2017 සැප්තැම්බර් මස පළමුවැනිදා ඇමරිකාවේදී ප්‍රදර්ශනය ආරම්භ කල IMDb දර්ශකයේ කොමඩි, නාට්‍ය ලෙස වර්ගීකරණය කර ඇති පැය 1යි මිනිත්තු 34ක් පුරා දිවෙන මෙම සිනමාපටය Greta Gerwig නමැති අධ්‍යක්ෂකවරිය විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමාපටයක්. Brooklyn (2015), Hanna (2011), Atonement (2007) වැනි සිනමාපට වලට රංගනය…

2017 සැප්තැම්බර් මස පළමුවැනිදා ඇමරිකාවේදී ප්‍රදර්ශනය ආරම්භ කල IMDb දර්ශකයේ කොමඩි, නාට්‍ය ලෙස වර්ගීකරණය කර ඇති පැය 1යි මිනිත්තු 34ක් පුරා දිවෙන මෙම සිනමාපටය Greta Gerwig නමැති අධ්‍යක්ෂකවරිය විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමාපටයක්. Brooklyn (2015), Hanna (2011), Atonement (2007) වැනි සිනමාපට වලට රංගනයෙන් දායක වූ සම්මාන ලාභී නිළි Saoirse Ronan (ක්‍රිස්ටීන් / ලේඩි බර්ඩ් ලෙස) මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරයි. මේ වන විට විවිධ සිනමාන උළෙල ගණනාවක සම්මාන 76ක් දිනා ඇති මෙම සිනමාපටය ඔස්කාර් සම්මාන 3 කට සහ තවත් සම්මාන 159 කටද නිර්දේශ වී ඇත. ඔස්කාර් සම්මාන 3 සඳහා නාම යෝජනා ඉදිරිපත් වී ඇත්තේ ප්‍රධාන නිළියගේ චරිතය සඳහා හොඳම ඉදිරිපත් කිරීම වෙනුවෙන් “Saoirse Ronan” සහ හොඳම සහාය නිළියගේ චරිතය සඳහා හොඳම ඉදිරිපත් කිරීම වෙනුවෙන් ලේඩි බර්ඩ් ගේ අම්මාගේ චරිතය නිරූපණය කල “Laurie Metcalf” සහ හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් “Greta Gerwig” යන තිදෙනායි. මේ වන විට IMDb දර්ශකයේ 7.9/10 වැනි ඉහල අගයක් මෙන්ම රොටන් ටොමෑටෝස් ප්‍රේක්ෂක ප්‍රතිචාර 99%ක් දිනාගන්නටත් මෙම සිනමාපටය සමත්වෙලා තියෙනව.
කැලිෆෝනියා නගරයේ හෙදියක් ලෙස සේවය කරන “මෑරියන් මැක්පර්සන්” තම පවුල නඩත්තු කිරීමට වෙහෙස නොබලා වැඩ කරන්නේ තම සැමියාගේ රැකියාව අහිමි වීමත් සමඟයි. ඇගේ රැකියාවේ කටයුතු සහ ගෙදර දොර කටයුතු සමබරව පවත්වාගැනීමට උත්සාහ දරන ඇය ඇගේ යෞවන වියේ පසුවන දියණිය සමඟද කටයුතු කරන්නේ ටිකක් විතර කලබලකාරී ගතියකිනි. ඇගේ දියණියද ඇය මෙන්ම ආදරණීය, දැඩි අධිෂ්ඨානශීලී නමුත් ඉතා ඇට්ටර චරිතයකි. ක්‍රිස්ටීන් මැක්පර්සන් (ලේඩි බර්ඩ්) කියන්නෙ අනුන් ගැන එතරම් නොසිතන, ආත්මාර්ථකාමී, අනාරක්ෂිත, හොඳ හදවතක් ඇති, තම හැකියාවන් ඉක්මවාගිය අධිෂ්ඨානයක් ඇති, බොළඳ, විනෝදකාමී චරිතයකි. වෙනත් ආකාරයකට කියනවා නම් ළමා අවධිය පසු කරමින් වැඩිවියට පා තබමින් සිටින ව්‍යාකූල තරුණියකි.
කැලිෆෝනියාවේ සැක්‍රමැන්ටෝ හී කතෝලික පාසලේ ජ්යේෂ්ඨ වසරේ ඉගෙනුම ලබන ක්‍රිස්ටීන් මැක්පර්සන් (ලේඩි බර්ඩ්) දැඩිව උත්සාහ කරනනේ කනිෂ්ඨ පාසලෙන් පසු, එක්සත් ජනපදයේ උතුරු නැගෙනහිර පෙදෙසට වන්නට පිහිටි ලිබරල් උසස් පාසලකට ඇතුලත් වීමටයි. මෙම උත්සාහය ඇගේ මව සමඟ නිතර නිතර ගැටුම් ඇතිවීමට හේතුවක් වෙයි. සෑම තරුණයෙකුට තරුණියකට මෙන් ඇයටද තරුණ ආශාවන් සිහින ඇත. අනිත් අය මෙන් ඇයද ඒවා ඉටු කරගැනීමට උත්සාහ දරයි. මේ දරන උත්සාහයේදී ඇගේ මවගේ දැඩි බව මෙන්ම පවුල තුල පවතින මූල්‍යමය ගැටළු හේතුවෙන් ඇය පවුලේ සාමාජිකයන් සමඟ නිතර ගැටුම් ඇති කර ගනී. තරුණ වියට පා තබන ඕනෑම දරුවකු මෙන් ඇයද දෙමාපිය ආදරය වැරදියට වටහා ගන්නා නමුදු තම මවගේ මුවින් තමන් ගැන තමන්ගේ තේරීම් ගැන පැසසුම් ලැබීමට මෙන්ම මවගේ ආදරය දිනාගැනීමට ඇය වෙහෙසෙයි. නමුත් සැමියාගේ රැකියාවද නොමැතිව මුළු පව්ලේම බර කරට ගන්නා මැරියන් (ලේඩි බර්ඩ් ගේ මව) ජීවිතය ගැටගසා ගැනීමට දරන උත්සාහය මෙන්ම ආර්ථික අපහසුතා මධ්‍යයේ තම පව්ල විසිරී යාමට නොදී පව්ලේ කටයුතු සියල්ල සමබරව කරගෙන යාමට දරන උත්සාහයේදී ඇය ලේඩි බර්ඩ් ගේ සිතුවිලි තේරුම් ගැනීමට අපොහොසත් වෙයි. තම දියණිය කෙරේ ඇගේ ඇති ආදරය නොවෙනස්ව පැවතුනද එය තම දියණියට පෙන්වීමට ඇය අපොහොසත් වෙයි. සම්පූර්ණ සිනමාපටයම දිවෙන්නේ මේ තරුණ දැරිවිය නිවැසියන් සමඟ, පාසලේ මිතුරන් සමඟ, ගුරුවරුන් සමඟ, විරුද්ධ ලිංගිකය සමඟ මෙන්ම සමාජය සමඟ එකට ගැටෙමින් තම අභිලාෂයන් මුදුන්පත් කරගැනීමට දරන උත්සාහයයි.
කාර්‍යබහුල මවක් හා තරුණ වියට පා තබමින් සිටින දියණියක් අතර පවතින ව්‍යාකූල සම්බන්ධතාවය මෙම සිනමාපටය හරහා අධ්‍යක්ෂවරයා මනාවට ඉදිරිපත් කිරීමට සමවත්ව තිබෙනවා කියන එක තමයි මගේ මතය.ඉතිං කම්මැලි කමක් නැතිව බලන්න පුලුවන් හොඳ සිනමාපටයක් මේක. ඔයාල හැමෝටම බලන්න කියල ආරාධනා කරනව.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.
5,682 downloadsDownload Lady-Bird-2017-1.zip150 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-12-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසන්ත මාලිංග
Subtitles
35 comments
THE NEW FOLDER
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Wayantha Sandaruwan
මෙන්න ෆිල්ම්, ගොඩක් ස්තූතියි සහෝ මේ වගේ වටිනා නිර්මාණ බයිස්කෝප් එකට අරන් එනවට.
අනිවා බලන්න ඕනෙ. ජය වේවා!Praneeth priyadarshana
Tks saho
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Pathmila_kushantha94
Thanx සහෝ blurray ආවම update දෙන්න!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!malith
Ela ela
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසන්ත සහෝ.
ජයෙන් ජය.හසිත මධුෂාන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ......!
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ......!
jagath55
Thanks
Sadeu_Bandara
හොද ලිපියක් හා සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි.......
AsithaDilruwan
elama saho thanks
Arrow T
nice Thanks
Nirosh C
ස්තුතියි හසන්ත සහෝ.ජයවේවා!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
JackJill
BR out machan , pls update the sub( for Yify 720/1080)
tharindu gunarathna
thanks
Wicki
බොහොම ස්තුතියි
Kasun A.
sabata thuthi hasantha saho.jaya!
akila13
තෑන්ක්ස් සහෝ සබට
shanilka krish
tnx
gayanmagee
thanks
wcr
thank you
Nidi
හසන්ත,
මානසික ඝට්ටන, ආකල්ප වෙනස්කම්, හා වයස් භේදය
අතරින් ගලන කතාවකට
ලස්සනට සබ්ස් දුන්නාට
ගොඩක් ස්තුතියි!suchroxx
Thanks
TRD
බොහොම ස්තුතියි සහො උපසිරසියට...ජය...!!!
MAALnath
Thanks ................good luck ........................
ricadodamien
Thank U hasantha brother & baiscope team for the sub, beautiful movie. all the best to baiscope team...........
Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Requests:-
In the name of the father
K pax
Arlington road
Big fish
The ballad of buster scruggsSasanka
Thanks for the sub
Thisaru
Thanks
Sahan Prabhasara
මරු
Shehan Kavinda
මරු ලිපිය සහෝ,තෑන්ක්ස් සබ් එකට❤️
Advertisement

thanks hasantha brother
for subtitle
god bless you