Watch Trailer

Gargi (2022) Sinhala Subtitles | අපරාධයක සුල මුල සොයා යන දිරිය දියණියකගේ කතාව. [සිංහල උපසිරසි]

Gargi (2022) Sinhala Subtitles Gargi (2022) Sinhala Subtitles තාත්තෙකුට දුවෙක් වගේම දුවෙකුට තාත්තෙක් කියන්නෙත් අමිල වූ අසමසම වස්තුවක් වගේම ලොකු බැදීමක්. ඉතිං මේ කතාවේ එන ගාර්ගීටත් තමන්ගේ තාත්තා ගැන දැනුනෙ, හැගුනෙ එහෙමම තමයි. හැබැයි හීනෙන් වත් හිතුවෙ නැති විදිහට තමන්ගෙ තාත්තට බරපතල ළමා අපචාර චෝදනාවක…

Gargi (2022) Sinhala SubtitlesGargi (2022) Sinhala Subtitles Gargi (2022) Sinhala Subtitles

තාත්තෙකුට දුවෙක් වගේම දුවෙකුට තාත්තෙක් කියන්නෙත් අමිල වූ අසමසම වස්තුවක් වගේම ලොකු බැදීමක්.

ඉතිං මේ කතාවේ එන ගාර්ගීටත් තමන්ගේ තාත්තා ගැන දැනුනෙ, හැගුනෙ එහෙමම තමයි.

හැබැයි හීනෙන් වත් හිතුවෙ නැති විදිහට තමන්ගෙ තාත්තට බරපතල ළමා අපචාර චෝදනාවක් එල්ල වෙද්දිත්, ගාර්ගීගේ හිතේ තමන්ගේ තාත්තා ගැන ඇතිවෙලා තිබුන අචල ආදරය සෙනෙහස වගේම විශ්වාසයත් අබමල් රේණුවක් තරම් වත් අඩු උනේ නැහැ.

Gargi (2022) Sinhala Subtitles Gargi (2022) Sinhala Subtitles Gargi (2022) Sinhala Subtitles

ඉතිං ගාර්ගීට තමන්ගේ තාත්තගේ නිර්දෝෂී බාවය ගැන තිබුන අධික විශ්වාසය හින්දම, ඇතිවෙන සියලුම බාදක වලට එරෙහි වෙලා, ආධුනික නීතීඥයෙකුගෙ උදව් ඇතුව, පොලිසියෙන් සහ අධිකරණයෙන් යුක්තිය ලබාගන්න සටන් කරන්න ඇයට සිද්ධ උනා.

ඉතිං මේ කතාවේ ඇත්ත අපරාධකාරයා කවුද? ගාර්ගීගේ පරීක්ෂණ වගේම නිගමනත් වැරදුනාද?
එහෙමත් නැතිනම් පොලිසියට සහ අධිකරණයට වැරදුනාද?

අවසානය තෙක්ම එක හුස්මට කුතුහලයෙන් බලන්න පුලුවන් අපි හැමෝම ආදරේ කරන සායි පල්ලවී ප්‍රධාන චරිතයට පණ පොවන, අභිරහස්/අපරාධ/ රහස් පරීක්ෂණ වර්ගයට අයත් වෙන මේ චිත්‍රපටයට IMDb දර්ශකයෙ 8/10 වගේ ඉතා ඉහල අගයක් ලබා ගන්නටත් හැකියාව ලැබුනා.

ඉතිං කුතුහලය පිරුනු, එක හුස්මට බලන්න පුලුවන් මේ අපූරු සිනමා සිත්තම අදම රසවිදින්න කියලා මං හැමෝගෙන්ම බොහොම ආදරයෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම උපරැසි කරනය සදහා මෙම ච්ත්‍රපටය මා හට ලබාදීම පිළිබදව බයිස්කෝප් අඩවියේ විමුක්ති සොහොයුරාටත් මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා.

ස්තූතියි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි Tamil HQ HDRIP පිටපත් සඳහා අදාළ වේ.

14,286 downloadsDownload Gargi-2023.zip60 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලිදු විජේසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2023-12-24
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Gargi (2022) Sinhala Subtitles Gargi (2022) Sinhala Subtitles Gargi (2022) Sinhala Subtitles

Subtitles

14,286 downloadsDownload Subtitles60 KB

6 comments

  1. මයුර

    සයිට් එකට තිබ්බ ලොකුම අඩුවක්. කී සැරයක් බැලුවත් එපා වෙන්නේ නැති චිත්‍රපටයක්.
    සායිට මේක වෙනුවෙන් නැෂනල් අවෝඩ් ලැබුණොත් කිසිම අපරාදයක් නෙමේ.
    මේකට උපසිරසි දුන්නට වචනෙන් ස්තූති කරාට මදි මචෝ.
    ඒත් බොහොමත්ම ස්තූතියි කියලා නවතිනවා.
    තවත් මේ වගේ වටිනා නිර්මාණ වලට උපසිරසි දෙන්න ඉඩ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    සුබ නත්තලක්!

  2. Buddhika Lakmal

    සබ් දෙනකං බලං හිටපු ෆිලුමක්....
    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  3. එල්. සී. ‎දමැල්

    පළමු වැඩේට උණුසුම් සුභ මලිදු සහෝ.
    සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් උපසිරස කණ්ඩායමට!
    දිගටම සබ් කරමු. :)
    ජය! ✌

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  5. Aravinda

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.