයේ ඉතාමත් වියදම් සහගත චිත්‍රපටයන්ගෙන් එකක් බවට පත් වෙලා තියෙනවා.

SAG-AFTRA වැඩ වර්ජනය
ප්‍රධාන චරිත ලෙස Tom Cruise ඊතන් හන්ට් වශයෙනුත්, Hayley Atwell ග්‍රේස් වශයෙනුත්, Ving Rhames ලූතර් වශයෙනුත්, Simon Pegg බෙන්ජි වශයෙනුත්, ප්‍රධාන චරිත රඟ දක්වන අතර, Esai Morales, Pom Klementieff, Henry Czerny, සහ Angela Bassett ද මෙහි සෙසු චරිත වශයෙන් රඟ දක්වනවා. මෙම චිත්‍රපටය IMDb හි 7.4/10 සහ Rotten Tomatoes හි විවේචක අගයන් 80% සහ ප්‍රේක්ෂක අගයන් 88% ලබා ඇති අතර ප්‍රදර්ශනය ආරම්භ කළ දින සිට මේ දක්වා ලෝක ව්‍යාප්තව ඩොලර් මිලියන 595 කට වැඩි ආදායමක් උපයාගෙන තියෙනවා.
කතාව ගැනත් ටිකක් කිව්වොත් ඊතන් හන්ට් සහ ඔහුගේ IMF කණ්ඩායම, “Entity” ලෙස හැඳින්වෙන අති බලගතු, නවීන, කෘතීම බුද්ධි (AI) පද්ධතියක් මත පදනම් වූ ගෝලීය තර්ජනයකට මුහුණ දෙන සිද්ධියක් තමයි මේ චිත්‍රපටියෙන් පෙන්වන්නේ. මෙම AI පද්ධතිය ලෝකයේ සමුද්‍ර යාත්‍රා, අධි තාක්ෂණික ආරක්ෂණ පද්ධති සහ රටවල් වල අනාගතය පාලනය කළ හැකි තරම් බලය ලබාගෙන තිබෙනවා. එය විනාශ කිරීමට හෝ පාලනය කිරීමට හැකි මූලික යතුර කැබලි දෙකක් විදිහට බෙදලා වෙන වෙන තැන් වල රඳවලා තියෙන්නෙ. ඒ කොටස් දෙක හොයාගෙන මෙම AI පද්ධතියේ මූල කේත (Source Code) නැවත මුල් තත්වයට පිහිටුවීමෙන් තමයි මෙම තර්ජනය මැඩ පවත්වලා ඒ තුලින් මනුෂ්‍යයන්ගේ පැවැත්ම තීරණය කරන්න වෙලා තියෙන්නේ.
ඉතිං ටොම් කෲස් ගෙ අනිත් Mission Impossible චිත්‍රපටි වල වගේම මේ චිත්‍රපටියෙත් Stunt දර්ශන සඳහා වෙනත් පුද්ගලයෙක් යොදා ගන්නෙ නැතුව ටොම් කෲස් ම දායක වෙලා තියෙනවා. පහතින් තියෙන්නේ එවැනි දර්ශනයක්

ඒ වගේම මෙම චිත්‍රපටිය රූගත කිරීමේදී ගුවනේ රූගතකිරීම සහ ජලය යට රූගත කිරීම් සඳහා Z-Cam වර්ගයේ වැනි නව තාක්ෂණයෙන් යුත් කැමරාවක් සහ නවීන උපකරණ භාවිතා කරලා තියෙනවා.

Z Cam කැමරාව සහ ගුවන් යානයකට එවැනි Z Cam කැමරාවක් සවි කර ඇති ආකාරය


රූගත කිරීමේදී තාක්ෂණය යොදා ගෙන ඇති ආකාරය
හෙලිකොප්ටර් භාවිතයෙන් රූගත කිරීම් වලදී Angénieux 36-43.5mm කාචයකින් සහ Fujinon 19-45mm කාචයකින් යුගලනය කරන ලද කැමරාවක් යොදාගත් බවත්, එමගින් ප්‍රේක්ෂකයින් ගුවන් යානයේ පිටුපස වාඩි වී සිටින ආකාරයේ අත්දැකීමක් ලබා දීමට උත්සාහ කර බවත් මෙහි නිශ්පාදකයන් විසින් පවසනවා.
ඉතිං යාලුවනේ… ඊතන් හන්ට් ට මේ යතුරු කොටස් දෙක අත්පත් කරගන්න පුලුවන් වේවිද? Entity පද්ධතියේ මූල කේත තියෙන තැන හොයාගන්න පුලුවන් වේවිද? පුළුවන් උනත් ඒවා ඊතන් ට වෙනස් කරන්න පුළුවන් වේවිද? එහෙමත් නැත්නම් අන්තිමට Entity එකට මුලු මිනිස් වර්ගයාගේ ම පැවැත්ම අවසන් කරලා දාන්න පුලුවන් වේවිද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජය වේවා…!
Mission: Impossible – The Final Reckoning (2025) Sinhala Subtitless
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා අදාළ වේ.
19,620 downloadsDownload Mission-Impossible-The-Final-Reckoning-2025.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Mission: Impossible – The Final Reckoning (2025) Sinhala SubtitlessSubtitles by
දිනිඳු සම්පත්
Subtitles
- #Box Office Hits
- #Editor's Pick
- #Hayley Atwell
- #MI 7 (2023) Sinhala Sub
- #MI 7 (2023) Sinhala Subtitles
- #MI 7 Sinhala Sub
- #MI 7 Sinhala Subtitles
- #Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Sub
- #Mission: Impossible – Dead Reckoning Part One (2023) Sinhala Subtitles
- #Mission: Impossible – Dead Reckoning Part One Sinhala Sub
- #Mission: Impossible – Dead Reckoning Part One Sinhala Subtitles
- #Rebecca Ferguson
- #Simon Pegg
- #Sinhala Subtitle
- #Tom Cruise
- #Ty Simpkins
- #Ving Rhames
- #උපසිරැසි
- #දිනිඳු සම්පත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
20 comments
Minuk
Kevin D...
Thank You !
Arawinda
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි…….. A S HBuddhika laKMal
උපසිරැසියට ස්තූථියි සහෝ.........
ඒවගේම ලිපියටත්.....Asanga Basooriya
bohoma sthuthi...
ක්‍රිශාන්ත හැරිස්
ගොඩාක් ස්තුතියි සබ් එකට....ජය වේවා....
රුක්ෂාන් ඛාන් (රුකා)
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට ❤️
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Lahiru
Thankyou !!!
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Sahan Gayantha
thanks a lot Dinidu saho sub ekata
Sandeep Madushan
Thanx saho
Anonymous
Thanks bro...
Malith samarawickrama
Thanks saho sub ekata
Tharindu
Thank you for the sub
Viraj
Sub ekata thanks
SUNI
THANKS
damith niwanthaka ranasingha
Thanks bro. Jaya wewa
SAS
Tnanx for the Sub
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement
Thanks for sub