Watch Trailer

Late Night (2019) Sinhala Subtitles | අහංකාර ගැහැනියක් [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා..! ඔන්න මගේ දෙවන සිංහල උපසිරැසි ගැන්වීමයි මේ ගෙන එන්නේ…මේක 2019 තිරගත වෙච්ච “LATE NIGHT” කියන කොම්ඩි ඉංග්‍රීසි ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ IMDb දර්ශකයේ අගය ලෙස 6.9 ක ඉහළ අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම කුනු තක්කාලි (ROTTEN TOMATOES) දර්ශකයේ අහය ලෙස 80% ක් ලැබිලා තියෙනවා. මේ ෆිල්ම්…

හැමෝටම සුභ දවසක් වේවා..!

ඔන්න මගේ දෙවන සිංහල උපසිරැසි ගැන්වීමයි මේ ගෙන එන්නේ…මේක 2019 තිරගත වෙච්ච “LATE NIGHT” කියන කොම්ඩි ඉංග්‍රීසි ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ IMDb දර්ශකයේ අගය ලෙස 6.9 ක ඉහළ අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම කුනු තක්කාලි (ROTTEN TOMATOES) දර්ශකයේ අහය ලෙස 80% ක් ලැබිලා තියෙනවා. මේ ෆිල්ම් එක මුල්වරට ප්‍රදර්ශනය වුනේ 2019 ජුනි 20 වැනිදා.

මේ ෆිල්ම් එකේ කතාව ගැන කියන්න කලින් මම කැමති කියන්න, ඇමරිකාවේ ප්‍රධාන ට්වි චැනල් වල හැමදාම Late night Shows කියලා වැඩසටහන් යනවා.. TONIGHT SHOW WITH JIMMY FALLON, JIMMY KIMMEL LIVE, THE LATE LATE SHOW WITH JAMES CORDEN …. වගේ වැඩසටහන් ඒවට නිදසුන් කිහිපයක්. මේ වැඩසටහන් වලට එන හොලිවුඩ් සුපිරිතරු තමන්ගේ ෆිල්ම් ගැන ප්‍රචාරණය කරනවා. මේවට නලුනිලියන් විතරක් නෙවෙයි ප්‍රසිද්ධ චරිත එහෙමත් ගෙනල්ලා එයාලත් එක්ක විවිධ දේවල් සාකච්ඡා කරනවා. මේ වැඩසටහන් වල පැවත්ම තිර්නය වෙන්නේ මිනිස්සු ප්‍රතිචාර දක්වන ආකාරය අනුවයි. මම කලින් කිව්ව වැඩසටහන් අවුරුදු ගානක් ජනප්‍රිය වෙලා තියෙන ෂෝ වගයක්. මේ වැඩසටහන් සාර්ථක වෙන්නේ නිවේදකයාගේ හැකියාව සහ එයාට ඒ වෙලාවෙදි කතා කරන්න අදහස් දෙන රචක පිරිස නිසා. මේ වැඩසටහන් ගැන සමික්ශන කරද්දි ඒ වල රේටින් අඩු වුනොත් නිවේදකයව අයින් කරන්න පුලුවන් ඒ ට්වි චැනල් එකේ ඉන්න සභාපතිට.

මේ ෆිල්ම් එකේ කතාව ගැන මම ඉස්සෙල්ලා කිව්ව ටිකෙන් ඔයාලට අදහසක් එන්න ඇති කියලා මම හිතනවා. ෆිල්ම් එකේ තියෙන්නේ TONIGHT WITH KATHERINE NEWBURRY කියලා වැඩසටහනක් ගැන. මේකේ නිවේදිකාව වන කැතරින් නිව්බරි කියන මේ කාන්තාවට මුහුන දෙන්න වෙන ගැටලු ගැන තමයි මේ ෆිල්ම් එකේ කතාව යන්නේ. මේ ෆිල්ම් එකේ සුපිරි විහිලු කෑලි ගොඩක්ද දාලා තියෙන්වා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය ලෙස කැතරින් නිව්බරිට රඟපාන්නේ Emma Thompson. ඊට අමතරව Mindy kaling, Hugh dancy, Reid scott, Amy ryan, John litgow යන අය චරිත රගපානවා. පැය එකයි වීනාඩි 42ක් තියෙන මේ Late night ෆිල්ම් එක comedy, drama කාන්ඩ වලට අයත් වෙනවා. මේ ෆිල්ම් එකේ කතා කරන භාෂාව සහ එන විහිලු නම් පොඩි ලමයින්ට එච්ච්රම සුදුසුත් නෑ කියලා කියන්න කැමතියි.

ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරමින් නැවත උපසිරැසකින් හමුවෙනතුරු හැමෝටම ජයවේවා!

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,941 downloadsDownload Late-Night-2019-Sinhala-Subtitles.zip64 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භානුක මිලින්ද ජයවික්‍රම ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-05-18
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,941 downloadsDownload Subtitles64 KB

12 comments

  1. gihan perera

    ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා....ජය වේවා....

  2. anjana diluka

    තද තද බ්‍රෝ
    fast and furious 9 aඅලුත්fෆිල්ම්එකේ සබ් එක බලාපොරොත්තුවෙන් ඉන්නේ,ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා ගොඩක් කල් වෙනවා,

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  5. indika75

    thanks..

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  7. Bandara

    Thanks Banuka Bro

  8. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. jagath55

    Thanks

  11. Anonymous

    subtitle not working

  12. Dewadithya

    Thanks for sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.