Watch Trailer

Awaara (1951) Sinhala Subtitles | හින්දි සිනමාවේ මා දුටු හොඳම සිනමාපටයක් නැරඹීමට ආරාධනා! [සිංහල උපසිරසි]

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැට තුන්වන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.9 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ, විනිසුරු රඝුනාත් ධනවත් විනිසුරුවෙකි. ඔහු ජග්ගා නම් අපරාධකරුවෙකු වූ ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන්…

මෙය “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළට මා විසින් ලබාදෙන “හැට තුන්වන උපසිරසි නිර්මාණය” යි. මෙය හින්දි සිනමාවේ IMDb සිනමා දර්ශකයේ 7.9 ක ඉහළ අගය කිරීමක් පවතින, ජනප්‍රිය සිනමා නිර්මාණයක්. මෙහි කතා කතා සාරාංශය වන්නේ,

විනිසුරු රඝුනාත් ධනවත් විනිසුරුවෙකි. ඔහු ජග්ගා නම් අපරාධකරුවෙකු වූ ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් වරදකරු කරයි. විනිසුරුවරයා විශ්වාස කරන්නේ “යහපත් මිනිසුන් යහපත් මිනිසුන්ට උපත ලබා දෙන අතර අපරාධකරුවන් උපත ලබන්නේ අපරාධකරුවන්ගෙන්” යනුවෙනි. ජග්ගා පසුව සිරෙන් පැන ගොස් විනිසුරුවරයාගේ බිරිඳ වූ ලීලා නම් කාන්තාව පළිගැනීම සඳහා නිවෙසින් පැහැර ගනී. ඇය මීට පෙර ගැබ්ගෙන ඇති බව දැනගත් විට, ඔහු දින හතරකට පසු ඇයව නිදහස් කර වෙනස් ආකාරයේ පළිගැනීමක් සැලසුම් කරයි. ඇය තම ස්වාමිපුරුෂයාට ද්‍රෝහී වූවාය යන සැකය නිසා විනිසුරුවරයා ඇයව නිවසින් එළියට ඇද දමන්නේ දරුවා තමාගේ යැයි ඇය කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප කරමිනි.

දුප්පත් ලෙස ජීවත්වෙන ඇයට පුතෙකු ලැබෙන අතර ඔහුට රාජ් ලෙස නම් තබයි. තරුණ වියට පත්වූ රාජ්ට, ජග්ගා මුණ ගැසෙයි. ඔහු දුප්පත් භාවයෙන් පෙළෙන රාජව අපරාධ සඳහා පොළඹවා ගනී. කර්මාන්ත ශාලාවක වැඩ කිරීමට එක්වී රාජ් සිය අපරාධ ජීවිතය අත්හැරීමට උත්සාහ කළද, ඔහු සොරෙකු බව දැනගත් විට ඔහුගේ සේවා යෝජකයන් ඔහුව සේවයෙන් ඉවත් කරයි. මේ අතර ඔහුට කුඩා කාලයේ මිතුරියක් වූ රීටා නම් තරුණිය හමුවේ. ඇය දරුවෙක් ලෙස හැදී වැඩෙන්නේ රාජගේ පියා වන විනිසුරුවරයාගේ නිවසේය. මේ වනවිට ඇය නීතිවේදිනියක් වීමට ඉගෙන ගනිමින් සිටියි. රීටා නිසා රාජ් යහපත් කෙනෙක් වීමට තීරණය කරයි. එහෙත් ජග්ගාගෙන් රාජ්ට ගැලවීමක් නොලැබේ. එතැනදී රාජ් අතින් ජග්ගා මියයයි.

මෙතැන් සිට විශාල ගැටළු රාශියක් පැන නැඟෙයි. රාජ් කපූර් සහ නර්ගීස් ප්‍රධාන චරිත නිරූපණයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් භාරතයේ ජනප්‍රිය හින්දි චිත්‍රපටයකි. මෙය ශ්‍රී ලංකාවේ ද ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත.

මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති සිනමාපට වන්නේ “දෝස්ති, ආයි මිලන් කී බේලා, ඇන් ඊවිනින් ඉන් පැරිස්, බූට් පොලිෂ්, සංගම්, සාති, මෙරා නාම් ජෝකර්, අනාරි, දේව්දාස්, ආහ්, දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ, ශ්‍රී 420, ද බයිසිකල් තීෆ්, ද ක්‍රසන්ඩා ක්‍රොසින්, හම් හින්දුස්ථානි, හම්රාස්, සුරාජ්, ගීත්, අප්නා දේශ්, අර්සු, කැරවෑන්, අල්බේලා, ජන්ග්ලී, චෝරි චෝරි, අන්දාස්, ආන්, ජිස් දේශ් මෙන් ගංගා බේති හේ, තෙරේ ගර් කී සාම්නේ, ගෝරා ඕර් කාලා, සෝල්වා සාල්, මිලැප්, බ්‍රහ්මචාරී, කාෂ්මීර් කී කාලි, දුලාරි, ප්යාර් කා මෝසම්, ටී ශ්‍රී මන්සිල්, අසාද්, තුම්සෙ අච්චා කෝන් හේ, බොබී, ගවාර්, ගුම්රාහ්, ආනන්ද්, දොන්, කාලියා, ද ග්‍රේට් ගැම්බ්ලර්, ෂාහෙන්ශා, අමර් අක්බාර් ඇන්ටනි, දූල් කා පූල්, වික්ටෝරියා 203, ද ට්‍රේන්, ජුග් ගයා ආස්මාන්, ද හවුස්මේඩ්, පදෝසන්, ගෝල් මාල්, ගුඩ්ඩි, නාමක් හලාල්, ශර්මිලී, හේරා පෙහෙරි, හම් දුනෝ, ද හෝල්, ආන් මිලෝ සජ්නා, ජබ් ජබ් පූල් කිලේ, මධුමතී.” ඉහත නාමාවලිය මා දිගටම ඉදීරිපත් කරන්නේ මෙවැනි පැරණි සිනමාපට ඩවුන්ලෝඩ් කරන්නේ එවන් රුචිකත්වයක් සහිත ඉතා සීමිත පිරිසක් නිසා, ඒ අයගේ පහසුව පිණිසයි. මාගේ පුද්ගලික රුචිකත්වයත් මෙම කාලයේ මෙවැනි සිනමාපට වන අතර, එකළ ජනප්‍රිය මෙම පැරණි සිනමා සිනමාපට ගොනුව හැකි තරමින් සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.

අන්තර්ජාලයේ Awara (1951) (HD) – Raj Kapoor, Nargis, Prithviraj Kapoor -Hindi Full Movie With Eng Subtitles යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු හතළිස්තුනයි, තත්පර හතළිහක ධාවන කාලයක් සහිත වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960, සහ 1970 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම තමයි නිතර මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ඒ වගේම එවන් ඉල්ලීම් කරන අයට දන්වා සිටීමට කැමතියි, ලංකාව තුළ වෙනත් අය විසින් ද මෙතෙක් සිංහල උපසිරසි කරනා ලද සියලු පැරණි හින්දි සිනමාපට මා සතුව ඇති බවත් එසේ වෙනත් කෙනෙක් විසින් උපසිරසි කරනා ලද එකක් ඔබ යෝජනා කළහොත් නැවත උපසිරසි නොකරන බවයි. එසේම වර්ෂ 1950 සිට 1975 දක්වා බොහෝ ඒවා මා සතුව තිබෙනවා. ඒවා ලබා ගැනීමට අවශ්‍ය නම් මට පහත අදහස් දක්වන්න. ස්තූතියි!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

ගැළපෙන පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.

1,162 downloadsDownload Awaara-1951.zip53 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,162 downloadsDownload Subtitles53 KB

16 comments

  1. Anonymous

    බොහොම ස්තුතියි.

  2. Thilina Weerasinghe

    ඉතාමත් විශිෂ්ට චිත්‍රපටයකි.
    උපසිරැසි සදහා බොහොම ස්තූතියි.

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Bandara

    හිංදි සිනමාවේ මා අතිශය ඇලුම් කරන ගීත ඇතුලත් ආවාරා සදහා උපසිරස ලබාදීම පිලිබදව ප්‍රියන්ත මහතාට ගෞරවනීය ස්තූතිය

  5. D P Gamage

    Thanks for your subtitle, "Old is gold"I suggest Ganwaar 1970 film.

  6. W T Ajith

    Best Classic movie, Thanks for that great work!

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. Deegayu Abeysekera

    Angulimaal 1960 ekata sub dunnoth hondai neda?

    vesak masaya nisa

  9. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

    1. Sumith

      ‍♂️(Geet 1970) hindi film ekata sub denna puluwanda...

    2. Priyantha Dayakeerthi

      Geet සිංහල සබ් එක මෙහි තිබෙනවා. නම සර්ච් කරලා බලන්න.

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  11. ranjith

    thanks for the great work !!!

  12. කවිඳු ජයවර්ධන

    සිංහල සබ් එකට ගොඩක් ස්තූතියි..දිගටම මේ වගේ පරණ ෆිල්ම් වලට සබ් දෙමු.ඔබට ජය.!!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Priyantha Dayakeerthi

    ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.