කොහොමද හැමෝටම? මේ අරගෙන එන්න සූදානම් වෙන්නේ DC League of Super-Pets (2022) ඇනිමේෂන් චිත්‍රපටයයි. මුලින්ම චාමර සම්පත් අයියාට ස්තුතිවන්ත වෙන්න කැමතියි මේකෙ සබ් එකක් සහ කොපියක් ආපු විගසින්ම දැනුවත් කිරීම ගැන. සිංහලේට හරවගන්න එක තමයි පොඩ්ඩක් විතර පරක්කු වුණේ අනිත් වැඩ කටයුතුත් එක්ක. ඒ වුණත් හැකි ඉක්මනි…

කොහොමද හැමෝටම? මේ අරගෙන එන්න සූදානම් වෙන්නේ DC League of Super-Pets (2022) ඇනිමේෂන් චිත්‍රපටයයි. මුලින්ම චාමර සම්පත් අයියාට ස්තුතිවන්ත වෙන්න කැමතියි මේකෙ සබ් එකක් සහ කොපියක් ආපු විගසින්ම දැනුවත් කිරීම ගැන. සිංහලේට හරවගන්න එක තමයි පොඩ්ඩක් විතර පරක්කු වුණේ අනිත් වැඩ කටයුතුත් එක්ක. ඒ වුණත් හැකි ඉක්මනින් නිවැරදි උපසිරක් ගේන්න ඔන්න අපි කටයුතු කරලා තියෙනවා.
සුපිරි වීරයන්ව නම් හැමෝම අඳුරනවානෙ. අපි DC කොමික් ගැන කතා කරද්දි සුපර් මෑන්, බැට් මෑන්, ෆ්ලෑෂ්, ඇක්වා මෑන් එතකොට ග්‍රීන් ලැන්ටර්න් එහෙම ප්‍රධාන වශයෙන් මතක් කරන්න පුලුවන්. ඔව් ඔව් තව කන්දරාවක්ම ඉන්නවා තමයි, කියන්න ගියොත් ලිපිය ගොඩක් දික් වෙන නිසා මෙතනින් නවත්තමු. 😅 හරි ඉතින්, මෙයාලා Justice League එහෙම නැත්නම් යුක්තියේ ලීගය කියන කණ්ඩායමේ සාමාජිකයන්. ඔයාලා ජස්ටිස් ලීග් ගැන නොදන්නව නම් අපි උපසිරැසි දීලා තියෙන කතා මාලා සහ චිත්‍රපටි බලලා දැනගන්න පුලුවන්.
ඉතින් අපි දැනගෙන හිටිය තරමින් අපේ ජස්ටිස් ලීග් සාමාජිකයො කාටවත් සුරතල් සතුන් නැහැනෙ. හැබැයි අපි මෙච්චර කල් හිතාගෙන හිටිය විදිහ වැරදියි කියලා මේ චිත්‍රපටය බලද්දි දැනගන්න පුලුවන්. කොමික් ඉතිහාසය දිහා විපරම් කරලා බැලුවොත් මේ සුපිරි සුරතලුන් කණ්ඩායම Legion of Super-Pets විදිහට තමයි හඳුන්වල තියෙන්නෙ. 1962 වසරෙ පෙබරවාරිවල නිකුත් වුණ Adventure Comics #293 කියන කලාපයෙන් තමයි Legion of Super-Pets මුල් වතාවට අපිට හඳුන්වලා දෙන්නෙ. ඒ කණ්ඩායම පදනම් කරගෙන තමයි League of Super-Pets හැදිල තියෙන්නෙ. සාමාජික සුරතල් සත්ව සාමාජිකයන්ගෙ යම් යම් වෙනස් කම් එහෙමත් සිද්ධ වෙලා තියෙනවා මේක මේ චිත්‍රපටයට එද්දි. ඒ අඩු වැඩිවීම් හෝ සමානකම් ගැන කතා කරන්නෙ නම් නැහැ වැඩි අදාළත්වයක් නැති නිසා. විකිපීඩියා එකේ Legion of Super-Pets පිටුවෙන් ඒ කණ්ඩායමේ හිටිය සාමාජිකයන් ගැන දැනගන්න පුලුවන්.
හොඳයි අපි මේ චිත්‍රපටයේ කතාව ගැන පොඩි අවධානයක් දෙමුකො. කතාව පටන්ගන්නේ ක්‍රිප්ටෝන් ලෝකය විනාශ වෙන්න යන නිසා පුංචි සුපර් මෑන් බබාව එයාගේ අම්මයි තාත්තයි කුඩා යානයකට දාන තැනින්. මේ සිද්ධිය අපි හැමෝම වගේ දන්න සිද්ධියක් හැබැයි අපි නොදන්න දේ දැනගන්න පටන්ගන්නෙ මෙතනින්. 😁 ක්‍රිප්ටෝ කියන්නෙ එයාලගේ පවුලේ හුරතල් බලු පැටියා. මේ බලු පැටියාත් කොහොමින් කොහොම හරි මේ කුඩා යානය ඇතුළට පැනගන්නවා. ඉතින් අපි දන්නවානෙ අවදානයේ මේ දෙන්නා කඩා වැටෙන්නෙ කොහෙටද කියලා, පෘතුවියට තමයි. ඉතින් කැල්-එල් නොහොත් සුපර් මෑන්ට වගේම ක්‍රිප්ටො නොහොත් සුපර් ඩෝග්ටත් සූර්යාගේ බලපෑම මත සාමාන්‍ය ඉක්මවූ බලයන් හිමි වෙනවා.
කැල් එල්ගෙ හොඳම යාළුවා වෙන්නෙ ක්‍රිප්ටෝ. ක්‍රිප්ටෝගේ හොඳම යාළුවා වෙන්නෙ කැල් එල්. ඔහොම කාලයක් දෙන්නා සතුටින් ඉන්නවා. හැබැයි තරුණ වයසට එද්දි අපෙ සුපර් මෑන්ට ලොයිස් ලේන් කියන එයාගේ සැබෑ ආදරය මුණගැහෙනවා. ඔන්න ඔතනදි තමා කතාවෙ හැරවුම් ලක්ශය වෙන්නෙ. ක්‍රිප්ටෝට මේක අවුල්. මොකද ක්‍රිප්ටෝ හිතාගෙන ඉන්නෙ සුපර්මෑන්ගේ ආදරය සහ සැලකිල්ල ලබන්න ඕණ එකම කෙනා තමන් විතරයි කියලා. අනික ක්‍රිප්ටෝ කියන්නෙ යාළුවො නැති කෙනෙක්. ඒකට හේතුව එයාගේ තියෙන අහංකාරකම. ඉතින් ලොයිස් කැල් එල්ට යෝජනා කරනවා ක්‍රිප්ටෝටත් අලුත් යාළුවෙක් හොයලා දෙමුයි කියලා. දැන් ඉඳලා ඉතින් අරගල සහ ආරවුල් තමයි ඉතින්.
ලොකුම ආරවුල මේක නෙමෙයි. හුරතල් සතුන් විකුණන සාප්පුවක වෙන දේයි… අහලා තියෙනවද සුපර් මෑන්ගේ පරම සතුරා ලෙක්ස් ලූතර් ගැන? වැඩේ කියන්නෙ මේ මිනිහා සහ මෙයාගේ සුරතලා කියාගන්න සතාත් මේ අරවුලටත් හවුල්. League of Super-Pets නොහොත් සුපිරි සුරතලුන්ගේ ලීගය කියන කණ්ඩායමේ එකතු වීමත් මේ චිත්‍රපටයෙන් දැකබලාගන්න පුලුවන්.
ලිපිය දිරවන්නෙ නෑ වගේද? එහෙනම් කොයිකටත් ට්‍රේලර් එක බලලා ඉන්න. මොකද මගේ ලිපිය නිසා මේ කතාව මග අරින්නෙ අපරාධෙ. ලස්සන කතාවක් මේකෙ අන්තර්ගතයි වගේම හොඳට හිනා වෙලා විනෝදෙන් බලන්නත් පුලුවන්. ඒ විතරක් නෙමෙයි මේ කතාවට හඬ නළුවන් විදිහට සම්බන්ධ වෙන්නෙත් එසේ මෙසේ කට්ටියක් නෙමෙයි, ආයෙ ඉතින් මේ කාලයේ ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම ගිහින් ඉන්න නළු නිළි තරු කැලක්.
මෙහි අධ්‍යයක්ෂණය Jared Stern සහ Sam Levine විසින් සිදු කර ඇති අතර Jared Stern සහ John Whittington කතාවේ රචනයෙන් හවුල් වී තිබෙනවා Dwayne Johnson, Kevin Harty, Kate McKinnon, Keanu Reeves සහ John Krasinski හඬකැවීම් දායකත්වය සපයනවා. කිව්වනෙ ලේසි පහසු කාස්ට් එකක් නෙමෙයි ඉන්නෙ. 😉
ඉතින් බලන්නකො සුපර් මෑන් සහ සුපර් ඩෝග් අතරට ආපු ලොයිස් ලේන් නිසා මොකක් වෙයිද? සුරතල් සත්ව සාප්පුවේ මොකක්ද වෙන දේ? ලෙක්ස් ලූතර් සහ එයාගේ හුරතලා කියලා කියාගන්න සතා කොහොමද මේ අවුලට සම්බන්ධ වෙන්නේ? League of Super-Pets කණ්ඩායමේ එකතු වීම කොහොම සිද්ධ වෙයිද? කියලා පවුලේ හැමෝම එකතු වෙලා රස විඳින්න.
තවත් උපසිරසකින් හමුවෙමු…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
14,066 downloadsDownload DC-League-of-Super-Pets-2022-Blu-Ray.zip123 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
- #2022
- #Dwayne Johnson
- #Editor's Pick
- #Jared Stern
- #John Krasinski
- #John Whittington
- #Kate McKinnon
- #Kevin Hart
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #Sam Levine
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #You Decide
- #උපසිරැසි
- #එල්. සී. දමැල්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
26 comments
AKEESHA
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Kantha_DLA
PSA website eke thiyana
aluth films walata sub denna..
Please.....
සංජන චමෝද්
එනකන් බලන් ඉදපු එකක්.
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
sahangayantha
thanks a lot saho sub ekata
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Kavindu Liyanage
Nope 2022 sub eka one
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Buddhika laKMal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
යුරාන් ධනුක (දනුවා)
බොහොම ස්තූතියි සහෝ
Anonymous
Nope 2022 sub eka ona
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Udara Damith
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Sameera
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි
nithin
muchas grazias...hermano...
Pasindu akesh
Thank you❤️❤️❤️❤️
Ruchira
Thanks for the sub!!!!!!
Anonymous
බොහොම ස්තුතියි ❤️❤️❤️❤️❤️
Choka
Me time ekatat subtitles dennako
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Choka
thanks for subs
Anonymous
Thanks Kamriyo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
umbrella academy sesone 3 sub den pulwand