Avihitham (2025) Sinhala Subtitles අදත් ගෙනාවේ තවත් මලයාලම් Black Comedy ෆිල්ම් එකකට උපසිරැසියක්. මේ මගේ 4 වෙනි උපසිරැසි නිර්මාණය. මලයාලම් සිනමාව කියන්නේ පොඩි සිද්ධියක් අරගෙන ඒක වටා ලොකු හාස්‍යජනක සිදුවීම් දාමයක් ගොඩනගන්න පුළුවන් අපූරු කලාවක්. 2025 වසරේ නිකුත් වුණු “Avihitham” කියන්නෙත් අන්න ඒ වගේ,…
Avihitham (2025) Sinhala Subtitles
අදත් ගෙනාවේ තවත් මලයාලම් Black Comedy ෆිල්ම් එකකට උපසිරැසියක්. මේ මගේ 4 වෙනි උපසිරැසි නිර්මාණය.
මලයාලම් සිනමාව කියන්නේ පොඩි සිද්ධියක් අරගෙන ඒක වටා ලොකු හාස්‍යජනක සිදුවීම් දාමයක් ගොඩනගන්න පුළුවන් අපූරු කලාවක්. 2025 වසරේ නිකුත් වුණු “Avihitham” කියන්නෙත් අන්න ඒ වගේ, ගමක පැතිරෙන ඕපාදූපයක් සහ සැකයක් මුල් කරගෙන යන සුපිරිම Black Comedy චිත්‍රපටයක්.
කතාව පටන් ගන්නේ මෙහෙමයි…
කතාවේ ප්‍රධාන චරිත දෙක තමයි “ප්‍රකාශන්” සහ “වේණු”. ප්‍රකාශන් කියන්නේ රස්සාවක් නැති, අනුන්ගෙන් ඉල්ලාගෙන බොන බේබද්දෙක්. වේණු කියන්නේ ගමේ ටේලර්. දවසක් රෑක මේ දෙන්නා දකිනවා ගමේ ප්‍රධාන පවුලක් වන මාධවන්ගේ ගෙදර පිටිපස්සේ තියෙන බාත්රූම් එකට කවුරු හරි පිරිමියෙක් රිංගනවා. ඒ වගේම ගෙදර ඉන්න ලේලි, නිර්මලා එතනට එනවා වගේ හෙවනැල්ලක් දකිනවා.
ටේලර් වේණුට තියෙනවා පුදුම හැකියාවක්. එයා කියන්නේ ගෑනු කෙනෙක්ගේ හෙවනැල්ල දිහා බලලා එයාගේ “මිමි” (Measurements) හරියටම කියන්න පුළුවන් කියලා! ඉතින් වේණු තීරණය කරනවා ඒ හෙවනැල්ල අනිවාර්යයෙන්ම නිර්මලාගේ තමයි කියලා.
මේක ආරංචි වුණාම නිර්මලාගේ සැමියා (මුකුන්දන්) සහ එයාගේ අයියා (මුරලී) හොඳටම කලබල වෙනවා. මුරලී කියන්නේ තමන් මාර මොළකාරයෙක් කියලා හිතාගෙන ඉන්න චරිතයක්. එයා තීරණය කරනවා මේ අනියම් සම්බන්ධය අතටම අල්ලගන්න ඕනි කියලා.
ඉතින් මුරලී හදනවා නිකන් මිලිටරි ඔපරේෂන් එකක් වගේ ප්ලෑන් එකක්: මේ කතාව දිගටම යන්නේ මෙන්න මේ ප්ලෑන් එක ගැනයි. අන්තිමට කොටු පැනපු හොරාව අල්ලගන්න පුලුවන් වෙයිද කියලා දැනගන්න නම් ෆිල්ම් එක ඉවර වෙනකන් බලන්න වෙනවා.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු හැමෝටම ජය වේවා !
Avihitham (2025) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,311 downloadsDownload Avihitham-2025.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේශික ජයන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-12-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Avihitham (2025) Sinhala SubtitlesSubtitles by
දේශික ජයන්ත
Subtitles
- #Avihitham (2025) Sinhala Sub
- #Avihitham (2025) Sinhala Subtitles
- #Avihitham Sinhala Sub
- #Avihitham Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #දේශික ජයන්ත
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Supun Kaushalya
Buddhika laKMal
තෑන්ක්ස් මචං සබ්එකට
Sahan Gayantha
thanks a lot saho sub ekata
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Advertisement
Thank you සබ් එකට!
Thalavara (2025) ටැමිල්-මලයාලම් ෆිල්ම් එකටත් සබ් දෙන්නකො ලස්සන කතාවක්