දායක දෙවිඳු මොනවගේ නමක්ද ඒ? වැඩි දෙයක් නැහැ. දෙන දෙයියෝ කිව්වනම් හරි. මොනවද දන් දෙන්නෙ? ශුක්‍රාණු! දෙන දෙයියෙක් නෙවෙයි බ්‍රහ්මයෙක්. හැමෝම ගෙදර සතුටින් නේද? 😃 ඔයාලා ඇඳිරි නීතිය වෙලාවේ එලියට යන්නත් එපා ඒ වගේම, ඉවත් කරපු වෙලාවට ඒ දුන්න උපදෙස් පිළිපදින්නෙ නැතිව කොහේවත් යන්නත් එපා.✋ මොකද අපේ රටේ මේ බරපත…

දායක දෙවිඳු මොනවගේ නමක්ද ඒ? වැඩි දෙයක් නැහැ. දෙන දෙයියෝ කිව්වනම් හරි. මොනවද දන් දෙන්නෙ? ශුක්‍රාණු! දෙන දෙයියෙක් නෙවෙයි බ්‍රහ්මයෙක්.
හැමෝම ගෙදර සතුටින් නේද? 😃 ඔයාලා ඇඳිරි නීතිය වෙලාවේ එලියට යන්නත් එපා ඒ වගේම, ඉවත් කරපු වෙලාවට ඒ දුන්න උපදෙස් පිළිපදින්නෙ නැතිව කොහේවත් යන්නත් එපා.✋ මොකද අපේ රටේ මේ බරපතළ රෝගයට බොහොම සාර්ථකව මුහුණ දෙමින් ඉන්නවා. ඒත් සමහර අය ආත්මාර්ථකාමී කමට ඒවාට පිටින් වැඩ කරනවා. මේ දවස් 4 ඇතුලත මරණ 4ක් වාර්තා වෙලා. ඒ වගේම අපි තවත් අවධානම් කලාපයකට වැටිලා. අපේ රටටත් දරාගන්න පුළුවන් ධාරිතාවයක් තියෙනවා. ඊට එහා ගියොතින් ලෝකයේ ප්‍රබල රටවලට වුණු වින්නැහිය තමයි අපටත්. මේ පුංචි රටේ අපිට බේරෙන්න ඕනෑවටත් වඩා වාසනාව තියෙනවා වගේම විශ්වාස කරන්න. මොකද අපට මේකෙන් පස්සෙ කරන්න දේවල් ගොඩක් තියෙනවා.
ගෙදරට වෙලා ඉන්න වෙලාවෙ, බයිස්කෝප් විසින් ඔයාලට රසවිදින්න චිත්‍රපටි, කතාමාලා, ඇනිමේෂන් හැම දෙයක්ම සිංහලෙන් දෙනවා. ඉතින් මේ ඉන් එක ඉදිරිපත් කිරීමක්. බ්‍රහ්මයා තමයි මිනිස්සු මවන්නෙ. ඒ නිසයි මම ‘දෙන බ්‍රහ්මයා’ කිව්වෙ. මොකද දෙන්නෙ දරුවෝ. මම කලින් කියන් උන්නෙ ශුක්‍රාණු දානය ගැන. ගොඩක් චිත්‍රපටි බලන අයට මේක අලුත් කාරනාවක් නෙවෙයි. කොටින්ම කියනව නම් මේ ෆිල්ම් එක Vicky Donor (2012) ෆිල්ම් එකේ රීමේක් එකක්. හින්දි චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තබපු චිත්‍රපටයක්. ඒකෙම දෙමළ වර්ශන් එකක් කිව්වහම ගණන් ගන්නෙ නැතිව ඇති. කොහොම හරි මම දන්නවා ඩොක්ටර්ගේ චරිතයට විවේක් දුන්න වැඩ කෑලි වෙන කෙනෙක්ට දාන්න බැහැ කියලා. ඒ චරිතය එයාටම ලියවුණ එකක් කියලයි මට හිතෙන්නෙ. මොකද විවේක් ගොඩක් වෙලාවට රඟපෑව චරිත මේ ගණයට තමයි වැටෙන්නෙ. මුලා කිරීම, ආත්මාර්ථකාමී වීම, අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම, නොපසුබට ධෛර්යය විහිළු චරිතයක තියෙන්න පුළුවන් ලක්ෂණ කිහිපයක්. ලන්ඩන් ඉඳන් ආව උපාධිධාරී දොස්තර කෙකෙනෙක්ගෙ කතාව තමයි මේ විදිහට දිග ඇරෙන්නෙ.
Pyar Prema Kadhal (2018) චිත්‍රපටයේ Harrish Kalyan මෙහි ප්‍රධාන චරිතය විදිහට රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම Tanya Hope තමයි මේකේ ප්‍රධාන නිළිය. තමන්නා කියලා ටානියාට රැවටෙන්න එපා. මෙයා තෙළිඟු නිළියක්. මේක ආදර කතාවක්. නොහිතූ ආදරයක් ගැන කතාවක්. කොල්ලෙක් කෙල්ලෙක් ගෙන් පටන් ගෙන විවාහයෙන් ඉවර වෙන ආදර කතාවක් නෙවෙයි. ( ඊට පස්සෙ මොකද වෙන්නේ😅 මන් දන්නෙ නැහැ.) මේ ආදර කතාවෙදි බාල්දි දාන්න ඉන්න අය, ගොට්ට අල්ලන්න අය, ප්‍රශ්න වැඩි කරන අය, ප්‍රශ්න විසඳන අය හැමෝම ඉන්නවා. පුළුවන් නම් එදිනෙදා ඇතිවෙන ඒ ප්‍රශ්න ලැයිස්තුවක දාන්න. උත්තරය එතනින්ම හම්බ වෙයි. ඒ වගේම ආදරය විවාහයකින් ඉවර වෙන දෙයක් නෙවෙයි. ආදරය කරන්න හැමෝටම පුළුවන්. ආදරය විවිවිධාකාරයි. “ඔයා බලාපොරොත්තු වෙන්නෙ කෙනෙක්ගෙන් ආදරය විතරයි නම්, එතන හැමදේම පිරිලා තියෙනවා.”
නොදන්නා අයට දැන ගැනීමට 😮 වගේ කියන්නම්. (*චිත්‍රපටයේ රස වින්දනයට බාධාවක් විය හැකිනම් මේ කොටස නැරඹීමෙන් පසුව කියවන්න.) ශුක්‍රාණු දන් දීම මඟින් කෘතීම සංසේචනය ඇති කරලා දරුවන් බිහි කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක භාවිතයට ගැනෙන්නෙ, පුරුෂයින්ගේ ලිංගික දුබලතා ඇති අවස්ථා වල. ඒ වගේම කාන්තාවන්ගේ දුබලතා තියෙන අවස්ථාවන් වලදි ඒකට දෙපාර්ශවයේම ජාන වෙනත් කාන්තාවකගේ ගැබක තැන්පත් කර දරුවන් බිහි කරනවා. දන් දුන් ශුක්‍රාණු වලින් බිහිවන දරුවා දන් දුන් තැනැත්තාගේ ජාන දරණවා. වෙනත් කාන්තාවක් විසින් දරණු ලැබු ළදරුවා ජාන ලබා දුන් යුවලගේ ලක්ෂණ ගන්නවා කියලා කියනවා. සාමාන්‍ය පෙළ පන්ති වලදි සංසේවනය ගැන පාඩමක්ම තියෙනවා. ඒ වගේම ශුක්‍රාණු දන් දෙන්නාගේ හොඳ ගුණත්වයක් තියෙන්න ඕනේ. ඒක පරම්පරා අනුව වෙනස් වෙනවා. දරුවන් වැඩි පිරිසක් ඉන්න පවුල් වල මේ ශක්තිය වැඩියි. ඒ වගේම දරුවන් බිහි කිරීමේ ප්‍රමාණයත්. මෙවැනි ප්‍රතිකාර ලෝකයේ පවතිනවා. ඒත් රහසිගතව කෙරෙන නිසා එලියට පිට වෙන්නෙ නැහැ. ඒත් මේකේ කිසිම නීතිවිරෝධී කමක් නැහැ කියලයි කියන්නෙ.
හැමෝම ගෙදරට වෙලා බයිස්කෝප් එකක් බලන් ඉන්න! කමෙන්ට් කරලා සහය දෙන හැමෝටමත් බයිස්කෝප් මඩුල්ලටත් බොහොම ස්තූතියි! 🙏 ලොවේ සැවොම කොරෝනා උවදුරෙන් ආරක්ෂා වෙත්වා! හැමෝම බුදු සරණයි!🙏 දෙවි පිහිටයි!🙏
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි True Web පිටපත් සඳහා අදාළ වේ.
9,976 downloadsDownload Dharala-Prabhu-2020.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
13 comments
Kantha_DLA
Chethiya
Rab ne bana di jodi 2008 hindi film eke sub eka dennako
Anonymous
Sub eka wda keranne nane khmda hadagnneeee plz
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ..!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Vilochan_Yasas_Sri
Gghh
santhusha319
thanks bro
Krishan udayanga
MATA DDIREKT LINK EKAK DENKO DOWNLOAD KRGNA
Kavinu
විකී ඩෝනර් ආතල් එක ටැමිල් වර්ෂන් එකෙන්...
ස්තූතියි උපසිරැසියට!wajira
Thanks for sub
Arawinda Sunimal
thanks sub ekata jayawewa..............
ශසිත් සඳරුවන්
සබට තුති වේවා...
දිගටම සබ් දෙමු ආ...
ජය!Anonymous
2019 dharmaprabhu film එකේ සිංහල සබ් නැද්ද
Advertisement
![Dharala Prabhu (2020) Sinhala Subtitles | දායක දෙවිඳු [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/DHARALA-PRABHU-2020.jpg)

… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!