Watch Trailer

Jexi (2019) Sinhala Subtitles | මනුෂ්‍යයෙක්ට ආදරේ කරපු ෆෝන් එක [සිංහල උපසිරසි සමඟ] 18+

ලැබුවාවූ නත්තල සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා !!🎅❄ කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ජූනි මාසෙ සබ් එකක් කරාට පස්සෙ ගේන පළවෙනි සබ් එක තමයි මේක. ඊට පස්සෙ සබ් කරන එක මගඇරුනෙ නොදැනුවත්වමයි. අන්තිමේදි අවුරුද්දෙ අවසානෙට කොහොමහරි ෆිලුමක් හොයාගෙන සබ් එකක් කරා. ඉතින් මේ පාර හොයාගත්තෙ කොමඩි රොමෑන්ටික් චි…

ලැබුවාවූ නත්තල සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා !!🎅❄ කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ජූනි මාසෙ සබ් එකක් කරාට පස්සෙ ගේන පළවෙනි සබ් එක තමයි මේක. ඊට පස්සෙ සබ් කරන එක මගඇරුනෙ නොදැනුවත්වමයි. අන්තිමේදි අවුරුද්දෙ අවසානෙට කොහොමහරි ෆිලුමක් හොයාගෙන සබ් එකක් කරා. ඉතින් මේ පාර හොයාගත්තෙ කොමඩි රොමෑන්ටික් චිත්‍රපටියක්. කොමඩි කිව්වට ලොකු හාස්‍යජනක බවක් දැනෙන්නෙ නෑ මේ ෆිල්ම් එකෙන්. රොමෑන්ටික් පැත්තකුත් තියෙනවා. ඊටත් වඩා මේකෙන් වර්තමාන තරුණ සමාජයට ලොකු ආදර්ශයක් දෙනවා, තාක්ෂණයෙ තියෙන අදුරු පැත්ත මිනිස්සුන්ට බලපාන විදිහ හාස්‍යජනකව පෙන්නලා.

ජංගම දුරකථනයක් කියන්නෙ වර්තමානයේ ලෝකෙ තරුණ, බාල, මහලු හැමෝටම නැතුවම බැරි දෙයක්. ඒක නොදැනුවත්වම අපෙ ජීවිතේම එක කොටසක් වෙලා. ඉතින් තාක්ෂණයත් එක්කම වර්තමානයෙ එන ස්මාර්ට් ජංගම දුරකථන සහ අනෙකුත් ස්මාර්ට් උපාංග වලට ආපු දෙයක් තමයි assistant එහෙමත් නැත්නම් සහකරු කියන්නෙ. මේවා විවිධ දුරකථන සමාගම් වලින් විවිධාකාරව හදුන්වලා දීලා තියෙනවා. මේ ඔක්කොම කාන්තා හඩකින් තමයි අපිට පිළිතුරු දෙන්නෙ සහ නියෝග පිළිපදින්නෙ. උදාහරණ විදිහට siri, alexa, google assistant වගේ ඒවා හදුන්වන්න පුලුවන්. ඉතින් මේ වගේ assistant කෙනෙක් තමයි මේ චිත්‍රපටියෙ එන Jexi කියන්නෙත්. ඒත් පොඩ්ඩක් හිතන්න ඔයාගෙ ෆෝන් එකේ assistant ඔයාට ඕනි දේවල් නොකර එයාට ඕනි දේවල් කරොත්. ඒක හරියට (Artificial intelligence) කෘත්‍රිම බුද්ධියක් වගේ තමයි. මේ වෙද්දි කෘත්‍රිම බුද්ධිය තියෙන උපාංග ගණනාවක් නිපදවලා තියෙන්නෙ. ඒත් Jexi කියන්නෙ හැගීම් දැනීමුත් තියෙන කෙනෙක්. Jexi අපි දන්න google assistant, siri වගේ නෙමෙයි. තමන්ගෙ අයිතිකාරයා අභිබවා ගිහින් තමයි නියෝග ක්‍රියාත්මක කරන්නෙ. ඒ වගේම ෆිල් කියන්නෙත් යාළුවො කිසි කෙනෙක් නැති පෙම්වතියක් නැති ජීවිතය ෆෝන් එකටයි TV එකටයි කොටු කරගත්ත ඒකට ඇබ්බැහි උන කෙනෙක්. මෙයාගෙ රස්සාව වෙබ් අඩවි වලට ලැයිස්තු හදන එක. ඉතින් ෆිල් අලුතින් ගන්න ෆෝන් එකේ ඉන්න කෘත්‍රිම බුද්ධිය Jexi නිසා ෆිල්ගෙ ජීවිතේ වෙනස් වෙන හැටි ගැන තමයි කතාවෙ බලාගන්න පුලුවන්. ඒ වගේම තාක්ෂණයත් එක්ක ඕනවට වඩා ගණුදෙනු කරන්න ගියොත් වෙන්න පුලුවන් නරක දේවලුත් මේකෙන් පෙන්නනවා.☺

Lionsgate, CBS Films සහ Entertainment One සමාගම් වල එකතුවකින් නිර්මාණය වෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Jon Lucas සහ Scott Moore. Comedy/Romance ඝනයටයි අයත් වෙන මේකට IMDb 6.2 ක් සහ Rotten Tomatoes 11%ක් ලැබෙන්නෙ. ධාවන කාලය පැයයි මිනිත්තු 24ක්. Adam Devine, Alexandra Shipp, Rose Byrne, Michael Peña ආදී නළු නිළියො රැසක්ම රංගනයෙන් දායක වෙනවා. වැදගත් වෙයි කියලා හිතපු ටික තමයි ඔය තියෙන්නෙ.

ඉතින් ඔය ටික තමයි කියන්න තියෙන්නෙ. 2019 අවුරුද්දත් ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙන්නෙ. මේ අවුරුද්දෙ උන අඩුපාඩු හැමදේම හදාගෙන අලුත් අවුරුද්ද ආරම්භ කරමු.

ලබන්නාවූ 2020 අලුත් අවුරුද්ද හැමදෙනාටම සාමය සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!!☺

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත සඳහා වලංගු වේ.

11,152 downloadsDownload Jexi-2019-Blu-Ray.zip176 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුභාෂණ බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

11,152 downloadsDownload Subtitles176 KB

53 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
    ලබන අවුරුද්දෙත් සුපිරි filmවලට සබ් කරන්න..
    ඔබටත් ලබන්නා වූ 2020 නව වසර සුබ නව වසරක් වේවා.!!

    1. madhubashana bandara

      thanks bro.

    2. dushan.madushanka741

      Meke film eka ko nane

  2. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    මේක එනකම් බලන් හිටියේ...
    දිගටම සබ් කරමු....

    1. madhubashana bandara

      thanks bro

  3. chandika1975

    thank you for the subtitle.

    1. madhubashana bandara

      thanks bro.

  4. madhubashana bandara

    thanks bro.

  5. anuradaherath

    meke baiscope download wala nane link eka denda puluwanda

    1. madhubashana bandara

      yts balanna

    2. dushan.madushanka741

      Anee matath oni film eka

  6. Manisha Sewwandi

    YTS eke film eka tyanawa

  7. wajira

    Thanks for sub

  8. arawindasunimal

    ස්තුතියි උපසිරසියට (මධුභාෂණ බණ්ඩාර) ජයවේවා ✌ ✌ ✌ ✌ ✌ ✌ ✌ ලබන්නාවු 2020 අලුත් අවුරුද්ද ලෙඩක් දුකක් කරදරයක් නැතිව ඉන්න ලැබේවා ......

    1. madhubashana bandara

      ජය වේවා !!

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. madhubashana bandara

      thanks aiya.

  10. maikee

    Thanks bro

  11. HIRANLASITHA

    THANKS BRO....

    1. Suranjan

      Thanks jayawewa.....!

  12. Mohantha_kumara

    Tnx machan suba aluth awruddk

  13. Pradeep Pasqual

    Thanks for the sub...

  14. R.M.D.H.RATHNAYAKA

    Black and blue
    Maleficent of evil yts eke thiyanava.so ikmanta sub oni bro.thnks

  15. nish47

    ස්තූතියි සහෝ

  16. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  17. ptcjine

    supiri bro

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  19. wnrodrigo

    good work friend, Thanks for the sub!

  20. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra.

    1. madhubashana bandara

      thanks

    2. madhubashana bandara

      thanks

  21. දමිත් රත්නායක

    බොහොම ස්තුතියි මධුභාෂණ සහෝ
    ජයෙන් ජයම වේවා!

    1. madhubashana bandara

      thanks

  22. Dhanuka92

    thanx!

  23. gayanmagee

    thanks

  24. Dhanush Narangoda

    thanks bro sub එකට ..... ඔන්න මං දැක්කේ නෑ ප්‍රොෆයිල් ඒකෙ ඉන්න කෙල්ලෝ දෙන්නා

    1. madhubashana bandara

      comic con bro ☺️

    2. madhubashana bandara

  25. 0718901293

    Thawa karanna puluwan wewa macho.thanx

  26. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

  27. Dewadithya

    Thanks for sub!

  28. sahangayantha

    thanks a lot saho sub ekata

  29. melinda

    thank you

  30. Sahan Sulakkhana

    sub ekata thanks saho

  31. Naveen Rangana

    Thanks for Subtitle.......
    Jayawewa..........!!!!!!!!!

  32. ruchiralakmal

    Thanks for the sub!!!!!!!!!

  33. sanjeewakbg

    thanks bro..

  34. MAALnath

    Thanks .......................good luck ....................

  35. Pramukmili

    Thanxx bro..............

  36. mindika

    Thanks !!!!!!!!!!

  37. RavindraRishantha

    මධුභාෂණ මල්ලිට සහ නන් අයුරින් උදවු කළ යහළුවන්ට ස්තුතිය

  38. Wayantha Sandaruwan

    godak sthuthiy saho sub ekata. jaya wewa!!!

  39. Ruvindu thathsara

    සබ් එකට ගොඩක් ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.