Watch Trailer

Bull (2019) Sinhala Subtitles | ක්‍රිස්ගේ කතාව [සිංහල උපසිරැසි සමඟ]

Hi! Kingdom කොරියානු කතා මාලාවෙ උපසිරැසි ගෙනාවට පස්සෙ මට ඉවරකරගන්න හම්බවුණ උපසිරැසිය තමයි Bull 2019 documentary film එක. ඇත්තටම මම කරපු ගොඩක් උපසිරැසි වලට වඩා වෙනස්ම විදිහෙ අමුතු කතාවක්. මේ ටිකේම එක දිගට වගේ කොරියන් කතා බලලා උපසිරැසි කරලම හිටපු නිසා මට හිතුණා වෙනස් විදිහෙ කතාවකට උපසිරැසි නිර්මාණය ක…

Hi! Kingdom කොරියානු කතා මාලාවෙ උපසිරැසි ගෙනාවට පස්සෙ මට ඉවරකරගන්න හම්බවුණ උපසිරැසිය තමයි Bull 2019 documentary film එක. ඇත්තටම මම කරපු ගොඩක් උපසිරැසි වලට වඩා වෙනස්ම විදිහෙ අමුතු කතාවක්. මේ ටිකේම එක දිගට වගේ කොරියන් කතා බලලා උපසිරැසි කරලම හිටපු නිසා මට හිතුණා වෙනස් විදිහෙ කතාවකට උපසිරැසි නිර්මාණය කරන එක හොඳයි කියලා. මට මේ උපසිරැසිය කරන්න කියලා ආරාධනා කළේ ශාන් විමුක්ති සහෝදරයා. ඇත්තටම ශ්‍රී ලංකාව, ඉන්දියාව වගේ සමාජ වටපිටාවක් හුරු අපිට, විශේෂයෙන්ම මට, මුලින්ම මේ කතාවෙ context එක තේරුණේ නෑ. ඊට පස්සෙ මම film reviews බැලුවා. ඒ අනුව තමයි මට තේරුම් ගන්න පුළුවන් වුණේ ඇමරිකානු ගම්බද සමාජය තුළ සැඟවුණු යම්‍ යම් කාරණා හුවාදක්වන්නට යෙදුණු වෑයමක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ Bull 2019 documentary film එක නිෂ්පාදනය වෙන්නෙ කියලා. එහෙනම් මම මේ film එක පොඩ්ඩක් තේරෙන විදිහට පැහැදිලි කරන්නම්.

මෙහි ප්‍රධාන චරිතය වෙන්නෙ ක්‍රිස්, එයා වයස අවුරුදු 14ක ගැහැණු ළමයෙක්. ඒ වයසෙදි අනිත් ළමයින්ට නැති අභියෝග විශාල ප්‍රමාණයකට එයාට මුහුණ දෙන්න වෙනවා. ජීවිතය කියන දේ එයාට පහසු නැහැ මොකද එයාගෙ අම්මත් ඉන්නෙ හිරගෙදර නිසා. එයාගෙ ආච්චි අම්මට සනීප නැහැ වගේම එයාට බලාගන්න පොඩි නංගි කෙනෙකුත් ඉන්නවා. මේ කරදර සියල්ල දරාගන්න බැරි නිසාදෝ ඇය ඒ පීඩනය පිට කරගන්න අවශ්‍ය නිසා ඉස්කෝලෙ රණ්ඩු සරුවල් පවා ඇතිකරගන්නවා. ඒ වගේම ඇයට ගොඩක් අවශ්‍යයි පොරවල් කියලා හිතන් ඉන්න යාළුවො සෙට් එකකට එකතු වෙන්නත්. තව එයා ඉන්නවද කියලවත් දන්නෙ නැති සෙට් එකේ ඉන්න කොල්ලන්ගෙ අවදානය ලබාගන්නත්.

එක දවසක් ක්‍රිස්ගෙ බල්ලා අල්ලපු ගෙදරක ඉන්න ඒබ් කියන මනුස්සයගෙ කුකුල් කූඩුවට පැනලා කුකුළෙක් මරපු නිසා ඒබ් ක්‍රිස්ට බණිනවා. මේ නිසා ඒබ් එක්ක තරහින් ඉන්න ක්‍රිස්, ඔහු නැති වෙලාවක් බලලා ඒ ගෙදරට හොරෙන් පනිනවා. පැනලා එයාගෙ රස්තියාදුකාර යාළුවොත් ඒ ගෙදරට ගෙන්නගෙන එයාලත් එක්ක පාර්ටි දානවා. ඒකෙන් එයාට යාළුවො අතරෙ ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා හිතාගෙන. කොහොමහරි ඒබ්ට මෙයාව අහුවෙනවා. අහුවුණාම එයා පොලීසිය මාර්ගයෙන් වැඩේ ගැන බලාගන්න තීරණය කළත් පස්සෙ ක්‍රිස්ගෙ ආච්චිගෙ ඉල්ලීම පිට සමාව දෙනවා. ඒ, ඔහුට කරපු අලාභයේ හිලව්වට ඔහුගෙ වැඩ කරලා දෙන්න කියලා.

ඒබ් එක්ක මේ විදිහට සම්බන්ධ වෙන ක්‍රිස්, ඔහු නිසා ලෝකය ගැන අවබෝධයක් ලබාගන්නවා. ඒබ් කියන්නෙ bull riding එහෙමත් නැත්නම් ගොනුන් පදින තරගපිටියක වැඩ කරන කෙනෙක්. ඔහුගෙ වැඩ කරන ගමන් මේ ගොන්පොර දකින ක්‍රිස්ට ආශාවක් ඇතිවෙනවා ගොනුන් පදින්න. කොහොමහරි මේ අතරතුර ක්‍රිස්ට එකදිගට එන ප්‍රශ්න නිසා මත් පෙති ජාවාරම්කාරයො පවා ඇයව ඒ වැඩ වලට යොදාගන්නවා. නමුත් ඒබ් නිසා ඇය ඉගෙනගන්නවා ජීවිතය විඳින්න ඇයට ඕනෙතරම් විකල්ප තියනවා කියලා. ඇයගෙ හිනාවක් චිත්‍රපටිය පුරාම දැකගන්න ලැබෙන්නෙත් ඒබ් එක්ක ඉන්නකොට විතරයි.

ඉතින් ඔන්න ඔය වගේ පසුබිමක් තුළ සිදුවීම් නිරූපණය කරන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ අධ්‍යක්ෂිකා Annie Silverstein විසින්. 2019 මැයි මාසෙ 15 වෙනිදා නිකුත් වුණ මේ චිත්‍රපටිය පැය 1යි විනාඩි 48ක කාලයක් තිරගත වෙනවා. මේක නිෂ්පාදනය කරන්න Monique Walton, Bert Marcus, Ryan Zacarias, Audrey Rosenberg, Heather Rae කියන නිෂ්පාදකවරුන් තම දායකත්වය ලබා දීලා තියනවා. තිර රචනය සිදුකර තිබෙන්නෙ Annie Silverstein සහ Johnny McAllister විසින්. Drama ගණයට අයත් වන මේ ෆිල්ම් එක Bert Marcus Film සහ Invisible Pictures මගින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නෙ.

IMDb දර්ශකයේ 7.1/10ක් ලබා ගැනීමට සමත් වෙලා තියන මේ ෆිල්ම් එකේ පහත සඳහන් නළු නිළියන් තමයි ප්‍රධාන චරිත නිරූපණය කරලා තියෙන්නෙ.
Rob Morgan – ඒබ්
Amber Harverd – ක්‍රිස්
Yolonda Ross – ශීලා

Deauville Film Festival එකේදි Grand Jury Prize, Revelation Prize for Best Film and critics prize යනාදී හොඳම Prizes 5න් 3ක්ම දිනාගන්නට මේ නිර්මාණය සමත් වෙලා තියනවා.

අන්තර්ගතය අපැහැදිලි වෙන්න පුළුවන් වුණත් ඇමරිකානු සමාජයේ සැඟවුණු සමාජ පැතිකඩ මේ චිත්‍රපටය තුළින් මනාව පිළිබිඹු වෙලා තියනවා කියන එක තමයි විචාරක මතය.

ඉතින් වෙනදා වගේම ආරාධනා කරනවා ආදරයෙන් මේ කතාව නරඹලා බලන්න කියලා. නරඹලා ඔබට හිතෙන දේ ගැන අදහසක් දෙන්න පුළුවන්නම් ගොඩක් වටිනවා. එහෙනම් මම ආයෙමත් ලස්සන කතා මාලාවක් අරගෙන එන බලාපොරොත්තුවෙන් නවතින්නම්. ජය!

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

1,883 downloadsDownload Bull.2020.Baiscopelk.com_.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,883 downloadsDownload Subtitles37 KB

16 comments

  1. indika75

    thanks..

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සබ් එකට :)

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

    1. gihan perera

      ස්තුතියි සහොදරී..... වෙච්ච මහන්සියට..... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා.... දෙවි පිහිටයි..ජය වේවා....

  4. සරා

    බොහොම ස්තූතියි බොක්ක....

  5. Anonymous

    x files season 9 sinhala sub dennako

  6. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Joint security area (2000)
    The keys to the heart (2018)
    Dark figure of crime (2018)
    Front line (2011)
    Believer (2018)
    The vanished (2018)

    Mey korean movies walatath sub dennako

  7. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  8. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...

  9. sampath n perera

    thanks

  10. suranuwan

    thank you....

  11. Zebu

    කරුණාකර මුල් සබ් එකේ නම වෙනස් නොකරන්න. ඔබගේ නම හෝ වෙන යමක් සඳහන් කිරීමට අවශ්‍යනම්, මුල් සබ් එකේ නම සමගම එයද සඳහන් කරන්න.
    මුල් සබ් එකේ නම නිවැරදිම වීඩියෝව සොයාගැනීමට අති මහත් උපකාරයක් නිසා.

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Shamal manojan

    X Files කතාමාලාවේ Season 8 සහ Season 9 ට උපසිරැසි දෙන්න පුලුවන්ද?

  14. jagath55

    Thanks

  15. Dewadithya

    Thanks for sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.