සිනමාව! සිනමාව හරියට අහස වගේ. සිනමාව අවස්ථාවක්. සිනමාව සතුටක්. සිනමාව අත්දැකීමක්. සිනමාව ජයග්‍රහණයක්. සිනමාව වෙනසක්. සිනමාව කියන්නේ පත්තු කරපු සිගරට් එකක් වගේ. සිනමාව කියන්නේ හොර ටිකට් එකක් වගේ.(බ්ලැක් ටිකට්) සිනමාව කියන්නේ කදුළුක්. සිනමාව ඇවිල්ලා කාව්‍යක්. සිනමාව ප්‍රහේලිකාවක්. සිනමාව කියන්නේ විසි…

සිනමාව!
සිනමාව හරියට අහස වගේ.
සිනමාව අවස්ථාවක්.
සිනමාව සතුටක්.
සිනමාව අත්දැකීමක්.
සිනමාව ජයග්‍රහණයක්.
සිනමාව වෙනසක්.
සිනමාව කියන්නේ පත්තු කරපු සිගරට් එකක් වගේ.
සිනමාව කියන්නේ හොර ටිකට් එකක් වගේ.(බ්ලැක් ටිකට්)
සිනමාව කියන්නේ කදුළුක්.
සිනමාව ඇවිල්ලා කාව්‍යක්.
සිනමාව ප්‍රහේලිකාවක්.
සිනමාව කියන්නේ විසිල් එකක්!
සිනමාව… සිනමාවෙන් මොනවද ලෝකයට පෙන්නන්න බැරි.
තාක්ෂණය දියුණු වීමත් සමග සිනමාවෙන් ලෝකයේ හැම අස්සක් මුල්ලක් නෑරම ඉගිලුනා.
අද වෙනකොට මොන තේමාවෙන්ද සිනමා පටයක් නිර්මාණය වෙලා නැත්තේ.
ආදරය, තරහව, ලිංගිකත්වය, ක්‍රියාදාම, සත්ව ලෝකය ගැන පවා සිනමා කාව්‍ය නිර්මාණය වෙලා අවසන්.
අභීයෝගයක් කරන්නද… පුළුවන් නම් හොයලා කියන්න ලෝකයේ මොන තේමාව යටතේද තාම ෆිල්ම් එකක් නිර්මාණය වෙලා නැත්තේ කියල?
බෑ…බෑ… එහෙම හොයන්න බෑ. මොකද අද වෙනකොට පාරේ වැටිලා තියෙන කෙහෙල් ලෙල්ලක් වුනත් අල්ලගෙන…
පැය දෙයක් පුරාවට ෆිල්ම් එකක් කරන්න පුළුවන් අධ්‍යක්ෂ්කරු, තිර රචකයෝ වැහි වැහලා.
එහෙම හැම පැත්තකින්ම සිනමාව පරිපූර්න වෙලා තියෙද්දි,
සිනමාවට මොකද්ද කරන්න පුළුවන් අපෙ ජීව්තේට…
හුගක් දේවල් පුළුවන්… හුගක් දේවල්…
ආදරය කරන හැටි ඉගෙන ගන්න පුළුවන්, කාවහරි මරන හැටි ඉගෙන ගන්න පුළුවන්.
වෛර කරන හැටි, හොරකමක් කරන හැටි ඕන දෙයක් ඕන විදිහට අපිට ෆිල්ම් වලින් ඉගෙන ගන්න පුළුවන්.
ඒ වගේම ජීවිතේට ආදර්ශක් දෙන්න, ජීවිතයම වෙනස් කරන්න පුළුවන් හයියක් සිනමාවට තියෙනවා.
අන්න ඒ හේතුව නිසාමයි…. සිනමාව අද වෙනකොට ලෝකයේ අස්සක් මුල්ලක් නෑර වේගයෙන් ව්‍යාප්ත වෙන්න හේතුවත්.
අන්න ඒ අපි කතා කරන සිනමාව තුලින් කරන්න පුළුවන් කියලා පෙන්නලා දෙන…කතාවක් තමා මේ අරගෙන ආවේ…
Gaddalakonda Ganesh! ඔව්… Gaddalakonda Ganesh!

සිනමාව තුලින් මැරයෙක් වීරයෙක් කල කතාවක් තමයි මේක…
සිනමාව තුලින් මැරයෙක් තුල දයාවක් ගොඩ නංවපු කතාවක් තමයි මේක…
සිනමාව තුලින් මැරයෙක්ට ආදරය යනු කුමක්ද යන්න පෙන්නලා දුන්න කතාවක් තමයි මේක…
සිනමාව තුලින් මැරයෙක්ගේ මුළු ජීවිතයම කණපිට පෙල්ලපු කතාවක් තමා මේක…
සිනමාව තුලින් මැරයෙක්ගේ දුෂ්ඨ චරිතය වීරයෙක් බවට පත් කර කරපු කතාවක් තමා මේක….
ඔබ 21වන ශතවර්ශයේ
හින්දි සිනමාවේ Don, Don 2
දමිල සිනමාවේ Billa, Billa 2
මලයාලම් සිනමාවේ Lucifer, Madhura raja
කන්නඩ සිනමාවේ KGF Chapter 01 සිනමා නැරඹූ අයෙක් නම්…
මැර චරිත ඕන තරම් දැක ඇති….
Gaddalakonda Ganesh ඒ මැර චරිත ගොන්නට තෙලිගු සිනමාවෙන් දායාද කරන
නවතම සිනමා අත්දැකීම බවට පත් වෙන බව නොඅනුමානයි.
එන්න ඉදගන්න පැය තුනක් සිනමා ලෝකයේ සැරිසරන්න.
එන්න ඉදගන්න පැය තුනක් මැරයෙක්ගේ ආදරය ගැන දැනගන්න.
එන්න ඉදගන්න පැය තුනක් මැරයෙක්ගේ ජීවිත කතාව දැනගන්න.
එන්න ඉදගන්න පැය තුනක් මැරයෙක් වීරයෙක් වෙන හැටි දැනගන්න.
කොටින්ම කිව්වොත් එන්න ඉදගන්න සැබෑ ජීවිතේ දුෂ්ඨයෙක් සිනමාවේ වීරයෙක් වෙන හැටි දැනගන්න.


Varun as Ganesh
Varun Tej තෙලිගු සිනමාවේ අලුත් ආරක ගමන් කරන රංගන ශිල්පියෙක්,
Fida සිනමා පටයෙන් සායි පල්ලවි සමග ඔබේ සිත් සතන පුබුදුවාලූ ඒ රංගන ශිල්පියා.
ආදර කතා වලින් පමණක් ඔබව ඇද බැද තබාගත් ඔහු.
මේ සැරේ පැමිණෙන්නේ එසේ මෙසේ සිනමා කාව්‍යක් රැගෙන නෙමෙයි.
Gaddalakonda Ganesh සිනමා පටයේ ගනේෂ්ගේ චරිතය සමගයි.
දිය යුතු උපරිම දායකත්වය වරුන් ගනේෂ් වෙනුවෙන් ලබා දෙනවා.
ඔහුට මල් චරිත විතරක් නෙමෙයි ඕනම ආරක චරිතයක් කරන්න පුළුවන් කියලා ඔප්පු කරපු චිත්‍රපටයක් තමයි Gaddalakonda Ganesh!

Atharva
Atharvaa Murali දමිළ සිනමාවේ නමක් දිනාගත් නළුවෙක් කියල කවුරුත් දන්නවනේ. මෙවර ඔහු Gaddalakonda Ganesh! සමග තෙලිගු සිනමාවට පය තබන්නේ, ගනේෂ්ගේ ජීවිතය වෙනස් කරන අභී නමැති අධ්‍යක්ෂකවයා ලෙසයි. වරුන්ට නොදෙවනි රංගන ප්‍රතිභාවක් පෙන්නුම් කරන ඔහු Gaddalakonda Ganesh! වර්ණවත් කරනවා.

Pooja
Pooja Hegde දකුණු ඉන්දියානු සිනමාවේ දක්ෂ වගේම සුන්දර නිළියක්. ගනේෂ්ගේ ආදරය ශ්‍රී දේවි චරිතය වෙනුවෙන් උපරිම දායකත්වය දෙන ඇය, Gaddalakonda Ganesh තවත් සුන්දර කරවනවා.

Mirnalini
Mirnalini Ravi… Super Delux සිනමා පටයෙන් සිනමාවට පය තබන ඇය. තෙලිගු සිනමාවේ මංගල සිනමා පටය, තමන්ගේ දිවියේ දෙවැනි සිනමා පටය. Gaddalakonda Ganesh! රංගනය අති විශිෂ්ඨයි.

Harish Shankar
Harish Shankar අධ්‍යක්ෂකවරයා….
Duvvada Jagannadham | Ramayya Vastavayya | Gabbar Singh 2012
ජනප්‍රිය තෙලිගු සිනමාපට සිනමා ක්ෂ්‍රේතයට ගෙන එන ලද අධ්‍යක්ෂකරයා.
2019 සැප්තැම්බර් මස 20 වෙනි දින තිරගත කිරීම් ආරම්භ කරන ලද Gaddalakonda Ganesh! කෝටි 42කට අධික බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගන්නවා. IDMb මීටරය 7.2 දක්වා කරකවන්න Action, Thriller ගනයට අයත් Gaddalakonda Ganesh!සිනමා පටයට හැකියාව ලැබුනා.

සිනමා පටයට ලැබුන Ratings
තව දෙයක්… ෆිල්ම් එක ඇවිල්ලා දවස් දෙක තුනක් වුනා. ඒත් ටිකක් පරක්කු වුනා ලයින් 2500කට ආසන්න සංඛ්‍යාවක් තනියම කරපු නිසා. මොකද මේ ෆිල්ම් එක මම කරන්න ලෑස්ති වෙලා හිටියෙත් නෑ. ෆිල්ම් එකේ හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් වුනාට පස්සෙත් තමයි මම වැඩේ භාරගත්තේ. ඔක්කටම වඩා පිට වෙලා තිබ්බ ඉංග්‍රිසි පිටපත අවුල් ජාලයක්. එ හින්දා හුගක් අසා ලියන්න තමයි වුනේ. හොදම දේ හොදම විදිහට දෙන එක තමයි Baiscopelk.com අපේ අරමුණ. ආපු එකම බලන්නෙ නැතුව ඔහේ දමලා ගහලා දෙන්න තිබ්බා ඔය ඔක්කටම කලින්. ඒත් ෆිල්ම් එකේ තිබ්බ ගීත ඇතුළු සියල්ලම උපසිරසි ගන්වලා ඔබලා වෙත ගෙනාවේ උපරිම රසවින්දනයක් ලබා දෙන්න. හොදම දේවල් ලැබෙන්න නම් ටිකක් ඉවසන්න වෙනවා කියලා කතාවක් තියෙනවනේ. ඉතින් මේ දවස් දෙක තුන ඉවසලා හිටපු අයට හොදම විදිහට ගුණාත්මක උපසිරසියක් මෙන්න අරගෙන ආව. හදිස්සි කාරයින්ට ඉතින් පින නෑ කියලා හිතමු, ආපු දවසෙම ඕන නම් දෙන්න තිබ්බා, ඒත් ඒකෙන් වෙන්නේ අපේ නම කැත වෙන එක විතරයි. ඉතින් පොඩ්ඩක් පරක්කු වුනාට හොදම දේ ලබාගන්න නම් ඉවසන්න වෙනවා. ඒ වගේම මේ ෆිල්ම් එක කරන්න භාරදුන්න සිසිල අයියට ස්තූතිවන්තත් වෙනවා. එහෙනම් ගිහින් එන්නම්. රසවිදින්න ඒ වගේම අමතක නොකර කමෙන්ට් එකක් දාන්න ඈ. හෙට සුපර්නැචුරල් තුලින් හමු වෙමු. ජය වේවා…!!
Cinema is a worldwide phenomenon..!!
~Wim Wenders~

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.
19,760 downloadsDownload Gaddalakonda-Ganesh-2019.zip86 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
59 comments
dil_shan
kalum sanjeewa
ජයවේවා.........
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!ඔෂද ධනංජය
ස්තූතියි සහෝ...හොද ෆිලුමක් වගේ....
Sanjeewa2010
Thnxxxxx
Sampathkelum
Thanx bro
Pavi
Thanks
basura indrachapa
ස්තුතියි සහෝ!!!
ජයෙන් ජය!!!Nilush Angana
Sub ekata thanx
isuru srinath sjs
එලම Malaya.. අනිවා ඒකනේ අපි Iwasala ඉන්නෙ තේරෙන සිංහලෙන්ම බලන්න Baiscopelk ම Sub එක දෙනකන්.... බොහොම ස්තුතියි උපසිරැසියට ..!!
sanjeewa8836
supiri bro !!!!
thnksAyesh Prashan
Thank You
සහන් කෞෂල්‍යය
########## Thanks bro ###########
සහන් කෞෂල්‍යය
### Thanks bro ###
thilz
thank u very much
Deshani
Thank You
wajira
Thanks for sub
chami333
el bn
N_R
Thank You.
Menaka Kariyawasam
Patta machan thank you sub ekata
Lalith Susantha
නියමයි මල්ලි ගොඩක් ස්තුති ඔයාට තෙරුවන් සරනයි
arawindasunimal
thanks sub ekata - jayawewa.............
Athula
thanks ....
D.Chamara
bohoma sthuthi
Ranidu
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ...
"සිනමාව කියන්නේ විසිල් එකක්"!
ජය වේවා!!!nipuna widuranga
Puluwannam rajinikanth mahathmayage baasha film eke sinhala sub ekak denna. Thanx mahansiwela apata upasirasi laba denawata
Deex
sthuthi saho
bigil ekatath apagaman denna
Chamara Diaz
Super...~
Shalitha111
Thnq mcn
Lahiri
THANKZ KAVI
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
lohith@silva
ela macho
pradeepravindra
එලම සහෝ
Prasanna123
බලල කියන්නේ... සුපිරිම සුපිරියක්.. මාර ඇක්ටින්... කියලා වැඩක් නෑ.....
තෑන්ක්ස් බ්‍රෝ...prasakr
sthuthi jayawewa
Dula95
thank u bro
klj
Supirima film ekak mchn.. kiyala wadak na..apita mehema kiyanna puluwan wenne sub eka hinda machn.. e gna godak godak thanks bro..
Keep it up..Shehan putha
Thanks bro
EM Nishshanka
Thanks mcn
Dilruk lahiru
Thanks mcn
chooty21
thanx machan
indika75
thanks..
Lash_villan
sub eka elam.
Bennett's war sub one .loku udawwak .රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
madhusankha
Thanks bro...
Nandana_kumara
Tu bro
kodagoda
tnx sahoo sub ekta
Supun Srimal
Thnq sahoo
Malisharavindu
Wade nam hondai mcn. Habai article aka thiyane tharam meka supiri na. Anika meka copy yak. Jigarthanda kiyane tamil film aka. Original ake rangapanne bobby simha. Meka nikam therumak nathi film akak..
ශසිත් සඳරුවන්
සබට තුති වේවා මලේ...!
බැලිල්ලක් තමා...
දිගටම සබ් දෙමු ආ...
ජය!NajmN
Mata ganna behene eiii hee?
MAALnath
Thanks .............good luck ................
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
tnz sub ekata... hoda film ekak wenda athi kyla hithanawa.