Watch Trailer

Haunt (2013) | හොල්මන් කැඳවන අත්භූත පෙට්ටිය. [සිංහල උපසිරැසි සමඟ]

හායි හායි, කොහොමද ඉතින් කස්ටියටම? ඔන්න මම තවත් සුපිරි බයිස්කෝප් එකක් උස්සගෙ ඔයාල හම්බෙන්න ආවා. මේ දවස් ටිකේ ස්කෝලේ වැඩ ටිකත් කොරගෙන යන හින්දා ෆිල්ම් එකකට දෙකකට සබ් එකක්වත් දාන්න ටයිම් එකක් හම්බෙන්නෑ. ඒ හින්දා වෙලාවක් සෙට් උණ ගමන් ටක් ගාලා සබ දාන්න තමයි බලන්නේ. එහෙම දාලා දාලා ඉවර කොරගත්ත ෆිල්ම් එකක…

Haunt (2013)

හායි හායි, කොහොමද ඉතින් කස්ටියටම? ඔන්න මම තවත් සුපිරි බයිස්කෝප් එකක් උස්සගෙ ඔයාල හම්බෙන්න ආවා. මේ දවස් ටිකේ ස්කෝලේ වැඩ ටිකත් කොරගෙන යන හින්දා ෆිල්ම් එකකට දෙකකට සබ් එකක්වත් දාන්න ටයිම් එකක් හම්බෙන්නෑ. ඒ හින්දා වෙලාවක් සෙට් උණ ගමන් ටක් ගාලා සබ දාන්න තමයි බලන්නේ. එහෙම දාලා දාලා ඉවර කොරගත්ත ෆිල්ම් එකක සබ් එකක් තමයි මම අද ඕන්න ගෙනාවේ.. J J හරි හරි, වැඩි කතා නැතුව අපි ෆිල්ම් එක දිහාට හැරෙමුකෝ.

මම හොල්මන් ෆිල්ම් බලන්න ආස අයට ඔන්න තවත් සුපිරිම හොල්මන් ෆිල්ම් එකක් තමයි උස්සගෙන ආවේ. මේකේ IMDb රෑන්ක් එක ඇවිල්ලා 5.1/10 ක් වෙනවා. කතාව යන්නේ අත්භූත පෙට්ටියක් එක්ක. අපි දන්න කාලේ ඉඳලා හැම හොල්මන් ෆිල්ම් එකක්ම පටන්ගන්නේ ගෙදරකින් හින්දා මේකත් පටන්ගන්නේ ගෙදරකින් තමයි. ඈශර් පවුල යම්කිසි දුර බැහැර පළාතකට නිවසක් මිලදී ගැනීම සඳහා යනවා. මේ කට්ටියගෙ පවුලෙ සාමාජිකයින් පස්දෙනෙක්ම ඉන්නවා. ප්‍රධාන කතාව යන්නේ මේ පවුලේ 18 හැවිරිදි පිරිමි ළමයා වන එවන් ඈශර් වටා . කොහොම හරි ඈශර් පවුල මේ ගෙදර මිලදී ගන්න කැමති වෙනවා. නමුත්, මේ ගෙදර කලින් ජීවත් වුණු පවුල ගැනට සිද්ධ වෙච්ච බිහිසුණු ඉරණම මේ කවුරුවත් දන්නේ නෑ.

මෙහෙම කාලය ගෙවීගෙන යද්දි මේ පවුලට අත්භූත දේවල් රැසකට මුහුණදෙන්න සිද්ධ වෙනවා. එවන් ඈශර්ගෙ නංගී තනියම කාමරේ ඉඳන් කාත් එක්ක දෝ කතා කරනවා, එවන් ඈශර්ට එක එක දේවල් පේනවා වගේ දේවල්. මේ අතරෙදි එවන්ට ගෙවල් අහල පහල සැමැන්තා කියලා ලස්සන කෙල්ලෙකුත් සෙට් වෙනවා. එවන් තනියම කාමරේ නිදාගන්නකොට හදිසියේම වගේ මේ කෙල්ල එවන් නිදා ගන්න ඇඳටත් එනවා..;) මේ ගෙදර කලින් ජීවත් වුණු පවුලේ එවන් වගේම වයස තවත් මැතිව් කියලා පිරිමි ළමයෙක් මැරිලා තියෙනවා. එවන් දැන් ඉන්නෙත් ඒ කොල්ල මැරුණු කාමරේමයි. මේ කාමරේ තියෙන තවත් පොඩි කාමරේක භූත පෙට්ටියක් තියෙනවා. මේ පෙට්ටියට පුළුවන් තාරතාවය වෙනස් කරලා මියගිය ආත්ම එක්ක කතා කරන්න. සැමැන්තා කියන කෙල්ල මේ පෙට්ටිය ගැන හොඳට දන්නවා. එක රැයකදි මේ දෙන්නා එකතු වෙලා අර මේ ගෙදර කලින් මැරුණු කොල්ලත් එක්ක (මැතිව් එක්ක) කතා කරන්න පටන් ගන්නවා. මම ඒ දෙබස් ටිකෙන් පොඩ්ඩක් මේකට අමුණන්නම්,

සැමැන්තාගේ දෙබස් :
මැතිව්, ඔයා ඉන්නවද?
මැතිව්, මට ඇත්තටම ඔයාට කතා කරන්න ඕන.
මොනවද ඔයා අපිට කියන්න හදන්නේ?
මොකද්ද ඔයාලගේ පවුලට වුණේ?

මිය ගිය මැතිව් ගේ(හොල්මනගේ දෙබස්) :
මගේ කාමරය. මගේ කාමරය. මගේ කාමරෙන් පලයල්ලා!!
ඇය එනවා. ඇය එනවා. ඇය එනවා..!!

කවුද මේ ‘ඇය’ කියන්නේ? එතනින් පස්සේ ඒ දෙන්නට මොකද වුණේ කියලා හිතාගන්න පුළුවන්ද? මේ ටික බලන්න නම් ෆිල්ම් එක මුල ඉඳන්ම බලන්න වෙනවා… මම තවත් මේ වගේම හොල්මන් ෆිල්ම් දෙක තුනකටම ඉදිරියේදී සබ් දාන්න බලාගෙන ඉන්නවා. බලමුකෝ අපි ඉදිරියේදී ඒ ටිකත් නේද?? එහෙනම් අපි නැවතත් හම්බෙමු. අපි ගියා…

Haunt (2013) on IMDb

 

 

699 MB කොපිය මෙතනින් බාගන්න

c358f11dcd0cc0d98ef6210e4816c940fa8ce35a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,506 downloadsDownload Haunt.2013.baiscopelk.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/YasH.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,506 downloadsDownload Subtitles30 KB

53 comments

  1. black

    thanks

  2. Yasmika

    මේ වගේ තවත් හොල්මන් ෆිල්ම් ටිකක් එක්ක ළඟදීම හමුවෙමු...

  3. නලින්

    නියමයි යස්මික සහ‍ෝ!

    සබ් එකත් එක්ක අායි ඔන්න බලනවා ! ජය වේවා!

    1. Yasmika

      නලින් අයියා කලින් බැලුවද මේක??

  4. kumar DOHA

    thank you very much

  5. dimal

    a machan adventureland eke sub eka danna berida????????

    1. Yasmika

      හොඳ ෆිල්ම් එකක් නේද සහෝ? අපි බලමුකෝ උපසිරැසි දෙන්න...

  6. වරුණ රංගජිත් (වරූ)

    හොල්මන් එකක් නේද හොඳයි කියලා හිතනවා...
    ඔයාට ජය වේවා....
    ඔයාට පුළුවන්නම් Unfaithful 2002 ෆිල්ම් එකට සබ් දෙන්නකෝ
    මේකේ ඉංශ්‍රීසි සබ් එක්ක ලිපියක් බයිස්කෝප් සයිට් එකේ තියනවා (රොයිලි අයියා දාපු එකක්)
    මේක පවුල් ජීවිතය ගැන කතා කරන ගොඩක් වටින ෆිල්ම් එකක්..
    මමනම් බාගන බැලුවා ඉංහ්‍රීසි සබ් එක්ක
    මේකට සබ් කරන්න ඒක ගොඩක් වටියි කියලා හිතනවා...

    1. Yasmika

      වරුණ සහෝ මේ චිත්‍රපටිය නම් හොඳ ෆිල්ම් එකක් තමයි. ඇත්තටම සිංහල උපසිරැසි දාන්න වටින කතාවක්. ඒත්, මම දැනටමත් සබ් කිහිපයකටම උපසිරැසි දාගෙන යනවා. වෙලාවක් තිබුණොත් මම අනිවා ඕකට සබ් දාන්න කැමතියි. ඔයාගේ දැනුවත් කිරීමට ස්තූතියි.

  7. ෂෙහාන් බුද්ධිම

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  8. Global

    Denna Denna Digatama Denna..Goodluck..!

    1. Yasmika

      දිගටම දෙනවා ග්ලෝබල්... :)

  9. Jack

    නියම්යි සහෝ.
    හොල්මන් එකක් නම් අනිවා බලනවා.
    ස්තුතියි සබ් එකට.

  10. Kulanjana Maduranga

    niyamai saho.subata thanks YASMIKA saho.digatama sub denn...jaya wewa............

  11. HimEshCrEeD

    ලිපිය කියෙව්වම
    ෆිල්ම් එක බලන්න
    හිතෙනව..මරු මරු
    දිගටම සබ් දෙමු..
    හොල්මන් ෆිල්ම් වලට
    දෙන එකනම් වටිනව :D

    1. Yasmika

      දිගටම හොල්මන් සෙට් එකකට තමයි දෙන්න හිතං ඉන්නේ... ගොඩක් ස්තූතියි

  12. Tharindu Perera

    elazzz ahhh kollo..
    me vage ekak nam kiyatavath atharinne nahaa...
    thanks machan sub ekatahh...
    thava horror ekak karamu nee....

    1. Yasmika

      ලොවෙත් සුපිරි හොල්මන් ෆිල්ම් ටිකක් අල්ලලා සබ් කරමු...

  13. inoka perera

    Thaks e unata balanna bayai wistare kiyawapuwama

    1. Yasmika

      බයවෙන්න එපා. රෑට දාගෙන බලන්න :) :) :)

    2. inoka perera

      apoi

  14. ජයනි

    Thank you yasmika... thawa horror film denna.suba pethum

  15. Thanu

    Thanx saho sub 1ta

  16. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. Yasmika

      ඔයා හොල්මන් එකක් නේද හොය හොය හිටියේ? ඔන්න තියෙනවා සුපිරි එකක්.

    2. තිසර නියෝ

      අනිවා

  17. me

    Thanks

  18. Sahan Vimukthi

    මේ මගෙ පළවෙනි කමෙන්ට් එක
    thanks හොද movie එකක් වගේ .. :)

  19. nimantha

    හොල්මන්.........අතැරල කොහොමේ......අනිවා බානවා සබ් 1ට තැන්කු සහෝ

  20. “චූටී මල්ලි”

    එලස්
    හොද හොම්මන් ටිකක්
    අල්ලලා සබ් කරමු හෙහ් :P
    සබට තුති බන්
    ඔබට ජය.......

    1. Yasmika

      ලොවෙත් චූටි මල්ලියා!!

  21. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  22. richi

    thanks...

  23. sameera

    fatta

  24. Saman Prasad ( Black Panther )

    නියමයි මචෝ. ඔන්න එහෙනම් බානවා

  25. riya

    මම පිටරටක වැඩ කරන්නෙ මේ දවස්වල මේ තඩි ගෙදර කට්ටියම vacation ගිහින්...තනියම ඉන්නෙ..downlode කරල තියා ගන්නව. කට්ටිය ආවට පස්සෙ බලනව..සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි යාලුව.

    1. Yasmika

      බාගෙන බලන්න. පට්ට හොල්මන්

  26. LAKSHAN

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  27. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සිංහල උපසිරසියට,ජයවේවා.

  28. mithun

    meke sub eka ganna danne na ne..download kalata film eka sub eka uto denne natda?

  29. M THILINA

    Thank U

    1. dinesh indika

      nice

  30. dinesh indika

    nice film

  31. dinesh indika

    nice movie

  32. Emi

    Thank you

  33. Sandun Dulanjana

    එල! බලන්න ඕන

  34. KãVi MîÑt

    සබට තැන්කියු වේවා ඈ......................
    දිගටම හොල්මන් චිත්‍රපටි වලටම සබ් ඕනේ.........
    සුබ පතනවා.............

  35. Naween

    පට්ට පට්ට....තෑන්ක්ස් වේවා මචන් සබ් එකට.හොරර් එකක් කාලෙකින් බලන්න බැරිවුනා.බලලම කොමන්ටුවක් දාන්නම්....

  36. malik

    godak pin..!

  37. රොයිලි

    බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Yasmika

      තැන්කූ රොයිලි අයියා

  38. Charith

    Mama Balapu holman Film walin Pattama Film ekak meka...mama atthatama baya wuna me film eke samahara than waladi :[

  39. Anonymous

    Haunt (2019 )eke bluray sub ekat dennnko.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.