Watch Trailer

Machine (2017) Sinhala Subtitles | යන්ත්‍රයක් වගේ හදවතක් [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් කියලා පිළිගන්නවා සුපුරුදු විදිහටම අදත් බයිස්කෝප් වාසී ඔයාලා හැමෝවම. ඔව් ඔව් අද ඔයාලා වගේම මමත් ගොඩක් ආසා කරන සින්දුවක් තියෙන හින්දි චිත්‍රපටියක් අරන් තමයි ආවේ. මේ චිත්‍රපටයට උපසිරැසිය කරන්න විශේෂම හේතුවක් තමයි, මේකේ සින්දුවට අන්තර්ජාලයෙන් ලැබිලා තියෙන ප්‍රතිචාර. මිලියන ගානක ප්‍රතිචාර ලැබිල…

ආයුබෝවන් කියලා පිළිගන්නවා සුපුරුදු විදිහටම අදත් බයිස්කෝප් වාසී ඔයාලා හැමෝවම. ඔව් ඔව් අද ඔයාලා වගේම මමත් ගොඩක් ආසා කරන සින්දුවක් තියෙන හින්දි චිත්‍රපටියක් අරන් තමයි ආවේ. මේ චිත්‍රපටයට උපසිරැසිය කරන්න විශේෂම හේතුවක් තමයි, මේකේ සින්දුවට අන්තර්ජාලයෙන් ලැබිලා තියෙන ප්‍රතිචාර. මිලියන ගානක ප්‍රතිචාර ලැබිලා තියෙන සින්දුවක් තියෙනකොට ඒ චිත්‍රපටයට උපසිරැසිය කරන්න අරගන්න ඕනේ කියලා හිතුනා.

මම ඇත්තටම තව දෙයක් කියන්න කැමතියි, ඔයාලව රවට්ටලා , ඔයාලගේ ඩේටා කප්පවලා, මේ ෆිල්ම් එක ගැන වර්ණනා කරවලා බොරු බලාපොරොත්තු දීලා මේ ෆිල්ම් එක බලවන්න මම කැමති නෑ. මොකද එහෙම කලොත් වෙන්නේ, ඔයාලා මම ගොඩක් හොද චිත්‍රපටයකට උපසිරැසි කරලා ගෙනාවත් ඒක නොසලකා හරින එක. ඒ නිසා මම මේ චිත්‍රපටය ගැන සරලව කියන්නම්. මේකට ලැබිලා තියෙන imdb 2.2 ක් වගේ අඩු අගයක් තමා ලැබිලා තියෙන්නේ, ඒ වගේ අගයක් මේ වගේ චිත්‍රපටයකට ලැබුනේ ඇයිද කියලා මට හිතාගන්නත් බැරි වුණා. ඒත් කතාවේ කිසිම අඩුපාඩුවක් නැතිව ගලාගෙන යනවා කියලා නම් කියන්න පුළුවන්. මොනවා වුනත් , අපරාධ , අභිරහස් , ක්‍රියාදාම වගේ චිත්‍රපට හොයන අයට නම් මේක අනිවාර්යයෙන්ම බලන්න පුළුවන් චිත්‍රපටයක් කියලා මම සැකයක් නැතිවම කියනවා. ඒ ගැන ඔයාලට පහළ කතාවෙන්ම පැහැදිලි වේවි.

සාරා කියන්නේ බාල්රාජ් කියන කෝටිපති ව්‍යාපාරිකයාගේ එකම දුව. ඒත් ඇත්ත කතාව ඒක නෙවෙයි. බාල්රාජ් කියන්නේ සාරාගේ ඇත්තම තාත්තා නෙවෙයි. ඒ මොකද කිව්වොත් සාරාගේ දෙමව්පියන්ව මේ බාල්රාජ් කියන කෝටිපති ව්‍යාපාරිකයා සාරා පොඩිකාලෙදීම අනතුරකින් මරලා දාලා. ඒකට හේතුව තමයි, සාරාගේ දෙමව්පියන්ට තියෙන දේපල , සල්ලි වලට මේ බාල්රාජ් කියන කෝටිපතියාගේ හිතේ ආසාවක් ඇතිවෙන එක. ඒ නිසා සාරාගේ දෙමව්පියන්ව මරලා දාලා බාල්රාජ් සාරාගේ බොරු තාත්තා විදිහට පෙනී ඉන්නවා. තව දෙයක් තියෙනවා, දේපල වලින් 50%ක් සාරාට අවුරුදු 21ක් ලැබුවට පස්සේ හිමි වෙන්න ඕනේ කියලත් සාරාගේ සීයා තාපර් තමන්ගේ අන්තිම කැමැත්ත විදිහට ලියලයි මැරෙන්නේ. මේ නිසා අවුරුදු 21ක් ලැබුවට පස්සේ සාරාවත් මරලා දාලා ඒ දේපල කොටසත් තමන්ගේ කර ගන්න තමයි බාල්රාජ් උත්සහා කරන්නේ. මේකට තමන්ගේ එකම පුතා රාන්ෂ්ව, පොඩි කාලේ ඉදන්ම හොදට පුරුදු කරවනවා. සාරාට අවුරුදු 21ක ලැබුවට පස්සේ, බාල්රාජ් රාන්ෂ්ව සාරා ඉස්සරහට යවලා සාරාගේ හිතේ රාන්ෂ් ගැන ආදරයක් ඇති කරවලා දෙන්නව කසාද බන්දනවා. ඊට පස්සේ සාරාට මොනවා වෙයිද?, බාල්රාජ් කියන්නේ සාරාගේ ඇත්තම තාත්තා නෙවෙයි කියලා සාරා දැන ගනීවිද?, රාන්ෂ් සාරාව මරලා දාවිද?, කතාවේ තව පැති මොනාද? මේ ගැන දැන ගන්න නම් ඉතින් මේක බලන්නම වෙනවා තව දෙයක් කියන්න ඕනේ, චිත්‍රපටය බාගන්න කලින් ප්‍රචාරක පටයත් බලලා හිටියනම් හොදයි කියලා තමයි මම නම් කියන්නේ.

එහෙනම් ළගම එන A/L Exam එකෙන් පස්සේ, 😌😌 තවත් උපසිරැසි ගණනාවකින් ඔයාලව හමුවෙන බලාපොරොත්තුවෙන් මම ගිහින් එන්නම්.

ඔයාලට තෙරුවන් සරණයි!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

8,058 downloadsDownload Machine-2017.zip45 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ප්‍රදීප් රවින්ද්‍ර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2019-02-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

8,058 downloadsDownload Subtitles45 KB

31 comments

  1. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  2. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi broo sub ekata...

  3. D.Chamara

    bohoma sthuthi sahooo

  4. gihan perera

    ස්තුතියි සහෝ....විභාගයට ජය වෙිවා.....

  5. [email protected]

    ela patta film ekak thanks sube ekata (bharjari 2017HDrip 720p kannada) film ekatath sube dannako eka patta jayawewa........

  6. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  7. S.P.Prashath Madushanka

    Balagena hitiye.Sub ekak hewwata hambunema naaThanks wewa bro...........

  8. Kalana Dhananjaya Fernando

    Patta bn,thanks

  9. Pravidu Fdo

    ස්තූතියි සහෝ & Gd Luck For The A/L Xam's Too. ඉදිරියටත් මෙවැනි උපසිරැසි ගෙන ඒමට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා!! Thnx Bro Again & May God Bless U!!

  10. කෞශල්‍ය දුෂ්‍යාන්

    අඩෝ මේකේ සිංදුව මගේ ප්ලේ ලිස්ට් එකෙත් තියෙනවා බං.විශ්වාස කරපං මචං අද රෑ 9ට මම මේ සිංදුව අහන ගමන් හිතුවා මේ ෆිල්ම් එක හොයං බලන්න ඕනි කියලා.නිකමට වගේ මේ පැත්තට අාවම උඩම මේක තියෙනවා.පට්ටම සීන් එක.මටවත් විශ්වාස කරන්න බෑ.චිසි පඩීහේ මස්ත මස්ත.මෙන්න බෑවා.සදා ජය.හොදට විභාගේ කරගනින් මලේ.සදා ජය.

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Ayesh Prashan

    Thank You

  13. Lasantharathnasirirox

    සොයුර ඔබට බොහෝමත්ම ස්තුතියි උපසිරැසියට...ජයවේවා !!

  14. Chamalkaushalya

    Pc ekta sub eka weda na saho.. km plyer
    ekta.plz hri gassnna puluwnda..

    1. sahan.sunny

      Matath Sub Eka Weda Naa... :(

    2. Poordilly

      mageth PC ekata sub eka support karanne na.. ai a?

  15. prasakr

    බොහෝම ස්තූතියි උපසිරැසියට ජයවේවා...

  16. nowtyvinod

    sub ekata tnx brooooo

  17. santhusha319

    tanks mchn

  18. gihan boy

    Thanxxxxxx

  19. Mahesh Rajapaksha

    Thanks bro...

  20. damith_janaranjana

    Thanks bro

  21. Dushan Laksitha

    man hoya hoya hitapu ekak. thanx bro.

  22. ශසිත් සඳරුවන්

    සබට බොහොම තුති කිව්වා...
    දිගටම සබ් දෙමු ආ..
    ජය!

  23. sachinda fernando

    pc ekata sub wadanaha.chamak eke thibichcha error ekamai symbols pennanne

  24. dimuthushaymal

    Ela

  25. MAALnath

    Thanks .................good luck ...................

  26. Pushpa kumari

    Wow

  27. nuwanlankapriya

    Sub ekata tanks....

  28. yohan

    meka mama asama film ekak sub nethuwa tv ekenui download karalai 10 parakata wada balala thiyanawa. adathama sub hambawune very very thankz mekata aluth naluwek inna nisa wennethi ratings adu eth meka ratings adu wenna one film ekak newei sub walata kohoma thankx karannada manda

  29. kavindu

    sub ekata thanx saho..me movie eka nam anthimai ..mama balapu worstma movie ekak..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.