Watch Trailer

Hellboy II: The Golden Army (2008) | මරණයේ පුත්‍රයා… [සිංහල උපසිරසි සමඟ]

කාලෙකට පස්සේ චිත්‍රපටයකට උපසිරසි අරගෙන මෙන්න මම ආවා. ෂීල්ඩ් කතා මාලාවත් ඉවර වුණ එකේ කලින් බාරගෙන තිබුණු චිත්‍රපටියක් උපසිරසි ගන්වන්න හිතුවා. මේක ටිකක් පරණ ඉංග්‍රීසි චිත්‍රපටයක්. හෙල්බෝයි චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය තමයි මේ. හෙල්බෝයි පළමු චිත්‍රපටයට බයිස්කෝප් සිංහලෙන් අපේ අඩවියෙන් උපසිරසි සමගම ඔය…

කාලෙකට පස්සේ චිත්‍රපටයකට උපසිරසි අරගෙන මෙන්න මම ආවා. ෂීල්ඩ් කතා මාලාවත් ඉවර වුණ එකේ කලින් බාරගෙන තිබුණු චිත්‍රපටියක් උපසිරසි ගන්වන්න හිතුවා. මේක ටිකක් පරණ ඉංග්‍රීසි චිත්‍රපටයක්. හෙල්බෝයි චිත්‍රපට මාලාවේ දෙවන චිත්‍රපටය තමයි මේ. හෙල්බෝයි පළමු චිත්‍රපටයට බයිස්කෝප් සිංහලෙන් අපේ අඩවියෙන් උපසිරසි සමගම ඔයාලට දුන්නා මතක ඇතිනේ. ඒ මීට අවුරුද්දකට විතර කලින්. ඉතින් මට ඉඩක් ලැබුණා එහි දෙවන චිත්‍රපටය මේ විදියට ඔයාලා වෙනුවෙන් අරගෙන එන්න. පළමු චිත්‍රපටය බලපු අය නම් අනිවාර්යයෙන්ම මේකත් බලයි. ඒක බැලුවේ නැතත් මේ දෙවන චිත්‍රපටය අඩුවක් නැතිවම රසවිඳින්න පුළුවන්. දෙකම බලපු අය ඉන්නවා නම් ආයෙම උපසිරසිත් එක්ක බලන්න එහෙනම්.

චිත්‍රපටය ආරම්භ වන්නේ හෙල්බෝයිගේ කුඩා කාලයේ වුණු එක්තරා සිද්ධියක් මතක් කරමින්. පුංචි හෙල්බෝයි හැදී වැඩෙන්නේ එයාව ගලවාගත් ආචාර්ය බෘම්ගේ සෙවණ යටතේ. පළමු චිත්‍රපටය බලපු අයට මතක ඇති ආචාර්ය බෘම්ව. ඉතින් පැණිරස කන්න ගොඩක් ආස කරන මේ යක්ෂ පැටියා නින්දට යන්න කලින් ආචාර්ය බෘම්ට කියනවා තමන්ට කතන්දරයක් කියලා දෙන්න කියලා. ඒ කතන්දරයෙන් කියන්නේ මනුෂ්‍යය සංහතිය අතුගාලා දාන්න නිර්මාණය කරපු රත්තරන් හමුදාවක් ගැන. ඒ රත්තරන් හමුදාව පාලනය කරන්න පුළුවන්කම තියෙන්නේ බෙත්මූරා වංශයේ රාජකීයයන්ට. ඔවුන් සතුව තියෙනවා රන් ඔටුන්නක් මේ ඔටුන්න පළඳින කෙනාට තමයි රත්තරන් හමුදාව පාලනය කරන්න පුළුවන්. කිසිම කෙනෙක්ට ඒ ඔටුන්න හිමි කෙනාට අභියෝග කරන්න බැහැ. ඉතින් ඒ කතන්දරයට අනුව බෙත්මූරාහි මහ රජතුමා මේ ඔටුන්න කොටස් තුනකට වෙන් කරලා එක කොටසක් මනුෂ්‍යයින්ට දෙනවා යුද විරතියක් ආරම්භ කරමින්. යුද්ධය අවසන් කරලා රත්තරන් හමුදාව රහසේ හංගලා තියෙනවා. ඔය කතන්දරය අහගෙන හෙල්බෝයි යක්ෂ පැටියා නින්දට යනවා. ඒ පොඩිකාලේ. මේ වෙනකොට හෙල්බෝයි ජීවත් වෙන්නේ එලිසබෙත් ශර්මන් එක්ක. ඒ අතරේ මනුෂ්‍යයින්ගෙන් පළිගන්න හිතාගෙන බෙත්මූරා වංශයේ උරුමක්කාරයා වන නුවාඩා කුමාරයා මනුෂ්‍යය ලෝකයට එනවා. ඒ එන්නේ මනුෂ්‍යයන් සතුව තියෙන් රන් ඔටුන්නේ තුන්වන කොටස ලබාගන්න. දක්ෂ සටන් කාමියෙක් වන නුවාඩා, මනුෂ්‍යයින්ගෙන් ඒ කොටස පැහැරගන්නවා. මේ අවනඩුව විසඳන්න පැවරෙන්නේ හෙල්බෝයි ප්‍රමුඛ අසම්මතයින් කණ්ඩායමට. ඉතින් අපි බලමු නුවාඩා කුමාරයාට සම්පූර්ණ ඔටුන්නම නැවත සකස් කරගෙන රත්තරන් හමුදාව නැවත අවදි කරවන්න පුළුවන් වෙයිද කියලා. එහෙම වුණොත් මනුෂ්‍යය ලෝකයට මොකක් වෙයිද? හෙල්බෝයි ඇතුළු පිරිසට ඔහුව නවත්තන්න හැකි වේවිද ඔයාලම බලන්න එහෙනම් මනුෂ්‍යය ගති තියෙන මේ යක්ෂයාගේ වැඩ කිඩ.

2008 වර්ෂයේ තිරගත වූ IMDb අගය 7.1 ලෙස සටහන් වන මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Guillermo del Toro ගෙනි. Percy Jackson: Sea of Monsters , Pacific Rim ආදී චිත්‍රපටවලට රංගනයෙන් දායකත්වය දැක්වූ ජනප්‍රිය නළු Ron Perlman තමයි හෙල්බෝයිගේ චරිතයට පණ පොවන්නේ. ඒ වගේම John Hurt, Selma Blair, Doug Jones, Jeffrey Tambor වැනි අත දක්ෂ රංගන ශිල්පීන් මෙහි ප්‍රධාන චරිත වලට පණ පොවනවා. ඒ වගේම තමයි ආරංචියක් තියෙනව හෙල්බෝයි තුන්වන චිත්‍රපටයකුත් ඉදිරියේදී පැමිණෙන බවක්. දින වකවානු නම් මට දැනගන්න ලැබුණේ නැහැ. ක්‍රියාදාම වලින් පිරුණු මේ චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරන ගමන් මම සමුගන්නවා. ඔයාලගේ අදහස් දක්වන්න එහෙනම්, සුබ දවසක් ජයම වේවා…! එලස්ස්ස්… 😀

Hellboy II: The Golden Army (2008) on IMDb

 

 

11,937 downloadsDownload Hellboy.2.T.G.A.2008.baiscopelk.zip48 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

11,937 downloadsDownload Subtitles48 KB

49 comments

  1. Tharindu Perera

    Elazzzz...
    fatta kathavaknee genalla thiyenneee...
    thanks machan sub ekatahhh.....

  2. Thanu

    Thanx mcho sub 1ta... Mekath aniwa balanawa

  3. thiliya

    sthuthi saho....niyama movie 1kne... Elazzzz :)

  4. ගයාන් රූකාන්ත (ජෝනා)

    අන්තිමට දී ගත්තා නේද බන්
    කොච්චර කාලෙකට කලින්ද උබ මේක කොරනවා කියලා මට කිවේ
    ඔන්න ගත්තා සබට තුති මචෝ .ජය..

    1. යශෝධ

      ඔව් බන් දැන් තමා හිතට පොඩ්ඩක් හැපී... එලස්ස්ස්......

  5. නලින්

    ස්තුතියි යශෝ සහෝ

    ජය වේවා!

  6. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  7. Saman Prasad ( Black Panther )

    ela ela

  8. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :D :D ජය

  9. Kulanjana Maduranga

    niyamai.subata thanks YASHODA saho.digatama sub demu.jaya wewa......

  10. “චූටී මල්ලි”

    මන් මේක බලලා නෑ බන්
    ඒ දව්ස්වල මේක හෙන පහරක් වෙන්නැති නෙ බන්
    නිකන් පික් එක දැක්කම එහෙම හිතෙනවා
    මචන් තව එකක්
    Helix (2014) කියලා ටීවී ශෝව් එකක් තියෙ දැනට
    පලමු සීසන් එකනම් ඉවරයි ට්‍රයි එකක් දෙන්නකො සහෝ
    එකට සබ් දෙන්න
    සබට තුති
    ඔබට ජය..................

    1. යශෝධ

      කොල්ලෝ ටීන් වුල්ෆ් එකත් හෙමිහිට ඇදගෙන යන ගමන්..
      ඒකයි තවත් එකකට පොඩ්ඩක් අත ගහන්න බය.... ඒත් බලමුකෝ.... එලස්ස්ස්.......

    2. “චූටී මල්ලි”

      පොඩ්ඩක් බලහන්කො මචන්

    3. sanjaya

      Niyamai el

  11. bee

    ela ela tnx

  12. Isu DP

    Thnkzz Subata...
    Balala thiyenwa...
    Jaya Wewa !!! :-)

  13. kavinda gamage

    සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.

  14. kavinda gamage

    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.

  15. susan nilantha

    patta pata pata..
    thank u very much bro..

  16. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Lakmal

    එල මචං මේක මගේ ෆිල්ම් එකතුවේ නැතුව තිබුනේ thanks මචං

  18. nelum nethanjana

    Thank u saho....

  19. SACHIN

    Mama hell boy 2 eke sub thiyenawada kiyala balanna awa.ethe thibune na.ogollo subs daanakal mama film eka balannathuwa hitiya.thank u..........

  20. nimaNTha

    elazzzzzzzzzzz... broooooooo

  21. kavinda

    thank you

  22. sahan

    තැන්කූ වෙරි මච්...ඉස්සරහටත් කරගෙන යන්න සුබපැතුම්!!!

  23. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  24. Karuwa

    සබ් එකට ස්තූතියි බ්‍රෝ

  25. Dewadithya

    Thanks for Sub!

  26. Ayesh Prashan

    Thank You

    1. dushanherath1

      Nice

    2. dasunrulz

      Fatta

  27. lakdiludilshan

    elama

  28. TMK

    thanks

  29. shehan lk

    thank you for sub's

  30. Rukshan37

    Ela ela

  31. suchroxx

    Thanks Bro

  32. EM Nishshanka

    Thanks mcn

    1. Lakmal

      Mchn hema welema name eka dnna epa bn...etkot subtitle kiywanna amarui

  33. Nishanpradeep95

    Tnx a lot

  34. Amila Mudalige

    Sub ekta Thanks

  35. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  36. aks

    Thanks...

  37. Gayan_madushanka_

    Thanks bro

  38. kent

    thanks

  39. Anonymous

    THANKS

  40. dasun

    tnx

  41. Anonymous

    Sub eka nane

    1. Ravindu Heshan - Admin

      Dan wada

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.