මෙම සිනමාපටයට සොහොයුරන් දෙදෙනෙකු උපසිරසි එවා තිබූ බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි දෙදෙනාගෙම උපසිරසි පල කිරීමට තීරණය කළෙමු. වජිර රත්නායක සොහොයුරා විසින් එවන ලද ලිපිය… හින්දි සිනමාකරු බිමල්රෝයිගේ දේව්දාස් හින්දි චිත්‍රපටය පළමුවෙන්ම නරඹන විට මගේ වයස, මගේ මතකයේ හැටියට අවුරුදු දහ තුනක් හෝ දහ හතරක්…

මෙම සිනමාපටයට සොහොයුරන් දෙදෙනෙකු උපසිරසි එවා තිබූ බැවින් දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි දෙදෙනාගෙම උපසිරසි පල කිරීමට තීරණය කළෙමු.
වජිර රත්නායක සොහොයුරා විසින් එවන ලද ලිපිය…
හින්දි සිනමාකරු බිමල්රෝයිගේ දේව්දාස් හින්දි චිත්‍රපටය පළමුවෙන්ම නරඹන විට මගේ වයස, මගේ මතකයේ හැටියට අවුරුදු දහ තුනක් හෝ දහ හතරක් පමණ වන්නට ඇත. එවක ජාතික රූපවාහිනිය ඔස්සේ මාසිකව හින්දි චිත්‍රපට විකාශය කෙරුණු අතර ඒ සඳහා තෝරා ගැණුනේ උසස් යැයි සම්මත හින්දි සිනමාපටයි. දේව්දාස් චිත්‍රපටය නැරඹීමට පෙර සහ පසුව මා තවත් චිත්‍රපට ගණනාවක් රූපවාහිනිය ඔස්සේ නරඹන ලද නමුත් ඒ අන් කිසිදු චිත්‍රපටයක් දේව්දාස් සිනමා නිර්මාණය තරම් තදින් මගේ සිතත් මතකයත් ග්‍රහණය කර ගැනීමට සමත් වූයේ නැත. පසු කලෙක ඩී.වී.ඩී. පිටපතක් මිලදී ගැනීමෙන් පසුව වතාවකට පසු වතාවක් වශයෙන් මම මේ චිත්‍රපටය බොහෝ වතාවක් නැරඹූවෙමි. එසේ නරඹන ලද සෑම අවස්ථාවකම කලින් විඳගත් චමත්කාරය අඩුවකින් තොරව නැවත නැවතත් විඳ ගැනීමට හැකි වීමත්, පෙර වතාවල නොදුටු චමත්කාරයක් අලුතින් විඳගන්නට අවස්ථාව ලැබීමත් විශ්මය ජනක කරුණක් විය.
බිමල් රෝයි යනු සමකාලීන අනෙක් සිනමාකරුවන්ට වඩා සිනමා සෞන්දර්යය පිළිබඳව විශ්වාසය තැබූ සිනමාකරුවෙක් බව ඔහුගේ චිත්‍රපට නැරඹීමේදී පැහැදිලිවන කරුණකි. ඔහුගේ දේව්දාස් චිත්‍රපටයද විලම්බ ලයෙන් ගැයෙන ගීතයක් පරිද්දෙන් අවසානය දක්වාම ඒකාකාර රිද්මයෙන් ගලායන මනහර දර්ශනාවලියකින් යුක්තය. මේ දර්ශන අතර පුද්ගලිකව මා අතිශයින්ම ප්‍රිය කරන දර්ශන දෙකක් වේ. “ඕ අල්බේලේ පංචී” නම් ගීතය අවසානයේ කුඩා දේව්දාස් සහ පාර්වතී අතිනත් අල්ලා දිවයන දර්ශනය ඉන් එකකි. අනෙක් දර්ශනය වන්නේ තරුණ පාර්වතී, නගරයේ සිට ගමට එන දේව්දාස්ගේ මුහුණ දැක විළිබරව ආපසු හැරී දිව යන දර්ශනයයි. එසේම දේව්දාස් පිළිබඳව ඉදිරිපත් කෙරුණු විවාහ යෝජනාව ප්‍රතික්ෂේප වීමෙන් පසු පාර්වතීගේ මවුපියන්ගේ හැසිරීම, පොකුණ අසල හමු වී දේව්දාස් පාර්වතීගේ නළල තුවාල කිරිම, පාර්වතී සහ චන්ද්‍රමුඛීගේ හමුවීම ආදී අවස්ථා අනවශ්‍ය උද්වේගකාරිත්වයෙන් මුදවා අතිශය සිනමාත්මක ලෙස රූප ගන්වා ඇත. එක්සත් ජනපදයේ නෝවා විශ්ව විද්‍යාලය විසින් එදා මෙදාතුර හින්දි සිනමාවේ විශිෂ්ටතම චිත්‍රපට අතර දෙවැන්න වශයෙන් මෙම චිත්‍රපටය ශ්‍රේණිගත කිරීම සැබැවින්ම මෙම චිත්‍රපටයට ගරුකිරීමක් වශයෙන් කරන ලද්දක් නොවේ.
මේ චිත්‍රපටයේ එන බෙංගාලි ජන සංගීතයට නෑකම් කියන පසුබිම් සංගීතය මගේ හද බැඳගැනීමට සමත් වූයේ කවර ආකාරයෙන්ද චන්ද්‍රමුඛී නම් නාටිකාංගනාවගේ චරිතය නිරූපනය කරන වෛජයන්තිමාලාගේ නැටුම් දර්ශනද මගේ හද බැඳගැනීමට සමත් වූයේ එලෙසින්මය. ඇගේ නර්තන කෞෂල්‍යය චිත්‍රපටයට හානියක් නොවන පරිදි කලාත්මක අයුරින් භාවිත කොට මනහර නැටුම් දර්ශන පෙළක් මැවීමට සිනමාකරු සමත් වී ඇත. උපසිරැසි නිර්මාණය කිරීමට පරිගණකය ඉදිරියේ වාඩි වී ඒ කාර්යයෙන් මද ඉසිඹුවක් ලබමින් මා මෙහි එන සංගීතය සහ නැටුම් දර්ශන රස විඳිමට උත්සුක වූ වාර ගණනාවකි.
සාහිත්‍යය, සිනමාව ආදී ඕනෑම කලා නිර්මාණයක් තනිව රස විඳිය හැකි බව සත්‍යයකි. එහෙත් එයින් තමන් ලද රසාස්වාදය තවත් අය සමග හුවමාරුකොට ගැනීමෙන් ඊටත් වඩා රසාස්වාදයක් ලැබිය හැකිය. එබැවින්, දේව්දාස් සිනමාපටය ඔබ සමග හවුලේ රස විඳිමේ අපේක්ෂාවෙන් මගේ හතරවන උපසිරැසි නිර්මාණය වශයෙන් එම චිත්‍රපටයේ උපසිරැසිය ඔබ වෙත ගෙන එන්නට අදහස් කළෙමි. මේ චිත්‍රපටය නිර්මාණය කළ බිමල් රෝයි නම් අසහාය සිනමාකරුවාට පළමුව මගේ ප්‍රණාමය පුදකරමි. එසේම මේ චිත්‍රපටයේ උපසිරැසි ඔබ වෙත ගෙන එන්නට අවස්ථාව සලසා දුන් www.baiscope.lk වෙබ් අඩවියට ද මගේ විශේෂ ස්තූතිය පුද කරමි. තවත් චිත්‍රපටයක උපසිරැසියකින් හමුවන තෙක් ඔබෙන් සමුගනිමි.
විතානගේ ප්‍රියන්ත දයාකීර්ති සොහොයුරා විසින් එවන ලද ලිපිය…
මෙය ෆිල්ම් පෙයාර් සම්මාන තුනක් දිනූ “බිමල් රෝයි” සිනමාවේදියාගේ සුවිශේෂ සිනමා නිර්මාණයකි. හින්දි සිනමාවේ ජනප්‍රියතම චිත්‍රපට වර්ග කිරීම් අතර ඉහළ ස්ථානයක් ලබා සිටින, අහිමිවන ආදර සම්බන්ධතා කීපයක් ගැන කියවෙන, දිල්ප් කුමාර්, වෛජන්ති මාලා, රංගනයෙන් දායක වි සිටින, සංවේදී කතා පුවතක් රැගත් හින්දි චිත්‍රපටයකි. මෙය ද ශ්‍රී ලංකාවේ ඉතාමත් ජනප්‍රිය වූ චිත්‍රපටයකි. එමෙන්ම මෙහි ඇතුළත් හින්දි ගීත දැනට ද ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රියව පවතී.
මෙහි ප්‍රධාන චරිත වන්නේ දේව්දාස්, චන්ද්‍රමුකී, සහ පාරෝ ය. අසල්වාසීන් වූ දේව්දාස් සහ පාරෝ කුඩා කළ සිටම පාසල් ගියේ එකම තැනකටය. දෙදෙනා අතර විශේෂ සුහදත්වයක් පැවතිනි. දේව්දාස් පොහොසත් පවුලක කෙනෙක් වූ අතර පාරෝ දුප්පත් ගැහැනු ළමයෙක් විය. පසුව දේව්දාස්ගේ දඟකාර වැඩ නිසා ඔහුගේ පියා විසින් දේව්දාස්ව නගරයේ නතරකර එහි පාසලකට යවයි. මොවූන් වැඩිවියට පත් වූ පසුව පාරෝ ගැන විවාහ යෝජනාවක් ඇයගේ මව විසින් දේව්දාස්ගේ පවුලවෙත ඉදිරිපත් කරනු ලබයි. එයින් දේව්දාස්ගේ පියා කෝපයට පත්වේ.
ටික කලකට පසුව බිරිඳ මියගිය පොහොසත් කෙනෙකුට පාරෝව විවාහ කරදෙයි. මේ සියලු දේ සිදුවෙද්දී සිත් වේදනාවෙන් පෙළුණු දේව්දාස් ගමෙන් පිටවී ගොස් තම හිතවතෙකුගේ නිවසේ නතරවේ. එම තැනැත්තා තදින් මත්පැනට ඇබ්බැහිවී සිටින අතර දිනපතා නාටිකාංගනාවන් හමුවීමට යයි. ඔහුගේ අධික බල කිරීම් මත දේව්දාස්ද මත්පැනට ඇබ්බැහිවේ. පාරෝ ගැන දුකින් තැවෙන ඔහුට චන්ද්‍රමුකී නම් නාටිකාංගනාව මෙහි දී මුණගැසේ. එතැන් සිට ඔවුන් දෙදෙනා ආදරයෙන් බැඳේද? එය සාර්ථකවේ ද? එය නරඹලාම දැනගන්නට සුහදව ආරාධනා කරන්නෙමි!
මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “දෝස්ති“, “ආයි මිලන් කී බේලා“, ඇන් ඊවිනින් ඉන් පැරිස්“, බූට් පොලිෂ්“, “සංගම්“, “සාති” ,”මෙරා නාම් ජෝකර්” “අනාරි” යන පැරණි හින්දි චිත්‍රපට අට සිංහල උපසිරසි සහිතව ඩී.වී.ඩී. අලෙවි සැල්වල ප්‍රදර්ශනය කර තිබෙනු දැකීමෙන් මා හට අපමණ සතුටක් දැනේ. එක්තරා යුගයක අතිශය ජනප්‍රිය වූ මෙම චිත්‍රපට පසුගිය කාලයේ ඇහැට දකින්නටවත් නොතිබුණි. ජනප්‍රිය පැරණි හින්දි සිනමා චිත්‍රපට ගොනුව හැකි තරමින් රට පුරා සිංහල උපසිරසි සහිතව ව්‍යාප්ත කිරීම මාගේ උපරිම උත්සාහයයි.
මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන එකොළොස්වන සිංහල උප සිරසිකරණයයි. මේ චිත්‍රපටය පිළිබඳව ද ඔයාලාගේ අදහස් දක්වන්න. ස්තූතියි!
Due to copyright issues, we do not provide any torrent links.
Devdas – 1955 – Dilip Kumar , Suchitra Sen , VaijantimalaDevdas (Bimal Roy, 1955)
Devdas (1955) 384p Untouched WEB Hq – x264 – Eng Subs – Team IcTv Exclusive
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
367 downloadsDownload Devdas-1955Baiscopelk.com_.rar80 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වජිර රත්නායක” සහ “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
14 comments
maheshbabu
praneeth madu
නියමයි සහෝලා දිගටම සබ් දෙමු
ප්‍රේමකුමාර
අපගේ හදවත් කරුණ රසයෙන් රඤ්ජනය කරවන්ට සමත් පැරණි චලචිත්‍ර සමුච්චයක් සම්ප්‍රදානය කරන්නට වගුරුවන බුද්ධිමය ශ්‍රමයට තුති පිදීමට ක්‍රමයක් සිතා ගැනීමටත් අමාරුයි. මේ උපසිරැසි සැපයූ ඔබ දෙදෙනාට මෙසේ පතමි. ''මා තේ භවත්වන්තරායෝ ! සුඛී දීඝායුකෝ භව" ( කිසි විපතක් නො වේවා ! සැපැ'ති වේවා ! දීර්ඝා යුෂ ලැබේවා ! ) මෙය සියලු දෙනාගේ ම පැතුමයි.
ප්‍රේමකුමාර
G.B. 1.45ක් ඇති Hon3y පිටපතට තරමක් සීඩ් ඇත. පිටපත ද හොඳ බව පෙනේ. එම පිටපතට මෙම උපසිරැසි ගැළැපේදැයි නොදනිමි. දන්නා කෙනෙක් ඉන්නවානම් කියනවද? ලොකු උපකාරයක් වේවි.
Withanage Priyantha Dayakeerthi
"යූ ටියුබ්" එකේ ඇති 577 mb සහිත පැය 02:35:35 වීඩියෝවට "ප්‍රියන්ත දයාකීර්ති" නමින් ඇති උපසිරැසිය ගැළපේ.
Tharaka
සිංහල උපසිරැසියට දෙන්නාටම ගොඩාක් ස්තූතියි!
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබ දෙදෙනාටත් සදා ජය හා නීරෝගී සුව පතමි.kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Kulanjana Maduranga
niayamai…thanks sahola..sub ekata..digatama sub demu.jaya wewa……
Thilakarathna
මෙම පැරණි, චිත්‍රපට නැවත ගෙන ආවාට මගේ සතුට ප්‍රකාශ කරන්නෙමි. මේවාත් හරියට අපේ පැරණි ගීත වගේ සදාකාලිකවම රස විඳින්න පුළුවන්. අලුත් ගීතයකට ටික කලකින් මොකද වෙන්නේ? ඒ වගේ තමයි වර්තමාන බොහෝ චිත්‍රපටත්…
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
udaya saman
ela priyantha sahoo.me wage film site ekata watinawa
Withanage Priyantha Dayakeerthi
Face Book එකේ Priyantha Dayakeerthi ගිණුමට යන්න. එහි Old Hindi Movies With Sinhala Subtitals නාමයෙන් ඇති Group එකේ මෙහි වීඩියෝ ලින්ක් එක ඇත. එමඟින් මෙයට අදාළ නිවැරදි වීඩියෝව පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Priyantha Dayakeerthi
ෆේස් බුක් එකේ පැරණි හින්දි සිනමාපට සිංහලෙන් නරඹමු වෙබ් එකට ගොස් මෙයට අදාළ වීඩියොව ඩවුන්ලෝඩ් කරගත හැකිය.
Lasantharathnasirirox
බොහෝම ස්තූති සහෝ උපසිරැසියට...ඔබට ජය !!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

api meva balanne nathooooooooooooooooooooo......................