Watch Trailer

Almost Famous (2000) Sinhala Subtitles | අවංකව සහ අනුකම්පා විරහිතව තම අරමුණ කරා [සිංහල උපසිරසි සමඟ] 18+

අපිට ජිවිතයේ විවිධාකාර වූ ආසාවන් තියෙනවා, ඒවා හැබෑ කරගන්න නම් අපි ඒ දේවල් ගැන හොයන්න ඕන, ඒවා හැබෑ කරගන්න අධිෂ්ඨානයක් තියෙන්න ඕන, ඒ වෙනුවෙන් අපිට ගොඩක් දේවල් කැප කරන්න වෙනවා ජිවිතයේ අපේ සමීපතමයන් ගෙන් ඈත් වෙලා යන්න වෙනවා, ඒ ඒ ක්ෂේත්‍ර වල දක්ෂයින් සොයා යන්න වෙනවා. ඉතින් මේ කතාවත් අන්න ඒ වගේ කතාවක් සි…

අපිට ජිවිතයේ විවිධාකාර වූ ආසාවන් තියෙනවා, ඒවා හැබෑ කරගන්න නම් අපි ඒ දේවල් ගැන හොයන්න ඕන, ඒවා හැබෑ කරගන්න අධිෂ්ඨානයක් තියෙන්න ඕන, ඒ වෙනුවෙන් අපිට ගොඩක් දේවල් කැප කරන්න වෙනවා ජිවිතයේ අපේ සමීපතමයන් ගෙන් ඈත් වෙලා යන්න වෙනවා, ඒ ඒ ක්ෂේත්‍ර වල දක්ෂයින් සොයා යන්න වෙනවා. ඉතින් මේ කතාවත් අන්න ඒ වගේ කතාවක් සිහින සැබෑ කර ගැනීමට වෙර දරන ආධුනික පුවත්පත් මාධ්‍යවේදියෙකුගේ කතාවක්.

කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත් එහෙම අද කාලයේ විදිහට මේලොව එලිය ලබන දරුවෙක් නිවැරදිව සමාජ ගත වීමට කොච්චර නම් කාලයක් ගත වෙනවද? හරියටම බැලුවොත් අවුරුදු 18ක් නේ මොකද අවුරුදු 18 න් තමයි පාසල් අධ්‍යාපනය ඉවර වෙන්නේ ඒ ඉවර කරපු ගමන් ඒ ළමයට සමාජයත් එක්ක මුහු වෙන්න අමාරුයි මොකද පාසල් අධ්‍යාපනය පමනක් ප්‍රමානවත් වෙන්නේ නැහැ විවෘත සමාජයේ තනියම තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට එක්කෝ උසස් අධ්‍යාපනය සඳහා යොමු වෙන්න ඕන නැත්නම් වෙනත් වෘත්තීමය පැතිකඩක් හදා ගන්න ඕන ඉතින් ඔය ඔක්කොම හදා ගෙන ඉවර වෙද්දි අවුරුදු 24 ක් 25 විතර වෙනවා. ඒත් අද වන විට එහෙම උපාධිදාරි රැකියා විරහිත පුද්ගලයන් කොච්චර ඉන්නවද……..

මෙම චිත්‍රපටයේ මුල කොටස් වල දී මවක් තම දරුවව පවතින සාම්ප්‍රධායික අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව කොහොමද උගන්නන්න හදන්නේ කියලා බලන්න පුලුවන්. 2000 වර්ෂයේ නිකුත් වෙච්ච චිත්‍රපටයක් වුනත් තාමත් අපිට මේක වලන්ගුයි. තාමත් අපි වෘත්තීමය වශයෙන් පදනම් වූ අධ්‍යාපන ක්‍රමයකට හුරු වෙලා නැහැ… යෞවන කාලය කියන්නේ නැවත කවදාවත් නො එන ජීවිතයේ එක පාරක් පමනක් අත් විඳින්න පුළුවන් සුන්දර කාලයක්. මේ චිත්‍රපටය යෞවනයෝ පිරිසක් කොහොමද තමන්ගේ යෞවන කාලය ගත කරන ආකාරය පෙන්වන හොඳ කතාවක්. මේ චිත්‍රපටය එකිනෙකාට පුද්ගල බද්ධව එක් එක් චරිත ගැන හොඳ අදහසක් ලබා ගන්න පුළුවන් කම්මැලි නැතිව බලන්න පුළුවන් චිත්‍රපටයක් කියලා කියලා කියන්න පුළුවන්.

මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂක කැමරන් ක්‍රෝව් තරුණ අවධියේදී රෝලිං ස්ටෝන් වාර්තාකරුවෙකු ලෙස ගත කරන ලද ජීවිතය පිළිබඳ වූ අර්ධ ස්වයං චරිතාපදානයක් ලෙස තමයි ඔහු මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම සිදු කරලා තියෙන්නේ. ක්‍රෝව් සමඟ මුලින්ම සංචාරය කළ සැබෑ කණ්ඩායම වූයේ ද ඕල්මන් බ්‍රදර්ස් නම් සංගීත කණ්ඩායම බව ඔහු සඳහන් කරලා තියෙනවා.

තමන්ගේ දරුවන් ගැන ඕනෑවටත් වඩා සිතන මවක්, ජිවිතයේ නිදහස සොයන නැගණියක්, ජනප්‍රියත්වය සොයා යන සංගීත කණ්ඩායමක්, තමන්ගේ අරමුණ වෙනුවෙන් කැප වෙන අවරුදු 15 ක ළමයෙක් වටා ගෙතුණු කම්මැලි නැතිව බලන්න පුළුවන් චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්.

මෙම චිත්‍රපටය 2000 වර්ෂයේ නිකුත් කරන ලද Cameron Crowe නම් අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයක්. ටිකක් පරණ චිත්‍රපටයක් වුනාට මෙම චිත්‍රපටය සඳහා 13 න් වන ඇකඩෙමි සම්මාන උළෙලේ හොඳම තිර රචනයට හිමි සම්මානය ඇතුළු සම්මාන රාශියක් ලබා ගැනීමටත් සමත් වෙලා තියෙනවා. වගේම IMDb දර්ශකයේ 7.9/10 ක අගයකුත් Rotten Tomatoes හි 89% කුත් ලබා ගන්න මෙම චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා Patrick Fugit, Kate Hudson, Billy Crudup වගේම Frances McDorm දායකවෙලා තියෙනවා.

ඉතින් මේක මගේ පළමුවෙනි උපසිරසි නිර්මාණය කියලත් කියන්න ඕන. ඒ වගේම මේ උපසිරැසිය කිරීම සඳහා සහය දුන් ශාන් විමුක්ති(විමා) සහෝ වත් ආදරයෙන් මතක් කරනවා👍 ඉතින් එහෙනම් මේ චිත්‍රපටය බලලා ගුණ දොස් කියන්න කියලා ආරාධනා කරන ගමන් තවත් උපසිරසියකින් හමු වෙනකම් ඔයාලට ජයවේවා.🙏

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Extended BR පිටපත් සඳහා අදාළ වේ.

2,549 downloadsDownload Almost.Famous.EXTENDED.2000.zip76 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජනිත් අනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-01-02
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

2,549 downloadsDownload Subtitles76 KB

17 comments

  1. Nishadha Anuradha

    American horror story walata sub denna.It's a top rated horror show.

  2. sahan malinga

    ela bokkaaaaaaaaaaaaaaaaa

  3. Kevin__

    එක මරු තව sex comedy සබි නැති පටිට කතා තියෙ පුළුවන් නමි කරන්න බලලා

  4. indika75

    thanks..

  5. Pasan_Madusankha

    Elama.. Jaya wewaa..!

  6. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
    ජය වේවා.!

  7. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  9. ranga11112

    patta...thanks bro...bs

  10. Suranjan

    Thanks machan jayawewa.......!

  11. kuma.lk

    Thank you ...

  12. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට...

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු....

  14. malithmadhushan45

    පලවෙනි උපසිරසට සුබ පතුම් සහෝ

  15. Dewadithya

    Thanks for sub!

  16. isuru90070

    awankawa kiyanna deyak thiyanawa machan mewage rasaswadayak thiyana kollek sub karanna apueka gana hadawathinma sathutui mokada mamath asa mewage movies walata thamai movie eka balala iwaraunagaman comment karanna hithune mama awrudu 6katath wadiya film balanawa bicecop eken sub aran namuth mama dapu palaweni comment eka me movie ekanm aththatama patta adarei brother

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.