Watch Trailer

Kis Kisko Pyaar Karu (2015) with Sinhala Subtitles |කසාද තුනයි,තව එක පෙම්වතියයි, කොහොමද කොල්ලා. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් හින්දි ෆිල්ම් එකක් අරගෙන ආවා, මුලින්ම සමාවෙන්න ඕනේ පොඩ්ඩක් පරක්කු උනාට මේක ගෙන්න. පොඩ්ඩක් ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය ගැන කියන්නම් කෝ, නමින් කපිල් ෂර්මා ඉන්දියාවේ කලර් කියන රුපවාහිනි නාලිකාවේ කොමඩි නයිට්ස් විත් කපිල් කියලා කොමඩි ෂෝ එකක් කරනවා කපිල්, යන්තම් හරි හින්දි දැනුමක් තියන ඕනෙම කෙනෙක්…

Kis Kisko Pyaar Karu (2015)

ඔන්න තවත් හින්දි ෆිල්ම් එකක් අරගෙන ආවා, මුලින්ම සමාවෙන්න ඕනේ පොඩ්ඩක් පරක්කු උනාට මේක ගෙන්න. පොඩ්ඩක් ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය ගැන කියන්නම් කෝ, නමින් කපිල් ෂර්මා ඉන්දියාවේ කලර් කියන රුපවාහිනි නාලිකාවේ  කොමඩි නයිට්ස් විත් කපිල් කියලා කොමඩි ෂෝ එකක් කරනවා කපිල්, යන්තම් හරි හින්දි දැනුමක් තියන ඕනෙම කෙනෙක් මොහුට හුගක් කැමතියි. මොකද ඉන්දියාවේ අයට අනුව නම් කපිල් ගේ කොමඩි වලට හිනා වෙන්නේ නැත්තේ මිනිහා මැරිලනම් කියලා, කොමඩි නයිට් විත් කපිල් බලනවා නම් ඔයාලත් එකට එකඟ වෙනවා ෂුවර්, ඉන්දියාවේ පුංචි තිරය තමන්ගේ අණට නතු කරගත්තු කපිල්, අබ්බාස් – මස්තාන් ගේ අධ්‍යක්ෂනය යටතේ එනවා ලොකු තිරයත් ජයගන්න, ෆිල්ම් එක රිලීස් වෙලා පලවෙනි සති දෙක ඇතුලත කොටි 50 කට අධික මුදලක් හම්බ කරන්න සමත් වෙනවා මේ ෆිල්ම් එක. මගේ සහ සිනමා විචාරකයින්ගේ අදහසට අනුව කපිල් ෂර්මා ගේ ප්‍රයත්නය සාර්ථකයි මොකද ෆිල්ම් එක හිට් වෙනවා,

ෆිල්ම් එකේ කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කො. කුමාර් ශිවරාම් ක්‍රිෂන් කියන්නේ ලේසි පහසු පොරක් නෙමේ, මේ අපේ අයියලා එක කසාදයක් පාලනය කරගන්න බැරිව විදින දුක අපිත් දකින එකේ මේ මනුස්සයා කසාද තුනක්ම කරගන්නවා, එක්කෙනක් ජුහි, සිම්රන් සහ අන්ජලී, ඒ විතරක් නෙමේ දීපිකා කියලා තව කසාද බදින්න පෙම්වතියකුත් ඉන්නවා කොහොමද නේ කුමාර් ගේ වැඩ ටික :3 හැබැයි මේ එක කසාදයක්වත් පොරගේ කැමැත්තට අනුව නෙමේ සිද්ධ වෙන්නේ. පස්සේ ඉතින් මේ මනුස්සයා නගරේ මුම්බායි නගරයේ තුන්කොනේ මේ තමන්ගේ බිරින්දෑවරු තුන් දෙනාව තියනවා, මොකද මේ අය එකිනෙකා හම්බ වෙයි කියන බයට නමුත් මොහුට සිද්ධ වෙනවා තුන් දෙනාම එකම බිල්ඩින් එකේ වෙන වෙන තට්ටු වලට ගෙන්න. උඩම තට්ටුවේ ඉන්නේ සිම්රන්, ඊට පස්සේ එකේ ජුහි, යටම තට්ටුවේ අන්ජලී සහ කුමාර් ට ඉන්නවා ඕනෙම ජහුටාර් වැඩකට හෙල්ප් කරන කරන් කියලා යාලුවෙක්. පොර ජිවත් වෙන්නේ උඩම තට්ටුවේ, එහෙනම් බලමුද ෆිල්ම් එක මෙයා කොහොමද මේ තුන්දෙනාව එකිනෙකාට හම්බ වෙන්න නොදී තියාගන්නේ? කොහොමද මේ කසාද තුනම උනේ? කුමාර් කොහොමද එකම වෙලේ තුන් දෙනෙක් ළඟ රෑට ඉන්නේ?? එහෙනම් හැමෝම බලන්න තවත් මේ වගේ ලස්සන ෆිල්ම් එකක් අරගෙන එන්නම් අපි දෙන්නා දෙන්නා කිවේ මේක කරන්න හෙල්ප් කරපු දහරා මතු අමා අක්කත් එක්ක හොදේ, එයාටත් බොහොමත්ම ස්තුතියි මේ සබ් එක කරගන්න හෙල්ප් කරාට.

කපිල් ෂර්මා ගේ ෂෝ එක බලන්න කැමති අය මේ ලින්ක් එකෙන් යන්න. Comedy Nights With Kapil.  ඔය ලංකාවේ රුපවාහිනි නාලිකා වල යන හුගක් කොමඩි ෂෝ වල තියන වචන කෑලි කපිල් ගෙන් අහුලගත්ත වචන.

හැමෝටම සුභ දවසක්,ජය වේවා!!

Kis Kisko Pyaar Karu (2015) on IMDb

   

 

 

700 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න

EC11B86E5F8CB4FD614B3AC1C37BCA4BD4B5F343

1.00 GB (720p HDRip) කොපිය මෙතනින් බාගන්න

8169CA29A25C5482D1F26BABF92AE02D8C1B9981 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,914 downloadsDownload Kis-Kisko-Pyaar-Karu-2015.zip160 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට සහ “දහරා මුතු අමා ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,914 downloadsDownload Subtitles160 KB

16 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  2. Yasas Rangika Mendis

    Thank you very much broo...

  3. Tharusha

    Thanks bro....

  4. Purnima

    දහරා... දහරා.... දහරා.... ඒස්වාහ් පොං

    1. Kulanjana Maduranga

      ahhhh....aluth mantharayak wge....mokakda dn na oya mantharen wenne????

  5. Kulanjana Maduranga

    niayama filumak ne.....aniwa balannma ona 1k...thanks GAYAN saho & DAHARA sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. fireballmovies

    “ගයාන් රූකාන්ත” සොහොයුරා සහ “දහරා මුතු අමා ” සොයුරිය Kis Kisko Pyaar Karu (2015) ලබා දී ඇති සිංහල සබ් ෆයිලවට හොදින්ම ගැලපෙන මූවී ෆයිල් ටොරන්ට් නැතුව ඉතා වේගයෙන් ඩිරෙක්ට් බාගන්න එන්න මගේ fireballmovies twitter පිටුවට.HDRip x264 සබ් ෆයිලය සදහා ඇති මූවි ෆයිලය 395Mb පමණයි. 720P HDRIP X264 සබ් ෆයිලය සදහා ඇති මූවි ෆයිලය 983Mb පමණයි.

  7. “චූටී මල්ලි”

    meika patta mn baluwa lankawe gon part wage neme
    patta comedy
    meyage comedy show eke sub dnna widiyak nadda
    tnx

  8. Menu

    hina welama mahancy.. :D thank uuuuu so much !!!

  9. Sanjaya

    නියමයි
    බොහෝම ස්තුතියි සබ් එකට

  10. dhanu

    patta

  11. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. sachini anuththara

    Nice job frnd... Keep it up!! we enjoy it very much... :)

  13. ViR

    hina wela rudiraya tikak pirisidu kara ganna salassuwata bohoma sthuthi saho

  14. Gayan Eranda

    Patta film bro sub eka supiri me wage sub karanna shakthiya labewa

  15. lalith

    Commedy night with kapil show eka patta. Eke sub karanna

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.