Watch Trailer

Baazigar (1993) | පළිගැනීමේ ක්‍රමවේදය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ හත්වෙනි සිංහල උපසිරැසිය.. පුරුදු පරිදි හින්දි චිත්‍රපටයක් තමා ගෙනාවේ, හැබැයි පරණ එකක්.. ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියනවනේ.. නම Baazigar. 1993 අවුරුද්දේ තමා තිරගත වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටය Khiladi(1992), Ajnabee(2001), Race(2008), වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Abbas-Mustan අධ්‍යක්ෂක දෙපලගේ. ඔවුන්ගේ…

Baaziger 1993
 ඔන්න මගේ හත්වෙනි සිංහල උපසිරැසිය.. පුරුදු පරිදි හින්දි චිත්‍රපටයක් තමා ගෙනාවේ, හැබැයි පරණ එකක්.. ඕල්ඩ් ඊස් ගෝල්ඩ් කියනවනේ.. නම Baazigar. 1993 අවුරුද්දේ තමා තිරගත වෙලා තියෙන්නේ.

මේ චිත්‍රපටය Khiladi(1992), Ajnabee(2001), Race(2008), වැනි චිත්‍රපට අධ්‍යක්ෂණය කළ Abbas-Mustan අධ්‍යක්ෂක දෙපලගේ. ඔවුන්ගේ චිත්‍රපට සියල්ලක්ම පාහේ ත්‍රිලර්, මිස්ටරි, ක්‍රයිම් ගණයට වැටෙන චිත්‍රපටයි. මේ චිත්‍රපටයත් එලෙසමයි. ෂාරුක් ඛාන්, කාජල්, ශිල්පා ශෙට්ටි, රාකී සමඟ ඩලිප් ටහිල් රංගනයෙන් දායක වෙනවා, IMDB අගය 8.0 ලබා ඇති මෙම චිත්‍රපටය A Kiss Before Dying(1956) නමැති හොලිවුඩ් චිත්‍රපටය අනුසාරයෙන් නිපද වී ඇත. ඒ වගේම මෙම චිත්‍රපටය ඇසුරු කරගෙන දමිල, තෙලිඟු, කන්නඩ යන භාෂා වලින් පසුව නැවත නිර්මාණය වී ඇත.

මෙම චිත්‍රපටය බොලිවුඩ් සිනමාවට නවමු අත්දැකීම් එක කල චිත්‍රපටයක්, Dilwale Dulhania Le Jayenge, Kuch Kuch Hota Hai, My Name Is Khan වැනි චිත්‍රපටවලින් අපි දුටු Shahrukh-Kajol  සුසංයෝගය මුල් වරට දිස්වුනේ මේ චිත්‍රපටය හරහා, ඒ වගේම Shilpa Shetty රංගනයෙන් දායක වුනු ප්‍රථම චිත්‍රපටය මෙයයි, හොඳම නළුවාට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය අට වරක් දිනා ඇති කිංග් ඛාන්ගේ ප්‍රථම හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ මේ චිත්‍රපටය හරහායි. ඕ විස්තර වැඩි වගේනේ?..

කතාව කෙටියෙන් සරලව මං කියන්නම් අජේගේ(ෂාරුක්) පියාට හිමි දේපල චොප්රා(ඩලිප්) විසින් අයිති කරගන්නවා, පසු කලෙක චොප්රාගේ දියණියන් දෙදෙනා වන සීමා(ශිල්පා), ප්‍රියා(කාජල්) මාර්ගයෙන් ඒ දේපල නැවත ලබාගන්න අජේ විසින් දියත් කරන කුමන්ත්‍රණය තමා චිත්‍රපටය පුරාවටම ගලාගෙන යන්නේ. අපිට දැකලා හුරු පුරුදු ෂාරුක්ගේ ප්‍රේමාන්විත රංගනය නම් මෙහෙ දක්නට ලැබෙන්නේ නැහැ…

අනු මලික්ගේ සංගීතයෙන් හැඩවුණු එදා අතිශය ජනප්‍රිය වුනු ගීත කිහිපයක් මෙහි ඇතුලත්ව තිබෙනවා, හැබැයි  ඉතින් ඒවාට ඉංග්‍රීසි උපසිරැසි ගොනුව නොතිබූ නිසා සිංහල උපසිරැසිත් නැහැ.

මම බොහොම පරිශ්‍රමයක් දරලා හදපු සිංහල උපසිරැසිය තමයි මේ උපසිරැසිය, මට ලැබුණු ඉංග්‍රීසි උපසිරැසිය ගුණාත්මක බවින් තොරයි.. මට ඒ අඩු පාඩු ගොඩක් මඟ හරවාගෙන, රාජකාරි මැද මේ සිංහල උපසිරැසිය කරන්න මාස දෙක තුනක් ගත වුනා. ඉතින් අඩු පාඩු තිබුනොත් සමාව දෙන්න කියලා ඉල්ලන ගමන් පුංචි අදහසකින් දිරිමත් කරන්න කියලත් ඉල්ලනවා, මොකද මොන අමාරුකම් තිබුනත් තව උපසිරසියක් කරන්න හිතෙන්නේ ඔයාලගේ අදහස් දැක්කමයි..එහෙනම් තව සිංහල උපසිරසියකින් හම්බ වෙමු.. ගිහින් එන්නම්.

Baazigar (1993) on IMDb

 

 

1.36 GB කොපිය මෙතනින් බාගන්න

476EDB765DA3E67994692650E9C662177AA35008 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,685 downloadsDownload Baazigar-1993.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,685 downloadsDownload Subtitles55 KB

49 comments

  1. Ishara

    ela ela

    1. Vish

      Hum Hain Rahi Pyar Ke (1993) පුලුවන්නම් මේකේ සබ් එකත් දෙනවද???

  2. Nalaka Lakmal

    thx... maru film eka.... puluwannam GUPT(1997) ekatath sub denna..

  3. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    උපසිරැසියට ලොකු පරිශ්‍රමයක් දරලා තියෙනවා කියලා කියලා තියෙනවා.
    ඇත්ත තමයි. උපසිරැසි හදන එක ලේසි වැඩක් නෙමෙයි.
    වැඩියත්ම අපහසුයි පරණ චිත්‍රපට වලට හරියට ගැලපෙන උපසිරැසි හොයන්න ගියාම.

    ඒ වුනත් ඔයා සාර්ථකයි...
    දියමන්ති ගන්න නම් කිලෝමීටර් ගාණක් පොලොව හාරන්න වෙනවා.
    ඒත් අන්තිම ඵලය දියමන්තිම තමයි.
    දිගටම කරගෙන යමු.
    අපි වුනත් සබ් දාන්න කියලා පරණ ෆිල්ම් තෝරගන්නවා බොහෝම අඩුයි.
    ඒත් අළුතින් එන ඒවා වගේම පරණ ඒවත් පලකරාම, ඹ්නෑම විදියක ෆිල්ම් සයිට් එකේ තියෙනවා කියන්නේ
    අපි කාටත් හොඳයි.

    සුබපතනවා වැඩේට සහෝ...
    කරගෙන යමු..
    තවත් සබ් ඕනේ..

    ආයු- බෝ- වේවා !!! __/|\__

    1. චතුල

      එක ඇත්ත එක ඇත්ත මමත් සිසියා සහෝදරයාට සුබ පතනවා .
      සබ් එක නියමෙට තියෙනවා.
      තෑන්ක් යූ...

  4. Thisal

    thanxx

  5. Shehan

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  6. “චූටී මල්ලි”

    එල මචෝ
    ඉතා අගය කරනවා මේ වැඩේ
    මමත් බොලිවුඩ් වල කැමැතිම කෙනා මෙයා
    සබට තුති
    ඔබට ජය.....

  7. Chami.S

    Thanks...

  8. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සිසිත සහෝ
    සෑහෙන කාලෙකින් නේද
    හොදකට්ටක් කාලා වගේ
    අනිවාර්යෙන්ම ඕල්ඩ් ඊස් ගෝල්ඩ් තමා මටත් :D

  9. Jack

    නියමයි සහෝ.
    පරණ උනාට සුපිරි යි.
    ස්තුතියි සබ් එකට.

  10. ලක්ෂාන් නිලංක

    sabata bohoma thuthi…jaya wewa…!

  11. pasindu

    පරණ ඒවට සබ් දීම ගැන බොහෝ තුති! මේක මම හය හත් වතාවක් විතර බලලා තියනවා. ලස්සන සිංදු තියන චිත්‍රපටයක්. ඇත්තටම වර්තමානයේ හිංදි සිංදු වලට වඩා මෙම කාල වල සිංදු මටනම් හරි ලස්සනයි. පුළුවන්නම් මේ ෆිල්ම් වලටත් සබ් දෙන්න.
    Disco Dancer (1982)
    Hum Hain Rahi Pyar Ke (1993)
    Pyaar Ka Saaya (1991)
    Dil Ka Kya Kasoor (1992)
    Love (1991)

    ජය වේවා................

  12. Rehan Chanaka

    Thank you bro

  13. susantha

    very nice . my favorite actor is sharuk........................ thank you.

  14. Gayan V.&.M.C

    Derect link naddoo?

    1. ගයාන් රූකාන්ත (ජෝනා)

      මේ වගේ ෆිල්ම් වලට ඩිරෙක්ට් ලින්ක් තියා
      ටොරෙන්ට් ලින්ක් හොයාගන්න එකත් අමු කට්ට සහෝ

      සබට තුති සිසිත සහෝ අනිවා බලනවම තමා මේකනම්
      මමත් ආසම පරණ හින්දි ෆිල්ම් වලට ජය.!! :) :) :)

  15. නලින්

    ස්තුතියි සිසිත සහෝ!

    මමත් මේක කිහිප සැරයක් බලලා තියනවා.

    ඔන්න දැන් එහෙනම් හිතේ හැටියට බලතහැකි.

    ජය වේවා.

  16. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍ඔ‍හො‍ම ‍ය‍මු.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!

  18. වරුණ රංගජිත් (වරූ)

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

  19. Yenu

    Thank You............dihatama sub denna...........

  20. චන්දිම අමරසිංහ

    bohoma thaz sahoo amaruwen karapu wada sarthakai subapatummmm... degatama karagana ymu..

  21. Naween

    නියමයි සහෝ.ෂාරුක් ඛාන්, කාජල් දෙන්නා ඉන්නවනම් සුපිරිම තමා.පරණ වුනාට අවුලක් නෑ.මේ වගේ තවත් ෆිලම් දෙන්න.
    ඔබට ජයෙන් ජය...!

  22. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සිසියා සහෝ.. :-P
    ශාරුක් ඉන්නවනම් IMDb 8කුත් තියෙනවා නම් ඉතින් නොබලා බෑනේ.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  23. Dhanushka

    Thanx a lot bro ! goda kasawen hoya[u sinhala sub ekak .... :) puluwannam Blackmail film eke sinhala sub eka danda !

  24. sasanka

    patta niyama film ekak me vage parana films thava denna

  25. Shehan

    Machan patta .. niyama film ekak mama balala tiyanawa sub nathuwa,, dan sub dalama baluwakiii patta hode.. puluwannam

    Karan Arjun,
    Saajan 1991
    me tikath danna Dill Movie ekah hodai

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. poornarm

    THANKZ MACHO DIZ Z MY FAVOURITES

  28. ඉෂාර වෙත්තසිංහ

    නියමයි සහෝ,
    මේ විදිය ෆිල්ම් තමා ඔන..............
    උපසිරැසියට බොහොමත්ම ස්තූතියි.........................

  29. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  30. sasanka

    patta macahan me vage parana films denna thava eva lassanai aluth evata vada,

  31. Menu

    Thank you very much!

  32. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  33. අදිත ප්‍රවීන්

    මේක බලපු සුපිරිම චිත්‍රපටයක් .
    සින්දු ටික පට්ට .
    සුභ පතනවා
    :D

  34. UD Shanka

    Hum Aapke Hain Koun 1994

    කව්රැහරි මේ Hindi film ඒකටත් සිංහල උපසිරසක් දෙන්නකෝ...............

    Torrent- Hum Aapke Hain Koun 1994 Hindi 720p HDrip x264 AC3...Hon3y

  35. P.K

    Thanx for the sub saho..

  36. DeeX

    ela kollo

    see you soon

    thanks..............................................

  37. Amalka

    ෆිල්ම් එක තියනව දැනුයි සබ් එක බාගත්තෙ තැන්ක්ස්

  38. Madusunk

    mchn govinda inn hero no 1 (1997) film 1th sub daannko

  39. තුෂංග නයණජිත් (නයන)

    Thanks Bro.....

  40. dharshana

    Thanks...

  41. Kushan Dananjaya

    Thanks !

  42. Sarathabbowa

    බොහොම ස්තූතියි......

  43. samathandi

    sub ekata thanks

  44. sajithmsij

    Thank you

  45. Ruwan Mahagama

    thank broo

  46. Anonymous

    Thanks Brother

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.