කොහොමද යාළුවනේ! ඔන්න මම දෙවැනි උපසිරැසියත් හැදුවා. මේ වතාවෙ මම තෝරාගත්තෙ ලස්සන හින්දි චිත්‍රපටයක්. ළමයින්ටයි දෙමාපියන්ටයි එකට බලන්න පුළුවන් කාටත් ආදර්ශමත් හොඳ කථාවක්. මේ චිත්‍රපටයත් ටිකක් පරණයි. චිත්‍රපටයට උපසිරැසි තිබුණේ නැති නිසා උපසිරැසි හදන්න හිතුණා. මේ චිත්‍රපටියේ කථාවට පාදක වෙලා තියෙන්නෙ දුප්…

කොහොමද යාළුවනේ! ඔන්න මම දෙවැනි උපසිරැසියත් හැදුවා. මේ වතාවෙ මම තෝරාගත්තෙ ලස්සන හින්දි චිත්‍රපටයක්. ළමයින්ටයි දෙමාපියන්ටයි එකට බලන්න පුළුවන් කාටත් ආදර්ශමත් හොඳ කථාවක්. මේ චිත්‍රපටයත් ටිකක් පරණයි. චිත්‍රපටයට උපසිරැසි තිබුණේ නැති නිසා උපසිරැසි හදන්න හිතුණා.
මේ චිත්‍රපටියේ කථාවට පාදක වෙලා තියෙන්නෙ දුප්පත් පවුලක්. මේ පවුල දුප්පත්කමත් එක්ක ගොඩාක් ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ඒ ප්‍රශ්න අතරෙ අයියා අතින් නංගිගෙ සපත්තු දෙක නැතිවෙනවා. තාත්තා රස්සාවක් හොයාගන්න මහන්සිවෙන අතරෙ, නංගිට සපත්තු දෙකක් අරන් දෙන්න අයියා වෙන මහන්සිය තමයි චිත්‍රපටයට මාතෘකාව වෙලා තියෙන්නෙ.
චිත්‍රපටයේ අයියා එහෙමත් නැත්තම් “පිනාකි” ගෙ චරිතය රඟපාන්නෙ දර්ශිල් සෆාරි (Darsheel Safary). මතකනෙ දර්ශිල් තමයි thare zammen par චිත්‍රපටයෙත් ප්‍රධාන ළමා චරිතය රඟපෑවෙ. තාත්තාගේ චරිතය රඟපාන්නෙත් දක්ෂ නළුවෙක් වන අතුල් කුල්කර්ණි (Atul Kulkarni). පැය 2යි මිනිත්තු 5ක් දිවයන මේ චිත්‍රපටයේ IMDb අගය 5.9 ක්. අනෙක් කාරණය තමයි මේක, 1997 තිරගත වූ Children of Heaven චිත්‍රපටියේ ප්‍රතිනිර්මාණයක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ ජනප්‍රිය අධ්‍යක්ෂවරයෙක් වන ප්‍රියදර්ශන් (Priyadarshan).
ඇත්තටම මේක බලන්නම වටින චිත්‍රපටියක්. දෙමාපියන් විඳින දුක තේරුම් අරන් ළමයින් කටයුතු කළ යුතු බව මේ චිත්‍රපටියෙන් ළමයින්ට දෙන හොඳ ආදර්ශයක්. වැඩි විස්තර කියනවාට වඩා සිංහල උපසිරැසිත් එක්කම චිත්‍රපටය බලන එක තමයි වඩාත් හොඳ. එහෙනම් චිත්‍රපටිය බලලා, උපසිරැසිවල අඩුපාඩු තියෙනවානම් ඒවත් කියන්නකො!
Due to copyright issues, we do not provide any torrent links.
Bumm Bumm Bole – DVDRip – XviD – 1CDRip –
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,150 downloadsDownload Bumm.Bumm_.Bole-2010.Hindi_.Baiscopelk.com_.rar40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/SajithLasantha1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජිත් ලසන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සජිත් ලසන්ත
Subtitles
19 comments
Thushanga Pramod
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !SEO SPIDER
thank you mchn.
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! මේක ලස්සන ෆිල්ම් එකක් කියලා මම අහලා තියනවා. ඔන්න බාන්න දැම්මා. මේ වගේම ලස්සන ෆිල්ම් එකක් තමයි Dhanak (2016) කියන්නේ. හැකි වෙලාවක පුළුවන්නම් එයටත් සබ් දෙන්න. ඉතින් සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.
Ashen
මම මේක කලින් English සබ් එක්ක බලලා තියෙනවා. හරිම ලස්සනයි. මේ වගේ ආදර්ශමත් හොඳ චිත්‍රපටයකට කෙනෙක් සබ් දෙන්නේ බොහොම කලාතුරකින් තමයි. දැන් මේ චිත්‍රපටියට සිංහල සබ් දීලා තියෙන නිසා ආයෙත් බලන්න පුළුවන්. සබට බොහෝ සේ ස්තූතියි. ජය............
ජනිත්
අද මම මෙය නැරඹුවා. මේ චිත්‍රපටය ඉරාන සිනමා නිර්මාණයක් වන Children of Heaven (1997) ඇසුරින් තැනූ චිත්‍රපටියක්. ඊට වඩා සුළු වෙනස් කම් කීපයක් කර නිපදවූ මේ ෆිල්ම් එකත් එක පැත්තකින් හරි ලස්සනයි. උපසිරැසි වලට බොහොම ස්තූතියි. ඉදිරියටත් මෙවැනි අර්ථවත් සිනමා පටවලට උපසිරැසි ලබාදෙන්න සහෝ.
Vikum08
කවුරුහරි හරි Bastille Day (2016) ෆිල්ම් එකේ සබ් එක කරන්න බාර අරගෙනද?
Chami.S
Thanks...
wayantha
නියම ෆිලුමක් වගේ ගොඩක් ස්තුතියි sub එකට
ඒ වගේම මේ වගේ චිත්‍රපටයක් තෝරගත්තු එකටත් ස්තුති වන්ත වෙන්ව,
තෙරුවන් සරණයි!kasun
thanks macho....
psindu
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
hashan
ගොඩක් ස්තුතියි සිංහල සබ් sub එකට...
dimuthu
thanks bn sub ekata
sanduni
උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sajith lasantha
ස්තූතියි රොයිලි සහෝ! ඒත් කණගාටුව තමයි මේ චිත්‍රපටියට මම හදපු උපසිරැසි අපේ නම් අයින් කරලා ඩී.වී.ඩී.වලට දාලා විකුණනවා දැකගන්න ලැබුණා. අපි මහන්සිවෙලා කරන දෙයින් පැත්තක ඉන්න අය මුදල් උපයා ගන්නවා.
Jeewantha
අනේ මචංලා මේ Film එකේ Torrent Link එකක් කොහේවත් හොයා ගන්න නැහැනේ.
පුළුන්නම් Torrent Link එකක් හොයල දෙන්න පුළුවන්දTharindu
Thank u very much saho..!!
Advertisement

thanks machoooo