ඔන්න තවත් බයිස්කෝප් රසිකයන්ගේ ඉල්ලීමක් ඉටු කරන්නයි යන්නේ. ඉල්ලලා තිබ්බ චිත්‍රපට අතරින් මේක තෝරගත්තේ මගෙත් ප්‍රියතම නළුවා ශාරුක් ඛාන් නිසයි. ඉගෙනීම් කටයුතු අතරේ කරපු නිසාත් මේක ගේන්න නම් ටිකක් පරක්කු වුනා. මේ චිත්‍රපටය ගැන නම් ගොඩක් දෙනෙක් දන්නවා ඇති. 1998 අගෝස්තු 21 තිරගත කිරීම් ආරම්භ කළ මෙම චිත්‍ර…

ඔන්න තවත් බයිස්කෝප් රසිකයන්ගේ ඉල්ලීමක් ඉටු කරන්නයි යන්නේ. ඉල්ලලා තිබ්බ චිත්‍රපට අතරින් මේක තෝරගත්තේ මගෙත් ප්‍රියතම නළුවා ශාරුක් ඛාන් නිසයි. ඉගෙනීම් කටයුතු අතරේ කරපු නිසාත් මේක ගේන්න නම් ටිකක් පරක්කු වුනා.
මේ චිත්‍රපටය ගැන නම් ගොඩක් දෙනෙක් දන්නවා ඇති. 1998 අගෝස්තු 21 තිරගත කිරීම් ආරම්භ කළ මෙම චිත්‍රපටය මනි රත්නම්ගේ අධ්‍යක්ෂණයක්. සංගීත අධ්‍යක්ෂණය ඒ.ආර්.රෙහ්මාන්. අතිශය ජනප්‍රසාධය දිනාගත් “Chayya Chayya”, “Jiya Jale”, “Dil Se Re” වැනි ගීත රැසක්ම මෙහි අඩංගු වෙනවා. ප්‍රධාන චරිත වලට දායකත්වය දක්වන්නේ ශාරුක් ඛාන් (අමර් කාන්ත් වර්මා ලෙස) සහ මනීශා කොයිරාල (මේග්නා ලෙස). තම දිවියේ ප්‍රථම චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දෙමින් සහය නිළියගේ චරිතයට දායකත්වය දක්වන්නේ සුරූපී නිළි ප්‍රීති සින්තා (ප්‍රීති ලෙස).
අතිශය ජනප්‍රසාදය දිනාගත් මෙම චිත්‍රපටය සම්මාණ රැසක්ම දිනාගත්තා.
1999 ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ දී,
- හොඳම සංගීත අධ්‍යක්ෂණය – A.R.Rahman
- හොඳම ගී පද රචනය – Gulzar for “Chaiyya Chaiyya”
- හොඳම පසුබිම් ගායනය – Sukhwinder Singh for “Chaiyya Chaiyya”
- හොඳම නවක නිළිය – Preity Zinta
- හොඳම නර්තන වින්‍යාසය – Farah Khan for “Chaiyya Chaiyya”
- හොඳම කැමරා අධ්‍යක්ෂණය – Santosh Sivan
යන සම්මාන දිනා ගත්තා. ඒ වගේම හොඳම නිළිය ලෙස මනීශා කොයිරාලත්, හොඳම සහය නිළිය ලෙස ප්‍රීති සින්තාත් නාම යොජනා දිනා ගත්තා.
වටපිටාවෙන්…
මේ චිත්‍රපටය තමයි මනි රත්නම් අධ්‍යක්ෂණයෙන් දායක වුනු පළමු හින්දි චිත්‍රපටය. ආදායම් අතින් ඉන්දියාවේ ටිකක් අසාර්ථක වුනත් එක්සත් රාජධානියේ බොක්ස් ඔෆිස් වාර්තා වල මුල්ම 10 අතරට පැමිණි පළමු ඉන්දියානු චිත්‍රපටය වන්නේද මේ චිත්‍රපටය යි. චිත්‍රපටයේ එන සමහර නිදහස් සැමරුම් දර්ශන අරගෙන තිබෙන්නේ ඇත්තම 50 වන නිදහස් සැමරුම් දර්ශන වලින් වීමත් විශේෂත්වයක්. මේ චිත්‍රපටයේ “Chal Chaiyya Chaiyya” ගීතයේ දැක්වෙන දුම්රිය උඩ කරන නර්ථනය සඳහා ශාරුක් කිසිදු ආධාරකයක් භාවිතා නොකළ බවයි සඳහන් වෙන්නේ. ඒ වගේම දැනටත් IMdb දර්ශකයේ 7.8 ක් වැනි ඉහළ අගයක රැදී සිටින්නට සමත්කමක් දක්වා තිබෙනවා.
දැන් කතාව ගැන බලමු. අමර් කාන්ත් වර්මා කියන්නේ “ඕල් ඉන්දියා රේඩියෝ” එකේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්. ඔහුට සිද්ධ වෙනවා දිල්ලි වල ඉඳන් අසාම් වලට ගිහින් නිදහසෙන් පසු ගෙවුනු වසර පනහේ ඉන්දියාවේ සංවර්ධනය පිළිබඳ මහජන අදහස් ලබාගන්න. ඇත්තටම ඒ ප්‍රදේශය ත්‍රස්ථවාදී ක්‍රියාකාරකම් බොහොමයක් තිබෙන ප්‍රදේශයක්. ඉතින් මේ යන ගමන ආරම්භයේදී ස්ටේශන් එකේදී මහා වැස්සක් ඇදහැලෙන වෙලාවේ සීතලේ ගුලිවෙලා ඉන්න මේග්නාව මෙයාට මුණගැහෙනවා. කිසිම කතා බහක් නැතිව හිටිය මේග්නාට මෙයා වශී වෙනවා. මේග්නාව කතාවට අල්ලගන්න විවිධ උප්පරවැට්ටි යෙදුවත් එයා නිහඬයි. අන්තිමේදි මෙහෙම කියනවා. ” උණුවෙන් තේ එකක් ” . කොල්ලෙක්ට ඉතින් ඕක මදෑ. අමර් තේ එකක් අරන් එන්න ගිය අතරේ ආපු කෝච්චියේ නැගලා මේග්නා යන්න යනවා. අමර් දුවගෙන ආවත් කරන්න දෙයක් නෑ. මේ නාඳුනන්නිය කෝච්චියත් එක්කම යන්න යනවා. අමර් කියන විදිහට මේක තමයි “ලෝකේ කෙටිම ආදර කතාව”.
මම ඔය විස්තර කරේ චිත්‍රපටයේ මුල් මිනිත්තු කිහිපය විතරයි. තවත් දැනගත්තොත් චිත්‍රපටය රස වින්දනයට බාධාවක් වෙන්න පුලුවන්. ඉතින් අමර් කියන විදිහට මේක ලෝකේ කෙටිම ආදර කතාව වෙයිද? මේග්නා කියන්නේ කවුද? ප්‍රීති මේ කතාවට එකතු වෙන්නේ කොහොමද? අමර් හොයන්න ගිය විදිහට නිදහසෙන් පස්සේ ඉන්දියාවේ සංවර්ධනය කොහොමද? නිදහස් වුනාට ත්‍රස්ථවාදීන්ගෙන් රට නිදහස් වෙලාද? මේවට උත්තර හොයාගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.
අවසාන වශයෙන් ස්තූති කිරීමක් කරන්න තියෙනවා. රසික හදවත් දිනාගත් සම්මාණනීය ගීත ඇතුලත් නිසාම මම හිතුවා ගීත ටිකත් ඒ වගේම දක්ෂ, ගීත පරිවර්තනය සඳහා සුදුසුම කෙනාට දීලා පරිවර්ථනය කරගන්න. ඉතින් ඒ ගීත ලස්සනට පරිවර්ථනය කරලා දුන්න ආසිරි ප්‍රියන්ත(පොඩි ශාරුක්) සහෝදරයටත් ගොඩක්ම ස්තූතියි. ගොඩක් වැඩ අස්සේ සෑහෙන කට්ටක් කාලා තමයි මේ සින්දු ටික පරිවර්ථනය කරලා දුන්නේ. එහෙනම් අදට සමුගන්නවා. අමතක කරන්න එපා, හදවතින්ම අදහසක් පළකරොත් බාරගන්නෙත් හදවතින්මයි.
තවත් උපසිරැසියකින් හමුවෙමු.
ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Dil-Se-1998-Www.MoviezLove.Com-720p-DVDRip-x264
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
9,623 downloadsDownload Dil-Se-1998.zip70 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/fb-e1442892712231.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-03-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශසිත් සඳරුවන් (සඳේ)
Subtitles
35 comments
කසුන් හර්ෂණ
Helili Hemamali
නියමයි මල්ලි. දිගටම සබ් දෙමු.
Isuru
Thanks supiri film ekak puluwannam me film dekath denna Deewange 2002, Gupt 1997 jaya wewa
රමිත්
ෂාරුක්ගේ එකක් නම් අත අරින්නේ නෑ සහෝ.
අනිවා බැලිල්ලක් තමයි.
මේ වගේ එකකට සබ් දුන්නට ගොඩක්ම ස්තුතියි.
ජයෙන් ජය.Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!kumara
ශාරුක්, මනිරත්නම් කියන්නෙ සුපිරිම ඩබලක්. එල එල. ගොඩාක් පිං සහෝ සබ් එකට. ජයවේවා.
Chanaka Hasitha Naveendra
Link Eka ewanako
shasith sandaruwan
බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සයිට් එකේ ලිංක් එක දානකල් මම ගත්ත ලිංක් එක දෙන්නම්.
moviescounter.co/drama/dil-se-1998-movie-free-download-720p-bluray/Chanaka hasitha
Thnx mcn ela
KAVINDA GAMAGE
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.අනේ මේ වගේම Koi Aap Sa full movie 2005
Kucch To Hai (2003) ෆිල්ම් දෙකත් කරන මෙන් කරුනිකව ඉල්ලා සිටිනවා.
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…C. R. ජයලත්
නියමයි අයියා ජය වේවා!!!!!
Anjana
Yhnkz krnwa sub ekta..puluwn nm Sharukge Anjaam film ekta sub eka denna...man balpu lassana kathawak..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•| ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~
Chinthana Chandradeepa
මම බලන් හිටියේ මේක දානකම්
බොහොම ස්තුතියි සහෝ..!!!Chinthana Chandradeepa
මොකද තාම මේක බයිස්කෝප් එකේ නැත්තේ කිය කිය හිටියේ
බොහොම ස්තුති සහෝ ...!!!Ruchira Senevirathne
මේකට thanks
ශාරුක්ගේ අනිත් පරන ඒවටත් සබ් දෙන්න
12ka4 එක මරු:) :)
;)Yumal Kasun
thankZZZZZZZZ bro!!!!!!!!!!!!
Roshan
එල්ම් බ්න් thnzzz.
Sinhala sub mekata hoya hoya edeye..
Dannawanm sharukhan me wage hoda film tikk comment karannakoSalinda
ලිපිය එලටම තියෙනවා ..
Dulha Mil Gaya (2010) Sharukh Khan ගේ ෆිල්ම් එකක්
Role Models (2017) මලයාලම්
Meesaya Murukku (2017) Hip Hop Thamiza ගොඩක් දෙමල ෆිල්ම් වල රැප් සින්දු කරන තරුවකගේ ආගමනය .. පළමු සිනමාපටය
Avarude Raavukal (2017) මලයාලම්
ෆිල්ම් වලට පුළුවන් නම් සබ් දෙන්න … පුළුවන් නම් අනිත් සබ් කරන අයට පොඩ්ඩක් කියන්න .. ජය
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
M.S.U.C.Diaz
Bo Thuthi…~
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ashen
Half girl friend Sinhala sub danawada
samanmali
Lafzon Ki Kahani (2016),Half Girlfriend (2017) sub plz..
චාරුක ලක්ෂිත
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…samadhy
thank u
Pradeep
niyamai bro
Thanks...Happy Future........juniorsrk
mein srk fan hogaya
sageethnirasha
Thanks
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි ශසි....ජයවේවා !!!
Udara
ගොඩක් ස්තූතියි සහෝ මේකට සබ් දුන්නට ..පරණ ෆිල්ම් එකක් වෙලත්
Vimukthi
dil se movie eke subtitles galapenne nhne
C. fdo
Webdl or bluray update ekk dennko
C. fdo
Kyon ki salman khan ge film ekath sub dnnko❤️❤️
Advertisement

මේක ශාරුක්ගෙ සුපිරිම ෆිල්ම් වලින් එකක්. තෑන්ක්ස් බ්‍රෝ. අනිවා බලනවා. පුළුවන්නම් ශාරුක්ගෙ තව පරණ ෆිල්ම් වලට සබ් දෙන්න. Great Work සඳේ.