Watch Trailer

Following (1998) with Sinhala Subtitles | ක්‍රිස්ටෝපර් නෝලන්ගේ සිනමාගමනය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් රුපවාහිනි කතාමාලා දෙකකට පස්සේ මන් අතගැහුවේ පරණ උනත් සුපිරි නිර්මානයකටයි. යමක් පරණ වෙන්න පරණ වෙන්න අගය වැඩිවෙනවා වගේ තමයි මේ ෆිල්ම් එකත්. මොකද මේක තමයි සුප්‍රසිද්ධ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් නෝලන් මහත්මයාගේ කුළුඳුල් චිත්‍රපටය. ඉතින් අලුතෙන් ආපු මොන ෆිල්ම් එක බැලුවත් වැඩක් නෑනේ පලවෙනි එක බලන්න…

ඔන්න එහෙනම් රුපවාහිනි කතාමාලා දෙකකට පස්සේ මන් අතගැහුවේ පරණ උනත් සුපිරි නිර්මානයකටයි. යමක් පරණ වෙන්න පරණ වෙන්න අගය වැඩිවෙනවා වගේ තමයි මේ ෆිල්ම් එකත්. මොකද මේක තමයි සුප්‍රසිද්ධ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් නෝලන් මහත්මයාගේ කුළුඳුල් චිත්‍රපටය. ඉතින් අලුතෙන් ආපු මොන ෆිල්ම් එක බැලුවත් වැඩක් නෑනේ පලවෙනි එක බලන්නේ නැතුව, ඒක නිසයි අපේ අඩවියේ ලොකු අඩුපාඩුවක් උන මේ ෆිල්ම් එකට මන් උපසිරසි හදන්න තීරණය කලේ. මිට කලින් ඔහු විනාඩි 3ක පමණ කෙටි චිත්‍රපටයක් නිර්මානය කරලා තියෙනවා. හැබැයි වෘතියමය වශයෙන් ගත් පළමු උත්සාහය තමයි මේක. පසුකාලීනව ඔහුගේ චිත්‍රපටිවල ජනප්‍රිය අංගයක් වූ කාල රාමු වල නොගැලපීමේ ක්‍රමවේදයේ ආරම්භයත් මේ චිත්රපටියෙන්ම දකින්න පුළුවන් වගේම ආරම්භයේ ඉඳන්ම ඔහු ප්‍රේක්ෂකයාව අතරමන් කරන්න දක්ෂයෙක් වග මනාවට ඔප්පුකරලා තියෙනවා.එහෙනම් ඉක්මනට ෆිල්ම් එක ගැන පොඩ්ඩක් කියල ඉන්නම්.

මුලින්ම කියන්න ඕනේ IMDb දර්ශකයේ 7.5 ක අගයක් හිමිකරගන්නා තරම් හොඳ නිර්මාණයක් තමයි මේක. මේක එතුමාගේ කුළුඳුල් චිත්‍රපටය නිසා බොහොම සීමිත පිරිවැයකින් තමයි ඔහු නිර්මාණය සම්පුර්ණ කරලා තියෙන්නේ. ඒ නිසාම මේක කළු සුදු චිත්‍රපටියක් ලෙස තමයි එළිදක්වන්න සිදුවෙලා තියෙන්නේ. හිතාගන්න පුලුවන්ද, ඩොලර් 6000 කින් නිර්මාණය කරලා බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් 48,482ක් උපයාගෙන තියෙනවා. රුගතකිරීම් සියල්ල සිදුකරලා තියෙන්නේ ලන්ඩන් නගරයේ. මුදල් නොමැතිකම නිසාම ඔහු සතිය පුරා රැකියාව කරලා සොයාගත් මුදල් වලින් සෙනසුරාදා දිනය පුරා විතරයි රුගතකිරීම් කරලා තියෙන්නේ. ඒ මාස හතරක පමණ කාලයක්. කොටින්ම කියනවනම් ආලෝකකරණය පවා භාවිතා නොකර ස්වභාවික ආලෝකයෙන්ම තමයි ෆිල්ම් එක රූගත කරලා තියෙන්නේ. එහෙනම් මන් ෆිල්ම් එකේ කතාව ගැන පොඩ්ඩක් කියලම ලිපිය ඉවරයක් කරන්නම්.

ලේඛකයෙක් වෙන්න සිහින දකින තරුණයෙක් ලන්ඩන් නගරයේ ඇවිදින සාමාන්‍ය මිනිස්සු පස්සේ ගිහින් එයාලගේ දින චර්යාව ගැන අධ්‍යනය කරන්න පුරුදු වෙලා ඉන්නවා. නමුත් ඔහු ඉතාම සුක්ෂම ලෙස හොරෙන් තමයි මේක කරන්නේ. මෙහි මූලික පරමාර්ථය වෙන්නේ තමන්ගේ පලවෙනි පොතට කරුණු එකතුකරගැනීම. ඉතින් ඔහොම යද්දී දවසක් ඔහු දකිනවා ලොකු බෑග් එකක් උස්සගත්තු වැදගත් විදිහට ඇඳ පැළඳගෙන යන තරුණයෙක්ව. ඔහුගේ පස්සෙන් මොහු රෙස්ටුරන්ට් එකකට යනවා. එතනදී අර තරුණයා මෙයා ගාවට එකපාරම ඇවිත් අහනවා ඇයි මගේ පස්සෙන් එන්නේ කියල.. ඔතනින් තමයි ඒ අපේ ලේඛකයාගේ ජිවිතේ කණපිට හැරෙන්නේ…

මෙතනින් එහාට මන් මුකුත් කියන්න යන්නේ නෑ. මොකද අධ්‍යක්ෂවරයා ගැන ඔයාලා දන්නා නිසා මන් විශ්වාස කරනවා මුල ඉදන් අගට හොඳින් කතාව බැලුවේ නැත්තන් තේරුම්ගන්න අපහසුවෙන බව. මන් වැඩි විස්තරයක් මෙතන කිවුවොත් ඔයාලගේ රසවින්දනයට බාධාවක් වෙන නිසා මෙතනින් නවතිනවා.
ඉතින් මන් ස්ථිර වශයෙන්ම කියනවා කළු සුදු උනත් මේකේ රසවින්දනයනම් උපරිමයි කියල.

එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝම පරිස්සමින් ගෙවල් වලට වෙලාම ඉන්න.

බයිස්කෝප් අඩවියට ජය.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.

3,103 downloadsDownload Following.1998.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

3,103 downloadsDownload Subtitles35 KB

17 comments

  1. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් විශිෂ්ට අධ්‍යක්ෂවරයකු වන Martin Scorsese ගේ Silence 2016 චිත්‍රපටයට උපසිරැසි දෙන්න පුලුවන්ද?

  2. Udara Damith

    reewjkk

  3. Harvey O'brien

    සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  4. Roshan

    Sub ekata Thank you bro....

    Puluwan nam 'Traitor (2008)' movie ekata sub ekak denna...

    Thanks......

  5. indika75

    thanks..

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  8. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  9. ravidu ishan

    සබ්එකට Tnx Mchn,, ✌️✌️

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. Jaliya

    මේ දීලා තියෙන කොපි එක සබ් එකට මැච් නෑ බ්‍රෝ

  12. Dewadithya

    Thanks for Sub!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Mahinsa

    thanks bro

  15. MAALNATH

    thanks.........good luck.............

  16. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  17. nilanka

    thanks....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.