ඉතිං කොහොමද යාළුවනේ? ඔන්න මං තවත් පට්ට ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක ජපන් ෆිල්ම් එකක්. මේක තිරගත කරල තියෙන්නේ 2010 වර්ෂයේ. වගේම මේක Action, Comedy වර්ගයේ ෆිල්ම් එකක්. Kazunari Ninomiya, Kenichi Matsuyama, Yuriko Yoshitaka, Kanata Homgo කියන් ජපන් නළු නිළියෝ මේ ෆිල්ම් එකේ රඟපානවා. මේ ෆිල්ම් එකට හොඳ IMD…

ඉතිං කොහොමද යාළුවනේ? ඔන්න මං තවත් පට්ට ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක ජපන් ෆිල්ම් එකක්. මේක තිරගත කරල තියෙන්නේ 2010 වර්ෂයේ. වගේම මේක Action, Comedy වර්ගයේ ෆිල්ම් එකක්. Kazunari Ninomiya, Kenichi Matsuyama, Yuriko Yoshitaka, Kanata Homgo කියන් ජපන් නළු නිළියෝ මේ ෆිල්ම් එකේ රඟපානවා. මේ ෆිල්ම් එකට හොඳ IMDB රේටින්ග් එකකුත් තියෙනවා.
ඉතිං මේකේ ස්ටෝරිය කියනවනම් මේ ෆිල්ම් එකේ ඉන්නවා කෙයි, කාතෝ කියල යාළුවෝ දෙන්නෙක් වගේම කිෂිටොමෝ කියල කෙල්ලෙක් වගේම තවත් අය ඉන්නවා. ඉතිං ෆිලුම පටන්ගන්නෙ කෙයි කියන කෙනායි කාතෝයි දුම්රියපොලක් ගාව ඉදිද්දී ඒ දුම්රිපොලේ ඉන්න කෙනෙක් රේල් පාරට වැටෙනවා. ඒ වෙලාවෙම එතනට කෝච්චියකුත් එනවා. ඉතිං රේල් පාරට වැටිච්ච කෙනාව බේරගන්න කාතෝ එතනට යනවා. ගිහින් එයාව බේරගන්නවා. ඒත් කාතෝට එතනින් එන්න වෙන්නෙ නෑ. කෝච්චියත් ළග ළගම එනවා. එ් වෙලාවෙදී ම එයාගේ යාළුවා කෙයි එයාව බේරගන්න යනවා. ඒත් ඒ වෙලාවෙම කෝච්චිය එයාලා ගාවටම ඇවිත් එයාලා යටවෙන්න යනවා. ඒත් එයාලා මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දී එයාලා එතනින් නැතිවෙලා වෙනත් තැනකට යනවා. එයාලටත් පුදුමයි මේ සිද්ධිය ගැන. එයාල ඉන්න තැනට ටික වෙලාවකින් කිෂිටොමෝ කියන කෙල්ලත් එක පාරම මතුවෙනවා. මෙයාලා ඉන්න තැන ගැන මෙයාලා මොනවත් දන්නෙත් නෑ මෙයාලා මේ දැන් ඉන්න තැන අමුතු ගෝලයක් තියෙනවා. ඒකට කියන්නේ ගන්ට්ස් කියලා. ඒක එකපාරම පණ ගැන්විලා ඒකෙන් එළියට තුවක්කුයි ඇඳුම් වගයකුයි මතුවෙනවා. ඒවගේ එයාලගේ නමුත් ගහලා තියෙනවා. එයාලාට මාර පුදුමයි මේ සිද්ධවෙන දේවල් ගැන. පස්සෙ එකපාරටම එයාලට එතන තියෙන ගෝලයෙන් මෙහෙයුමක් ලැබෙනවා ලූණු පිටසක්වලයා කියන පිටසක්වලයෙක්ව මරන්න. ඒත් මෙයාලට මේ කිසිදෙයක් තේරෙන්නෙ නෑ. පස්සෙ එකවෙලාවෙම මේ අය නැතිවෙලා වෙනත් තැනකට යනවා. ඒ ලූණු පිටසක්වලයා කියන පොර ඉන්න තැනට. මෙයාලට ඒ ලූණු පිටසක්වලය එතනදි ඉතිං හම්බවෙනවා. ඒත් මෙයාල හිතුව තරම් ලොකු පොරක් නෙවෙයි ඌ. ඉතිං මෙයාලා ඌව අල්ලගෙන මරන්න ඌගේ පස්සෙන් එලවගෙන යනවා. මේ වෙලාවෙදි එයාලට පට්ට වැඩත් වෙනවා. අන්තිමට මෙයාලා ඒ ලූණු පිටසක්වලයා අල්ලගෙන මරල දානවා. හැබැයි ඌව මැරුවට පස්සෙ තමයි එයාලට ලොකු ලූණු පිටසක්වලය හම්බවෙන්නේ. හැබැයි මෙයාල නම් හිතුවේ මෙයාලා ඒ මෙහෙයුම ඉවර කරා කියලා. ඉතිං එතනදි එයාලගෙන් බාගෙකටම මැරෙන්නත් වෙනවා. හැබැයි කෙයි, කාතෝ එහෙම නම් මැරෙන්නෙ නෑ. එයාලා කොහොමහරි ඒ පිටසක්වලයව මරනවා. පස්සෙ එයාලා ආයෙත් හිටපු තැනට ඒ කියන්නේ අර ගෝලය තියෙන තැනට මතුවෙනවා. එතනදි ගන්ට්ස් එකෙන් එයාලට එයාලා කරපු දේවල් වලට ලකුණු ලැබෙනවා. හරියට නිකන් ගේම් එකක වගේ.
ඊට පස්සේ මෙයාලට දෙවෙනි මෙහෙයුම විදියට හම්බවෙන්නේ රේඩියෝ එකක් අතේ තියෙන ඔළුව හතරවටේටම කරකවන්න පුළුවන් පිටසක්වලයෙක්ව මරන්න. ඉතිං එයාලා ඌව මරන්න යනවා. ඒකෙදී එයාලත් එක්ක හිටපු එක සුපිරි පොරකට මැරෙන්නත් වෙනවා. ඒ වෙලාවෙදී ඒ මැරෙන පොරගෙන් මෙයාලට දැනගන්න ලැබෙනවා ලකුණු 100 ගත්තම මැරිච්ච ඕනම කෙනෙක්ට පණ දෙන්නත් පුළුවන් කියලා. හැබැයි මේ කාතො, කෙයි, කිෂිටොමෝ තුන්දෙනා එකතුවෙලා පට්ට සටනක් දීලා මේ පිටසක්වලයවත් මරනවා. ඊට පස්සේ එයාලා ආයෙත් ගන්ට්ස් එක තියෙන තැනට මතුවෙලා කලින් වගේ ආයෙත් එයාලා කරපු දේවල වෙනුවෙන් ලකුණු ලැබෙනවා.
ඉතිං මෙයාලට තවත් මෙහෙයුමක් අවසන් කරන්න ලැබෙනවා. ඉතිං යාළුවනේ මං මුළු ෆිලුමම ලියන එක හරි නෑනේ. ඉතිං මෙයාලට තව මොන මොන මෙහෙයුම් ලැබෙයිද? මෙයාලාට ඉදිරියට හම්බවෙන හැම මෙහෙයුමක්ම අවසන් කරන්න පුළුවන් වෙයිද? මෙයාලට මේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙයිද? ඔයාලාම ෆිල්ම් එක බලන්නකෝ.
ඉතිං යාළුවනේ තවත් සුපර් ෆිල්ම් එකක් එක්ක හම්බවෙමු. සුභ දවසක්!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR/DVD පිටපත් සඳහා අදාළ වේ.
3,381 downloadsDownload Gantz-2010.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිලුපුල් උදාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිලුපුල් උදාර
Subtitles
21 comments
Udara Damith B/K
Udara Damith B/K
මන් එක යෝහොහෝ
ස්කුබි ඩුබි ඩු ඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!ඉෂාන් මදුෂ
නියමයි සහෝ.බොහොම ස්තූතියි
ජය වේවා!කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට, ජය වේවා...!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!
KAVINDA GAMAGE
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
D.Chamara
bohoma sthuthi sahooo jaya....
nisha
thanks...
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Kasun asanak
Meke part II akath ikmanata denna. 2011 apu aka.. Thank you bro
Tharanga
Thanx for the sub
දමිත්
සිංහල උපසිරැසියට බෙහෙවින්ම ස්තුතියි නිලුපුල් සහෝ.
ජයෙන් ජය.Tharindu
meken film download karana widiha kawuru hari kiyanwada??
malith
Ela ela
Hashan M. Priyadarshana
Thank you bro sub ekata....
Jaya wewa!indika75
thanks..
Kasunabayasekara
Thanks bro...
vikum
Sub eka Extrack wenne nene
Ravindu Heshan - Admin
Dan Wada
Advertisement

උපසිරැසියට බොහෝම ස්තුතියි
එල නියමයි
එත් හෙට තමයි බලන්ඩ වෙන්නේ හොදේ
තරහ වෙනද නම් එපා