මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 6.8 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ මව සහ පියා නොමැති “ශෝභා” නමැති තරුණිය පොහොසත් පවුලක තම නැන්දනිය සහ මාමණ්ඩිය යටතේ හැදී වැඩේ. ඇය කුඩා කාලයේ දීම මෙම නැන්දනියගේ පුත්‍රයා වන “කුමාර…

මෙය පැරණි හින්දි සිනමාවේ ජනප්‍රියතම සිනමාපටයකි. IMDb සිනමා දර්ශකයේ 6.8 ක ඉහළ අගය කිරීමක් පවතින, සංගීතාත්මක සුවිශේෂ සිනමා නිර්මාණයකි. මෙහි කතා සාරාංශය වන්නේ මව සහ පියා නොමැති “ශෝභා” නමැති තරුණිය පොහොසත් පවුලක තම නැන්දනිය සහ මාමණ්ඩිය යටතේ හැදී වැඩේ. ඇය කුඩා කාලයේ දීම මෙම නැන්දනියගේ පුත්‍රයා වන “කුමාර්” ට අනාගතයේදී ඇයව විවාහ කරදීමට තීරණයක් ගෙන තිබුණත්, ඔහු කුඩා කාලයේදීම අතුරුදහන් වේ.
කාලයාගේ ඇවෑමෙන් ඇය තරුණ වියට පත් වේ. මෙම කාලයේදී “අසාද්” නමින් මංකොල්ලකාරයෙක් පිළිබඳව ජනතාව අතර භීතියක් ඇතිවේ. නගරය පුරා මංකොල්ල කෑම් සිදුවන අතර මිනී මැරුම් සිදුවෙන බවට ද ආරංචි පැතිරේ. නමුත් පොලිසියට මොහුව සොයාගැනීමට අපහසුතත්වයක් ද පවතී. මේ අතර ශෝභාව මංකොල්ලකරුවන් පිරිසක් පැහැරගෙන යයි. ඇයව රැගෙන යන්නේ, ශෝභා පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටින “සුන්දර්” නමැති පුද්ගලයා වෙතටයි. නමුත් අතරමඟ දී තවත් කොල්ල කල්ලියක් විසින් ඔවුන්ට පහර දී ශෝභාව නැවත පැහැරගෙනයයි. ඔවුන් ශෝභාව රැගෙන යන්නේ “අසාද්” වෙතටයි. මෙහි දී අසාද් සහ ශෝභා අතර ආදරයක් හට ගනී. පසුව අසාද් විසින් ඇයව නැවත නිවසට භාර දෙයි.
“රහීම් ඛාන්” නමින් ධනවත් වැඩිහිටි පුද්ගලයෙක් මෙම නගරයේ වාසය කරන අතර, ඔහු විසින් ශෝභාව නිවසට භාර දුන් බවට පොලිසියට තොරතුරු ලැබේ. පසුව ඔහු ගැන රහසක් හෙළිවන අතර ඔහු ද්විත්ව චරිතයක සිටින කෙනෙක් ලෙස හෙළිවේ. එසේම අසාද් යනු දුප්පත් ජනයාට හිතවත් කෙනෙක් ලෙසත්. “සුන්දර්” විසින් මේ සියළු දෙය සිදුකළ බවත් පොලිසිය සොයා ගනී. මෙසේ ගලායන කතාව අවසානයේ “කුමාර්” හමුවී ශෝභාව ඔහුට විවාහකර දීම සිදුවේවි ද? දිලිප් කුමාර්, මීනා කුමාරි සහ ප්‍රාන් ක්‍රිෂන් ප්‍රධාන චරිත නිරූපනයට දායක වි සිටින, කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී. මෙම ගීතවල තනු ආශ්‍රයෙන් නිර්මාණය කළ සිංහල ගීත කීපයක්ම ඇත.
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති”, “ආයි මිලන් කී බේලා”, ඇන් ඊවිනින් ඉන් පැරිස්”, බූට් පොලිෂ්”, “සංගම්”, “සාති” “මෙරා නාම් ජෝකර්”, “අනාරි”, “දේව්දාස්”, “ආහ්”, “දිල් අප්නා ඕර් ප්‍රීත් පරායේ”, “ශ්‍රී 420”, “ද බයිසිකල් තීෆ්”, “ද ක්‍රසන්ඩා ක්‍රොසින්”, හම් හින්දුස්ථානි”, “හම්රාස්”, “සුරාජ්”, “ගීත්” ,”අප්නා දේශ්”,”අර්සු”,”කැරවෑන්”, “අල්බේලා”, “ජන්ග්ලී”, චෝරි චෝරි”, “අන්දාස්”, “ආන්” “ජිස් දේශ් මෙන් ගංගා බේති හේ”, “තෙරේ ගර් කී සාම්නේ”,”ගෝරා ඕර් කාලා” “සෝල්වා සාල්”, ”මිලැප්”, “බ්‍රහ්මචාරී”, “කාෂ්මීර් කී කාලි”, “දුලාරි”, “ප්යාර් කා මෝසම්”, ටී ශ්‍රී මන්සිල්” යන පැරණි හින්දි චිත්‍රපට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන තිස් හත්වෙනි සිංහල උපසිරසිකරණයයි. අන්තර්ජාලයේ Azaad (HD) යනුවෙන් යූ ටියුබ් හි සඳහන්ව ඇති පැය දෙකයි, මිනිත්තු තිස්හයයි, තත්පර හතලිස් පහක ධාවන කාලයක් සහිත මෙගා බයිට් 716 ක වීඩියෝව මේ සඳහා හොඳින්ම ගැළපෙන බව ද සලකන්න. පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම 1950, 1960 දශකවල සිනමාපට සඳහා පමණක් සිංහල උපසිරසි නිර්මාණය කිරීම පමණයි මා සිදු කරන්නේ. ඒ නිසා ඒවා බලාපොරොත්තුවෙන් නිතරම මේ වෙබ් එක සමඟ බැඳී සිටින ලෙසින්ද ඉල්ලා සිටින්නෙමි. ඒ වගේම මේවා බාගත කරගන්නා ඔයාලාට සරල යුතුකමක් තිබෙනවා. එනම් මේ උපසිරසියක් වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කිරීම සහ අවශ්‍ය සිනමාපට පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීමයි. ස්තූතියි!
මා විසින් මීළඟට සිංහල උපසිරසි ලබාදෙන සිනමාපටය වන්නේ 1969 වර්ෂයේ තිරගත වූ “Tumse Achha Kaun Hai” පැරණි හින්දි සිනමාපටයයි.

Due to copyright issues, we do not provide any torrent links.
ගැළපෙන පිටපත Youtube හෝ බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් වෙබ් අඩවියෙන් ලබාගන්න.
867 downloadsDownload Azaad-1955.zip61 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
විතානගේ ප්‍රියන්ත
Subtitles
11 comments
Kantha_DLA
benukanimsena
බොහොම ස්තූතියි අයියේ සිංහල උපසිරැසියට
අයියා ගේ චිත්‍රපටයක් අනිවාර්‍යයෙන්ම බලනවා
ආයෙත් ඉක්මනටම හම්බ වෙමුහසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්ස්තූතියි අද aපෝය aa
හසිත මධුෂාන්
සබ් එකට බොහොමත්ම ස්තූතියි....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udaya Saman
ඔබගේ වෙහෙසින් නිමවු මෙම උපසරසියට මගේ ස්තුතිය.ොඩ කාලෙකින් වගේ අයියා ආයෙත් සබ් එකක් දුන්නේ.ඔයාගෙ ඒව අනිවා බලනවා...බොහාම ස්තුතියි
ශසිත් සඳරුවන්
උපසිරැසියට බොහොම තුති...
පැරණි චිත්‍රපට රසිකයන් වෙනුවෙන් මේ මහඟු සේවය
දිගටම කරගෙන යමු.
ජය!formano
බොහොම ස්තූතියි උපසිරසියට. මෙම චිත්‍රපටම ගොඩක් භාෂාවලට නැවත නිර්මාණය උණා. ලංකාවෙ සූරසේන කියල තමයි සිංහලෙන් මෙම චිත්‍රපටය හැදුනෙ. ආනන්ද ශ්‍රීය වෑහෙයි.. ආලෝකේ ආලෝකේ ආලෝකේ මේ... හිස් ටින් එකක් වාගේ... වගේ ජනප්‍රිය සිංහල ගීත ගොඩක් මෙම චිත්‍රපටයේ ගීත තනුවලට සින්හලෙන් නිර්මාණය උනා. ඒ කාලේ හැටියට සුපිරිම චිත්‍රපටයක්. අතීතයේ නිර්මාණය වුණු මේ වගේ නිර්මාණ අලුත් පරම්පරාවට බලන්න ලබා දීම ගොඩක් අගය කරනවා
thesira07
Good work. Need subtitles on Shahrukh khan's old movies
Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ, පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Lasantharathnasirirox
ගොඩාක් ස්තුතියි සහෝදරයා..බුදුසරණයි.! දෙවිපිහිටයි.! ජයවේවා ""
Advertisement
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Request : Ek Phool Do Mali (1969)