Watch Trailer

Force (2011) Sinhala Subtitles | සොඳුරු ජීවිත අහිමි මිනිස්සු. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මම මගේ තුන්වෙනි උපසිරසියත් ඔයාලට ගෙනාවා. ඉතින් මුලින්ම මතක් කරන්න ඕන පුංචි comment එකකින් හරි අදහසක් දක්වපු හැමෝවම. ඒ හැමෝටම අනේක වාරයක් ස්තුතියි. ඒ වගේම තමයි මේ පොඩ්ඩගෙ පොඩි පොඩි වැඩවලට ලොකු ලොකු comment කරපු ලොක්කන්ටත් ස්තුතියි. Download ගාන comment ගාන අඩු වුණාට හැමෝටම හොඳ නිර්මාණ දෙකක් දෙන…

Force (2011)

ඔන්න මම මගේ තුන්වෙනි උපසිරසියත් ඔයාලට ගෙනාවා. ඉතින් මුලින්ම මතක් කරන්න ඕන පුංචි comment එකකින් හරි අදහසක් දක්වපු හැමෝවම. ඒ හැමෝටම අනේක වාරයක් ස්තුතියි. ඒ වගේම තමයි මේ පොඩ්ඩගෙ පොඩි පොඩි වැඩවලට ලොකු ලොකු comment කරපු ලොක්කන්ටත් ස්තුතියි. Download ගාන comment ගාන අඩු වුණාට හැමෝටම හොඳ නිර්මාණ දෙකක් දෙන්න පුළුවන් වුණා කියල හිතනවා. ඉතින් ඔන්න ජනවාරි මාසය ඇතුළත තුන් වෙනි උපසිරසි නිර්මාණයත් දෙන්න පුළුවන් වුණා. ඒ වගේම නොසැලී ඉදිරියට යන ගමන් තවත් හොඳ නිර්මාණ කීපයක් ඔයාලට දෙන්නත් සූදානම් වෙමින් ඉන්නෙ.

ඔන්න ඉතින් ආයෙමත් අරන් එන්න වුණේ පරණ එකක්. එච්චර පරණ නැහැ. 2011 ආව එකක්. කලින් දෙක වගේම මේකත් හින්දි. සමහර අය බලල ඇති. නොබලපු අයත් ඇති. බලපු නොබලපු ඔක්කොටම බලන්න ඔන්න තියනවා.

චිත්‍රපටිය ගැන කිවුවොත් Jhon Abraham සහ Genelia D’Souza ප්‍රධාන චරිත නිරූපණය කරනවා. Jhon Abraham ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. Genelia නම් තෙළිඟු චිත්‍රපටිවල ගොඩක් දැකල ඇති. එයත් ගොඩක් දක්ෂ යොවුන් නිළියක්. අනිත් එක්කෙනාත් නියම වැඩ කාරයෙක්. හැමෝම Commando (2013) බලන්න ඇතිනේ. ඒ නිසා හැමෝම Vidyut Jamwal ගැන නම් දන්නව ඇතිනේ. ඔහුත් මේ චිත්‍රපටයේ වැදගත් චරිතයකට දායක වෙනවා. ඔහුව සිනමාවට හඳුන්වාදුන් චිත්‍රපටය ලෙස මේ චිත්‍රපටය දක්වන්න පුළුවන්. එයාගෙ වැඩ නම් ඉතින් දන්නව ඇතිනේ. තවත් කිවුවොත් මිනිත්තු 138ක කාලයක් ධාවනය වන මෙම චිත්‍රපටය Nishikanth Kamath විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූවක්. ඒ වගේම IMdb දර්ශකය 6.1ක අගයක් ලබාදී තිබෙනවා.

ඒත් මම ලස්සනට කතා කියන්න දන්නෙ නැහැ. කොහොම හරි මම ටිකක් කතාව කියන්නම්. රාජකාරිය නිසා පොලිස් නිලධාරියෙකුට කරන්න සිදුවෙන කැපකිරීම් ගැන මේකෙන් ගොඩක් කියවෙනවා. ඇත්තටම පොලිස් නිලධාරීන් කියන්නෙ සුන්දර ජීවිත අහිමි මිනිස්සුද? එයාලගෙ ජීවිත කොච්චර අවධානමකද තියෙන්නෙ? එයාලගෙ රැකියාව එයාලගෙ ජීවිතයට කොච්චර බලපානවද? ඒක තේරුම් ගන්න නම් පොලිස් නිලධාරියෙක් වෙන්නම් වේවි. මෙහෙමයි කතාව. ACP යශ්වර්ධන්(Jhon Abraham ) තමයි මේ කතාවෙ නායකයා. මෙයාට මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයො අල්ල ගන්න මෙහෙයුමක් භාර දෙනවා. එයා අර්වින්ද් කියල කෙනෙක්ගෙ උදව්වෙන් මත්ද්‍රව්‍ය කණ්ඩායම් ඔක්කොම බිඳ දමනවා. ඒත් එයාට පස්සෙයි තේරුම් යන්නෙ මේ අර්වින්ද් මෙයාට උදව්කළේ ඇයි කියල. අර්වින්ද් ගෙ උදව්වෙන් අනෙක් කණ්ඩායම් විනාශ කළාට පස්සෙ අර්වින්ද්ගෙ ලොක්කා අන්නා සහ එයාගෙ සහෝදරය විශ්නු මත් ද්‍රව්‍ය ලෝකය පාලනය කරනවා. කොහොම හරි, වැටලීමකදී යශ්වර්ධන් සහ එයාගෙ කණ්ඩායම අතින් අන්නා මරණයට පත් වෙනවා. අන්නාගෙ මරණය නිසා විශ්නු යශ්වර්ධන්ගෙ මුලු කණ්ඩායමෙන්ම පළි ගන්න සැලසුම් කරනවා. මේ ඔක්කොම අස්සේ ACP සර්ගෙයි මායාගෙයි ලස්සන ආදර කතාවකුත් යනවා.ඔය ඇතිනේ. මේකත් කම්මැලි නැතුව බලන්න පුළුවන් චිත්‍රපටියක්. මම නම් කියන්නෙ බලපු නැති අය බලන්න කියල.

වැරදි හැකි තරම් අඩු කරන්න උත්සාහ කළා. යම් ආකාරයකින් වැරැද්දක් සිදු වෙලා නම් ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා. ඉතින් ආයෙමත් මේ පොඩ්ඩගෙ පොඩි පොඩි වැඩ වෙනුවෙන් පොඩිම පොඩි comment එකක් දාල යන්න. ඔක්කොටම ජය වේවා! අපි තවත් ලස්සන චිත්‍රපටියක් සමග ඉක්මනටම හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

11,165 downloadsDownload Force.2011.baiscopelk.zip100 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/aditha.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

11,165 downloadsDownload Subtitles100 KB

58 comments

  1. Nisal lakshan

    ela ela thanks

  2. ccnp

    Thanks

  3. naleen

    Bohoma pin

  4. isuru

    Niyamayi thawath awa demu

  5. mudiya / මුදියා

    නියමයි පොඩ්ඩො.
    පොඩියට හිටියට කරන්නෙ නම් ලොකු වැඩක්ම තමයි.
    තමන්ගෙ දැනුම පාවිච්චි කරල නොදන්න අයට ඔයා කරන මේ වැඩේ ගොඩක් අගය කරනව.
    දිගටම සබ් දෙන්න කොල්ලො.
    ෆිල්ම් එක ගැන කියනව නම් නියමම එකක් තමයි.
    අපේ ඒබ්‍රහම් අයියගෙ ඇඟයි ටැටූ පාරයි හින්ද තමයි බැලුව කියල මතක තිබුනෙත්.අනිව ආය බලන්න ඕනි.
    ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!

    1. Aditha Praween

      බොහොම ස්තුතියි අයියෙ
      ඒ වගේම අනිත් අයටත් ගොඩක් පින්
      අපි ඉක්මනටම ආයෙ හම්බවෙමු

  6. දේශ්

    සුපිරි ..

  7. darshana

    niyama wadak machan....
    good luck..

  8. දුලාජ්|Dulaj

    බොහෝම ස්තූතියි..සහෝ..සබ් එකට...{සබ් එක බාද්දි..කමෙන්ට් එකක් දාල සප් එකක් දෙන්න.කියල අනිත් අයගෙන් කරුණාවෙන් ඉල්ලනව}

  9. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :D ජය

  10. Tharindu

    Thanx

  11. ගයාන් රූකාන්ත ( ජෝනා )

    මන් ඕක කලින් බලලා තියනවා සුපිරි භාණ්ඩයක් ඕක
    ජය වේවා කොල්ලෝ සබට තුති ඔන්න ගන්නවා
    අයෙත් බලන්න ඕනේ සබත් එක්ක

  12. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  13. janaka wickramasinghe

    THANS PODDA...

  14. SAMPATH

    තැන්ක්ස් සහො

  15. bharatha

    ela machan
    thanks obATA jaya wewa

  16. Shakil

    ela wedak.. well done..

  17. Chathura Madusanka

    එල එල බොහෝම ස්තූතිය

  18. chandima

    niyamai thaz ... mama baluwa.. at ayat balanawa.... suba patum

  19. නිපුන්

    පට්ට පට්ට සහෝ...
    ජයෙන් ජය..

    ඔන්න පොඩ්ඩෝ ඊළඟ වැඩේට Lucky No Time For Love [2005]
    කියන හින්දි ෆිල්ම් එක බස්සමුකෝ...

  20. jack

    ජොනා ඉන්න එකක් නිසා ආපහු පාරක් බලනවා. ස්තුතියි සහෝ.

  21. sahan

    Thanks Machan.meka supirima ekak.

  22. “චූටී මල්ලි”

    මම න්ම් කලින් බැලුවා මචන්
    තව සබ් කරමු සහෝ
    සබට තුති
    ඔබට ජය.....

  23. indika

    THNQ :)

  24. ruki

    ස්තූතියි…!

  25. sadaruwan

    maru mamath me film eka enakam balan hitiye.a unath 448mb copy ya 78\ ehata download wenne nehene.kmk ne anith ekawath bagannamko ...thanks...

  26. kolla

    ela kiri

  27. Asiri Nilupul

    මේක නම් සුපිරිම ෆිල්ම් 1ක් ආයෙ කියල වැඩක් නෑ
    මන් බැලුවෙ උපසිරැසි නැතුව
    ආපහු බලන්න ඕනි

  28. දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල එල බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  29. Asela

    maru film 1k malayo... thanks

  30. රොයිලි

    බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න. ජය෴෴ :P :P

  31. bhanuka dhananjaya

    aiye puluwnnm ram leela film 1ke sub 1kth dennako.anw plzzzzzzzzzzzzzz

  32. galaya

    niyamai saho..

  33. allu

    hodata thiyanawa brother...

  34. Ravindu

    elazzz machan....onna magenuth subapathum...digatama sub karamu..

  35. mindika

    thanks !!!!!!!!!!!!!!!!!

  36. Asiri Nilupul

    සබ්ටයිට්ල් නැතුව උනත් බලන්න පුලුවන් සුපිරි ෆිල්ම් 1ක්.
    ඩවුන්ලෝඩ් කරල බැලුවත් පාඩු නෑ

  37. P S De Silva

    thanx dude

  38. M D LASANTHA

    SUB DUNNATA THANKS. JANNATH 1 EKE SUB DENNA PULUWANNAM LOKU UDAWWAK.

  39. Saman Prasad ( Black Cobra )

    thanks saho

  40. gihan

    සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  41. Ruwan Chamara

    ela kiri machan............

  42. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා..! 👍

  43. Rasidu

    මරේ මරූ

  44. mr.ඒලියන්.

    සබට තෑන්ක්ස් මචං.... ඉස්සරහටත් මේ වගේ ෆිල්ම්වලට සබ් දෙන්න.... එළ....!!!

  45. Sham

    aththatama oyage wada nam apita godak watinawa bro...puluwannam 2011 apu GAME kiyana hindi film 1 sinhala sub danna THANK U BRO

  46. P.K

    Thanx bro..Keep it up...All the best...

  47. shamidu

    patta

  48. kent

    thnx

  49. sandun

    niyamai saho .bohoma sthuthi. digatama karagena yanna avashaya shakthiya labeba.

  50. isuru

    force 2 hindi movie ekatath sinhala sub eka denna puluwanda plz..

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.